- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6495
Member Since : 2016-07-07
සොයමි නුඹ කවුරුන් වැනී..,
2017-01-11, 9:38 pm
අකල් මහ වැසි ඇද හැලී
පොද වැස්ස විත් තෙමි තෙමී
දුර ඈත අහසේ ඇඳී
තිබෙන දේදුන්නක් වැනී...
මතකයන් පිටු ඉරි ඉරී
සොයන්නට මට නොහැකිවී
නැගුණ සුසුමන් පාවෙවී
ගලා යයි පපුතුර වෙලී...
සිතේ ඇති දහසක් වැකී
මැකී යයි හැඟුමන් බිදී
නුඹෙ දෙනෙත් යුග පෙනි පෙනී
සොයමි නුඹ කවුරුන් වැනී...
පොද වැස්ස විත් තෙමි තෙමී
දුර ඈත අහසේ ඇඳී
තිබෙන දේදුන්නක් වැනී...
මතකයන් පිටු ඉරි ඉරී
සොයන්නට මට නොහැකිවී
නැගුණ සුසුමන් පාවෙවී
ගලා යයි පපුතුර වෙලී...
සිතේ ඇති දහසක් වැකී
මැකී යයි හැඟුමන් බිදී
නුඹෙ දෙනෙත් යුග පෙනි පෙනී
සොයමි නුඹ කවුරුන් වැනී...
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10676
Member Since : 2013-08-11
Re: සොයමි නුඹ කවුරුන් වැනී..,
2017-01-11, 11:25 pm
නොකියම ඇවිදින් නොකියම යනවිට
මේ හිත හොයනා පුරුදු රුවින්
කවි දහසක් ලිය මියෙන්න හිතුනා
නුඹ පෙම්කල එක කවක් ලගින්
සැනසුම නුඹ දුර ඈතක අරගෙන
මං මාවත් වල දමා ගිහින්
පෙම් හිත බිදී තැන් තවම මතක් කර
දැක්කම දුක දැනුනා සැකවින්
තාමත් තහනම් වූ ඒ පෙම්හිත
මතක් කරනවිට හිත් ගැඹුරින්
නොනිදා මියෙන්න හිතුනා මට නුඹ
ඇස් දෙක යට සුරැකිව තියමින් .....
මේ හිත හොයනා පුරුදු රුවින්
කවි දහසක් ලිය මියෙන්න හිතුනා
නුඹ පෙම්කල එක කවක් ලගින්
සැනසුම නුඹ දුර ඈතක අරගෙන
මං මාවත් වල දමා ගිහින්
පෙම් හිත බිදී තැන් තවම මතක් කර
දැක්කම දුක දැනුනා සැකවින්
තාමත් තහනම් වූ ඒ පෙම්හිත
මතක් කරනවිට හිත් ගැඹුරින්
නොනිදා මියෙන්න හිතුනා මට නුඹ
ඇස් දෙක යට සුරැකිව තියමින් .....
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|