Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8477
Member Since : 2013-05-03

ගහක මල් පිපිලා Empty ගහක මල් පිපිලා

2013-05-07, 8:24 pm
Message reputation : 100% (4 votes)
කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම
රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය
කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට
අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක්
ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත.මට හිතුනා මෙක post කරන්න forum1
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත්
තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද
ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි
කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත
ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...


"කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන් "
සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක්
වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද
සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි
කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක
පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව
ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම
ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි
බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි
මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස්
අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත්
කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි...



"සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම් "
ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි
"සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී
අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම්
කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ
විස්කම්පාන හිරුට පෙම්බදිනා තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන්
ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත..


තව දෙයක් කියන්න ඔනෙ සිතුම් පැතුම් මෙ forum එකට ඇවිත් දැන් දවස් කිපයක් ඇති. එත් ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.. and වෙනස් උනා.. "siyapath" ගෙ ideas එ වගෙම අනිත් යලුවොන්ගෙ කතා හැම එකක්ම වගෙ කිවන්න පුලුවන් වුනා.. zezta & namalkumara ඔයාලාගෙ post වලින් මට ගොඩක් හිතන්න දෙ ඉතිරිකලා....
"kasun", "sanketh""udana" and "kumaratarat හික්ස් hiks" "gimhan" "maleesha" "zezta" ඔයලා හැමොටම ගොඩක් thanks.. & ඔයාලා කරන්යන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා wish කරනවා..

තවත් දෙයක් ඔයාලගෙ profile picture වලින් මම කැමතිම එව 3ක් තියෙනවා siyapath,kasun,sanketh

ඇඩ්මින් තුමාටත් ගොඩක් තන්කු හොදෙ....

සිතුම් පැතුම්...
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2013-05-07, 9:09 pm
Message reputation : 100% (1 vote)
ඔයත් දිගටම අපිත් එක්ක ඉන්නවා නේද කියන්න සිතුම්?
Udana
Udana
+ 100 Posts
City : colombo
Country : Sri Lanka
Posts : 122
GetReal Gold : 8729
Member Since : 2013-01-31

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2013-05-07, 9:12 pm
:o
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8477
Member Since : 2013-05-03

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2013-05-07, 9:28 pm
@siyapath ඔව් bro මමත් ඉන්නව ඔයාලත් එක්ක.. මම ගොඩක් තනියෙන් ඉන්න චරිතයක්. ඔයාල නිසා පාලුවක් දැනෙන්නෙ නැ...
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2013-05-08, 9:04 am
දිගටම අපි එක්ක ඉන්න සිතුම් පැතුම්.... ගොඩාක් තැන්කූ ඔයා මගේ Profile Pic එක ලස්සනයි කිව්වට... උම්මා එකක් දෙන්නම් මේ ගොල්ලෝ නැති වෙලාවක.. හොදද? හික්ස් හික්ස්.....
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8477
Member Since : 2013-05-03

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2013-05-08, 9:34 am
@sanketh :* ;)
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7565
Member Since : 2014-01-22

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

2014-01-23, 3:05 pm
mama mehema kiwwata math ekka tharaha wenna epa..aiye
oya oya kiyana samalingika adaraya genath me geethaye ahana kenekuta denenawa therenawa athi..eth e geethaya eeta wada gemburu arthayak thiyena bawa oyata thawa tikak hoyala beluwanam hoyaganna puluwanwei..
kohoma unath.. oyage artha katanayatath me sinduwa gelapenne ne kiyala mama kiyanne ne..
Sponsored content

ගහක මල් පිපිලා Empty Re: ගහක මල් පිපිලා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum