Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමාව දෙනු මැන

+14
Shan Sahan
Sithija
Chandana
Esala
සහන්
Jayan Sanjaya
shevan
Jith
indu
chathura1122
thavisha
kasunx
Siyapath
Rajith
18 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-01, 12:56 am
අපිත් ඉන්නව යාළුවා wedding
Jayan Sanjaya
Jayan Sanjaya
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 8205
Member Since : 2013-04-18

සමාව දෙනු මැන - Page 2 Empty සුභ පැතුම්

2014-02-01, 12:24 pm
ම්.. ‍අපූරුයි මල්ලී. 
හොඳ ආරම්භයක්.. අපි බලමුකෝ.  
මගේ සුභ පැතුම්..!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-01, 5:16 pm
ලසනයි. බලමු මෙක සමව දෙන්න වටින සිදුවීම් පෙලක්ද කියල.
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8004
Member Since : 2013-06-03

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-01, 7:25 pm
comment කරපු කට්ටියටම thanks හොඳේ.....
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9548
Member Since : 2013-03-28

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-01, 8:21 pm
ලස්සනයි කතාව............ :)
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8004
Member Since : 2013-06-03

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 3:03 pm
Message reputation : 100% (7 votes)

(3)

 

 

 

                        සංජීවගේ උපන් ගම බලංගොඩ වුවත් ඔහු දැනට කොළඹ පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ උසස් නිලයක්  දරන්නෙකි. අවුරුදු විසි හයක් තරම් යෞවන වියේ පසු වන ඔහු කඩවසම් තරුණයෙකි. සංජීව පවුලේ එකම දරුවා වූ අතර ඔහුගේ පියා රාජ්‍ය පරිපාලන සේවයේ නියුතුව සිටි වැදගත් අයෙක් වූයේය. එබැවින් ඔවුන්ට කිසිවෙකුට අතනොපා අගහිඟකම් වලින් තොරව ජීවත් වීමට හැකි වටපිටාවක් සකස් වී තිබූ නමුත්, හදිසි හෘදයාබාධයක්  හේතුවෙන් සංජීවගේ පියා ඔවුන් මෙලොව තනිකර දමා යන විට සංජීවට වයස අවුරුදු දහඅටකට වැඩි නොවීය.

                                                  එතැන් පටන් පියාගේ විශ්‍රාම වැ‍ටුපෙන් වැඩි බරක් සංජීවගේ අධ්‍යාපන කටයුතු වලටම වෙන් කල ඔහුගේ මවට ගෙදර දොර කටයුතු වෙනදා මෙන් පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. නමුත් ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ සංජීවට හොඳින් උගන්වා ඔහුව උසස් තැනකට ගෙන යාම පමණකි. පියාගේ අභාවයෙන් පසුව සංජීව තම මවට තදින්ම ආදරය කළේය. කිසිම විටෙක ඇගේ හිත රිදෙන වචනයක් වත් කීමට ඉදිරිපත් වූ තරුණයෙකු නොවේ ඔහු.

                          ඇයද තම හැකි වීරිය යෙදුවේ සංජීවගේ ජීවිතයේ සාර්තකත්වය සඳහාමය. කිසිඳු අගහිඟ කමක් සංජීවට දැනෙන්නට නොතිබීමට ඇය වගබලා ගත්තාය. ඇය ළමා ඇඳුම් මැසුවාය. ඒවා තමා දන්නා රෙදි කඩ වලට ගෙනගොස් විකුණුවාය. මහරගම, පමුණුව කඩ වීදී වල ඇය රස්තියාදු වූයේ, ඇතැම් විට කුසට අහරක්ද නොලබාය. එහෙත් මේ සෑම දෙයම ඇයට කරන්නට වූයේ, පියාගේ විශ්‍රාම වැ‍ටුප පමණක් ඔවුන්ගේ යැපීම සඳහා ප්‍රමාණවත් නොවූ නිසා බව සංජීවද නොදන්නක් නොවීය. මේ සියල්ලම පන්නරය කර ගත් ඔහු උසස් පෙළ විභාගයෙන් ඉහලින්ම සමත් වූයේ, වානිජ්‍ය විෂයධාරවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉහළම සුදුසුකම් ලබමිනි. තම විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු තම සුදුසුකම් වලට ඔබින ‍රැකියාවක් ලබාගැනීමට වාසනාවන්ත වූ සංජීව, තව දුරටත් තම මවට ඇදුම් මැසීමට ඉඩ නොදුන්නේ ඔවුන්ගේ යැපීමට ප්‍රමාණවත් තරම් වැ‍ටුපක් ඔහු ලැබූ නිසාමය.

                             සංජීව තම ‍රැකියව සඳහා කොළඹ බෝඩ්ං වී සිටියත්, සෑම දෙසතියක වරක් වත් ගමේ ගොස් මවගේ දුක සැප සොයා බැලීය. සෑම දිනම මවට දුරකථන ඇමතුමක් දීම ඔහුගේ පුරුද්දක් විය. එතරම්ම ඔහු තම මවට ආදරය කළේය.

                                                    සංජීවගේ ජීවිතයට චානුක එකතු වන්නේ අහම්බෙන් මෙනි. නමුත් එය සංජීවට දෛවෝපගත සිද්ධියක් ලෙස දැනෙන්නට වූයේ, මේ තාක් ජීවිතයේ කිසිවෙකු හට නොවූ ආදරයක් චානුක වෙනුවෙන් තම සිතේ දළුලන්නට පටන් ගත් නිසාමය. කිසිඳු අයුරකින් පාසල් අවදියේ වත් ගැහැණු ළමයෙකු පිළිබඳව සංජීවගේ සිතේ කිසිඳු අදහසක් නොවීය. නමුත් පිරිමි ළමුන් පිළිබඳව ඔහුගේ සිත උනන්දු වූයේ ඔහුටත් හොරාමය. කෙසේ වෙතත් චානුක හමුවන තුරු මෙවන් අරමුණක් පසුපස එළවා ගියේ නැත. චානුක එය වෙනස් කළේය.

                                                                    පළමු හමුවීමෙන්ම චානුක සංජීවගේ හද බැඳ ගත්තේය. ඉන්පසු සංජීවට මෙන්ම චානුකට ද එකිනෙකා නොදැක සිටිය නොහැකි විය. සංජීව හමුවන විට චානුක විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දෙවන වසර සිසුවෙකු වුවත් වයසටත් වඩා ඔහු තුළ තිබූ කෙලිලොල් බව, සුරතල් බුහුටි බව සංජීවගේ සිත් ගත්තේය. ඇත්තෙන්ම සංජීව චානුකට අසීමිත ලෙස ආදරය කළේය.

                               සංජීව චානුකව හැකි තරම් සතුටින් තැබීමට හැකි සෑම දෙයම කළේය. හැකි සෑම විටම චානුක මුණ ගැසීම ඔහුගේ පුරුද්දක් විය. චානුකද එයට දෙවැනි නොවීය. මුහුදු වෙරළ දෙදෙනාගේම ආදරයේ තොතැන්න බවට පත්ව තිබුනේ, චානුකගේ ආශාව නිසාමය. හැකි සෑම විටම සංජීවගේ අතින් අල්ලාගෙන ,ඔහුගේ ඇ‍ඟේ හැපෙමින් මුහුදු රළ පෑගීම තරම් සතුටක් චානුකට නොවීය. කලාතුරකින් හෝ වැරදි වචන හුවමාරුවක් නිසා දෙදෙනා අතර සිත් අමනාපයක් ඇති වුවත් එය පැය තුන හතරකට වඩා දිගු වූයේ ඉතාමත් කලාතුරකිනි.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 4:31 pm
ela ela lassanai kathawa
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9548
Member Since : 2013-03-28

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 6:24 pm
pride  pride  pride  pride  pride  pride
Anonymous
Guest
Guest

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 7:03 pm
අපුරුයි . . . ඉදිරි කොටස එන තුරු බලා සිටිමි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 8:00 pm
එල pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-02, 8:05 pm
ela ela kolla
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8846
Member Since : 2013-02-03

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-03, 2:55 am
Ela ela pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-03, 2:28 pm
එල එල
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8004
Member Since : 2013-06-03

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-05, 11:41 am
Message reputation : 100% (7 votes)

(4)
 
 
                                        විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කල දා පටන්ම සංජීවගේ මවගේ එකම බලාපොරොත්තුව වූයේ සංජීවට විවාහයක් කරදීමයි. තම එකම දරුවා තවමත් තනිකඩයෙකු සේ සිටීම, ඇයට මහත් බරක් විය. එනිසාම ඇය සංජීවට නිතරම ඇවිටිලි කරන්නට වූයේ, විවාහය ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි.ඇය සංජීවගේ හඳහන ‍රැගෙන කේන්දර කරුවන් සොයා ගියාය. බෝධිපූජා පැවැත්වූවාය. කපු මහත්වරුන් සොයා ගියාය. මේ සැම දෙයම තම එකම පුතුට සුදුසු කටයුත්තක් කරදීමේ තම එකම අභිලාශය මුදුන්පත් කරගනු රිසියෙන්මය.
                                              මුලදී සංජීව විවාහය සම්බන්ධයෙන් මවගේ අඬහැරය හැකිතාක් මග හැර සිටි නමුත් පසුව එය ඔහුට හිසරදයක් විය. ගමේ ගිය වාරයක් වාරයක් පාසා මවගේ එකම මැතුරුම වූයේ සංජීවගේ විවාහය පිළිබඳවමය. මවට දක්වන ආදරය නිසාම කිසි ලෙසකින්වත් ඇයගේ සිත රිදවීමටද ඔහුට හැකියාවක් නොමැත.
                                     කාන්තාවක් විවාහ කර ගැනීමට තමාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෙසේ නම් මවට පවසන්නද? තම ආදරය දැනටමත් චානු වෙත පුද කර ඇති බව කෙසේ නම් හෙලිකරන්නද? ඒත් අම්මාගේ එකම බලාපොරොත්තුව කෙසේ නම් කඩ කරන්නද? සංජීව උභ‍තෝකෝටික ප්‍රශ්ණයකට මැදි වී අවසානය. එක් පසකින් චානු ය. අනෙක් පසින් මවගේ එකම බලාපොරොත්තුව ය. ඒ කිසිවක් තබා තාමාට ගැහැනියක පිළිබඳ අල්පමාත්‍ර වූ හැඟීමක් ද නැත.සංජීවගේ සිතේ ඇති වන ආතතිය දිනෙන් දින වැඩි වූවා මිස බිඳකුදු අඩුවන ලකුණු නොවීය.
                                 දින සති වලටත්, සති මාස වලටත් පෙරලෙමින් කාලය ගෙවී යද්දී, සංජීවගේ ජීවිතයේ තවත් දෛවෝපගත සිදුවීමක් සිත්තම් වූයේ, ඔහු කිසි විටෙකත් නොසිතූ පරිද්දෙනි. ඒ මෙතුවක් කල් කිසිඳු කාන්තාවක් ඉදිරියේ සසල නොවූ සංජීවගේ සිත අංජලී ඉදිරියේ සසල වීමත් සමගමය. එය සංජීවගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් සනි‍ටුහන් කරනු ඇතැයි ඔහු කිසි විටකත් නොසිතන්නට ඇත.
                              අංජලී මීට සති කීපයකට පෙර සංජීව ‍රැකියාව කල ආයතනයේම ගිණුම් අංශයේ ඔහුගේ සම මට්ටමේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා අළුතින් පත් වී ආ හැඩකාර යුවතියකි. සංජීවට ඇය හා ඉතා කිට්‍ටුවෙන් වැඩ කිරීමට සිදු වූයේ කාර්යාලයේ අවශ්‍යතාවයන් නිසාම වුවත්, එය ඔහුට එතරම් දෙයක් නොවූයේ කිසිවිට කාන්තාවක පිළිබඳ කිසිඳු උනන්දුවක් ඔහු තුල නොමැති වීම නිසාය. නමුත් සිදුවූයේ ඔහු කිසිවිට අපේක්ෂා නොකල දෙයකි.
                                                                       අංජලී ඉදිරියේ සංජීවගේ සිත, මින් පෙර කිසි දිනෙක නොහැසිරුනු ආකාරයෙන් චංචල වූයේ ඇයි දැයි ඔහුටද වැටහීමක් නොවීය. ඇයගේ ඇස් ඉදිරියේ සංජීව අතරමං වූවේය. ඇයගේ සිනහව සංජීව මංමුලා කිරීමට සමත් විය. කිසිදිනෙක ගැහැනියක වෙනුවෙන් නොවූ විශේෂත්වයක් අංජලී වෙනුවෙන් සංජීවගේ සිතේ මුල් බැස ගන්නට වූයේ ඔහුටත් හොරාමය. දින කිහිපයක අවසන, ප්‍රතිඵලය වූයේ සංජීව සිහිනෙකින් වත් නොපැතූ අන්දමින් කාන්තාවක් වෙනුවෙන් ඔහුගේ සිතේ ආදරයක් ඇති වීම පමණකි.
'' මට මේ මොනවා වෙලාද...මට පුළුවන්ද ගෑණියෙක් එක්ක ඉන්න... ? "
                                                සංජීව තනියෙම තර්ක කළේය. සිත වෙහෙසමින් කල්පනා කළේය. හැකිතාක් අංජලී අමතක කර ඇය ගැන නොසලකා ඉන්නට උත්සහ ගත්තේය. නමුත් දෛවෝපගත අයුරින් අංජලීගේ සිතේ ද සංජීව වෙනුවෙන් ආදරයක් දළුලන්නට වූයේ, සංජීවගේ සියළු උත්සහයන් ව්‍යර්ථ කරමිනි. අංජලීගෙන් ද ආදර හැඟුම් ලැබෙන්නට වූ විට ඔහුගේ සිත ඇය වෙත තව තවත් නතු වන්නට වූයේ, ඔහුට කිසිඳු ගැලවීමක් නොතබමිනි. අවසානයේ සංජීව, අංජලී හට මුළු හදවතින්ම ප්‍රේම කරන්නට වූයේය.
Anonymous
Guest
Guest

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

2014-02-05, 5:18 pm
:shock:   :shock:   :(  adenawa ne
Sponsored content

සමාව දෙනු මැන - Page 2 Empty Re: සමාව දෙනු මැන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum