Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 5995
Member Since : 2016-04-29

ජීවිතය දිනන්න Empty ජීවිතය දිනන්න

2021-08-19, 6:53 am
මේ කතාව නම් ටිකක් වෙනස්.හැබැයි මේක ඔයාලගේ ජීවිතයට අනිවාර්යෙන්ම වටිනාකමක් දෙයි.

දෙයක් කියන්නම්.නිස්කලංක තැනකට ගිහින් චුට්ටක් ආපහු හැරිලා ඔයාගේ අතීතේ මතක් කරගන්න.දැක්කද ඔයාට මොනවද මතක් වුනේ.එහෙම අහනවට වඩා හොඳයි ඔයාට මොනවද මතක් නොවුනේ.ඔයාට වැරදිච්ච තැන් ගොඩක් හරි හිත රිදුනු අවස්ථා ගොඩක් නේද.

දැන් ඉස්සරහට හැරිලා ඔයාගේ වර්ථමානයට එන්න.එහෙම මතක් කරද්දි ඔයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා නේද.ඒක නිකන් භාවනාවක් වගේ.කෙටි නිවාඩුවක් හරි දාලා නිදහස් තැනකට ගිහින් නිදහසේ තමන් ගැන හිතන්න.ඔයා දන්නවද මේ ලෝකේ වාසනාවන්තම පුද්ගලයා තමයි වැඩ අධිකම කෙනා.මොකද එයාලට වැරදුනු තැන් ගැන හිතලා දුක් වෙන්න වෙලාවක් නෑ.නිතරම වැඩ තියෙද්දි වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ.ඔයාලත් හිතට වද දෙන දෙයක් මතක් වෙනකොට මොනවහරි වැඩක් කරන්න.එතකොට හැමවෙලේම හිත නිදහස්.දරාගන්නම බැරි නම් කවුරැත් නැති තැනකට ගිහින් හොඳට අඬන්න.කාටවත් තමන් දුර්වලයි කියලා පෙන්නන්න එපා.අඬලා හිත නිදහස් කරගන්න.එහෙමත් බැරි නම් ඔයාගෙ දිනපොතක ලියන්න.පුලුවන් තරම් ඒවා පෞද්ගලික දේවල් කරගන්න.

මං දන්නවා ඔයාගේ හිත ගොඩක් ශක්තිමත්,අහිංසකයි,අවංකයි කියලා.තමන්ට කොච්චර තරහ ගියත් මං කියන්නේ ගොඩක් ඉවසන්න.ඉවසීම හොඳ ගුණාංගයක්.නිතරම තමන්ගේ දුක හංගන් ඉන්න.ඒක ඔයාව ශක්තිමත් කරනවා.

හොඳ කෙනෙක් වෙන්න ඉගෙන ගන්න.අවස්ථාවාදි වෙන්න එපා.ආත්මාර්ථකාමි වෙන්නත් එපා.සමාජයට බරක් වෙන්නත් එපා.ජීවිතය හරිම පුදුමාකාරයි.වෙනස් වන සුලුයි.අවිනිශ්චිතයි.මේ ලෝකේ ජීවත් වෙන්නත් ඉගෙන ගන්න ඕනි.හරිහමන් අධ්‍යාපනයක් ( ජීවිතේ ගැන ඉගෙනුමක් ) නැතුව ජීවත් වෙන්න බෑ.අතරමං වෙනවා.කියමනකුත් තියෙනවනේ 'දැන ගියොත් කතරගම.නොදැන ගියොත් අතරමඟ' කියලා.අත්දැකීම් කියන දේවල් ගොඩක් වටිනවා.මටත් අත්දැකීම් තියෙනවා.ඒවා එක්ක ජීවත් වෙනවා.මං ඉන්නේ වෙනම හීන ලෝකෙක.එහේ හරිම සුන්දරයි.හැමවෙලේම හීන දකින්න.ඒත් ඒ හීන ලෝකේ අතරමං වෙන්න එපා.

දෛවය අපිට එක එක දේවල් එක එක විදියට එක එක වෙලාවට ලබා දෙනවා.හිත කැමති සමහර දේවල් දෛවය ඔයාට ලබා දෙනවා නේද.ඒත් ඒ ඔයාට ඕන විදියට නෙවෙයිනේ.මොකක් හරි අඩුපාඩුවක් එක්කයි ඒවා දෙන්න‍ේ.අඩුපාඩු එක්ක අපි ජීවත් වෙන්න ඕන.නැත්තන් ඒ දේවල් අපි අතහරින්න ඕන.ලබා දුන්න සමහර දේවල් දෛවය ආපහු ගන්නවා නේද.ඒ කියන්නේ ඒවා ඔයාට අහිමි වෙනවා.

කමක් නෑ.ඒවා ඕන නෑ.නැතිවෙච්ච දෙන්.මම මට ඉතුරැ වෙලා ඉන්නවනේ.ඒවා ලැබීම්.නොලැබීම් ගැන කවදාවත් දුක් එපා.එකපාරක් හරි මං කියන දේ ගැන අහන්න ඔයාගේ ඔය රත්තරන් හිතට අවවාද කරන්න.ඔයාට හොඳ සිහිබුද්ධියක් තියෙනවා.ඔයා දක්ෂයි.දන්නවද ඔයාට දෙයක් නොලැබෙන්න‍ේ ඔයාගෙම හොඳටයි.ඔයාට හරි පාර පෙන්නන්නයි.දන්නවද වැරදි පාරක ගියොත් ඔයාට වෙනදේ.ඒක දෙවියන්ටවත් වලක්වන්න බෑ.හැබැයි ඔයා හරි පාරක ගියොත් වෙනදේ නම් හැමෝම දන්නවා.ඒ තමයි ඔයාගේ ජයග්‍රහණය,සාර්ථකත්වය,සතුට,නිදහස.මං දන්නවා මේක කියවන ඔයා තාම පාසල් යන කෙනෙක් හරි ගිහින් ඉවර කෙනෙක් හරි වෙන්නැති.මාව තේරැම් ගත්ත නම් ඔයා අනිවාර්යෙන් ජීවිතය තේරැම් ගන්නත් ඕන.

දුක කියන දේ ඔයාට දැනෙන්නේ ඔයා තදින් කාටහරි ආදරය කලොත් නේද.මතක තියාගන්න 'සරසවියේ ආදරය නැමැත් විෂය හැදෑරීමෙන් ලැබෙන උපාධිය දුක' කියලා.හබැයි මං මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා.මොකද මාත් ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් කියලා කලිනුත් කිව්වනේ.ආදරය කියන දේ සුන්දරයි තමයි.ඒත් ඒක ඇතුලේ තියෙන්නේ මහා භයානක දරැණු විෂ ගොඩක්.ආදරේ කරන්න.එපා කියන්න‍ේ නෑ.ඒත් ඉගෙනගන්න ජීවිතේ ඉස්සරහට යන කාලෙදි ආදරය හොයන්න උත්සහ කරන්න එපා.ඒක අවසානයේදී ලැබෙන ප්‍රතිඵල භයානකයි.ඔයාව මානසිකව කඩා වැටෙන්නත් පුලවන්.හදිස්සියේම ඔයා ආදරය කරන කෙනා ඔයාව දාලා ගියොත් නැත්නම් මඟ ඇරියොත් අන්න එතකොට ඔයාට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා නේද.බුදු හාමුදුරුවන් කියලා තියෙනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා.ආදරය විඳින්න ඕන මිස විඳවන්න නෙවෙයි තියෙන්නේ.

ඔයා වාසනාවන්තයි,ඔයා දින්නා කියලා හිතාගෙන පිට ඔපේට රැවටිලා ඔයාගේ හිතේ තියෙන ඔය රත්තරන් ආදරය කෙනෙක්ට ඉල්ලපු ගමන් දෙන්න එපා.දුන්න පලියට ගන්නත් එපා.එහෙම වුනොත් එයාලට ඒකේ වටිනාකමක් නැති වෙලා ඔයාව ගනන් ගන්නේ නැතුව යනවා.ඔයාගේ ආදරය කරදරයක් විදියටයි එයාලා තේරැම් ගන්නේ.මොකද ඔයා හිත පුරාම ආදරය කරනවනේ.එතකොට ඔයාට මැරෙන්න හිතෙනවා නේද.මේ ලෝකේ ඔයාට ඇත්තට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ඒ ඔයාගේ අම්මයි තාත්තයි විතරයි.තව කෙනෙක් ඉන්නවනම් එයා ආදරෙයි නම් ඔයාව හොයාගෙන ඔයාගේ ලඟටම එයි.ඉවසන්න.මේ කොහේද ඉඳලා ආපු කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ඔය වටිනා ජීවිතය නැතිකරගන්න එපා.

අධ්‍යාපනයක් නැතුව 'හුළඟට දෙපැත්තට වැනෙන ගහක් වෙන්න නම් එපා'.මොකද ඉගෙනීම ජීවිතේම කොටසක්.දිනන්න ඕන නම් උත්සහ කරන්න.උත්සහයේ තරමට ඔයාට ප්‍රතිඵල ලැබෙයි.සැලැස්මකට වැඩ කරන්න.ජයග්‍රහණය ඒකාන්තයි.හැමවෙලේම හරි පාරේ යන්න.චාම් විදියට ජීවත් වෙන්න.මං මේ දේවල් ඔයාට කියන්නේ මාත් දුක කියන දේ හොඳට දන්න හින්දයි.නමුත් මට හරි පාර ලැබුනා.මට ඕන ඔයාවත් ඒ හරි පාරට එකතු කරගන්නයි.මං මුලින් කිව්ව විදියට නිදහස් තැනකට ගිහින් ටිකක් බලං ඉන්න.එත් බැරි නම් හිතේ තියෙන ඒ දරාගන්න බැරි දුක අකුරට හරවන්න.විශ්වාසයි එතකොටනම් හිත නිදහස් වෙනවාමයි.පෞද්ගලිකත්වය රැකගන්න.ඔයාගේ හිත එහෙම කාටවත් කියවන්න දෙන්න බෑ.

දැන් ඔයා ජීවිතය ගැන දැනුමක්,කල්පනාවක්,අවබෝධයක් තියෙන කෙනෙක්.ඉතින් තවදුරටත් ඔයාගේ ජීවිතය අනිත් අයට පාලනය කරන්න නොදී ඔයාගේ අතට ගන්න.හිතාගන්න 'අද ඉඳන්,මේ දැන් ඉඳන් මම වෙනස් වෙලා හොඳට ඉගෙනගෙන හොඳ ජීවිතයක් ගතකරනවා' කියලා.මේ අරමුණ විතරක් මදි උත්සහය,කැපවීම,උනන්දුව,මහන්සියත් තියෙන්න ඕනී.

ඉතින් මම ආයේ එනකන් මේ දේවල් හිතට අරගෙන දිනන්න ඕනි ඔයා.මං කියන්නේ කවදාවත් ජීවිතේ අතරමං නම් වෙන්න එපා..

ආදරෙයි....!!

Hitha Honda Kolla, upekus and Tylor like this post

Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

ජීවිතය දිනන්න Empty Re: ජීවිතය දිනන්න

2021-08-20, 4:18 am
ඉතාමත්ම හොඳ ඔවදනක්. කාට හරි කෙනෙක්ට හිටගන්න උදව් කරන එක දේව ගතියක්. ඔයාටත් වරදින්නෙ නැහැ. Keep it up. hello hello hello hello hello
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum