Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5803
Member Since : 2016-10-31

අදරණිය අබේ, Empty අදරණිය අබේ,

2019-12-09, 10:08 pm
[ltr]අදරණිය අබේ[/ltr]



උබව මුලින්ම දැක්කේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. එදාත් උබගෙ හිනාවට අද වගේම වහා වැටුනා හැබැයි මෙච්චර හිත නොසන්සුන් නැහැ. මේ අවුරුද්දෙත් උබව දැක්කම සත්තයි හිත වවන්නෙම නැතුව ගියා. රියසල් දවසෙ උබ බොටම් එක ගා ගෙන ඉස්සරට ඇවිත් කොහොමද කියලා හිනා වෙලා අහනකොට හදවතට අකුණක් ගැව්වා වගෙ උනා...


කොන්සර්ට් එකේ පලවෙනි දවසෙ උබ උන්නෙ මන් උන්න තැනටම ලගින්, සත්තයි කියන්න මට දැනුනා උබත් අපේ එකෙක් කියලා, එහෙම දැනුන උන් එහෙමම තාම වැරදිලාම නැහැ... මන් ආසයි උබත් එහෙම වෙනවා නම්.. අපි වගෙ එවුන් ආසයි කොහොමත් හිත් රවට්ට ගන්න. මට නිකන් දැනුනේ උබ පළවෙනි දවසේ මගෙ දිහා හොරැයින් බලනවා වගේ.. අපි හිටපු තැන කළුවර නිසාම කටත් පෙන්නෙ නැති හින්දම මමත් උබ දිහා අනන්ත පාරක් බලන්නැති. එ වෙලාවල් වලට උබත් මන් දිහා බලාන උන්නා වගේ " එහෙම නැත්තන් මට එහෙම හිතුනා..". උබ එතන හිටිය හැමොටම වැඩිය ලස්සනට මට පෙනුනෙ උබත් එක්ක ඇදට යන්න ආසාවකටම නෙවෙයි ඊට එහා දෙකට.

අනිත් එවුන්ට වගෙම අපිටත් හිතේ ඇදිච්ච රුපයක් තියෙනවා නෙ, කිව්වට විස්වස කරපන් උබ එ හිතේ ඇදිච්ච රුපෙට සියට දහකටත් එහා නැහැ....ලක්ශෙකටත් එහා, මන් එක ඉල්ලක්මින් කියන එක උබට කරන මදි කමක් අබේ.

උබ දන්නවා ද එතන මට අනුව නම් උබට වැඩිය ලස්සන එකෙක් හිටියෙම නැහැ....පලවෙනි දවසේ උබ කොන්සර්ට් එක ඉවර වෙනවත් එක්කම මිසින් .. කිව්වට විශ්වස කරපන් මන් උබව ස්ටෙජ් එක වටෙම හෙව්වේ නැහැ.. හෙතුව මන් යන එවුන්ව බලෙන් අල්ල ගන්නෙ නැති නිසා...


දෙවනි දවසෙ උදෙන්ම වගෙ මන් ආවා ස්ටෙජ් එකට උබ හිටියෙ නැහැ...ම්න් සුපුරුදු පරිදි වැඩ ටික කරන්න ගත්තා උබලාගෙ කොන්ටොල් පැනල් එක උඩ තියන්, ටිකක් දවල් වෙන්න ඇරලා උබ එනවා මගෙ දකුනු ඇහෙන් දැක්කත් මන් නොදැක්ක ගානට වැඩ කරා, උබ ඇවිල්ලා මට ඉස්සරයින් වාඩි උනා, හරි හරි බන් මන් දන්නව උබ එතන වාඩි නොවි කොහින් වාඩි වෙන්නද ...


අනේ මන්දා උබ කිහිප සැරයක්ම කොහොමද අහන්න වගෙ උඩ බැලූවා.. මන් නොදැක්ක ගානට හිටියා .. එ උබේ බැලුවේ මනුස්ස කමට වෙන්ම ඇති ... එහෙත් මන් නෙවෙයි උබ දිහා බැලුවේ .. මොනා කරන්නද අපිටත් තියෙනවා නෙ උපතින් හම්බ වෙච්චි ලොකු ලයින්.. එහෙම උබ වගෙ එකක් ට ලොකු ලයින් දාන්න තරම් ලස්සනක් නැති උනාට විශ්වස කරපන් මගෙ හෙන ලොකු තියෙන්නේ, ග්‍රින්ඩර් වගෙ ඇප් වල චැට් කරන කොල්ලොට මාත් එක්ක මල පනිනවා මන් දාන කැටයම් වලට. එතකොට උන් කියන්නෙ උබ දාන කැටයම් ලස්සන කොල්ලො ගාවත් නැහැ කියලා ... ඊට පස්සෙ මන් උබ දිහා බලලා කතා කලා .. ටිකක් කතා කරනකොට මන් ඇව්වා උබේන් මොකො ඊයෙ කොන්සර්ට් එක ඉවර වෙච්ච ගමන් මිසින් කියලා. මන් හිතුවේ උබ එකට උත්තරයක් දිලා ශෙප් වෙයි කියලා ..උබ කියපි ගමේ ගියා කියලා එක කියලා කොහිද කියලා කිව්වා, ඇව්වෙත් නැතුවම, අයෙ කියපි ඊලග දවස් දෙකම එක දිගට වැඩ කියලා ... කැරොල් එක තියෙනවා කියලත් උබ කිව්වා.. මන් ගොනා වගෙ උබෙන් ඇව්වෙ සින්දු කියන්නද ඉන්නේ කියලා.. උබ හෙන ලැජ්ජාශිලි හිනාවක් දැම්මේ එකටනම් ආසවේ බැහැ. මට තේරිච්ච විදියට නම් කොහොමත් උබේ ඔය ගැබුරු කට හඩින් ලස්සනට සින්දු කියන්න පුළුවන් ඇති.


කොහොම හරි දෙවනි දවසෙත් කොන්සට් එක පටන් ගත්තම දෙන්නම බීසි උනා උබව බලන්න ඔනි උනත් එන්න වුනේ නැහැ. හැබැයි උබ එතනට ආවා උබට එන්න ඔනි නැති වෙලත්.. අම්මපා කියන්නෙ මන් තාමත් හෙන බොළද විදියට හිතන්නෙ උබ මාව බලන්න ආවා කියලා. ඔය වගෙ පොඩි පොඩි දෙවල් ඇති බන් අපි වගෙ උන්ට දහසක් දෙවල් මාව ගන්න.

උබව නිකන් අනවශ්‍ය විදියට ටච් කලෙ වනචර කමට නෙවෙයි බන්... එදා දවසත් එ විදියට ඉවර උනාම හිතට පොඩි දුකක් ආවා.. දැන් යන්න වෙනවානෙ කියලා ... අන්තිමට උබලා ඔක්කොටොම තැන්ක්ස් කරන්න අත දීගෙන එනකොට විශ්වස කරපන් උබ මාර ශක්තිමත් විදියට අත දුන්න අනිත් හැම එකෙක්ටම වැඩිය. දැන් හිතන්න එපා තැන්ක්ස් කරගෙන ආවේ උබගෙ අත අල්ල ඔනි නිසාම කියලා ... මන් කොහොමත් ඒ වගේ හෙන ජෙනුයින් ...

කොහොම හරි

ලබන අවුරුද්දෙත් උබත් ඔතන හිටියොත් මාත් මෙතනම හිටියොත් අයෙත් පාරක් හරි අදරණිය විදියට හම්බවෙලා වෙන් වෙමු අබේ...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

අදරණිය අබේ, Empty Re: අදරණිය අබේ,

2019-12-10, 1:28 am
සුදෝ...සොරි සොරි...නිලෝ
omiomira
omiomira
Regular Member
Country : Sri Lanka
Posts : 62
GetReal Gold : 4131
Member Since : 2018-10-03

අදරණිය අබේ, Empty Re: අදරණිය අබේ,

2019-12-10, 9:49 am
kaekin site ekata ewilla

lassna kathawakuth daala 

eththa siddiyakda bro
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5803
Member Since : 2016-10-31

අදරණිය අබේ, Empty Re: අදරණිය අබේ,

2019-12-10, 10:12 am
@හිත හොද කොල්ල : කවුද සුදා / ඇයි සොරි / එතකොට කවුද නිලා  lmao lmao lmao lmao lmao lmao


omiomira : කාලෙකින් නෙවෙයි කොල්ලෝ හැමදාම සයිට් එකට එනවා  එහෙත් ඉස්සර තරම් නිදහසක් නැහැ වගේම වුමනවකුත් නැද්ද මන්ද . ලස්සන ද නම් දන්නේ නැහැ හැබැයි ඇත්ත  එකක් නම්  තාම 
Sponsored content

අදරණිය අබේ, Empty Re: අදරණිය අබේ,

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum