- SandeshRegular Member
- Mood :
City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 6029
Member Since : 2016-04-29
රිදුනු කවිකාරයා
2019-12-28, 6:11 am
හැඬුම්බර දෑස්
හැඟුම්බර සුසුම් පොදි
විඩාබර සියුමැලි හිත
නිමක් නැති සිතිවිලි
හිමිවූ මේ කවිකාරයා...
රිද්දගෙන සියුම් හිත
කඳුලු වදනට පණ දෙන
අද මිලිනව බලා සිටින
පෙර දින ඔබෙ
හද ගැස්මේ හිමිකරුවා...
හිරුට සඳුට උපමා
මලකට සිසිල් සුලඟට උපමා
ඔබේ පෙමට යෙදූ මා
විරහවටද යොදමි
ඔබත් අද මා ලඟ නැති දා...
කඳුලත් උහුලමි
සිතින් නොවැටෙමි
බලා හිඳින්නෙමි
මගේ කවිකම් සමඟ හදවත
ඔබේ නෙත ගැටෙනා තුරා...
හැඟුම්බර සුසුම් පොදි
විඩාබර සියුමැලි හිත
නිමක් නැති සිතිවිලි
හිමිවූ මේ කවිකාරයා...
රිද්දගෙන සියුම් හිත
කඳුලු වදනට පණ දෙන
අද මිලිනව බලා සිටින
පෙර දින ඔබෙ
හද ගැස්මේ හිමිකරුවා...
හිරුට සඳුට උපමා
මලකට සිසිල් සුලඟට උපමා
ඔබේ පෙමට යෙදූ මා
විරහවටද යොදමි
ඔබත් අද මා ලඟ නැති දා...
කඳුලත් උහුලමි
සිතින් නොවැටෙමි
බලා හිඳින්නෙමි
මගේ කවිකම් සමඟ හදවත
ඔබේ නෙත ගැටෙනා තුරා...
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5151
Member Since : 2018-01-24
Re: රිදුනු කවිකාරයා
2020-01-14, 8:45 pm
ලස්සනයි අයියේ
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|