Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ඉතිං නුඹ ඇවිදින් යන්න Empty ඉතිං නුඹ ඇවිදින් යන්න

2014-09-22, 8:03 pm
නුපුරුදුම හීනයක් කරයි හිත නොසන්සුන්
කුමක්දෝ මුමුණාවි මගෙ කණට රහසින්
කෙසේනම් පවසම්ද ඔබට මා වදනින්
හැකිවේද කියවන්න මගේ දෑස මොහොතින්
මුලින් නුඹ දැක්කාට දැනුනෙ නැහැ වෙනසක්
ඒත් මේ ලඟක සිට දැනෙයි මට සතුටක්
නුඹේ රුව වෙයි මගේ නෙතට නම් රසඳුනක්
කියන්නේ මං කොහොම හිතේ ඇති රහසක්
හිත මගේ නුඹ ලඟයි ගත නුඹෙන් දුර උනත්
නෙතු මගේ නිදිවරයි හීනයට නුඹ ඇවිත්
සිතුවිල්ල නුඹ ගැනයි ගෙවෙන හැම තත්පරෙත්
දැන් ඉතින් මට කොහෙද නුඹෙන් තොර හුස්මවත්
හෙටත් නුඹ ඒවිදැයි දන්නෙ නුඹ විතරමයි
ඒත් මම මග බලන් ඉන්නෙ නුඹ නිසාමයි
ආවොතින් නුඹ හෙටත් හිත සතුටු බෝමයි
ඉතිං නුඹ ඇවිදින් යන්න දැක ගන්න ආසයි

avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

ඉතිං නුඹ ඇවිදින් යන්න Empty Re: ඉතිං නුඹ ඇවිදින් යන්න

2014-09-23, 4:30 pm
Message reputation : 100% (1 vote)
hmmmmm
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum