Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මතකයේ කතාවක්...

+14
kasun.lakmal
IceCool
prasadsadaruwan
NayanaThej
භානුක
ranveer
navod-induwara
Hitha Honda Kolla
Randeer
Sajith
Tylor
Yohan
jay.rishan
Jith
18 posters
Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-10, 9:20 am
ලෝකයේ ගොඩාක් ශිෂ්ඨාචාර වල තමන්ගේ ප්‍රධානියා හිරුගෙන් පැවතගෙන එන බව තමයි කියවෙන්නේ. 
දැන් තමා කතාව ටික ටික තේරෙන්නේ. නියමයි. ස්තූතියි Jith මල්ලී.


thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-10, 9:44 pm
ජිත් මචෝ ෆට්ට බං. දිගටම ලියන්න ලස්සනයි.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-12, 7:45 pm
Tylor.. 
Elakiri. That's the spirit. And thanks very much malli!  pride


Navod..
Thank you very much Saho!  pride pride




Ranveer..

Thank you very much Ranveer bro!  farao farao


Sajith..
Thank you very much aiya!  sunny sunny




HHK..
Thanks very much to you too macho!  king king
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-12, 7:51 pm
එයා කිව්වෙ අමුතු විදිහට හිමින්. මට ඒකට හිනා ගියා.
 
"අයියෙ එහෙම වෙන්නෙ කොහොමද? රා කියන්නෙ දෙවියෙක්නෙ. අනික, දෙවියෙක්? ඔයා හිතනවද......................" 
 
එයාගෙ මුහුණෙ මම විහිළුවක පෙනුමක් දැක්කෙ නෑ. එයා මගෙ දිහා බලන් හිටියෙ අවංක විදිහට. මගේ හිනාව එහෙමම නැවතුණා.
 
"නෑ. ඔයා එහෙම හිතන්නෙ නැහැ නේද?"
 
ශාන් අයියා පින්තූර පිළිවෙලට හදාගෙන කතා කරන්න ගත්තෙ හිමින්.
 
"ඒක තමයි මම කිව්වෙ මේ හැම දේකටම විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕනෙ කියලා. ඔයා පොඩ්ඩක් හිතන්න. අපිට සම්පූර්ණම අලුත් ඒ වගේම තේරුම් ගන්න අමාරු, නැත්නම් තේරුම් ගන්න බැරි දෙයක් අපිට හම්බුණාම අපි ඒකට කියන්නෙ මොකක්ද? ඒක අපිට මැජික් එකක්! නෙහ්? ඒ කාලෙ මිනිස්සුන්ටත් ඒ දේ එහෙම වෙන්න පුළුවන් නේද? සමහර විට මොකක් හරි දියුණු තාක්ෂණයක් තියෙන ශිෂ්ටාචාරෙක හිටපු කෙනෙක් ඊට ගොඩක් පහළ මිනිස්සු ටිකකට මුණ ගැහුණම ඒ කෙනා ඒ මිනිස්සුන්ට දෙවි කෙනෙක් වෙන එක වෙන්න පුළුවන් නේද? ඒත්...................... අනේ මන්දා.”
 
ශාන් අයියා උත්සාහ කළේ ඕනෙම පුරාවිද්‍යාඥයෙක් කරන විදිහට විද්‍යාවෙන් මිථ්‍යාව පැහැදිලි කරන්න. ඒත් ශාන් අයියගෙ විශ්වාසය, එයාටම විශ්වාස නැහැ කියන දේ මම එයාගෙ ඇස් දෙකෙන් දැක්කා.
 
“මෙතන කතාව මම ඔයාට කියන්නම්. ඔයාටත් තේරෙයි එතකොට සමහරවිට. මේ සම්පූර්ණ කතාවම ඒ සොහොන් ගේ ඇතුළෙ තිබ්බා. එක විදිහකින්............... එක විදිහකින් ඒක ආදර කතාවක් වගේ."
 
මම එයාගෙ ඇඳ උඩින් වාඩි වුණා. ශාන් අයියා ජනෙල් රෙද්ද පැත්තකට කරලා ඇවිත් මගෙ ළඟින් වාඩි වුණා.
 
"මම මේ කියන කාලෙ, ඒ කියන්නෙ හරියටම කියනවා නම් අවුරුදු 10,000 කට විතර කලින්, ඊජිප්තුව ලොකු ආක්‍රමණයකට මුහුණ දුන්නා. ඒක මෙහෙයෙව්වෙ...........”
 
ශාන් අයියා මගෙ දිහා බලාගෙන ටිකක් වෙලා එයාගෙ නළල අත ගාගත්තා.
 
“විශ්වාස කරන්න. ඒක මෙහෙයෙවලා තියෙන්නෙ සෙට්. ඔයා දන්නවනෙ ඒ කවුද කියලා.
 
දෙවිවරු සෙට්ගේ මේ ආක්‍රමණ නවත්තන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කළා. ඒ වෙලාවෙ රා, මනුස්සයෙක් විදිහට ගිහින් මුළු ඊජිප්තුවම එකතු කළා. රා සම්පූර්ණ ඊජිප්තුවම එකම හමුදාවක එකම කොඩියක් යටට අරගෙන ආවා. ඒ නායකයාට මිනිස්සු දුන්නා නමක්......... පාරාවෝ.
 
ඔයා මගෙන් අහපු දේ........... සූතෙන් සේ රා??? මට හරියටම විශ්වාස නෑ ඒත්, සමහර විට මේ දේ ඒකට මුල් වුණා වෙන්න පුළුවන් නේද කියලා මට හිතෙනවා.
 
රා ගෙ හමුදාව ප්‍රබලම එකක් වුණා. ඒ කියලා තිබුණ විදිහට නම්, ඒ වෙනකොට ඉරයි හඳයි යට දැකපු බලවත්ම නායකයා වුණේ රා. සෙට් ට ඒ වගේ හමුදාවක් ඉදිරියෙ දිනන්න ලැබුණෙ නැහැ. රා සෙට් ව අල්ල ගන්න කළින් සෙට් පැනලා ගියා. සෙට් පරාද වුණාට පස්සෙ රා නයිල් ගඟ ළඟ තමන්ගේ රාජධානිය හදා ගත්තා. එයා මිනිස්සු දුන්න නම, පාරාවො, විදිහට රා කියන නමින්ම ඒ රාජධානිය පාලනය කළා."
 
මම ශාන් අයියා දිහා බලාගෙන ලොකුම උවමනාවකින් ඒ කතාව අහගෙන හිටියා.
 
"රා ගෙ කාලෙ හැම අතින්ම හරිම ලස්සනම වගේම සාමකාමීම කාලයක් විදිහට තමයි සඳහන් වෙන්නෙ. ඒ කාලෙදි තමයි රා ට කෙනෙක්ව හම්බවෙන්නෙ.
 
‘හඳ එළියෙන් බිහිවුණ රණශූරයා’. එහෙමයි මිනිස්සු ඔහුව හැඳින්නුවෙ. රා ගෙ ආදරවන්තයා. අමූන්.”
 
ඒ නම මගේ මතකයේ ගැඹුරුම තැනකට කා වැදුන විදිහ මට දැනුනා. මගේ මතකයෙන්ම ඒ නම දෝංකාර දිදී මට ඇහුනෙ එක වතාවක් නෙවෙයි.
 
“මිනිස්සු හිතුව විදිහට අමූන් අමුතු හැකියාවන් තිබුණ කෙනෙක්. හරියට, කෙනෙක්ගෙ හිත් කියවන්න පුළුවන් වගේ.
 
අමූන්, රා ත් එක්ක එකතු වුණා. ඒ දෙන්නගෙ ආදර කතාවම ඔයාට මේ පින්තූර වලින් පෙනෙයි. ඒ දේවල් වලට නම් ගොඩක් මගෙ විස්තරේ ඕනෙ වෙන්නෙ නැහැ ඔයාට.”
 
ශාන් අයියගෙ අතේ තිබුණ එක එක පින්තූරෙ මම අතට ගත්තා. ඒවගෙ තිබුණෙ පිරිමි දෙන්නෙක් ඉන්න ඊජිප්තු රූප.
 
“ඒත්, මේ හැම දෙයක්ම ලස්සනට විදිහට ඉවර වුණේ නැහැ. සෙට් ආයෙමත් එයාගෙ ආක්‍රමණය සිද්ද කළා. මේ පාර ඒ ආක්‍රමණය කළින් හැම එකකටම වඩා බලවත් විදිහට වුණා. සෙට් ඒ ආක්‍රමණය පටන් ගත්තෙ සිනායි වලින්. දෙවිවරුන්ගෙයි මිනිස්සුන්ගෙයි බැඳීම සදහටම නැති කරන එක.......... ඒක තමයි සෙට් ගේ බලාපොරොත්තුව වුණේ. ඒ ජීවනයේ ගහ විනාශ කරලා."
 
ශාන් අයියා දුන්න පින්තූරයක ලොකු ගහක් තිබුණා. ඒ ගහේ තිබුනෙ අමුතුම හැඩයක්. ඒත් ඒ ගහේ ඇඳලා තිබුණ මල් වල හුරු පුරුදු බවක් මට දැනුණා.
 
"යුද්ධය ගොඩක්ම දරුණු වුණා. රා එක පැත්තකිනුත් අමූන් එක පැත්තකිනුත් විදිහට යුද්ධය දිනාගෙන සිනායි වලට ආවෙ. ඒත් සෙට් මේ හැම දේකටම ලෑස්ති වෙලයි හිටියෙ. මේ හැම දේම වෙන්නෙ සෙට් ට ඕනෙ විදිහට කියලා ඒ දෙන්නම දැනගෙන හිටියෙ නැහැ.
 
රා කළින්ම සිනායි වලට ආවා. රා පොරොන්දු වෙලා තිබුනා අමූන්ට, ඔහු එනකම් සෙට් එක්ක තනියම යුද්ධයට යන්නෙ නැහැ කියලා. ඒත් ඒ වෙනකොට සෙට් ජීවනයෙ ගසට පහර දෙන්න සූදානමෙන් හිටියෙ. රා ට ඒක බලාගෙන නිකන් ඉන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. රා සෙට් ගෙ හමුදාවත් එක්ක යුද්ධ කරගෙන ඉස්සරහටම ගියා. රා සෙට් එක්ක සටන් කළේ ජීවනයෙ ගහ මුලදි. ඒ වෙනකොට තමයි සෙට් ගෙ වෙලාව ආවෙ.
 
සෙට් දැනගෙන හිටියා ඒ දවසෙ වෙන්න තියෙන දෙයක් ගැන. ඒ තමයි හෙට වෙන්න තියෙන දේ මල්ලි. ඉරත් ග්‍රහයො නවදෙනත්  එකම පිහිටීමකට එන දවස."
 
ශාන් අයියගෙ ළඟ පින්තූරෙක ඒ දේ පෙන්නන රූපයක් තිබුණා. මම එයා දිහා බැලුවෙ පුදුමයෙන්.
 
"සෙට් දැනගෙන හිටියා එදාට රා ට තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. මේක තමයි සෙට් ගෙ සම්පූර්ණ සැලැස්ම වෙලා තිබුණෙ. ඒ දවස වෙනකොට හරියටම රා ව තනි කරලා තමන් ළඟට ගෙන්න ගන්න එක.
 
මේ දේ දැනන් හිටපු තවත් කෙනෙක් හිටියා. ඒ තමයි අමූන්. අමූන්ට මේක රා ට කියන්න ඕනෙ වුණේ නැහැ. ඒ නිසයි අමූන්, රා ව පොරොන්දු කර ගත්තෙ සෙට් එක්ක තනියම යුද්ධයට නොයන්න.
 
ඒත් අමූන් එද්දි පරක්කු වැඩි වුණා. තමන්ගෙ ඇස් ඉස්සරහම රා ව මරලා දාන විදිහ අමූන්ට දකින්න වුණා. සෙට් ගෙ සැලැස්ම හරි ගියා. ඒත් අමූන් එක්ක සටන් කරන්න සෙට් නැවතුණෙ නැහැ. අමූන් සෙට් පස්සෙන් ගියා නම් සෙට් ව ඒ වෙලාවෙම පරාද කරලා දාන්න අමූන්ට පුළුවන් කම තිබුණා. ඒත් අමූන් ගියෙ රා ළඟට.
 
රා ට තිබුණෙ තව පොඩි වෙලාවක් විතරයි. ඒත් අමූන්ට රා ට යන්න දෙන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. අමූන් ජීවනයෙ ගහ ළඟදි ඔසයිරිස් ගෙන් ඉල්ලීමක් කළා, රා ට ආපහු ජීවිතය දෙන්න. ඒත් ඔසයිරිස්ට ඒ දේට පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඔසයිරිස් ජීවනයෙ ගහෙන් 'අන්ක්' එක, නැත්නම් ජීවනයෙ සංකේතය අරගෙන අමූන්ට දුන්නා. එතනදි රා ගෙ බලයත් අමූන් ගෙ බලයත් එකතු වුණා. රා ට මේ ලෝකෙ දාලා යන්න සිද්ධ වුණා. ඒත් ඔසයිරිස් පොරොන්දු වුණා, කවදා හරි දවසක රා අමූන්ට ආයෙමත් මුණ ගැහෙනවා කියන එක."
 
මගෙ අතට තවත් පින්තූරයක් දීලා ශාන් අයියා බලාගෙන හිටියා.
 
"මේ ඉන්නෙ අමූන්. අමූන් එතන ඉඳන් හැඳින්නුවෙ 'අමූන් රා' කියලා. අමූන් සෙට්ව පරාද කරනකම් කිසිම නතර වීමක් නැතුවම යුද්ධ කළා. එතන රූප සටහන් වල තිබුණ විදිහට නම් තමන්ට බාධාවක් වුණ කඳු වුණත් බිමට දාන්න අමූන් දෙපාරක් හිතලා නැහැ.
 
අන්තිමේදි, ඔහු සාර්ථක වුණා. ඒත් ඒ හැමදෙයක්ම ඉවර වෙනකොට සම්පූර්ණ ශිෂ්ටාචාරයක්ම වැළලිලා ගිහින් ඉවරයි.
 
ආදරේ නිසා කවුරුත් වෙනස් වෙනවා කියනවනෙ මල්ලි. අමූන් ගෙ හිතේ තිබුණ එකම දේ රා ව උදුර ගත්ත එකේ පළිය ගන්න එක. එතනදි අනික් කිසිම දෙයක් අමූන්ට වැදගත් වුණේ නැහැ.
 
රා ගෙ මේ සොහොන් ගෙය අමූන් හැදෙව්වෙ ඒ ආදරේ වෙනුවෙන්. එතනට පාර කියන්නෙ එයාලගෙ ආදරේ කියලයි මෙතන කියලා තිබුණෙ. තවත් පුදුම දෙයක්. මේ සොහොනෙ රා ගෙ මමිය තිබුණ තැනට උඩින් තිබුණා පොඩි විවරයක්. ඔයා දන්නවද? රෑට ඒ විවරයෙන් හරියටම 'අමූන්' කියලා පරණ මිනිස්සු කියපු තරු රටාව විතරක් අහසෙ තියෙනවා පේනවා. ඉතින් මම කොහොමද මල්ලි මේ දේවල් නිකන්ම අමතක කරන්නෙ.”
 
ඒ තරු රටාව තිබුණ තවත් පින්තූරයක් මම දැක්කා. දෙවියනේ මේක වෙන්නෙ කොහොමද? මේ තරු රටාව නෙවේද මගෙ හීනෙදි ඔහුට ගලපලා දුන්නෙ?
 
ශාන් අයියා ආයෙමත් කතා කරගෙන ගියා.
 
"තමන්ගේ ආදරවන්තයා නැතුව අමූන්ට කිසිම දෙයකින් කිසිම සතුටක් ආයෙමත් ලෝකයෙ හොයා ගන්න බැරි වුණා. ඒ නිසා අමූන් ඒ හැම දෙයක්ම අත ඇරලා රා ව නැතිවුණු ජීවනයෙ ගහ ළඟට ආයෙමත් ගියා කියලා තමයි අන්තිමට මේ රූපාක්ෂර වලින් කියලා තියෙන්නේ."
 
අනික් පැත්තට හැරිලා ශාන් අයියා බෑග් එක උස්සලා මොනවා හරි දෙයක් හෙව්වා.
 
"මෙන්න මේක."
 
එයා ගත්තෙ වෙනම තිබුණ පින්තූරයක්.
 
"මේ දේ තවම මේ කතාවට ගැලපෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නැහැ. ඒත් මේ දේ තමයි අන්තිම දේ විදිහට තිබුණෙ.“
 
ඒ තිබුණ රූපාක්ෂර දිහා මම බැලුවත් ඒ දේවල් වලින් මට කිසි දෙයක් තේරුණේ නැහැ.

"මොකක්ද මේක කියන්නෙ?"
 
"කොන්සු ළඟදි මුණ ගැහෙන සදාකාලික ආදරය."
 
එක එක රූපාක්ෂරයට ඇඟිල්ල තියන ගමන් ශාන් අයියා කිව්වා.
 
"කොන්සු කියලා කියන්නෙ මල්ලි.............."
 
"හඳ??"
 
මම කියනකොට ශාන් අයියා හිනා වෙලා ඔළුව හෙලෙව්වා. ඒ දේ තේරුම ශාන් අයියට නොතේරෙන්න ඇති. ඒත් මට ඒ හැමදේම හොඳින් පැහැදිලියි.
 
ශාන් අයියා ඒ පුදුමාකාරම කතාව එතනින් ඒ විදිහට ඉවර කළා. ඒ කතාවෙ හැම දෙයක් අතරෙම මම පොඩි වෙලාවක් අතරමං වෙලා හිටියා. මට දැනුණෙ පුදුම අසරණකමක්. මට කියා ගන්න කිසිම දෙයක් ඒ වෙලාවෙ හිතට ආවෙ නැහැ. ඒත් මේ වෙලාව මේ විදිහට වෙන්න හොඳ වෙලාවක් නෙවෙයි.
 
"පිස්සු හැදෙනවා නෙහ්?" ශාන් අයියා මගෙ උරිස්සට තට්ටුවක් දාද්දි මම ආයෙමත් පුරුදු තත්ත්වෙට ආවා. මම එයත් එක්ක හිනා වෙලා ආයෙමත් ඒ පින්තූර එයාගෙ අතට දුන්නා.
 
"එහෙමම නැහැ. ඔයාවත් දැන් ෆේමස් වෙයි." ශාන් අයියා ඒකට සද්දෙට හිනා වුණා.
 
"ඔව් ඔව්. නැතුව. මම වෙනත් විදිහකටත් ෆේමස් වෙයිද දන්නේ නෑ.” ශාන් අයියා හිනා වෙලා ඇහැක් ගැහුවා.
 
“මේවා ඔක්කොම අරන් අපි එහෙ කයිරෝ වල කෞතුකාගාරෙට භාර දෙන්න ඕනෙ. ඒත් ප්‍රොෆෙසර් මේ පැපයිරස් එක මට ළඟම තියාගන්න කිව්වා තව ටික කාලයක්. ඔයා නම් මාරම වාසනාවන්තයි. නැත්නම් මේක ඇත්තටම බලාගන්න වෙන්නෙ ඔයාට කවදා හරි ඊජිප්තුවට ගිය දවසකටම තමයි."
 
මට ශාන් අයියා එක්ක තව පොඩ්ඩක් කතා කරන්න හිතුණත් ඒ දේට තවත් හිත දුන්නෙ නැහැ. සමහරවිට එයාට මහන්සිත් ඇති. ඒ වගේම මට තවත් දේවල් ටිකක් විසඳගන්න තනියම කල්පනා කරන්නත් ඕනෙ.
 
මම ශාන් අයියට සමු දීලා එහෙන් ආවෙ තවත් ටික වෙලාවකට පස්සෙ. පාර දිගේ එනකම් එයා මට කිව්ව දේවල් මට ආයෙමත් මතක් වුණා. මේ හැම දෙයක්ම වෙන වෙනම අපි දෙන්නට වුණත් ඒ දේවල් ගැලපුණේ පුදුමාකාර විදිහකට. හරියට, වෙනම තැන් වල වෙන වෙනම හදලා එකතු කරපු විශිෂ්ට අවසාන නිර්මාණයක් වගේ. එත් තවමත් මේකෙ මගේ සම්බන්ධය මට හරියටම පැහැදිලි වුණේ නැහැ. පැහැදිලි වුණත් මම කොහොමද ඒ දේ එහෙම හිතන්නෙ?
 
"මම? රා??"
 
බෙල්ලෙ තිබුණ මුද්ද මම හිමින් අතට ගත්තා. ඒ තියෙන්නෙ රා ගෙ ඇස. ඒත් මම කරන්න තිබුණ දේ ගැන තවමත් මට අවබෝධයක් තිබුණෙ නැහැ.
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6215
Member Since : 2016-01-07

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-13, 6:39 pm
fatta
supiri
awesome 

bro dan nam kathawa godak durata okkomalata pehedili wela ethi kiyala man hithanawa 

oyage writing style eka nam awesome bro 

mata nam kathawa mewila penawa
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7261
Member Since : 2015-09-05

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-16, 11:03 am
"කතාවෙ හැම දෙයක් අතරෙම මම පොඩි වෙලාවක් අතරමං වෙලා හිටියා"

මූවී එකක් බලනවා වගෙයි ජීත් අයියා.මං නිකං පුරාණ ඊජිප්තුවේ හිටියා වගෙයි දැනෙන්නේ ..කියන්න වචන නෑ,,මාරයි..මාරම ලස්සනයි. ඊලග කොටස් එනකන් නම් ඉවසන් ඉන්නත් බැහැ වගෙයි ..ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන,විශිෂ්ට කතාවක් අපිට ලියනවට..උම්මහ්
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-17, 10:04 pm
Ranveer. Thank you very much bro. This REALLY means MORE THAN a lot to me. And also knowing a good and interested fan of a civilization which I adore the most is really an inexpressible happiness.  pride pride 


Jay Rishan, 
මොනවා නැතත් මල්ලි, උම්මා එක නම් ග්ලෑඩ්ලි ඇක්සෙප්ටඩ්.  kiss
Thank you very much ලියපු දවසෙ ඉඳන්ම කතාව කියෙව්වට මල්ලි. ඒ දේ වචන වලින් කියන්න ඇත්තටම අමාරුයි. ඔයාගෙ කතාවත් ඉක්මණට ලියන්න එක්සෑම් එකෙන් පස්සෙ. ආසාවෙන් බලන් ඉන්නවා ඒ කතාවත් කියවන්න.

Thank you very much PM කරන හැමෝටමයි කතාව කියවන හැමෝටමයිත් ඉතින්.  pride pride pride

ලැබුවාවූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!  sunny pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-17, 10:12 pm
මුළු අහසෙම තිබුණෙ රතු පාටක්. එහෙම වෙන්නෙ ඇයි කියන එකට හේතුව මට පැහැදිලි වුණේ නැහැ. තවත් අසරුවෙක්ට පහර දුන්නු මම ආයෙමත් වතාවක් හැරිලා බැලුවෙ මගෙ හමුදාව දිහා.
 
මගේ ධජය හැම දෙයකින්ම උඩින් තවමත් නැගිලා තියෙන විදිහ මට පෙනුනා. ඒ ජයග්‍රහණය විශිෂ්ට එකක් වෙන්න ඇති. ඒත්............. නැති වීම???
 
මම හිතින් සෙට් ට ශාප කළා. කළින් වතාවෙ මට මේ දේ ඉවරයක් කරන්නයි තිබුණෙ. ඒත් මගේ හමුදාව සෙට්ගෙ හමුදාව පරාජය කරමින් හිටියා.
 
"රා! උතුමාණෙනි!!"
 
මගේ පිටිපස්සෙන් ඇහුනෙ සේනාපතිගේ කටහඬ. ඔහු මගේ ළඟට වේගයෙන් අශ්වයා මෙහෙයෙව්වෙ තවත් කීප දෙනෙක් ඔහුගෙ කඩුවෙන් බිම දමලා.
 
"අපි පරක්කුයි. සෙට් ජීවනයෙ ගහට පහර දෙන්නයි හදන්නෙ."
 
ඒ වචන පිටවෙද්දි ඔහුගෙ මුළු ඇඟම වෙවුලලා ගිය විදිහ මම දැක්කා. ඔවුන්ට දෙවියන්ගෙ තියෙන වටිනාකම මම දන්නවා.
 
"අමූන් ආවද?"
 
මම ඔහුගෙන් ඇහුවෙ තත්ත්වයෙ බරපතල කම වැඩි වෙනවා බලන් ඉන්න බැරිම තැන. ඔහු ඔළුව දෙපැත්තට හෙලෙව්වා.
 
"අමූන් උතුමාණන් දකුණින් එනවා. පූජනීය නගරයට එන්න එතුමාට ටික වෙලාවක් යයි. උතුමාණෙනි, අපි මොකක්ද කරන්නෙ?"
 
ඔහුගෙ කටහඬේ තිබුණ බය, ගෞරවය මට තේරෙනවා. හමුදාව ජයග්‍රහණය කරමින් තිබුණත් මට තියෙන විකල්ප හරිම පටුයි. මම මගේ තීරණයට ආවා.
 
මට සමාවෙන්න අමූන්. ඔයා මගෙ ආරක්ෂකයා වුණත් මම මේ මිනිස්සුන්ගෙ ආරක්ෂකයා. මේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවල ආරක්ෂකයා. බලාපොරොත්තුවක් නැති ජීවිත වලට අනාගතයක් නැහැ. මට මගෙ මිනිස්සුන්ව අත අරින්න බැහැ.
 
"කේමු." මම සේනාපතිට කතා කළා.
 
"සේනාව මෙහෙයවන්න. සතුරන්ට සිද්ධස්ථානය ඇතුළට එන්න දෙන්න එපා."
 
මම ඔහුට මගේ විධානය දීලා අශ්වයා සිද්ධස්ථානය පැත්තට හැරෙව්වා.
                     
"සෙට් මගේ."
 
මම යුද්ධය මැදින් මගේ අශ්වයා ඉදිරියටම මෙහෙයෙව්වෙ උපරිම වේගයෙන්. කිසිම හමුදාවකට මාව නවත්තන්න පුලුවන්කමකුත් නැති වෙයි. මගේ කඩුවෙ වේගයට බිම වැටුණ සතුරන් ගැන මම තවත් වධ වෙන්න නැවතුණේ නැහැ. ඒ වේගයෙන්ම මම සිද්ධස්ථානයට ඇතුළු වුණා.
 
මුළු සිද්ධස්ථානයෙම තිබුණෙ පාළුවක්. යුද්ධයෙ කිසිම සද්දයක් මට සිද්ධස්ථානය ඇතුළෙන් ඇහුණෙ නැහැ. ඒත් සිද්ධස්ථානය පුරා තිබුන පූජකයන්ගේ සිරුරු, යුද්ධය එතනට ඇවිත් තිබුණ විදිහ මට පෙන්නලා දුන්නා.
 
මගේ කඩුව අරගෙන මම හිමින් ඉස්සරහට ගියෙ අශ්වයාගෙන් බැහැලා. දේවස්ථානය මැද මිදුලෙ ජීවනයේ ගස තිබුණා. තවමත් කිසිම කරදරයක් නැතුව, අහස තරම් උසට. ඒ සුදු පාට මල් වල සුවඳ මගේ වටේ ගිය විදිහ මට දැනුණා. ඒත් කිසිම තැනක සෙට් දකින්න හිටියෙ නැහැ.
 
"රා!"
 
ඒ කෑ ගැහුවෙ සෙට්. පරාජය ඇස් ඉස්සරහා තිබුණත් ඔහුගෙ කටහඬේ තිබුණෙ ජයග්‍රහණයක් නෙවේද? මම මගෙ කඩුව සෙට් ගෙ පැත්තට දික් කළා.
 
“අපි ඉන්නේ යටත් කරන්න නෙවෙයි සෙට්. ආරක්ෂා කරන්න.”
 
මම ඔහුත් එක්ක සටනට සූදානම් වුණා. නමුත් ඔහුගෙ මුහුණෙ තිබුණෙ දරුණුම හිනාවක්.
 
"බලය විතරක් නෙවෙයි රා. කපටිකමත් තියෙන්න ඕනෙ."
 
ඔහු කිව්වෙ ඔහුගෙ දෑ කැති කඩුව දෙපැත්තට වනන ගමන්. ඒ කියපු දේ තේරුම මොකක්ද? ඒත් මට ඒ දෙයින් වැඩක් නැහැ.
 
"යක්ෂයා! අද මේක මම ඉවරයක් කරලා දානවා. හැමදාටම!!"     
 
මම කෑ ගහගෙන ඔහුගෙ පැත්තට පැන්නෙ එකම පහරකින් ඔහුව පරාජය කරන්න. මගේ ශක්තිය මට විශ්වාසයි. මම මගේ බලවත්ම පහර ඔහුට එල්ල කළා.
 
ඒත්???? වුණේ කිසිම විදිහකට වෙන්න බැරි දෙයක්. සෙට් මගෙ කඩු පහර ඔහුගෙ කඩුවෙන් හරස් කළේ කිසිම අමාරුවකින් නෙවෙයි. ඔහුගෙ මුහුණෙ තිබුණ දරුණු හිනාව තව තවත් වැඩි වුණා. ඊළඟ මොහොතෙ මගෙ කඩුවට ඔහු එල්ල කරපු පහරෙන් මගෙ කඩුව විසි වෙලා ගියෙ මම නොහිතපු විදිහකට. ඔහුගෙ කඩුව ඊළඟ දෙයට සූදානම් වුණා.
 
මගේ අවසානය ගැන මට ඇතිවුණ හැඟීම අවසන් වෙන්නත් කළින් සෙට්ගෙ කඩුව මගෙ පපුව හරහා ගිය විදිහ මට දැනුණා.
 
සෙට්ගෙ උරහිසට උඩින් මම අන්තිම වතාවට බොඳ වුණ ඇස් දෙකෙන් දැක්කෙ ඔහුව. ඒ අමූන්! මගේ අමූන්!! ඔහුගෙ කෑ ගැසීම මට ඇහුණෙ ගොඩක් ඈතින් වගේ. සෙට්, මගෙ පපුවෙන් කඩුව ඇදලා ගත්ත විදිහ මට ආයෙමත් දැනුණා. මගෙ මුළු ඇඟම පණ නැතුව ගියෙ ඒ එක්කමයි. මම තවත් ටික වෙලාවක් ඒ විදිහටම ඉන්න හැදුවත් මාව ඉස්සරහට වැටෙනවා කියලා මට දැනුණා. ඒත් මම වැටුණෙ නැහැ. මම හිටියෙ අමූන්ගෙ තුරුළෙ.
 
අමූන් මගෙ මූණට එබිලා කතා කළත් මට ඔහුගෙ මූණ හරියට පෙනුණෙ නැහැ. අහසෙ තද රතු පාට තවමත් ඒ විදිහයි. මම අමූන්ගෙ මූණ ආයෙමත් බලාගන්න දුන්නෙ ලොකු උත්සාහයක්. ඒ හැම මොහොතකම, තවත් එකම එක වතාවක් ඔහුට මම කොයිතරම් ආදරෙයිද කියලා කියන්න මට ඕනේ වුණා. ඔහුගෙ කටහඬ මට ඇහුණත් ඒ කිසිම දෙයක් මට තේරුණේ නැහැ. අමූන්ගෙ අත් දෙකේ උණුසුම මට මගෙ කම්මුල් වලට දැනුණා. අන්තිම මොහොතෙත් ඒ උණුසුම විඳ ගන්න මම දැරුවෙ ලොකු උත්සාහයක්. 
 
අමූන්ගෙයි මගෙයි ලස්සනම මතක මට මැවිලා පෙනුණා. හැම තැනකම තිබ්බ ඒ මතකයන් ආයෙමත් මගෙ මතකයට ආවෙ පුදුම වේගයකින්. අමූන්ගේ කටහඬින් කියවුන මගේ ගීතය මට ආයෙමත් ඇහුණා.
 
"අමූන්. ආයෙමත් ඔයා ළඟට මට එන්න තියෙනවා නම්?"  
 
මම ඒ වෙලාවෙ අන්තිම වතාවට හිතුවෙ ඒ දේ. ඒත් එක පාරම කොහෙන්ද ඉඳන් ආව සුදු එළියක් එක්ක ඒ හැමදෙකින්ම මම ඈතට යන්න පටන් ගත්තා. ඒ සදාකාලික ආ'රු වෙතට යන්න මට ලැබුණ කැඳවීම. මට දැනුණෙ ලොකු සැහැල්ලුවක්. කිසිම වේදනාවක් මට දැනුණෙ නැහැ. මම ඒ ආලෝකයේ දිහාවට ඇවිදගෙන ගියා.
 
මට අමූන්ගෙ නොපැහැදිලි කෑ ගහන හඬ ඇහුණෙ ඈතින්. මම ආයෙමත් හැරිලා බැලුවත් ඔහුව මට පෙනුණෙ නැහැ. මට සමාවෙන්න අමූන්. මට යන්න ඕනෙ නැහැ. ඒත් ඒ කැඳවීම මට ඇවිත්. මම දැන් යන්න ඕනෙ.
 
ඒ ආලෝකයෙ දිහාවට මම ආයෙමත් හැරුණා. මට දකින්න ලැබුණෙ අමුතුම පුද්ගලයෙක්. ඒත් මම ඔහුව අඳුර ගත්තා.
 
"මම ලෑස්තියි........... ඔසයිරිස්."
 
ඒ මගේ හිතේ තිබුණ උත්තරය නෙවෙයි. ඒත් ඔහු මගෙත් එක්ක හිනා වුණේ පරණම මිත්‍රයෙක් වගේ. ඔහු මගෙ උරහිස්සකට අත තිබ්බා.
 
"මම මේ කියන දේ හොඳින් අහගන්න."

 

**********************************************


 
මම නින්දෙන් ඇහැරුණා. ආයෙමත් ඇස් වහගත්තම මට ඒ හැම වචනයක්ම, හැම උපදේශයක්ම මගෙ ඔළුව ඇතුළෙන් ආයෙමත් ඇහුණා. ඒ හැම දෙයක්ම දැන් හොඳින් මට පැහැදිලියි.
 
"ඔව්. මම දන්නවා මම කරන්න ඕනෙ දේ."
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7261
Member Since : 2015-09-05

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-17, 10:55 pm
හෙහේ,,උම්මා එකට දාහක් දෙන්නම්කෝ අයියා...
මේ කතාව කොච්වරටම රසවත්ද කියනවා නම් මං අද උදේ වරුවේ වැඩ හැම දෙයක්ම පැත්තකට දාලා පුරාණ ඊජිප්තුවයි,අතීතයයි,දෙවිවරු ගැනයි හෙව්වා.පුරාවිද්‍යාවට කොහොමත් මං ආසයි,,ඒත් මේ කතාව නිසා ඒ ආසාව දෙගුණ තෙගුණ වුණා...ඒකට ස්තූතියි ජීත් අයියා..ඔයාගේ මේ කතාව හරිම ජීවමානයි...ඒ චරිත ඇතුලේ මාත් ජීවත් වෙනවා වගෙයි...
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6118
Member Since : 2016-06-30

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 7:45 am
Hi jith,
This is an amazing story for us which able to grab knowledge of legends

Good luck and wish you all the best my brother
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6118
Member Since : 2016-06-30

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 7:47 am
Jay Rishan malli,
මැට්ටො දැන් පුරාවිද්‍යා ව ගැන ද විබාගෙට ලියන්නෙ .පොරොන්දුව කඩන්න බෑ..ගුටි දෙන්නෙ මමයි හිතූ අය්යයි ඔයාට
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9105
Member Since : 2013-05-05

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 6:57 pm
අනේ ජිතෝ... වස්තුවේ... පණ... මම දැන් මේක දැක්කේ... ලියපන් කොල්ලෝ... අදත් ලියපන් කෑල්ලක්... එක හුස්මට කියෙව්වා.. රයිඩර් හැගාර්ඩ් ලියපු පොතක් කියෙව්වා වගේ. පට්ටම පට්ට... දෙනවා මම අරූට හොරා කිස් එකක්...  kiss kiss kiss kiss kiss kiss kiss I love you I love you I love you I love you I love you bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6215
Member Since : 2016-01-07

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 7:51 pm
Jith Bro sorry kathawa kiyawanna poddak parakku unata 

thnk u oyage comment ekata bro 

oya Egypt visit ekak gihin thiyeda

man nam last year giya 

story eka nam patta bro aye katha dekak ne 

im really enjoying and loving it 

dan man oyage anek liyapu dewaluth hoyala kiyawanawa

u really got a talent on writing
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6118
Member Since : 2016-06-30

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 8:43 pm
Ranweer ,oya hari ..hariyatama hari mamath egypt stories hoyanna gattha yannath asawak awa ..meka nam niyama wadakarek neda ?hithata harima sathutak dannne..oyala denna nam matching couple ekak wagei..hariyata Amun and Ra wage he hee..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

2018-04-18, 11:08 pm
ජිත් සහෝ, ඇත්තටම ඔයා හපනෙක්ම තමයි. ඉතිහාසය ගැන නිර්මානශීලිව ලස්සනට පද හසුරමින් ආදරය පුරවමින් ලියන මේ කතාව පට්ටයි. දිගටම ලියන්න​. මේ කතාව හින්දා ඔයා කීපදෙනෙක්වම ඊජිප්තු යුගයට අරගෙනත් ගිහින්. මමත් ගිය සුමානයම හිටියෙ ඊජිප්තුවෙ. හැබැයි හිනෙන්. මම මිසරය​, පිරමිඩ්, ශිෂ්ඨාචාරය ආදි දෙවල් හොයලා බැලුවා. අපිව ඒ ගැන යොමු කෙරුවටත් ස්තුතියි. දිගටම ලියන්න සහෝ (දන්නවා ඉවරවෙනකම්ම ලියනවා කියලා ඒ උනත් පුරුද්දට ලියනවා මෙහෙම​).
Sponsored content

මතකයේ කතාවක්... - Page 3 Empty Re: මතකයේ කතාවක්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum