Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7323
Member Since : 2016-03-31

Colombo Pride Empty Colombo Pride

2016-05-11, 7:03 pm
http://lankacnews.com/sinhala/news/143347/

කවුරු හරි මේ ගැන දන්නවද?
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7323
Member Since : 2016-03-31

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-12, 5:05 pm
මේ News එක ඇත්තක්ද​? කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9588
Member Since : 2013-01-26

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-14, 3:29 pm
Message reputation : 100% (2 votes)
Equal Ground facebook පිටුවෙ ඒ ගැන පළ කරපු පිළිතුර

Equal Ground wrote:
+++NEWSFLASH+++EQUAL GROUND UNDER THREAT+++
ඊක්වල් ග්‍රවුන්ඩ් මගින් සංවිධානය කරන 2016 අභිමාණි උළෙලට විරුද්ධව සමාජ මාධ්‍ය ජාලයන් හා විවිධ වෙබ් අඩවි හරහා ව්‍යාප්තවන අසත්‍ය හා නින්දිත ප්‍රචාර පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට අපි කල්පනා කළෙමු.
මෙම ප්‍රතිචාරයට ප්‍රථම ඔබගේ පහසුව සඳහා යම් යම් කරුණු කිහිපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමුකරවීමට අදහස් කරන්නෙමු.

1 ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ස්වභාවය හා ක්‍රියාකාරිත්වය
ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය යනු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ලාභ නොවන සංවිධානයකි.
ඇය ශ්‍රී ලංකාවේ වාසය කරන සමසෙනෙහස් පුරුෂ - ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ - ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ - ස්ත්‍රී , අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවගේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරයි.
මෙම සංවිධානය කිසිදු ආකාරයකින් කිසිදු ආකාරයේ දේශපාලන පක්ෂයකට අනුබද්ධ හෝ ඔවුන් සමග කටයුතු කරන සංවිධානයක් නොවන අතර එය මුළුමනින්ම ලිංගික කැමැත්ත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය වෙනස්වීම නිසා ශ්‍රී ලංකාවේ දුක්විඳින, පීඩාවට පත්වන, විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන ප්‍රජාවක් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකි. අපගේ දේශපාලනය යනු මානව හිමිකම් සම්බන්ධ දේශපාලනයක් විනා අන් යමක් නොවේ.
කොළඹ අභිමානය වෙනුවෙන් පැවැත්වෙන සියලුම ආකාරයේ වැඩසටහන් ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුකූලව නීතිමය අවසර ලබාගෙන සිදුකරන ඒවා වන අතර විනිවිදභාවය ආරක්ෂාවන ආකාරයෙන් සකස්කර තිබේ. මේ පිළිබඳ ගැටළු සහිත ඕනෑම කෙනෙකුට අපගේ වැඩසටහන්වලට සහභාගී වී මානව හිමිකම් පිළිබඳ නිසි අවබෝධයක්, සංවේදීභාවයක් ලබාගත හැකිය. මේ නිසා කිසිදු ආකාරයේ තුන්වන පර්ශ්වයකට සැඟවීමට කිසිවක් අප සතුව නැත.
අපට එරෙහිව සිදුකරන අපහාස කිරීම්,තර්ජනය කිරීම් සියල්ල නිවැරදි තොරතුරු මත පදනම් වූ ඒවා නොවේ. මෙම තර්ජනය කිරීම්, බියවැද්දීම් මෙන්ම නිර්නාමික ලෙස වැරදි අදහස් සමාජගත කිරීම මගින් පෙනීයන්නේ විවිධත්වය පිළිගැනීම හා සමානත්වය ආරක්ෂා කිරීම පිළිබඳ බියගුළු අදහස් සහිත අයගේ ක්‍රියාවන් ලෙස මේවා තේරුම්ගත යුතු බවයි. ලිංගිකත්වය මත පදනම්වු සියලුම ආකාරයේ හිංසන වැළැක්වීමට අප විසින් ගන්නාවූ උත්සාහයට මෙම ක්‍රියාකාරකම් බාධාකාරීවන බවයි. මෙමගින් යම් ප්‍රජාවකගේ මානව හිමිකම් ආරක්ෂාකිරීමට අප විසින් ගන්නා වූ උත්සාහය බියගුළු ක්‍රියාකාකම් මගින් වැළැක්වීමට උත්සාහ දරන බවයි.

2 අභිමානය සැමරීමේ මාසය - 2016

අභිමානය සැමරීමේ මාසය යනු සියලු ආකාරයේ ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව පිළිබඳ ප්‍රකාශන සැමරීමයි. එය ඉහත කී ප්‍රජාවගේ දක්ෂතාවන්, හැකියාවන් එළිදැක්වීමේ අවස්ථාවයි. (පොදු සමාජය ඔවුන් එලෙස හඳුනාගත්තද නොහඳුනගත්තද).
අභිමානය සැමරීමේ මාසය යනු සමසෙනෙහස්භාවය (ඔබ විසින් සමලිංගිකත්වය ලෙස හඳුනාගත්තද) ප්‍රචාරය කිරීමක් හෝ කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදුකෙරෙන්නක් ද නොවේ. අප විසින් මෙම සැමරුම් උළෙල වසර ගණනාවක් පුරා පවත්වන්නක්ද වේ. මෙම සැමරීම යනු විනෝද සැනකෙළි පවත්වන්නක් හෝ, ප්‍රචාරය හා ජනප්‍රියභාවය ලබාගැනීම සඳහා හෝ සිදුකරන්නක් නොවේ. මෙය “සියලුම මානවයා එක සමානව මිනිසුන් ලෙස ඉපදුන බව හා ගෞරවාන්විත ලෙස සැලකුම් ලැබිය යුතු බව” සමාජයට පණිවිඩයක් ලෙස ලබාදීමට ගන්නා වූ උක්සාහයක් පමණි.
එමෙන්ම අභිමානය සැමරීමේ මාසය යනු ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය මගින් “සමසෙනෙහස්භාවය බෝ කිරීමක් ” ද නොවේ. එය විෂම ලිංගික නොවන පිරිසක් පිළිබඳ සිදුකෙරෙන මානවවාදී උත්සාහයකි.

3 සාපරාධී ක්‍රියාකාරකම්
1883 දී සංග්‍රහ කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තිය මෙලෙස සඳහන් කර ඇත. “ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තවත් පිරිමියෙකු සමඟ කවර හෝ තදබල අශෝභන ක්‍රියාවක යෙදෙන හෝ එසේ කිරීමට තවත් අය සමඟ හවුල් වන හෝ වෙන යම් පිරිමියෙකු ලවා එසේ කිරීමට උත්සාහ කරන හෝ ප්‍රයත්න දරන ඕනෑම පිරිමියෙකු අපරාධයකට වරදකරු විය යුතු අතර...........” මෙම වගන්තිය මගින් ප්‍රකාශ කෙරෙන ආකාරයට ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය යනු කුමක්ද? , තදබල අශෝබන ක්‍රියා යනු මොනවාද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නොමැත. බටහිර වික්ටෝරියානු සදාචාරය මත පදනම්ව සංග්‍රහ කරනු ලැබූ මෙම නීතිය අප විසින් තවදුරටත් පවත්වාගෙනු යනු ලැබේ. සියලුම අවස්ථාවලදී වික්ටෝරියානු සදාචාරය හා ඔවුන් විසින් අපරට කෙරෙහි ඇතිකරනු ලැබූ අහිතකර දේවල් විවේචනය කරන අපගේ මිනිසුන් වැඩිහිටි දෙදෙනෙකුගේ ආදරය සම්බන්ධව හෝ ලිංගික දේවල් සම්බන්ධව ඇති පැරණි නීතියක් ලෙස පෙනෙනෙ අවනීතියක් මත පදනම්ව චෝදනා නැගීම, අසත්‍ය ප්‍රචාර සිදුකිරීම මානවවාදීභාවයට, මනුෂ්‍යත්වයට කරන නිගාවක් ලෙස දැකීමට කැමැත්තෙමු.
දණ්ඩනීති සංග්‍රහයටත් වඩා බලසම්පන්න වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි 12.1 වගන්තිය මගින් ප්‍රකාශ කරන්නේ“ සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වන බවයි”. එය කෙනෙකුගේ ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කොට සැලකීමක් නොකරන බවයි. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය අභිමානය සැමරීමේ මාසය තුළදී සිදුකරන සියලුම ක්‍රියාකාරකම් සිදුකරන්නේ සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේදී සමානය යන අදහස මත පදනම්වයි. එය කිසිදු ආකාරයකින් අපරාධයක් හෝ අපරාධවලට සම්බන්ධ දේවල්වලට උදව්කිරීමක් හෝ නොවේ.
තවදුරටත් ඔබගේ අවධානය යොමුකිරීමට කැමතිවන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, අසත්‍ය ලෙස අදහස් දැක්වීම, මහජනතාව කුපිතවන ආකාරයෙන් නින්දිත, ජඩ පණිවිඩ නිකුත්කිරීම යනාදිය නීතියෙන් දඬුවම් ලැබිය යුතු, අපරාධ ලෙස සලකන ඒවා වන බවයි. ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් පවතින බවයි.

4 සංස්කෘතියට සිදුවන හානිය

විෂම ලිංගික නොවීම හෝ සමසෙනෙහස්, ද්විසෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හෝ ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නභාවී (LGBTIQ) පිරිසට අයත්වීම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට තර්ජනයක් වන බව පැවසීම හාස්‍යයට කරුණකි. එය සිංහල ජාතියට තර්ජනයක් වන බවද හාස්‍යයට කරුණකි. මෙය කිසියම් සාමාන්‍ය තත්ත්වයක් විනා බෝවන රෝගයක් හෝ මානසික ව්‍යාධියක් හෝ නොවේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය, අන්තර්ජාතික මනෝ විද්‍යාත්මක සංවිධානය පවා තහවුරු තර ඇති සාමාන්‍ය තත්ත්වයකි. සංස්කෘතිය යනු වගකීම් වගවීම් පවරාදීමේ ක්‍රියාවලියක් විනා ලිංගික වශයෙන් සිදුකරන තර්ජනයක් නොවේ.
තවදුරටත් අප විසින් දක්වනු කැමතිවන්නේ මානව හිම්කම් හෝ සමාන හිමිකම් වෙනුවෙන් වැඩ කිරීම යනු සියලු දෙනාටම සමාන ලෙස අවස්ථාවන් හිමිවීම, සමාජ සාධාරණත්වය, සමාජ යුක්තිය ආරක්ෂාවීම මෙන්ම මිනිසෙකු ලෙස උපත ලබා ජීවත්වන කෙටිකාලය තුළ වෙනස්කම්වලින් තොරව සියලුම දෙනාට සමානව සැලකීමේ ක්‍රමවේදයක් සඳහා පෙළගැසීමක් වන බවයි. එය දේශපාලනය නොවේ, සංස්කෘතියේ මූලිකම පරමාර්ථය අප විසින් විශ්වාස කරන ආකාරයට අන්‍යයන්ගේ අගනාකම්වලට ගරුකිරීම මෙන්ම ඒවා ආරක්ෂාකිරීම සඳහා වගවීමයි. ශ්‍රී ලාංකේය ආයතනයක් වශයෙන් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ කාර්යභාරය එයයි.
මනුෂ්‍ය ප්‍රජාවේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන අපට එරෙහිව මෙන්ම පීඩාවට පත්වන සුළුතර ලිංගික ප්‍රජාවට එරෙහිව සිදුවන මෙවැනි ආකාරයේ තර්ජනය කිරීම්, නින්දිත ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර ව්‍යාප්ත කිරීමෙන් බැහැරව ඔබට ප්‍රශ්න ඇති ඕනෑම දෙයක් පිළිබඳව සෘජුව අපගෙන් අසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. අප දන්නා පරිදි සංස්කෘතිය යනු එයයි. මතක තබාගන්න,

“ අඥානවීම හෝ නොසලකාහැරීම තරම් භයානක දෙයක් මේ ලෝකයේ තවත් නැත”. - මාටින් ලූතර් කිං
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7323
Member Since : 2016-03-31

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-14, 3:35 pm
Message reputation : 100% (2 votes)
මගේ උණුසුම් සුබ පැතුම්
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6280
Member Since : 2016-01-28

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-28, 4:52 pm
mama dannawa meka gana,, Colombo PRIDE 2016 වෙනුවෙන් EQUAL GROUND ආයතනය Colombo Good Market එකේදී ලබන මැයි 28 සහ ජුනි 4 සෙනසුරාදාවන්වල උදේ 10 ඉදන් හවස 6 වෙනකන් ප්‍රවර්ධන වැඩසටහන් තියෙනවා. 
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7323
Member Since : 2016-03-31

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-28, 5:13 pm
tharindu wrote:mama dannawa meka gana,, Colombo PRIDE 2016 වෙනුවෙන් EQUAL GROUND ආයතනය Colombo Good Market එකේදී ලබන මැයි 28 සහ ජුනි 4 සෙනසුරාදාවන්වල උදේ 10 ඉදන් හවස 6 වෙනකන් ප්‍රවර්ධන වැඩසටහන් තියෙනවා. 

adane malli May 28.
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6280
Member Since : 2016-01-28

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-28, 7:57 pm
Ow sahith aiye ada juni 4th thiyanawanii..mamai aiyai yanna hitiye eth yanna bari una sajith aiye
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-29, 3:54 am
tharindu wrote:Ow sahith aiye ada juni 4th  thiyanawanii..mamai aiyai yanna hitiye eth yanna bari una sajith aiye

noidea noidea noidea noidea noidea
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6280
Member Since : 2016-01-28

Colombo Pride Empty Re: Colombo Pride

2016-05-29, 7:11 am
Message reputation : 100% (1 vote)
Mekata yanna hitiye eth yanna bari una hithahoda aiye
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

Colombo Pride Empty Re: Colombo Pride

2016-06-01, 4:39 am
check your mail.
Sponsored content

Colombo Pride Empty Re: Colombo Pride

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum