Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7217
Member Since : 2015-09-05

*තහනම් ආදරය* Empty *තහනම් ආදරය*

2016-10-15, 3:41 pm
*තහනම් ආදරය*

          එදා අපිට උත්සව දවසක්.අපේ නිවාස සන්කීර්ණයේ  හිටපු හැමෝම පහල උද්‍යානයට එකතු වුනේ උත්සවය සමරන්නයි.උද්‍යානය හරි ලස්සනට සරසල තිබුනා.බලන බලන තැන විදුලි බල්බ දැල්විලා හරි ලස්සනයි.හැමෝම ලස්සනට ඇදන් ඇවිත් හිටියා.ඒ අය අතරින් අපේ මහලට ඉහල මහලට අලුතින් ආව ගිහාන් අයියා ගොඩක් කඩවසම්.එයාව දැක්ක වෙලාවේ ඉදන් මගේ ඇස් ගියේ එයාටමයි.
        පසෙකින් වාදනය වුන ඩීජේ සන්ගීතයට හැමෝම නටන්න පටන් ගත්තේ ඔය අතරතුරේදීයි.මාත් පැත්තකට වෙලා ඒ දොහා බලාගෙන හිටියා.පුන්චි කාලෙ ඉදන්ම ලොකුවට සමාජශීලී බවක් මගේ තිබුනේ නෑ.ඉතින් මට යාලුවෝ හිටියෙත් හරි අඩුවෙන්.අතේ ඇගිලි ගානට තමයි යාලුවෝ හිටියේ.එ අය අතරින් මගේ හොදම යාලුවා වුනේ මල්කි.එයා හිටියේ මගේ ගෙදරට ඉස්සරහ ගෙදර.අපි දෙන්න හැමදේම බෙදාගත්තා.ඒත් මන් හැමදාටම එයාගෙන් එක රහසක් වසන් කලා.ඒ මගේ ලින්ගික ආකර්ශනය ගැන.මන් බය වුනා එයා මන් ගැන මොනවා හිතාවිද් කියල.අනිත් එකා අපේ පවුලෙ අය ඒ ගැන දැනගත්තනම් කිසින සැකයක් නෑ මාව පවුලෙන් එලවනවා.
     ඔය අතර එක පාරටම මගේ ඉස්සරහට ආවේ මල්කි.එයා අද හරි ලස්සනයි.දිග ලෙහෙන්ග එකක් ඇදන් හිටිය එයා හරියට සුරගනක් වගෙයි.මන් කෙල්ලන්ට ආකර්ශනය වුනා නම් මන් මල්කිට ආදරය කරනව නිසැකයි.මල්කි මගේ අතින් ඇද්ද.
"මොනාද තඩියෝ පැත්තකට වෙලා බලන් ඉන්නෙ.එන්න මාත් එක්ක නටන්න."එයා මගේ අතින් අදින ගමන් කිව්වේ.
"අනේ බෑ මල්කි.ඔයා නටන්න."මන් අදිමදි කරමින් කිව්වත් මල්කි නම් පසුබසින්නෙ නෑ කියල මන් අත්දැකීමෙන්ම දැනන් හිටියා.මටත් නටන්න යන්න උවමනාවක් තිබ්බත් කියපු ගමන් ගියාම මගේ අගය නැතිවෙනවනෙ.
"මොකක්ද විහග,එනවකෝ.ප්ලීස්."මල්කි මූන විකාර විදියට හදමින් මට කිව්වා.
"okay එහෙනම් යමුකො."මාත් මල්කි එක්ක නටන්න ගියා.
          නටන්න ගියත් මගේ ඇස් දෙක තිබුනේ ගිහාන් අයියා ලගයි.මන් ටික ටික නටමින්ම එයා ලගට කිට්ටු වුනා.මන් හිමින් එයා දිහාට මගේ අත් දික් කරන්න හැදුවේ එයාගේ අත අල්ලන්න හිතන්.එක පාරටම පිටිපස්සෙන් ආව අතකින් මාව පස්සට ඇදිල ගියා.මාව එහෙම්ම බිල්ඩින් එක පිටිපස්සට අරන් ගියේ මගේ අයියා.
'දෙයියෝ සාක්කි,අයියට මාට්ටු වෙලාවත්ද?'මගේ හදවත ලොකු බයකින් පිරුනා.
"චටාස්.."අයියගේ දකුණු අත මගේ වම් කම්මුල හරහා පතිත වුනේ අකුණු සැරක් වගෙයි.මගේ කම්මුල දැවිල්ලෙන් රිදුම් කද්දී මගේ ඇස් වලින් කදුලු ගලාගෙන වැටුනා.අයියා කේන්තියෙන් රතු වෙච්ච ඇස් වලින් මගෙ දිහා බලන් හිටියෙ හරියට යකෙක් වගෙයි..
"තෝ මොකක්ද ඒ කරේ.මන් තොට එක පාරකුත් කිව්ව තොගෙ ඔය මනස්ගාත හිතෙන් අත් ඇර ගනින් කියල.අපේ පවුලෙ නම්බුව කන්නෙ නැතුව ඔය මානසික ලෙඩේ හොදකරගනින්.නැත්නම් මේ අයියා යකෙක් වෙයි.පවුලට ලැජ්ජ කරන්නද තොට ඕනේ.තෝ හිතුවද මන් දැක්කෙ නෑ කියල තෝ ගිහාන්ගේ අත අල්ලන්න හදපු එක.තෝ......"අයියාගොඩක් කේන්තියෙන් මට බැන්න.මගේ ඇස් වලින් කදුලු ගලාගෙන පොලොවට ඇද වැටුන.අයිය බැනල බැනල යන්න ගියා.මන් එහෙම්ම මගේ කාමරයට දිව්වෙ හිතින් මටම ශාප කරගනිමින්.
                සතියක් විතර ගෙවුන.එක දවසක් උදේම මල්කි මාව හොයාගෙන අපේ ගෙදරට ආව.එයා මගේ කාමරේට ඇවිත් මන් ලගින්ම ඉදගෙන ෆෝන් එක අතට ගත්ත.
"විහග,ඔයාට කියන්න දෙයක් තියෙනවා."
"මොකක්ද?"
"මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බවුනා."
"ඇත්තටමද?කව්ද එ.".
"ෆේස්බුක් එකෙන් හම්බවුනේ.තාම යාලු නෑ.එයා කිව්ව අද හවසට හම්බවෙලා අපි ගැලපෙනවද කියල බලමු කියල.ඊට පස්සෙ ඉදිරිය හිතමු කිව්වා.".
"ඉතින්".
"ඉතින් කියන්නෙ.මන් හා කිව්ව."
"ඔයා ඉතින් යනවද?".
"ඔව්,මට ඔයාගෙනුත් පොඩි උදව්වක් ඕනෙ."
"මගෙන් මොකක්ද?"
"හවසට ඔයත් මා එක්ක යන්න එන්නකෝ.ප්ලීස් ඔන්න බෑ කියන්න නම් එපා."
"ඒත් ඔයා දෙන්න අතර මන් මොනා කරන්නද?
"අපි ක්‍රෙස්කට් ෆුඩ් කෝට් එකට යන්නෙ.ඔයාත් එතන ටේබල් එකක ඉන්න.අනේ එන්නකෝ."
"හරි එහෙනම් කීයටද?"
"3 ලෑස්ති වෙන්නකෝ.තෑන්ක්ස් බඩී.you are my bestie for ever."මල්කි මගෙ කොණ්ඩෙත් අවුල් කරල දිව්ව.
        වෙලාවකට මට මල්කි ගැන ඊරිසියත් හිතෙනවා.මට කවදාවත් ඔය වගේ ආදරයක් හොයන්න පුලුවන් වේවිද කියල මට බයයි.
       හවස 3 වෙනකොට මායි මල්කියි ක්‍රෙස්කට් එක පැත්තට ඇවිදන් ගියා.අපි හිටියේ එම්පරර් රෙසිඩන්ස් වල නිසා ක්‍රෙස්කට් එකට තිබ්බෙ පයින් යන දුර.අපි ගිහින් විනාඩි 10 විතර එතන ඉදන් හිටියා.ටික වෙලාවකින් සුදු ලස්සන,කඩවසම් අයිය කෙනෙක් මල්කි හිටිය ටේබල් එක ලගට ගියා.මට මගේ ඇස් එ අයියගෙන් අයින් කරගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.එයා සුරකුමාරයෙක් වගෙ.එයා මල්කිට අතට අත දීල ඉදගත්ත.එයාල කතා කරන්නෙ මොනවද කියල මට ඇහුනෙ නෑ.මගේ අතින් මේසය උඩ තිබුන බීම එක හැලුන.මගෙ ටීශර්ට් එකටත් වැටුනා.කෝප්පය කෙලින් කරන්න ගිහින් හැන්දත් බිම වැටුනෙ ලොකු සද්දයක් එක්ක.මන් නැවිල ඒක ඇහිදගෙන නැගිටිද්දිම දැක්කෙ ඒ අයියා මගේ දිහා බලන් ඉන්නවා කියලයි.මොහොතකට අපේ ඇස් එකිනෙක මුනගැහුනා.මන් ඉක්මනින් පියවි සිහියට ඇවිත් ගෑරුප්පුව තියල නැගිට්ටෙ වොශ් රූම් එකට යන්න.තවමත් ඒ අයියගෙ ඇස් දෙක මගේ දිහාවට හැරිල තියෙනව කියල මන් ඇස් කොනින් දැක්ක.මන් එයා දිහා නොබලම ඉක්මනින් වොශ් රූම් එකට ගියා.
      මන් ටීශර්ට් එක පිරිසිදු කරමින් ඉද්දි තව කෙනෙක් ඇතුලට ආවා.මන් ඔලුව උස්සල බැලුවමයි දැක්කෙ ඒ අර අයිය කියල.එයා වැඩේ කරල මගේ එහා පැත්තෙ ටැප් එක ඇරගෙන අත හෝදන්න ගත්ත.
"බීම එක හැලුන නේ."මන් මගේ ජීවිත කාලෙටම ඇහුව ලස්සනම ගැඹුරුම කටහඩකින් එයා ඇහුවා.
"ඔව්.මගේ අවධානය නැතිවෙලයි තිබ්බේ "මන් බිම බලාගෙනම කිව්වා.
"ඔයා මල්කි එක්ක නේද ආවෙ.මට එයා කිව්වෙ ඔයා හොදින්ද කියල බලන්න කියල."
"ඔව්.මන් හොදින්.thanks."
"හ්ම්ම් මන් බ්‍රයන්."
"හායි මන් විහග."
"ඉතින් විහග "
"ඔයා මල්කිට කැමතිද?"මගේ කටින් බලාපොරොත්තු නොවුන ප්‍රශ්නයක් පිටවුනා.
"ඇයි එහෙම ඇහුවෙ."එයා මගේ ඇස් දිහා බලමින් ඇහුවා.
"නිකන්.අපි දැන් යමු නේ."මන් ඉක්මනින් එලියට ගියේ හිතේ ඇති වෙච්ච බයත් එක්කයි."
        මන් ගෙදර ගිය ගමන් කලේ ලැප්ටොප් එක අරන් ෆේස්බුක් ගිහින් මල්කිගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක චෙක් කරපු එකයි.මන් හොයපු රූපයත් නමත් ඒකෙ දකින්න ලැබුනා.බ්‍රයන් පෙරේරා.මල්කි ඔහු එයාට නොගැලපෙනවායැයි කිව්ව නිසා මගේ හිතේ දෙගිඩියාවක් තිබුනේ නෑ.මන් එයාට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම.ඊට පස්සෙ මන් මගේ වැඩ වල නිරත වුනා.
      ආයෙත් නිදාගන්න කලින් ගිහින් බලපුවාම බ්‍රයන් මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල තිබුනා.තව මැසේජ් එකකුත් තිබුනා.
"Hi,,how did you find me?"
"We have some mutual friends"මන් එයාට උත්තර බැන්දා.
"Hmm.small world isn't it?",හැරෙන තැපෑලෙන් මට ර්ප්ලයි ආවා.
"yeah,"
"So"
"Mm nothing."
"එහෙනම් මන් යන්නද?"
"නෑ එපා."
"ඇයි."
"නිකන්.".
"හ්ම්ම්"
     අපි නිකන් එක එක දේවල් ගැන කතා කලා.මගේ හැගීම් මන් එයාට හෙමින් දැනෙන්න සැලැස්සුවා.එයා ගැන ආදරයක් මගේ හිතේ ඒ වෙනකොට ඇති වෙලයි තිබුනේ.අපි අපේ පුද්ගලික දේවල් පවා බෙදාගන්න තරම් ලන්වුණා.
"මට 17,ගෙදර මායි අයියය,අම්මයි තාත්‍තයි ඉන්නෙ."
"මට 26,මන් කලොම්බො ආවෙ ජොබ් එකට.මන් ජොබ් කරන්නෙ සිනමන් ග්‍රෑන්ඩ් එකේ."
"මගේ අයියා මාත් එක්ක එච්චර හොද නෑ ලගදි ඉදන්.මගේ sexual preference එක ඒකට හේතුව කියලයි මට හිතෙන්නෙ."
"එහෙම හිතන්න එපා.අයිය ඔයාට ආදරෙයි."
"ගොඩක් අය කියනව කොල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන්න බෑ කියල.ඒක මානසික ලෙඩක්ලු.they say we are sick.do u also feel the same thing about us.do u think we are sick people."
"Listen vihaga.it's not important to mind other peoples thoughts.you just need to concentrate on your life.you have to do what you are happy with .".
       අපි අපි ගැන ගොඩක් දේවල් කතා කලා.මන් මගෙ හැගීම් ගැන කොච්චර එයාට ඉගි කලත් එයා මුකුත් කිව්වෙ නෑ.මන් එයාගෙ කටින් අහන්න බලාපොරොත්තු වුන ඒ වචන තුන එයා තවමත් මට කිව්වෙ නෑ             ඊලග සතියේ මගේ ඉන්ග්ලිශ් ක්ලාස් එකෙන් අපිව හොටෙල් එකකට එක්කන් යනවා කිව්ව කෑම ගන්න හැටි උගන්වන්න.අපි 3 දෙනෙක් විතරයි ඒකෙ හිටියේ.වාසනවාකට හෝ අවාසනාවකට අපි ගියේ සිනමන් ග්‍රෑන්ඩ් එකට.මන් ගිය ගමන් බ්‍රයන් අයියට මැසේජ් එකක් දැම්ම.
"අයියා මන් ඔයාගේ හොටෙල් එකේ."
"ඇත්තටම.කොහෙද මන් එන්නම් ඔයාව බලන්න."
"ශ්‍රී ලන්කන් සෙක්ශන් එකේ."
"Okay.ill come."
##############
      "විහග හොටෙල් එකට ඇවිත්.කොල්ලව බලන්නත් ආසයි.එදා දැක්කට පස්සෙ ආයෙ දැක්කෙම නෑනෙ.මට මොනව වෙනවද මන්ද.මන් විහගට ආදරෙයි තමයි.ඒත් මන් නිසා කොල්ලට ප්‍රශ්නයක් වුනොත් කියල මට බයයි.
      ඒත් එක්කම ලග තිබුන ටීවී එකේ නිව්ස් යන්න පටන් ගත්තා.
"සමලින්ගිකයන්ට එරෙහිව ලිප්ටන් වටරවුමේදී මහා උද්ඝෝෂණයක්...".
      ප්‍රවුර්තිය ඇහුනාම මගෙ කන් දෙක රත් වුනා.
      'මන් විහගව නොබල ඉන්න එක හොදයි.මන් මේ කරන දෙයින් විහගගෙ ජීවිතේ අදුරු වෙනව.මට බෑ එයාගේ ජීවිතේ විනාශ කරන්න.මෙහෙම්ම හිමීට ඈත් වෙන එකයි කරන්න තියෙන හොදම දේ.'
          විහග මැසේජ්,කෝල්ස් ගොඩක් ගත්තා.ඒත් මන් ඒව තැකුවේ නෑ.මන් හොටෙල් එක ඉස්සරහ රිසෙප්ශන් එකේ පොඩි වැඩක් කර කර ඉන්නකොට තව කොල්ලො තුන්දෙනෙක් එක්ක විහග ඒ පැත්තට ඇවිදන් එනවා පෙනුනා.එයා මාව දැක්ක.එයා එකපාරටම එයාගෙ අතෙ තිබුන ෆෝන් එක පොලොවෙ ගැහුව.
##########
"විහග"කසුන් කෑගැහුවා.
"මට ඕනේ නෑ ඔය මගුල් ෆෝන් එක."මන් එහෙම කියාගෙනම කේන්තියෙන් එලියට දිව්ව.
මාව බලන්න එනව කියල පොරොන්දු වෙලා පස්සෙ මාව මගඇරපු බ්‍රයන් අයියගේ මූන දැක්කම මට ගොඩක් කේන්ති ගියා.ඒ කේන්තියෙන්මයි මන් ෆෝන් එක පොලොවෙ ගැහුවේ.
       මන් ටික දවසක් යනකම් ෆේස්බුක් ගියෙත් නෑ.බ්‍රයන් අයියව කන්ටැක්ට නොකර ඉන්න මන් දැඩි තීරණයක් අරන් තිබුනා.
######

     විහග ඔයා නැතුව මට පාලුයි විහග.මට තවත් ඔයාව මග අරින්න බෑ.
  මන් ෆේස්බුක් එකෙන් විහගට මැසේජ් එකක් දැම්ම.

########.
මන් දවස් දෙක තුනකට පස්සෙ එෆ් බී ලොග් වුනා.බ්‍රයන් අයියගෙන් මැසේජස් 20 තිබුනා.
19 කම තිබුනෙ සොරි කියල.අන්තිම එකේ තිබුන මට ඔයාව මීට් වෙන්න ඕනෙ කියල.මන් එයාට හා කිව්ව.මෙච්චර දවසක් එයාගෙ තොරතුරක් නැතුව මන් හිටියෙ නියගයකට අහුවෙලා වගෙයි.

#########
   
       විහග මැසේජ් කරල.මට දැනුනෙ හරියට කාන්තාරයකට වැහි බින්දුවක් වැටුන වගෙයි.
"හෙට 5 ගෝල්ෆේස් එකේදි."මන් එයාට උත්තර බැන්දා.

#############

   හෙට දවස එනකන් මන් ඉවසිල්ලක් නැතුවයි හිටියෙ.
       මන් හරියටම 5 වෙනකොට ගෝල්ෆේස් එකට ගියා.මන් යනකොටත් බ්‍රයන් අයියා ඇවිත් හිටියා.එයා බැම්ම උඩ ඉදන් හිටියේ.එයාගෙ ලගින් ඉදගන්න කියල එයා මට අතින් සන් කලා.
"Thanks for coming."
"ඕක මොකක්ද?"
"කොහොමද ඉතින්."
"Good,are you comfortable with this place."
"Yep.i like here."
"ගොඩක් ඇවිත් තියෙන පාටයි.ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක."
"නෑ.යාලුවන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්සලත් එක්ක."
"හ්ම්ම්."."
"ආදරය කරන කෙනත් එක්ක ආවෙ පලවෙනි වතාවට."
       බ්‍රයන් අයියගෙ වචනෙන් මගේ ඇස් ලොකු වුනා.මගේ හදගැස්ම වැඩි වුනා.ඒක එලියටත් ඇහේවි කියන බයට මන් පපුව අතින් තද කරගත්තා.අමුතු අහින්සක ලස්සන බැල්මකින් අයියා මන් දිහා බැලුවා.ඒ බලල මගේ ඇස් දෙකට එබුනා.මන් මුකුත් නොකිය ඒ ඇස් දිහාම බලන් හිටියා.
"මන් ඔයාට ආදරෙයි."අයිය එක පාරටම කිව්වම මාව ගැස්සිලා ගියා.මේ ආත්මෙදි ලබපු ලොකුම සතුට මට ලැබුන වගෙ හැගීමකින් මගෙ හදවත පිරුනා.
"මාත් ඔයාට ආදරෙයි අයිය."මාත් එයාගෙ ඇස් දිහා බලාගෙනම හිමින් කිව්වා.
අපි දෙන්න ටික වෙලාවක අපි දිහ බලන් හිටිය.
"මන් ඔයාට දෙයක් ගෙනාව."අයියා අපේ නිහැඩියාව බිදලා එයාගේ සාක්කුවට අත දැම්ම.අත දාල ෆෝන් එකක් එලියට ගත්ත.
"එදා ෆෝන් එක කැඩුනනෙ.අපිට කතා කරන්නත් ඕනෙනෙ ඉතින්."?මට අයිය ගැන කියාගන්න බැරි හැගීමක් දැනුනා.එයා ඒක කිව්ව හුරතල් විදියට මන් ගොඩක් ආස කලා.

           සතියක්,මාසයක්,මාස දෙකක් ගෙවිල ගියා.මායි අයියයි සතියට දවසක් අනිවාර්යයෙන්ම මීට් වුනා.එයා මාව කොහේ හරි එක්කන් යනවයි කියල මට පොරොන්දු වෙලයි හිටියෙ.ඉතින් ඊලග බදාදා ඉස්කෝලේ නිවාඩු නිසා මන් එදාට යමු කියල අයියට කිව්ව.අයියත් කැමති වුනා.අගහරුවාද රෑ මන් අයියට කෝල් කලා.
  "අයියා අපි හෙට යනව නේද?"
"ඔව් මැණික අපි යමු."
"මට ඔයා නැතිව ඉන්න බෑ අයියා."
"මටත් බෑ මගේ සුදු මැනික නැතුව මොහොතක්වත් ඉන්න රත්තරන්."
      අපි ආදර බස් කිය කිය ඉන්න අතරෙ අයිය එකපාරටම මගේ කාමරේට ආව.
"මල්ලි,ඉස්කෝලේ වැඩ නැද්ද තමුසෙට.කොයි වෙලෙත් ෆෝන් එකෙම එල්ලිලා පව් දෙනවා."
   මන් ඉක්මනට ෆෝන් එක කට් කරල පැත්තකට දැම්ම.අයිය මගේ කතන්දර පොතක් අරන් යන්න ගියා.
        ඊලග දවසෙ මන් තාත්තගෙන් අවසර අරන් බ්‍රයන් අයිය එන්න කිව්ව හොටෙල් එකට යන්න පිටත් වුනා.මන් යනකොට අයියත් ගෙදර හිටියා.
 
#############

මන් මීගමුවේ පාල්ම් විල්ලා හොටෙල් එකෙන් රූම් එකක් බුක් කලා.මගේ පැටියත් එක්ක අද දවසම සතුටින් ඉන්නයි මන් ප්ලෑන් කලේ.මල්ලි    වෙලාවට ආව.
    ආපු ගමන් කොල්ල මාව බදාගත්තා.අපි දෙන්න බදාගෙන ගොඩක් වෙලා හිටියා.ඊට පස්සෙ අපි අපේම ලෝකෙක තනිවුනා.

############

    මායි අයියයි හුරතල් වෙවී ඉන්නකොට එක පාරටම රූම් එකේ දොර ඇරුනා.දොරෙන් ඇතුලට ආවෙ මගෙ අයියයි පොලොස් ඇදුම් ඇද ගත්ත දෙන්නෙකුයි.මගෙ ඇගම හීතල වෙල ගියා.අයියා මට ගහගෙන ගහගෙන ගියා.බ්‍රයන් අයිය මාව බේරගන්න පැන්නම තුන්දෙනාම එකතු වෙලා බ්‍රයන් අයියට ගැහුවා.මන් හයියෙන් හඩන ගමන් කෑගැහුව ඩ්‍යාව අතාරින්න කියල.ඒත් වැඩක් උනේ නෑ.අයියා මාව ඇදගෙන එලියට අරන් ගියා.බ්‍රයන් අයිය තාම ඇතුලෙ.මන් හයියෙන් අයියට කතා කලා.මගේ හදවත කීතු කීතු වලට ඉරුන වගේ         අයියා මගේ ලැප්ටොප්,ෆෝන් සේරම අරගත්ත.මට බ්‍රයන් අයියත් එක්ක කතා කරන්න කිසිම විදියක් තිබුනේ නෑ.

##############


   මල්ලිව අරන් ගියාට පස්සෙ ඒ නරුමයොඉ මට හොදටම ගැහුවා.මගේ හිතේ තිබිච්ච එකම බය වුනේ මල්ලිට මොකක් හරි කරදරයක් වෙයි කියලයි.මට ගහල ගහල උන් මාව නිදහස් කරන්න නම් රුපියල් 500 000 දෙන්න කියල කිව්ව.මේ අවස්තාවෙ එච්චර ලොකු ගානක් මගේ අතෙ තිබුනෙ නෑ.මන් ටික දවසක් ඉල්ලුවම උන් මට සතියක් කල් දුන්න.ඊට පස්සෙ උන් මාව එහෙම්ම දාල ගියා.මෙයල පොලීසියෙද කියල මට සැකයක් ඇති වුනත් මගේ වැරදි පියවරකින් මල්ලිට කරදරයක් වෙයි කියන බයට මන් මුකුත් කලේ නෑ.
       මන් කන්නාඩියෙන් බැලුවාම මට මාවම අදුරගන්න බැරි වුනා.මූන හැමතැනම රතු වෙලා තඩිස්සි වෙලා තිබුනා.ඊලග දව්සෙ වැඩට ගියාම මගේ පෙනුම දැකලා,මන් වගෙ පුද්ගලයන් හොටෙල් එකේ ඉන්න එකෙන් හොටෙල් එකට හොද නෑ කියලා මාව රස්සාවෙනුත් අස් කලා.
         මට විහගව කොහොමහරි මගෙ කරගන්න ඕනෙ වුන නිසා මන් සල්ලි හොයන්න පිටකොටුවෙ මුට්ට අදින්න ගියෙ වෙන රස්සවක් හොයල නාස්ති කරන්න කාලයක් නැති නිසයි.මුට්ට බාන අතරම මන් රස්සා කිහිපයකට අයැදුම් කලා.මන් මගේ බැන්කු පොතේ තියෙන ලක්ශ තුනත් අරගත්ත.ලක්ශ දෙකක ලෝන් එකකුත් අරගත්ත.ඒකෙ සල්ලි ලැබෙන්න සතියක් යනවයි කිව්ව.
      මන් ලග තිබුන සල්ලි සේරම අරන් ගිහින් පොලිස් කාරයෝ දෙන්නට දුන්න.නමුත් එතන අඩුයි කියල එයාලා මට හොදටම ගැහුවා.මගේ ඔලුව පැලිලා ලේ එන්න පටන් ගත්තා.ඒත් උන් ගහන එක නැවැත්වූයේ නෑ.,මන් පණ නැතුව ඇදන් වැටුනා.මගේ පපුව හිරවෙනව වගෙ මට දැනුනා.
"විහග"
##################

"වත්තල ඇලකන්ද ප්‍රදේශයේ තරුන මල සිරුරක් හමු වී ඇත.ඔහු නමින් බ්‍රයන් නමැති 26 වියැති......"
    රූපවාහිනියේ හඩ ඇහුන මගේ උගුර හිර වෙනවා වගෙයි මට දැනුනෙ.මගේ ඇස් කදුලින් තෙත් වෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ.එහෙම්ම කාමරයට දිව්ව මන් මහ හයියෙන් දොර වහල දාල ඇදට පැන්නා.
      මගේ අයියා,බ්‍රයන් අයියා.දෙයියනේ.මොකක්ද මේ වුනේ..
             සතියක් විතර ගෙවිල ගියා.මන් ඇවිදින මලකදක් වගෙ වෙලා තිබුනා. මගේ කාමරෙන් මන් එලියට ගියේ අත්‍යවශ්‍ය වැඩකට විතරයි.මගේම අයිය කරපු ඒ අපරාදෙට මන් එයාට කවදාවත් සමාව දෙන්නෙ නෑ.මගේ බ්‍රයන්ව  මරාගත්ත.
          ගෙදර දොරේ බෙල් එක වැදුන.මන් ඔලොව ට්කක් එලියට දාලා බැලුවා.ඇවිත් හිටීයේ පොලීසියෙන්.
"බ්‍රයන් පෙරේරගේ මරනය සම්බන්ධයෙන් මෙයාව අපි ඇරස්‍ට් කරනවා."එයාල අයියව අරන් ගියා.
"බලාගමු පස්සෙ."අයියා මට ඔරවල කිව්වා.
"I loved him.you deserve this.go to hell.i loved him and you killed him."මන් එහෙම්ම බිම දණගහගත්ත.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7217
Member Since : 2015-09-05

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-15, 3:41 pm
     මේ කතාව මගේම එකක් නෙවෙයි.මන් මේක ලිව්වෙ mtv webbed season 2 එකේ ගිය forbidden love කියන කතාව ඇසුරින්.මේක ඒකට වඩා චුට්ටක් විතර වෙනස්.
     [You must be registered and logged in to see this link.]
මේ ලින්ක් එකට ගිහින් බැලුවොත් ඔයාලට පුලුවන් ඒ කතාව රස විදින්න.මගේ කතාවට වඩා ඒක ගොඩාක් ලස්සනයි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-15, 6:16 pm
ම්ම්ම්ම්ම්
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6463
Member Since : 2016-07-07

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-16, 1:32 am
ඇයි එහෙම වෙන්නෙ...බය හිතෙනව.. අපේ අයිය දැන ගත්තොත් මං ඔහොමවත් ඉතුරු වෙන එකක් නෑ. pale pale pale
 කතාව ලස්සනයි මල්ලියො thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-16, 4:59 am
කියන්න වචන නැහැ. සහොදරයා උනත් සාප ඉල්ලන්න ඕනෙ කරලා තියෙන පහර වැඩේට​.
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6160
Member Since : 2016-07-09

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-26, 7:48 am
mmm....... apita apema kiyala lokayak thibunam...
Sadarufdo1
Sadarufdo1
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 5573
Member Since : 2016-10-30

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

2016-10-30, 11:17 pm
Woow mara lassanai
Sponsored content

*තහනම් ආදරය* Empty Re: *තහනම් ආදරය*

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum