- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4551
Member Since : 2018-05-13
මේඝ සිත්තම්.
2022-08-04, 9:07 pm
මේඝ සිත්තම්....
අදුරු සිතුවම් එලිය කරන්නට වෑයම් කරන සොදුරු ආලෝක ඝර්ජනා...
[You must be registered and logged in to see this link.]
අදුරු සිතුවම් එලිය කරන්නට වෑයම් කරන සොදුරු ආලෝක ඝර්ජනා...
[You must be registered and logged in to see this link.]
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4551
Member Since : 2018-05-13
Re: මේඝ සිත්තම්.
2022-08-05, 12:32 am
_01_
"අනේ මොනවද සිත්තම් ඔයා මේ කරන්නේ. ඔය විදිහට නොකා නොබී ඔරවගෙන ඉදලා ඔයා කාවද රිද්දන්න හදන්නේ. මාව ඔය විදිහට රිද්දන්න ඔයාට දුක නැද්ද සිත්තම්." මං ඇහුවේ සිත්තම් අසලින් ඇද මත ඉදගනිමිනුයි.
"ඔයා ඇයි මං කියන දේ තේරුම් ගන්නේ නැත්තේ මේඝ. මේ විදියට අපි තව කොච්චර කාලයක් ඉන්නද. අපි දෙන්නා දැන් යාලු වෙලා අවුරුදු පහ හමාරක් වෙනවා. ඒත් අපි දෙන්නට හරියට හම්බෙන්නවත් නිදහසක් නෑනේ. ඔයා සති දෙක තුනකට සැරයක් දුවගෙන එනවා, මෙතන මාවත් පෙරලගෙන නටලා නටලා ආයෙ දුවනව පස්ස කැඩිච්ච කඩියා වගේ. මං නිකන් හරියට ඔයාගෙ බඩුව වගේනෙ මේඝ. ඕනෙ වෙලාවට පෙරලගන්නවා, අමාරුව හොද කරගත්තම දුවනවා. මට මේක තිත්ත වෙලා තියෙන්නේ, ඇත්තමයි." සිත්තම් අවසන් වචන ටික පැවසුවේ කට හඩේ වූ සියුම් වෙව්ලීමකුත් සමගයි.
"අනේ ඇයි රත්තරන් ඔයා ඔහොම කතා කරන්නෙ. ඔයා දන්නවා අපිව අහු වුනොත් අපිට වෙනදේ. උන්‍ට හිතක් පපුවක් නෑ සිත්තම්. උන් අපිව හිරේ දායි, නැත්නම් වෙඩි තියලා දායි බල්ලෝ බලල්ලු ගානට. "
"ඉතින් ඒකනෙ දෙයියනේ මං ඔයාට මෙච්චරවත් කියන්නේ අපි මේ රට අත හැරලා දාලා යමු කියලා. ඔයා ඒකටත් අදි මදි කරනවනේ. මෙහෙම කොහොමද අපි අනාගතයක් ගැන හිතන්නේ."
" මං පොලිස්කාරයෙක් සිත්තම්. ඔයා කිව්වට මට බැහැ එක පාරට මේ යුනිෆෝම් එකයි බැජ් එකයි ගලවලා දාන්න. මට බැහැ ඔයාව අමාරුවේ දාන්න. අනිත් එක ඔයා දන්නවා අපේ පවුලේ අය මේ වගේ දෙයක් තේරුම්ගන්න පුලුවන් තරම් මානසිකත්වයක් තියෙන අය නෙවෙයි කියලා."
"ඒ ඔයා හිතාගෙන ඉන්න විදිය මේඝ. ඔයාගේ අම්මලා ඔයාට පණ ඇරලා. එයාලා ඔයා ගේ නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කිව්වත් පිලිගන්නවා. ඔයා තමයි මනස්ගාත ගැන හිත හිතා වද විදින්නේ."
"අනේ මං දන්නේ නෑ සිත්තම්. ඇයි අපිට තව ටිකක් කාලයක් මේ විදියට ඉන්න බැරි. මං කියනවට පොඩ්ඩක්.....
When the days are cold....
ඉමෑජින් ඩ්‍රැගන්ස් ඩීමන් ගීතය මගේ දුරකතනයෙන් නාද වෙන්න පටන් ගත්තේ මට ඇමතුමක් එන බව දන්වමිනුයි.
"තිලක් සර් ගන්නේ බබා. මට මේක ගන්නම වෙනවා."
"ඕනෙ මගුලක් කරගන්නවා." කියමින් සිත්තම් ඇදෙන් බැස ගියේ අසල තිබූ කලිසමත් ගත දවටා ගන්නා ගමනුයි.
මම ඇද රෙද්ද ඇද මගේ නිරුවත වසා ගන්නා ගමන් ඇමතුමට සම්බන්ධ වුණා.
"ගුඩ් ආෆ්ටර්නූන් තිලක් සර්."
"ගුඩ් ආෆ්ටර්නූන් මේඝ. මේඝ සමාවෙන්න ඕනෙ නිවාඩු දවසේ වද දෙනවට."
"අනේ එහෙම ප්‍රශ්නයක් නැහැ සර්. මොකක් හරි හදිසියක්ද?"
"ඔව්, මේඝට විශේෂ රාජකාරියක් භාර දෙන්නයි මං කතා කලේ. "
" ඔව් සර්. කියන්න."
" රත්වත්තේ අමාත්‍යතුමාගේ දුව එනවා අද ඇමරිකාවේ ඉදලා. මේඝට පුලුවන් නේද මැඩම්ව කටුනායක එයාර්පෝර්ට් එකෙන් අරගෙන එන්න."
"ඔව් සර්. මට පුලුවන්. කීයටද සර් මැඩම්ගේ ෆ්ලයිට් එක එන්නේ."
"ඔයා හවස 7 වෙද්දී එයාර්පෝට් එකේ ඉන්න ඕනෙ. මැඩම්ගේ ෆ්ලයිට් එක එන්නෙ 7.30 ට. හරියටම 7 වෙද්දී එතන ඉන්න. අමාත්‍යතුමාව තරහකරගන්න අපට අවශ්‍ය නෑනෙ."
"හොදමයි සර්. මං වෙලාවට එතනට යන්නම්. දැන් වෙලාව 4.40 නේ. මං 6 වෙද්දී පිටත් වෙන්නම්."
"ගුඩ්. ඕකේ මේඝ. මං තියන්නම්."
"ඕකේ සර්." හිරකරගත් හුස්ම පොදක් ඉවත හෙලමින් මං ඇමතුම විසංධි කලේ සිත්තම්ට කියන්නේ මොකක්ද කියලා කල්පනා කරමිනුයි.
සිත්තම් කියන්නා වාගේම මට එයාව හම්බවෙන්න පුලුවන් වුනේ සති දෙක තුනකට සැරයක් විතරයි. ඒ දවසත් මේ විදියට රාජකාරි නිසා මග හැරුණොත් සිත්තම්ට කොහොම හැගේවිද කියලා මට හිතාගන්නත් අමාරුයි. දවසක ආයේ නොඑන්නම සිත්තම් මාව දාලා යාවිද කියන සහේතුක බියකිනුත් මගේ හිත වෙලිලා ගියේ අනාගතය ගැන තියෙන සුලු බලාපොරොත්තවත් සුණු විසුණු කර දමමිමුනුයි.
********************************************
" මොකක්ද මේකේ තේරුම මේඝ. මොන මගුලක්ද මේ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. එන්නෙත් මාසෙ පෝයට හද පායන්නා වගේ. ඒකවත් ඉන්න බෑනෙ. රස්සාවම බදාගෙන ඉන්න. ඔයාට මාව ඕනෙ නෑනේ." එහෙම කියාගෙන සිත්තම් අඩාගෙන කාමරේට ගිහින් දොරවහගත්ත හැටි මට තවමත් මැවිලා පේනවා. මං කියලත් ඉතින් මොනවා කරන්නද. මං පිලිගන්නවා මගේ වැරැද්දක් තියෙනවා කියලා. නමුත් මං කොහොමද මගේ ලොක්කන්ට වඩා උඩින් යන්නේ. දෙවියනේ මාත් ඉන්නේ පොලීසියේ මිසක් නීතී සම්පාදන ආයතනයක නෙවෙයි. මං සාමාන්‍ය රජයේ සේවකයෙක්. මට බැහැ මේ දේවල් වෙනස් කරන්න. මොන තරම් කාලකණ්ණී ජීවිතයක්ද දෙවියනේ අපිට මේ උරුම වෙලා තියෙන්නේ.
හිතේ පොදි ගැහුණු සිතිවිලි ගොඩකුත් එක්ක මං අති සුඛෝපභෝගී ජීප් රථය කටුනායක ගුවන්‍තොටුපල පාරට හැරෙව්වා. තවම වෙලාව 6.50. වෙලාවටත් කලින් මං අදාල ස්ථානයට වාර්ථා කලා. දැන් තියෙන්නේ හිතේ තියෙන සිතුවිලි වලට විරාමයක් දීලා මට පැවරුණ රාජකාරිය කරන්න. අවුරුදු 6කට පස්සේ ආයේ මව්බිමට පැමිණෙන රත්වත්තේ අමාත්‍යතුමාගේ දියණිය පැමිණෙන්නේ තනිවම බවයි මට දැනගන්න ලැබුණේ. ඇය කිසිවෙකුටත් පෙර දැනුම්දීමක් නොකර පැමිණෙන්න සැලසුම් කරලා තිබුණත් ඇමතිතුමා කෙසේ හෝ තම දියණියගේ පැම්ණීම දැනගෙන තිබුණා. වැඩි ප්‍රසිද්ධියක් නැතිව නමුත් ආරක්ෂිතව තම දියණියව නිවසට කැදවාගෙන ඒමට ඔහු පියවර අරගෙන තිබුණේ එනිසායි. එලෙස බැලුවම ඇය අනෙකුත් බලවත් දරුවන්ට වඩා වෙනස් බව මට හැගී ගියා. අනෙක් අය ආරක්ශාව හා මිතුරන් පිරිවරා පැමිණෙන්න තැත් කරද්දී මැය කාටත් හොරා පැමිණෙන්න තීරණය කිරීම ඇත්තෙන්ම මගේ හිතේ ඇය පිලිබදව කුකුසක් සහ පැහැදීමක් ඇති කරවීමට සමත් වුණා. රත්වත්තේ අමාත්‍යතුමාත් රටේ අනෙකුත් බලවතුන්ට වඩා වෙනස් මුහුණුවරක් ගත් පුද්ගලයෙක් වුණා. එම නිසායි ඔහුට ජනතාවගේ ආදරයත්, පක්ෂපාතීබවත් මෙතරම් කාලයක් හිමිව පවතින්නේ. ඔහුගේ දියණියත් ඔහුගේ අඩි පාරේ යන බව මට හැගී ගියේ ඇයගේ ක්‍රියා කලාපය නිසයි. නමුත් කිසිවෙකුවත් මෙතරම් ඉක්මනට විනිශ්චය කිරීම සුදුසු නැති බව මං අත්දැකීමෙන්ම දැන සිටි බැවින් තව දුරටත් ඒ පිලිබදව සිතීම නවතාලන්නට මං තීරණය කලා.
වෙලාව රාත්‍රී 8.10. ආගමන අංශයේ කෙලවරකින් පැමිණෙන සුදු කෙටි ගවුමක් හැදි සුන්දර යුවතිය මට පෙන්වූ පින්තූරයේ සිටි තරුණියට සමාන වූවා. ඇය රත්වත්තේ මෙනවිය බව හදුනාගත් පසුව මං මගේ අතේ තිබුණ බෝඩ් එකත් සමගින් ඇය වෙත පියමැන්නා.
"දැහැමි මැඩම්." ඇයගේ මුල්නමින් පමණක් ආමන්ත්‍රණය කිරීමට මං සැලකිලිමත් වුණේ ඇයගේ වාසගමින් අනවශ්‍ය ආකර්ශණයක් අප වෙත ලබාගැනීම නුසුදුසු වූ බැවිනුයි.
"අයියෝ තාත්තා කොහොමහරි දැනගෙන නේද. සර්ප්‍රයිස් එකත් විනාශ වුණා." ඇය පැවසුවේ මුහුනට පැමිණි බලාපොරොත්තු විරහිත වූ භාවය මකාලන්නට තැත් කරමින් සිනහසෙමිනි.
"මැඩම්ව ගෙදරට එක්කගෙන යන්න පැවරිලා තියෙන්නේ මට. දෙන්න මැඩම් බැගේජස්. මං ගෙනියන්නම්." මං ඇයගේ ගමන් මලු ගැනීමට අත දිගු කලත් ඇය මාව වලක්වමින් අතක් දිගු කලා.
"ඔයාගේ නම මොකක්ද?"
"මේඝ"
"මං මගේ බැගේජස් ගන්නම් මේඝ. ඔයාට පුලුවන් නම් මෙන්න මේ බෑග් එක ගන්නකෝ. මේක ටිකක් බර වැඩියි."
"මං සේරම ගන්නම් මැඩම්."
"අනේ අනේ එහෙම ඕනෙ නෑ. මගේ අත පය තවම හොදට හයියයි. මං මේ ටික අරන් යන්නම්. ඔයා මේක විතරක් ගන්න."
"හොදයි. එහෙනම් මැඩම් එන්නකෝ ඉස්සරහට. වාහනය මං අරන් එන්නම්." වාහනය නවතා තිබුණ තැනට දිව ගිය මං ඉක්මනින්ම එය පදවාගෙන දැහැමි සිටින තැනට ආවා.
" හරි නේද. අපි එහෙනම් යමු." බැගේජස් රථයට පටවා අවසානයේ එසේ පැවසු දැහැමි ඉදිරි ආසනයේ දොර විවර කලා.
"අනේ මැඩම්, මැඩම් පිටිපස්සේ සීට් එකට නගින්න. මාවත් ගස් මැඩම් ඉස්සරහ ආවොත්."
" අයියෝ බය නැතිව එන්න අනේ. නම මේඝ වුණාට ඔයා මහ බයගුල්ලෙක්නේ."ඒ වචන කිහිපයත් සමගම මට මතක් වුණේ මීට ඔඑරදිනකදී සිත්තම්ගේ වචන පෙලක්.
"මහ ලොකුවට නම නම් මේඝ. ඒත් කලුවරටත් බයයි." එසේ පැවසූ සිත්ත්ම් හ හයියෙන් සිනහසුන අයුරුත් ඉන්පසු මං ඔහුව පෙරලගෙන සිපගත් අයුරුත් මට සිහිවෙලා සිහින් සිනහවක් ඇදුණා.
"මොකද තනියෙම හිනාවෙන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මතක් වුණාද?"
"අනේ නෑ මැඩම්. මට එහෙම කෙනෙක් නැහැ"
"මං ඒ කතාව නම් පිලිගන්නේ නෑ. නමුත් කමක් නැහැ. මං ඔය මැඩම් කෑල්ලට නම් අකමැතියි. ඒත් ඔයාලට කියලා වැඩක් නෑ. මේ රට මෙහෙම තියෙන්න ඕකත් හේතුවක්." එසේ පැවසූ ඇය නිහඩ වූවා.

රත්වත්තේ මෙනවියව නිවසට ඇරලවා මං නැවත මගේ නිවසට පැමිණියේ නැවත වතාවක් සිත්තම්ගේ මුණ බැලීමට තරම් චිත්ත ශක්තියක් මට නොතිබුණ නිසයි. මේ දෙයට කුමක් හෝ කල යුතු බව මං තීරණය කලේ මෙය තවදුරටත් මෙලෙස සිදු වුවහොත් සිත්තම් මගෙන් සදහටම ඈත් වී යාම වලක්වාලීමට නොහැකි වන බව මට තේරුණ නිසයි. සිතුවිලි සමග දබරයක පැටලී සිටි මා වෙතට නිදි දෙව්දුව ලං වෙනකොට තවත් හෝරා දෙකක් පමණ ගෙවී යන්නට ඇති. නමුත් එය කිසිසේත්ම සුවබර නින්දක් යැයි පැවසීමට නොහැකියි.

- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5807
Member Since : 2016-10-31
Re: මේඝ සිත්තම්.
2022-08-13, 11:06 pm
කොමෙන්ට්ස් නැහැ කියලා නම් නොලියා ඉන්න එපා
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4551
Member Since : 2018-05-13
Re: මේඝ සිත්තම්.
2022-09-24, 6:35 am
-02-
කොහොමින් කොහොම හරි මායි සිත්තමුයි රණ්ඩු දබර අස්සෙන් තරහ වෙවී යාලු වෙවී ආදරය තව තවත් මුහුකරමින් ජීවිතයේ ඉදිරියට පියමැන්නා. එදා මට හදිසියේ රාජකාරියට යන්න වුණාට තරහින් හිටියට මගේ සිතූට මාත් එක්ක වැඩි දවසක් තරහ පිරිමහන්න බැහැ. මගේ ඇවිටිලි කිරීමේ හා අපේ ආදරයේ ප්‍රතිපලයක් විදියට සිත්තමුයි මායි නැවතත් වෙනදා වගේම ආදරයෙන් බැදුණා. සති තුනක් එක දිගට රාජකාරී කිරීමෙන් අනතුරුව මං දවස් තුනක් එක දිගට නිවාඩු දාගත්තේ සිත්තම් එක්ක කොහේ හරි නිදහසේ ඇවිදින්න යන්න හිතාගෙනයි. ඒ ගැන එයාටවත් නොකියා මං උදේ පාන්දරින්ම සිතූගේ ගෙදරට පිටත් වුණේ එයාව පුදුම කරන්න හිතාගෙනයි.
සිත්තම් ජීවත් වුණ දෙහිවල මහල් නිවාස සංකීර්ණයේ ආරක්ශකයාටත් සුභ දවසක් ප්‍රාර්තනා කරන ගමන් මං විදුලි සෝපානය වෙත ඇදුනා.තත්පර කිහිපයක ඇවෑමෙන් සිත්තම්ගේ ගෙදර දොර ඉදිරියට පැමිණි මං දොරෙහි සීනුව නාද කලේ මං ගෙනාපු මල් පොකුරෙන් මුහුණ වසාගන්න ගමිනුයි. තවත් තත්පර කිහිපයකට පසුව විවර වූ දොරින් මතු වුණේ මගේ ආදරණීය සිත්තම්ගේ රූපයයි.
"මේඝ. ඔයා. කිව්වෙවත් නෑ එනව කියලා.අද නිවාඩුද? අම්මෝ කාලෙකින් මල් ගේන්න මතක් වෙලා." මාව වල්මත් කරවන සුන්දර සිනහවත් සමගින් සිත්තම් පැනලා මගේ අතින් මල් පොකුර අර ගත්තේ වටපිට බලා මගේ කම්මුලත් සිපගනිමිනුයි. "ඇයි මෝඩයෝ අද නිවාඩු කියලා කිව්වේ නැත්තේ?"
" එතකොට ඉතින් සර්ප්‍රයිස් කරන්න බැරි වෙනවනේ මැට්ටෝ.මට එතකොට ඔයාගේ මූනෙ මේ තියෙන එක්සයිට්මන්ට් එක බලාගන්නත් බැරි වෙනවා. "
" හැබැයි ඉතින් හවස් වෙනකොට ආයෙ ඩියුටි කෝල් කලොත් එක්සයිටඩ් යක්ශයෙක්ව බලාගන්නත් පුලුවන් වෙයි." සිත්තම් කිව්වේ මගේ බඩ හිමින් කොන්ත්තමින්. මං ඔහුගේ අත අල්ලන් හෙමින් ඇගිලි වලින් පිරිමදින්න ගත්තේ දින ගනනාවකින් ඔහුගේ උණුසුම ස්පර්ශය මට නොදැනුනු නිසා ඇති වූ සහේතුක ලෝභ කමකින්.
" එහෙම වෙන්නෙ නෑ. ඒ ගැන බය වෙන්න එපා."
"ඒ කිව්වේ." සිත්තම් මුහුණට ප්‍රශ්නාර්ථයක් නගා ගත්ත විදියට මට සෙමින් සිනහ ගියා." හිනා නොවී කියනවකෝ ගෙම්බෝ."
"මං දවස් තුනක් නිවාඩු දැම්මා ඌරෝ.අපි කොහේ හරි යමු ඇවිදින්න."
" ඇත්තටමද? ශා නියමයිනෙ.. ඔයා මගේ මේඝමද? නැත්නම් වෙන කවුරු හරිද?"
" හරි හරි කෝලම් නැතුව යමුකෝ ඇතුලට. මට තිබහයි. මිනිහව ගෙයින් එලියේ තියන් ඉන්නවනේ තාමත්.අනේ මංදා මෙහෙමත් නෝනලා."
"අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටපන්. නෝනා රෙද්ද. රෑට පෙන්නන්නම්කෝ නෝනා කව්ද කියලා." නිවස තුලට යන ගමන් සිත්තම් පැවසුවේ රහසින් වගෙයි.
" අම්මෝ කට වැඩියි මේකගේ දැන්. මේ ඒක නෙවේ....යි....." එක් විටම මට කියන්න ගියත් දෙයත් අමතක වුණේ සිත්තම්ගේ නිවස තුල සිටි පුද්ගලයාව දුටුව පසුවයි.
" ඕහ් හායී. මේඝ රයිට්." සාලයේ පුටුවක් මත වාඩි වී සිටියේ වෙන කිසිවෙකුත් නොවෙයි. රත්වත්තේ අමාත්‍යතුමාගේ දියණිය වූ දැහැමි රත්වත්තේයි. ඇගේ රුව ගැටෙත්ම මට හීන් දාඩිය දමන්නට වුණා.
"මැඩම් ඔයා මෙහේ.."
" මැඩම්. ඔයා මෙයාව අදුනනවාද?" සිත්තම් අපි දෙන්නගේ මුහුණවල් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවා.
" මේඝ තමයි මාව එයාර්පෝර්ට් එකේ ඉදලා ගෙදරට ඇරලුවේ. එතකොට මේඝ ගැනද ඔයා කිව්වේ. නයිස් චොයිස් සිත්තම්. වෙල් ඩං."
" ඕහ් ඔයා මෙයාව ගේන්නද මාවත් දාලා දිව්වේ."
සිදුවන කිසි දෙයක් වටහාගත නොහැකිව මං තුෂ්ණිම්භූත වී ඔවුන් දෙදෙනා දෙස බලා සිටියා මිසක කිසිවක් කීමට මට නොහැකි වුණා.
" අයියෝ මේඝ , මොකක්ද අනේ නිකන් අවතාරයක් දැකලා වගේ ඉන්නේ. මේ ඉන්නේ දැහැමි. මං ඔයාට කියලා තියෙන්නෙ. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ඇමරිකා වලට ගියේ. ඔයත් එක්ක යාලු වෙන්න කලින් තමා මෙයා ගියේ. ඒක නිසා ඔයාට මෙයාව පෙන්නන්න බැරි වුණා මට. අනිත් එක ඉතින් යාලුවෙක් අදින්වලා දෙන්නත් මේ මනුස්සයා නෑනෙ දැහැමි. දුවන කෝව්චිය වගේ ආවා ගියා. රස්සාවම තමා කොයි වෙලෙත්."
"මැඩම්ද එතකොට ඒ දැහැමි." මං අමාරුවෙන් වචන කිහිපයක් පටලවගත්තා.
"ඔව් ඔව් මං තමයි ඒ දැහැමි. අනේ ප්ලීස් මේඝ දැන්නම් ඔය මැඩම් කියන කෑල්ල අයින් කරලා දාන්න. මගේ මස්සිනා වෙන්න ඉන්න කොල්ලා මට මැඩම් කියලා කතා කරන එක නිකන් මොකක්ද වගේ."
'මගේ මස්සිනා.." ඒ වචන කිහිපය ඇසෙද්දී මගේ කටේ කෙලත් සිදී ගියේ නිතැතින්. ඒ කියන්නේ දැහැමි අපි දෙන්නා ගැනැ දන්නවා. දෙවියනේ දැන් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. මොනවා වුණත් දැහැමි කියන්නේ ඇමති කෙනෙක්ගේ දුවක්. මං කොහොමද මං නොදන්න පුද්ගලයෙක් ගැන විශ්වාසය තියන්නේ මේ වගේ ලොකු රහසක් සම්බන්ධව.' සෑම දිනම වගේ මගේ සිතට අනවශ්‍ය ලෙස බියකරු සිතිවිලි පහල වෙන්න ගත්තා.
"ඇයි මං වැරදිද. සිතූගේ බෝයිෆ්‍රෙන්ඩ් මට මැඩම් කියද්දී නිකන් අනේ මංදා. ඇයි දරුවෝ බය වෙලා වගේ බලන් ඉන්නේ.මේඝ." දැහැමි මගේ දිහා බැලුවේ බොහෝ කරුණාවන්ත ලෙසයි. නමුත් කිසිවක් තේරුම්ගැනීමේ හැකියාවක් ඇති අවස්තාවක නොසිටි මම වේගයෙන් සිත්තම් දෙසට හැරුණා.
"සිත්තම් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. පොඩ්ඩක් එන්නකෝ. එක්ස්කියුස් අස්. " එලෙස කියූ මං සිත්තම්වත් ඇදගෙන කාමරයට වැදී දොර වසා ගත්තා.
"ඇයි මේඝ මේ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?"
"මට හිතාගන්න බැහැ ඔයා අපි ගැන දැහැමිට කිව්වායි කියලා සිත්තම්. ඔයා කොහොමද මේ වගේ දෙයක් කලේ? ඔයා දන්නවා මං අපි ගැන රහසක් විදියට තියාගන්නේ ඇයි කියලා. එහෙම තියෙද්දීත් ඔයා මේ ගැන කිව්වනේ. අනිත් එක දැහැමිට. එයා රත්වත්තේ ඇමතිතුමාගේ දුව කියලා ඔයා හොදින්ම දන්නවා ඇතිනේ සිත්තම්. මට හිතාගන්න බෑ දැන් මොනවයින් මොනවා වෙයිද කියලා. "
"මොනවද මේඝ ඔයා මේ කියවන්නේ. දැහැමි කියන්නේ මගේ හොදම යාලුවා. එයා මං ගැන දන්නේ අපි ඉස්කෝලේ යන කාලෙ ඉදලා. ඔයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා එයා දන්නේ අපි දෙන්නා යාලු වුණ මුල් කාලේ. අනිත් එක මං මොකටද මගේ හොදම යාලුවට බොරු කියන්නේ."
"ඔයාට තේර්න්නේ නෑ සිත්තම්..."
" මොනවද තේරෙන්නේ නැත්තෙ. මොනවද තේරෙන්නෙ නැත්තෙ. මට තේරෙන්නෙ නැති එකම දේ තමයි ඔයාගේ මේ අහේතුක බය. කාවවත් විශ්වාස කරන්නෙ නැති එක. අඩුම තරමේ ඔයා මාවවත් විශ්වාස කරන්නෙ නෑනෙ හරියට. ඇයි ඔයාට මං දැහැමිට කියන්න ගත්ත තීරණය සැක. මට මේ සේරම එප වෙලා තියෙන්නෙ. මොන මගුලක්ද මේක. පිස්සුවක්. මං හිතන්නෙ අපි ටික දවසක් හම්බවෙන්නෙ නැතිව හිටියොත් හොදයි." සිත්තම්ගේ කතාව හමුවේ මගේ දෑස් විසල් වෙන්නට මහ වෙලාවක් ගියේ නැහැ. නමුත් දොර දෙසින් ඇශුණ උගුර පාදන හඩක් නිසා මං මගේ ෆ්හැහැනින් බිදුණා.
"මට සමාවෙන්න. ඒත් මට මේක තවත් අහගෙන ඉන්න බැරි වුණා. අනේ මේඝ, ඇත්තටම මට සමාවෙන්න. ඒත් සිත්තමුඉ මායි හොදම යාලුවෝ වෙලා ඉන්නෙ අපි දෙන්නා හය වසරෙ ඉදලා. සිත්තම් ගැන මං මුලින්ම දැනගත්තේ නවය වසරෙදි. අපි පොඩි කාලේ ඉදලා හැමදේම බෙදාගත්තා. ඉතින් ඔයා හිතනවද ඔයා වගේ විශේශ පුද්ගලයෙක් ගැන සිත්තම් මගෙන් හංගයි කියලා. ඒක වෙන්නෙ නැති දෙයක් මේඝ. අනිත් එක තමයි ඔයාට මාව සියයට සියයක් විශ්වාස කරන්න පුලුවන්. මං ඔයාට පොරොම්දු වෙනවා ඔයාට අවශ්‍ය තාක් කාලයක් මං ඔයාගෙ රහස රකිනවා කියලා. ඒක ගැන සැකයක් තියාගන්න එපා. අනිත් එක තමයි මං දන්නවා සිත්තම් ඔයාට කොච්චර ආදරය කරනවද කියලා.මේ අවුරුදු ගානටම එයා ඔයා ගැන කතා නොකරපු වෙලාවක් නැහැ. ඒ වගේම තමයි ඔයා එයාට කොච්චර ආදරෙයිද කියලත් මං විනාඩි ගානට හොදින්ම දැක්කා. ඔයාලගේ ඒ ආදරේ නැති කරගන්න එපා. අන්තිමටම ඔයාගේ හිත තව ටිකක් සැහැල්ලු කරන්න මං ඔයාට මගේ රහසක් කියන්නම්. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඇමරිකා වල. එයා ඇමරිකන් කෙල්ලෙක්. Lake තමයි එයාගෙ නම."
දැහැමි කියූ සෑම දෙයටම සාවදානව සවන් දුන්න මං ඇයගේ අවසාන වදන් හමුවේදී තුෂ්ණිම්භූත වී ගියා.'ගර්ල්ෆ්‍රෙන්ඩ්' , මට ඇසුණා නිවැරදිද? කෙසේ නමුත් ඒ සැලකිරීමත් සමගම මගේ හදවත අමුතුම සැහැල්ලුවකින් පිරී ගියා. මගේ අත නොදැනීම සිත්තම්ගේ කර වටා ගියේ ඒ ඇති වූ සැහැල්ලුවත් සමගමයි.

- omiomiraRegular Member
- Country : Sri Lanka
Posts : 62
GetReal Gold : 4135
Member Since : 2018-10-03
Re: මේඝ සිත්තම්.
2022-09-25, 10:11 pm
ela ela niyamai digatama liyamu api me kathawa ekka innawa
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24
Re: මේඝ සිත්තම්.
2022-09-27, 12:52 am
Lassanai rishhhhh 🥺🥺🥺 digatama liyandoooooooo
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5807
Member Since : 2016-10-31
Re: මේඝ සිත්තම්.
2022-10-22, 11:55 pm
Next Please
- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6076
Member Since : 2016-06-30
Re: මේඝ සිත්තම්.
2022-11-17, 6:56 am
ලස්සනයි වගේ කතාව මල්ලියා
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|