Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-06, 10:42 pm
Message reputation : 100% (2 votes)
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ...


‘‘ඇයි අයිය ඔයා මට එක එක ඒව කියන්නෙ
ෆෝන් එක ගත්තු
වෙලේ ඉඳ
න් ’’

ඉතින් හරි වැඩක්නෙ
මල්ලො මම එක එක දේවල් කියන්නෙ නැතිව
එකම දේ කිය කිය හිටියොත් ඔයාට මාව එපා
වෙයිනෙ.........


ඒ ඉස්සර.... දැං......?

එකම දේ කිය කිය
ඉන්නවත්
,
එක එක දේ කියන්නවත් ඔයා ෆෝන් එක
ආන්සර් කරන්නෙ නෑනෙ......සිම් එක මාරු
කරල........


හැබැයි මම හොයාගත්ත
ඇයි ඔයා සිම් එක මාරු කරන්න හේතුව..

මම ඔයාට දුන්නෙ
මොබිටෙල් සිම් එක

අයින් කරල අරය දීපු ඩයලොග් සිම් එක
දාගත්තෙ ඇයි කියල මට ඊයෙ ටීවි
බලනකොට තේරුණා...


මොබිටෙල් දැන් තවත් ගණන්
අඩු කරල

තුන්වෙනි විනාඩියෙ ඉන් කොච්චර කථා කලත් ශත 50යි ලූ,
ඒත් ඉතින් ඩයලොග්
තාමත් තත්පරේටනෙ අය කරන්නෙ...

මට හිතෙන්නෙ ඔයාගෙ
ආදරේ ටිකක් ගණන්..

ලාබෙට ලව් කරන එකත්
හරි නෑ නේද
?...

මම ගිය සතියක ගාල්ලෙ
ගියා ඒක හැමෝම දන්නව.....


කොටුවෙන් නැග්ග ඒසී
එකක...

පැය තුනක් ගමන.. මුළු ගමනෙදිම මට ඔයාව මතක් වුණා...
මට මහ පාළුවක් දැනුන මල්ලො..
වෙනද මම දුර ගමනක්
යනකොට

ඔයා ඊට කලින් දවසෙ කොච්චරනම් මට කෝල් කරනවද?

අරව ගත්තද ?මේව ගත්තද?
පරෙස්සමෙන් ගිහින් ඉක්මනට එන්න,
වෙන කොල්ලො දිහා එහෙම
බලන්නෙ නෑ හො‍‍ඳේ
....
ගියාම මට කෝල් කරන්න
කොච්චර දවසක් ඉන්නවද?
හැමදම හවසට කෝල් කරන්න
වෙලාවට කන්න වැඩිය
මහන්සි වෙන්න එපා

බේත් ටික ගත්තද ?


මටත් නැති ප‍්‍රශ්න
ඔයාට......

ඒත්
දැං....................................


මුළු ගාල්ලම
පාළුයි.................

හ්ම්...........................................................
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...

2013-05-07, 9:35 am
Message reputation : 100% (1 vote)







ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...











මේ මේ හිතන්නෙපා මට වෙන කොල්ලො නැතුව
කියල හරී....





මම ඔන තරම් කොල්ලො කොල්ලො ආදරේ කරනව
දැකල තියෙනව.. ඒ වගේමඅවුරුදු ගාණකට පස්සෙත් එව කැඩිල බිදිල යනව දැකල තියෙනව..
සමහරු වෙන්වෙනව... සමහරු ගොඩක්කල් එකට ඉදලා පස්සෙ වෙන් වෙනව..


ලොකෙ හැටි... බොරුද ?




මටත් ප්රස්නෙ මම එයාට මෙච්චර ආදරේ කරන
එක.. මෙච්චර කෙල්ලො කොල්ලො ඉඳලත් වෙන
?,




මගේ යලුවො කියනවිදිහට නම් " හිත
ගිය තැන මාලිගාව"



ඉස්සර අපි හොදට හිටිය කාලෙකුත් තිබුණ

" ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද
වුනේ "


ඒහෙම කිවුවට ඒක තමයි ඇත්ත...

අපි තාමත් ඇස් දෙක වගේ ,වෙනස් වෙලා නෑ තාමත්...

ඇස් දෙකට කවදාකවත් දෙන්නට දෙන්න පේන්නෙ
නෑ


මොකද මැදින් නහය තියෙන නිසා

ඇස් දෙකට පුළුවන් හැමදාම අනුන් දිහා
බලාගෙන වෙන්න විතරයි.. අනුන්ට ඇස් ගහන්න විතරයි..
?






හිතන්නෙපා මා ගැන උඹ - වැරදිම තාලෙට -


මම එහෙම ඇහුවෙ උඹ ගැන මට - ඇති වුණ
ආලෙට





මේ යකාට පිස්සුද කොහෙද ?




මගේ මේ කුරුල්ලොත් එක්ක ආදරෙන් දකින කොට ඔයාටත් එහෙම
හිතෙනව ඇති





ඔව් මට ඒ දවස්වල පිස්සු

ඔයාටත් පිස්සු - මට " දැන් පිස්සු
නෑ"


හැබැයි ඔයාට තාමත් පිස්සු.....




ඇයි හිනා වෙන්නෙ -? හිනාවෙන්න තව පාරක්
මම ආසයි ඔය හිනාවට


ඔයා ‍ඔහොමමයි''''''''''''''''''




ඉස්සර මම ඇස් දෙක වහගන්න කිවුවම - ඇස්
ලොකු කරන් මා දිහා බලන් ඉන්ව


මම කියන එකේ අනික් පැත්තමයි කරන්නෙ






ආ මේ......


අපේ අම්ම කිවුව ඔයා ගිරවා වගේ
කියෝගෙන කියෝ ගෙන යනව කියල හෙමොම


ඇත්තද ඒක........




ඒහෙනම් ඇයි මං ඉස්සරහදි විතරක් ඔයා
ගොළු....


බකුසා වගේ එක වචනයක් එළියට ගන්ඩ තියෙන
අමාරුව...


අපරාදෙ ඔයාට ලෝයර් කෙනෙක් වෙන්ඩ
තිබුණෙ-


ඒ අයට කතා කරනවට සල්ලි දෙනව..........





සිහිනයක් වී ඇවිත් ඔබ මගේ - දෙනෙත් අභියස
මැවෙනවා



දරාගනු බැරි හදේ තනිකම - මොහොතකකට හෝ
නිවෙනවා "


Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11135
Member Since : 2013-02-06

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-07, 10:32 am
Message reputation : 100% (2 votes)
ඇස් දෙකෙන් බලලා හදවතින් කියෙව්වොත් මේක හරිම සංවේදී.....
Gimhan
Gimhan
Account Suspended
Account Suspended
City : Kiribathgoda
Country : Sri Lanka
Posts : 106
GetReal Gold : 7899
Member Since : 2013-03-18

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-07, 4:49 pm
Message reputation : 100% (2 votes)
හිත හිරිවැටිලා ගියා.. මෙච්චර කල් නොහිතුව දෙයක් ගැන හිතන්න මගේ හිතට ඉගැන්නුවට උඹට පිං
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-07, 7:19 pm
Message reputation : 100% (1 vote)
wow. patta ah
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න....

2013-05-08, 9:46 am
Message reputation : 100% (4 votes)
අපි හුඟක් දෙනෙක් ටයිටැනික් බලල තියෙනව...

ඒකෙ jack සහ Rose ඉස්සෙල්ලාම මුණ ගැහෙණ තැන මතකද
ඔයාලට....


අමතක නම් ආයෙ බලන්න...මතකනම් කල්පනා කරන්න....
පිස්සු හැදෙයි...


'තමන් අකමැති පිරිමියෙක් එක්ක විවාහ වෙන්න කරන
බල කිරීමට විරුද්ධ වෙන
Rose ඒ මහා නැවෙන් මහ මුහුදට පනින්න හදනවා..

ඒ වේලේ කොහේ දෝ ඉඳන් ආපු දුප්පත් තරුණයෙක් Rose ට කිට්ටු වෙනව, පස්සෙ ඒ දෙන්න අතරෙ සංවාදයක් ගොඩ නැගෙනව...

ජීවිතේ මීට කලින් කිසි දිනක මුණ නොගැසුණු
දෙන්නෙක් ඒ වෙලේ මුණ ගැසෙනව...


jack තමන්ට පුළුවන් තරම් දේවල් කියනව Rose
ව ඇතුලට ගන්න... ඒත් Rose පනින්න අන්තිම අඩියත් තියනව...

අන්න එතනදි තමයි මම කියන හදවතේ පිපිරීම සිද්ද
වෙන්නෙ
,
ඔයාලට මතක නම් ඒ වෙලේ jack ගෙ දෙබස..

" ok , when you jump, then i jump."


Rose නතර වෙනව... ඒ නතර වෙන්නෙ වෙන මුකුත්
නිසා නෙමෙයි..


ජීවිතේ කිසිදාක කලින් කොදැක්ක , මුණනොගැසුණු කෙනෙක්, තත්පර කිහිපයක් හඳුනාගත්තු කෙනෙක් ?

තමන් වෙනුවෙන් මුහුදට පනින්න සූදානම් වෙලා,

ඔයා පැන්නොත් මාත් පනිනවා’..
මොකක්ද දෙන්නගේ ඒ වෙලේ වෙනකොට තියෙන හැඳුනුම්
කම.......
?

ආදරේ මහ පුදුම දෙයක්.... අන්තිමට ඒ දෙන්නා
අසීමිතව ආදරේ කරනව....

විතරක් නෙවෙයි චිත‍්‍රපටියෙ අන්තිමට අසීමිතව
ආදරේ කරන


දුප්පත් කොල්ලෙක් ආදරේ වෙනුවෙන් මිය යනව...

ඒවගේම දුප්පතෙකට ආදරේ කරන පෝසත් කෙල්ලෙක්
තමන්ගෙ
ඉතිරි මුළු ජීවිත කාලෙම ගෙවනව තමන්ගෙ
ආදරවත්තයා සිහිකරමින්....


"ආදරේදි කවදාකවත් සල්ලි ඉස්සර කර ගන්නත් එපා
කවදාකවත් සල්ලි පස්සෙ යන්නත් එපා"

ඒත් ඇත්තටම ඒ දෙන්න ආදරේ කළේ කොච්චර කාලයක් ද?...

ඕව වෙන්නෙ ෆිල්ම් වල විතරක් නෙමෙයි....

ඔයාට මම කියන දේ තේරෙනව ඇති....

සිතුම්.....
Gimhan
Gimhan
Account Suspended
Account Suspended
City : Kiribathgoda
Country : Sri Lanka
Posts : 106
GetReal Gold : 7899
Member Since : 2013-03-18

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-08, 12:33 pm
Message reputation : 100% (2 votes)
" ආදරේදි කවදාකවත් සල්ලි ඉස්සර කර ගන්නත් එපා කවදාකවත් සල්ලි පස්සෙ යන්නත් එපා "

මම කවදාවත් අමතක නොකරපු දෙයක්....
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා

2013-05-09, 9:13 am
Message reputation : 100% (2 votes)
හරිවැඩක්නෙ
මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ
... වෙන උන්ටනේ අමාරුව
මට
ප්‍රශ්ණයක් නෑ
, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ...... තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....


අහසින්
තරුවක් කඩා වැටෙනවා

තරුව
කතා නැහැ අහසයි වැළපෙන්නේ




මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ
අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට
ලක් කකරන්නෙ.

නටුවෙන්
නෑඹුල් මලක් වැටෙනවා

මලේ
කතා නැ සුළඟයි වැළපෙන්නේ



නෑඹුල්
මල කියන්නෙ පිරිසිදු කාන්තාව
... සුළග සමාජය....
ඉතින්
පෝසත් පවුලක්
එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද
කරනව
. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.


පෑහිමක්
නැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලක් ඇද ලූ
දවල්
වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොද වැඩිකම ලූ


ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.
කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මම වගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක්
එක්ක සම්බන්ධකමක් පටන්
ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන
සිහිනය
දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ


මලෙන්
උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස්
කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ


කමක්
නෑ
... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන
වතුර ඇදල දෙනව
....
(
කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය
කියන විදියෙ
කල්ලො නෑ කියන එක ගැන..

මෙ සින්දුවට පාදක වෙලා තියෙන්නෙ ඉතින් ආදරවන්තියක් සහ ආදරවන්තයෙක්.. ඔයාලාට කැමතිවිදියෙන් එක වෙනස් කරගන්න..... සිතුම්ටනම් ඉතින් කොහොමත් විශෙශයක් නැ.......

හැමොටම සුබදවසක් වෙන්න කියලා wish කරනවා...

භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-09, 9:48 am
Message reputation : 100% (2 votes)
අපි අදරය කරන්න පටන්ගනිද්දි අවට ලෝකය ගැන හිතන්න යන්නෙ නැ.. කාලයක් ආදරය කරද්දි තමයි මතක් වෙන්නෙ එහෙම එකක් තියෙනව ද කියලත්.. අදරේට බාධා කියන දේ කොතනත් තියෙනව.. එත් ඉතින් එහෙමයි කියල තමුන් අදරේ කරපු , තමුන්ව විශ්වාස කරල තමුන්ට පන වගේ අදරේ කරපු කෙනාව දාල යනව නම් ඒක වැරදියි.. දුක තමයි.. මේ ලෝකෙ වැඩියෙන් ම සිද්ධවෙන්නෙ ඒක..
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-09, 12:26 pm
wow. fatta
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරන තවත් අම්මා කෙනෙක්......

2013-05-10, 10:15 am
Message reputation : 100% (3 votes)
අදුර ගලා යන
විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය
. එනිසා කළුවර
මෝරා එන විට ඇය
ගේ දසුනින් ඔහු සිටින
පැල්පත ඈත් වී යයි
. එම දසුන ඈත්
වූ විට ඇය මේ ලොව තනි
වේ. ඒ තනි වීම ඇගේ සදවත
විනිවිදින එකකි
. ඒ ඇය සිය
ස්වාමියා පෝෂණය කරනු
පිණිස සිය සිරුර අළෙවි
කරනා නිසාය
. ඔහු ගේ පහස තරම් ආදරණිය
පහසක් ඇයට
ගණුදෙණුකරුවන් ගෙන්
නොලැබේ
. එනිසාය ඇය තනිවන්නේ..............ඇත්තටම ගොඩක් සන්වෙදි සිද්දියක් මෙ ගිතයෙන් මතුවෙන්නෙ. සිතුම්ටනම් ඉතින් ගොඩක් දුකයි ඔය වගෙ අම්මලාගැන.... මොනව උනත් එ තවත් අම්මා කෙනෙක්.....

සැදැ කලුවර කුර ග ගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්
වූ සද
මගෙ සරා සද තනිවෙලා මා තනි වෙලා

වළාකුළකුදු
නොමැති අහසේ
මළානික වූ
මගේ සිතිවිළි

ගල් ගැසී ඇත
පාළු වී ඇත
අදුර පමණක්
රජවෙලා
.........

සද
වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත
. එනම් ගැහැනු පිරිමි සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ
සිතිවිලි
මළානික වන්නේ ඇය ගේ
ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ හුදු වින්දනයක් පමණක් නිසා.
, එවා හැගීම් නොවන
බැවිණි
. මේ නිසාය මළිනික වූ ඇගේ
සිතුවිළි ගල්
ගැසෙන්නේ.......ඇය වටා කිසිවක්
නැත
. ඇගේ ලොව ඇත්තේ මේ
අවස්ථාවේ දී
අදුරම පමණි.


ඔබේ ලෝකය
මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි

ගව් ගණන්
දුර ජීවිගේ බර
මගේ හිස මත
බර වෙලා
........

ඇය නිවෙසට
එනවිට උදයයි
. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට
උදයකි
. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ
නිදිදෙවිදුව සරණ යයි
. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ
ලොව අතර
නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ
ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ
බර දැරීමට බව අපට
අවසානයේ දී කියා පායි

ආනන්දයෙන් ප්‍රඥාවට(රසවින්දනය තුලින් බුද්දියට කතාකිරිම) අපි අරගෙන යනවා මෙ වගෙ ගිත වලින්.. එ කොමොම උනත් මෙහෙම ගෑණු
අය ඉන්නව මේ ලෝකේ
..හැබැයි
සැමියා රැකියාවක්
කරගන්න බැරි රෝගී
තත්වයකට වගේ වැටිල ඉන්න නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා
මේ වගේ
තත්වයකට වැටුන අය ඉන්නව වෙන්නත් පුළුවන්
... ඇතතටම තවත් අමමා කෙනෙක්......


zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9588
Member Since : 2013-01-26

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-10, 11:41 pm
සිතුම් පැතුම් ගේ සංකල්පනා අපූරුයි ,,
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8437
Member Since : 2013-05-03

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

2013-05-11, 8:57 am
thank you my bro zez ;)
Sponsored content

කුරුල්ලන් එක්ක ආදරෙන්............. Empty Re: කුරුල්ලන් එක්ක ආදරෙන්.............

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum