Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8028
Member Since : 2013-10-06

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-14, 10:29 am
මහාචාර්ය කෙනෙක් වෙලත් කියන බොරු බලහන්. පට්ටපල් බොරු ගොතලා තියෙන්නේ. කොහොම මහාචාර්ය කෙනෙක් වුනාද මන්දා. මහාචාර්යලත් මෙහෙම කියනවනම් සාමාන්‍ය මිනිස්සු මොනවා නොකියයිද?
[You must be registered and logged in to see this link.]
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8583
Member Since : 2014-02-16

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-14, 12:40 pm
:x   :x   :x   :x   :x   :x   :x   :x   :x   :x   :x
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-15, 12:59 am
pride  pride
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7646
Member Since : 2014-03-24

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-15, 3:19 am
ane manda mehemath vidyawata patahaniwa ape rate iniya Ugathunta boru kiyanna puluwnda kiyala  noidea  ..thamange agamata anuwa mehew unta yanna wenne itin apayata thamai....
Anonymous
Guest
Guest

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-15, 2:51 pm
මේ වගෙ දෙවල් වලට කෙන්ති ගන්න එපා ළමයි .. කෙන්ති අරන් ඇගේ ලේ පුච්ච ගන්න එපා ..  ..  එයා කියලා තියෙන්නෙ හොද දෙයක් නේ දෙම්ව්පියන්ට පවුල් අරහුල් ඇති කර ගන්න එපා කියල නේ අම්මලාට රටවල් යන්න එපා කියලානේ ...  lol!  
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8028
Member Since : 2013-10-06

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-16, 10:37 am
Message reputation : 100% (1 vote)
මේවා සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ මත වලින් හදා ගත්තු ඒවා. ඒවා අද එකක්වත් පිළිගන්නේ නැහැ. මහාචාර්ය වුණාට ලෝකෙ අලුත් දැනුමට විවෘත වෙලා නැහැ. එයා ඉගෙනගත්ත කාලෙ තිබ්බ පරණ පොත්වල තිබ්බ ඒවා තාම වමාරනවා.

 තාත්තගෙ ආදරේ නොලැබුනාම gay වෙනවා කියන්නේ මේකයි.straight කොල්ලො අම්මගෙ ආදරේ වැඩියෙන් බලාපොරොත්තු වෙනවා,කොහොමත් ඒක gay,straight හැම කොල්ලටම ලැබෙනවා. ඒත් gay කොල්ලො තාත්තගෙ ආදරේ වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් තාත්තගෙ ආදරේ අම්මගෙ වගේ නෙමේනෙ, ඒ නිසා ඒකෙ අඩුවක් දැනෙනවා.lesbian වෙන්න තියෙන හේතු දැක්කහම මේ මහාචාර්ය කෙනෙක් කියන කතාද කියලත් හිතෙනවා.

බටහිර රටක මෙහෙම කිව්වානම් මේකට නඩුත් දාලා, මහාචාර්ය පදවියත් නැතිවෙන්න තිබ්බා. එහෙ gay to straight therapy පවා තහනම් කරගෙන යනවා.
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9322
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-20, 10:26 pm
Ballige puthek!
gkumarachandana
gkumarachandana
Regular Member
Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 8303
Member Since : 2013-02-07
https://twitter.com/Chandan Kumara ~ චන්දන කුමාර ~

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-23, 5:41 am
"[size=13]ළමා කාලයේදී දෙමාපියන්ගේ ආදරය අහිමිවන දරුවන් සමලිංගික සබඳතා වෙත වැඩි නැඹරුවක්‌ දක්‌වන බව පිළිගත් මතයක්‌. පියාගේ ආදරය අහිමි වූ පිරිමි දරුවන් සමලිංගික සබඳතා කෙරෙහි වැඩි පෙළඹීමක්‌ දක්‌වන බව මේ පිළිබඳ අප රටේ මා සිදුකළ අධ්‍යයන්හිදී පැහැදිළි වූ කරුණක්‌. අඹු සැමියන් අතර නිතර අඬදබර පැවතුණු පවුල්වල දරුවන්ද පසු කාලයේ සමලිංගික සබඳතා කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවක්‌ පවතිනවා. පියාගේ ආදරය අහිමිවන පිරිමි දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් වැඩිහිටි පිරිමින් වෙතට නැඹුරුවීම ඇතැම් අවස්‌ථාවල එම දරුවන් සමලිංගිකත්වයේ ගොදුරු බවට පත්වීමට හේතු වෙනවා.[/size]"

        මා මෙම ලිපියෙහි කරුණු පිළිබදව එම ආචර්ය වරයා සමග එකඟ වෙනඅතර. එමෙන්ම ශ්‍රි ලංකාවතුල හා වෙනත් බොහෝ රටවල් තුලත් සමලිංගිකත්වයට නැඹුරු වූවන් සමග කතා කිරීමෙන් මෙම කරුණු සනාථ වෙනව. ලංකාවතුල උපතින්ම සමරිසියන් ලෙස උපන්නවුන් ඉතාම විරළය. අද අප රට තුල බොහෝ සමරිසියන් ලෙස පෙනීසිටින්නේ ලිංගික ආශාවන් ඉටුකර ගැනීම පිණිස සහ ආර්ථික අපහසුතා නිසා ඉටුකර ගැනීමට නොහැකි අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සදහායි. එය එසේ නොවේ යැයි කියන ඕනෑම කෙනෙකුන් සමගින් මම සූදානම් සමාජෙට බහින්න ඒක එසේ බව සෙවීමට. ඊට එක් උදාහරණයක් නම් ෆේස්බුක් සමාජ ජාලය තුල සමරිසි ආදරයන් සොයනා මුවාවෙන් පෙනීසිටිනා නරි රැලයි.


අප මෙහිදී අමතක කර දමනා වැදගත්ම කාරණය නම් අද ලෝකය තුල සරණය වෙන කෘතිම රසකාරක හා ජාන වෙනස්කල ආහාර සහ සමහරක් ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ගයි.
එය කෙසේද යත්, මිනිස් මොළය ජිව විද්‍යාත්මකව කොටස් කිහිපයකට බෙදයි. එයින් එක් කොටසක් නම් මිනිස් ආශාවන් හා උද්දීපනයන් ඇතිකරනා කොටසයි. මෙම කොටසින් කරනුයේ ඇස, කන, දිව යන සංවේදයන්ගෙන් ලබගන්නා දත්තයන් එක් රැස්කර ගැනීමයි. සමහර රසකාරකයන් හා හෝමෝනයන් මගින් දිවෙහි සංවේදක මේන්ම මොළයෙහි අයහපත් ක්‍රියාවන් සදහා මිනිස් ශරීරය පොළඹවන්නාවූ සංවේදයන් උත්තේජනය කිරීමයි. මෙම උත්තේජනයන් දිගින් දිගටම සිද්දවීමෙන් මෙම සංවේදයන්ට හානිසිදුවීමෙන් හා වෙනත් අනවශ්‍ය හෝමෝනයන් නිසා මිනිස් මොළයෙහි පාලන ක්‍රියාවලියෙහි යම් යම් ව්කුර්තිතා හටගනී. මෙයද මෙම සමලිංගික ක්‍රියාවන් සදහා මිනිසුන් පොලබවයි.

තවත් එක් කාරනයක් නම් සමලිංගික සම්බන්දතාවයන්හිදී ලැබෙන්නාවූ ලිංගික උත්තේජනයන් අධික වීමත්ය.


මා මෙහිදී අදහස් දක්වන්නේ උපතින්ම සමරිසි ජානයන් සහිතව උපදින අය ගැන නොවන බවත් ලිංගික විපර්යාසයන් හා ලිංගික අවයවයන්හි යම් ගැටලු මත සමරිසි වූවන් ගැන මෙන්ම සමාජයේ යම් යම් කරුණු කාරනා මත සමරිසියන් වූවන්ගැනය. එම පුද්ගලයන් මා හා උරණ නොවන මෙන් ඉල්ලා සිටින අතර මනසින් ඇත්ත ඇති සැටියෙන් දකින මෙන්ද ඉල්ලා සිටිමි.

සියළු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි...!!!


~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8028
Member Since : 2013-10-06

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

2014-05-23, 5:23 pm
Message reputation : 100% (2 votes)
බොරු කියන්න එපා චන්දන කුමාර.පියාගේ ආදරය අහිමි වීම නිසා පිරිමි සමලිංගිකත්වය ඇතිවන බව මේ ආචාර්ය වරයා තමන්ගෙ පරණ දැනුමෙන් කිව්වට, නූතන මනෝ විද්‍යාවෙවත් , ආයුර්වෙදයේවත් පිළිගන්නේ නැහැ. ඔහොම හිතන්න හේතුව මම කලිනුත් කියලා තිබ්බා.

ඔබ කියනවා.
"ලංකාවතුල උපතින්ම සමරිසියන් ලෙස උපන්නවුන් ඉතාම විරළය. අද අප රට තුල බොහෝ සමරිසියන් ලෙස පෙනීසිටින්නේ ලිංගික ආශාවන් ඉටුකර ගැනීම පිණිස සහ ආර්ථික අපහසුතා නිසා ඉටුකර ගැනීමට නොහැකි අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සදහායි. එය එසේ නොවේ යැයි කියන ඕනෑම කෙනෙකුන් සමගින් මම සූදානම් සමාජෙට බහින්න"

නවීන විද්‍යාවෙ පිළිගන්නවා සාමාන්‍යයෙන් සමාජයක 4%ක් සමරිසි කියලා. මේ තමයි උපතින් සමරිසි බව පිළිගන්න පිරිස. ලංකාවේ ජනගහනය මිලියන 20යි. එතකොට උපතින් සමරිසි කට්ටිය ලක්ෂ 8යි. එච්චර විරලත් නෑනෙ.රටක ජනගහනය වැඩිවෙන්න වෙන්න සමරිසි ජනගහනයත් වැඩිවෙනවා. ඒකනේ ජනගහනය  වැඩි රටවල සමරිසි කට්ටිය වැඩි.
ද්වීලිංගික(bisexual),ඒ කියන්නේ විෂමලිංගිකත්වයට මෙන්ම සමලිංගිකත්වයටද නැඹුරුවක් දන්වන පිරිස 10%ක් විතර වෙනවා.මේකත් ස්වභාවිකයි කියලයි විද්‍යාවෙ පිළිගන්නේ.කාන්තාවක් සමගද සාර්ථකව ලිංගික සබදතා පවත්වන ගමන් පිරිමින් සමඟද සාර්ථකව ලිංගිකව හැසිරෙන පිරිමින් සිටිනවා.මේ අය තමයි ලිංගික ආශාව ඉටුකරගැනීමට සමරිසි වන්නේ. ආර්ථික අපහසුතා නිසා ඉටුකර ගැනීමට නොහැකි අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සදහා සමලිංගිකත්වයට යොමුවන්නේ තවත් පිරිසක්.
ද්විලිංගිකත්වයේ ආකාර 13ක් පමණ හදුනාගෙන තියෙනවා. මේ ඒවා.
[You must be registered and logged in to see this link.]
එතකොට බලද්දී මේක සමරිසි අයගෙ වැඩක් නෙමෙයි. ද්වීලිංගිකයින්ගෙ වැඩක්.

ඔබ ඔය කියන කෘතිම රසකාරක හා ජානවෙනස්කල ආහාර නිසා මිනිසුන් සමලිංගික ක්‍රියාවලට යොමුවන බව පට්ටපල් බොරුවක්.එහෙමනම් කොහොමද ඉස්සර සමලිංගිකත්වය තිබුණේ.මේකට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ලෝකෙ කොහෙවත් එහෙම ඔප්පු කරලත් නැහැ.. තියෙනවනම් ඔප්පු කර පෙන්වන්න කියලා අභියෝග කරනවා.

"තවත් එක් කාරනයක් නම් සමලිංගික සම්බන්දතාවයන්හිදී ලැබෙන්නාවූ ලිංගික උත්තේජනයන් අධික වීමත්ය."
මේක මහ විහිළුවක්. ඒතකොට straight sex වලට වඩා gay sex වලින් ලැබෙන සතුට වැඩිද? . මේ සතුට වැඩිකම දැනෙන්නේ gay අයට විතරයි.

"ලිංගික විපර්යාසයන් හා ලිංගික අවයවයන්හි යම් ගැටලු මත සමරිසි වූවන් ගැන මෙන්ම සමාජයේ යම් යම් කරුණු කාරනා මත සමරිසියන් වූවන්"
මේකත් අමූලික බොරුවක්. හැකිනම් පිළිගත් මනෝවිද්‍යාත්මක කරුණු මත පැහැදිලි කරන්න. ඔබ ඔය කියන්නේ උපතින්ම එන transgender සහ intersex පුද්ගලයින් ගැන විය යුතුයි. ඇත්තෙන්ම මොනවද ඔය යම් යම් කරුණු කාරණා.

අපිත් මනසින් ඇත්ත ඇතිසැටියෙන් දකින්න තමයි හදන්නේ. නිකම් කටට ආ පළියට කිව්වට පිළිගන්නේ නැහැ.පුළුවන්නම් කියන ඒවා විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වන්න.එතකොටයි පිළිගන්නේ.
Sponsored content

මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද? Empty Re: මේ වැරදි මත අපි වෙනස් කරන්න ඕනෙ නැතිද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum