Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
KosalaPriyanjana
KosalaPriyanjana
Regular Member
Country : Sri Lanka
Posts : 69
GetReal Gold : 7464
Member Since : 2014-10-20

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-04-05, 10:41 pm
Message reputation : 100% (5 votes)
ආලය අරුම ලෝකෙට රලු බස් කියනා
නැහැ නැවතුමක් තවමත් නුඹවම සොයනා
සැරසුනු එලි වැටෙන් සිත් කව නිති ගයනා
නුඹමයි සබඳ නුඹමයි හද වෙණ වයනා

බොඳ වූ දෑස සලනා උණු කඳුලු කැටී
සියොලඟ තෙමී පෙඟුනා ඒ කඳුලු වැටී
ඉවසමි මමත් අප හට අපි අහිමි හැටී
මතුවත් පතමු ලොව අපි ඒ පතා සිටී

ආලය දනිමි දුක හඳුනමි එක වාගේ
සතුටද දුකද නොම නැවති යන වේගේ
කවදා කොහොම කොතැනක කවුරුද කාගේ
නොම දැන ඔහේ ලෝකෙට නුඹ මම පෑගේ

තොල් යුග උණුහුමෙන් තෙමුවා නොවෙද රස
තුරුලේ ඔහේ ගුලි වී උන්නෙමිය යස
දුර දැක නොවේ ඔබ මම පෙම් කලා මිස
නැහැ අද අහලවත් නුඹ මා ගැටෙන ඇස

නොහඬනු සොයුර නුඹෙ කඳුලුත් මට දෙන්න
හිනැහෙනු ඉතින් ඒ දුක් අමතක වෙන්න
හිඳිනා තැනෙක නුඹ සතුටින් වැජබෙන්න
එතෙකින් පතමු මතු මෙ විලස නොම වෙන්න

ප්‍රියංජන
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-04-08, 12:57 am
Message reputation : 100% (4 votes)
කලේ ආලේ මම නුඹහට වඩා මට
මතකද දිනක් ඔබහට සමුදුන් මොහොත
තොල් යුග නොතෙමුවත් ඔබේ උණුහුමෙන් රස
සිම්බෙමි ඔබේ දහදිය-පිරි-නළල මම කිසි පිළිකුලෙන් තොර

කලේ මුල්වරයි එවැනි දෙයක් එදින මම
පිලිකුලයි අනිත් අයගේ කැතකුණු මෙ මට
හැඟුනේ මට එදයි අප දෙදෙනෙකු නොවන බව
එහෙත් දනිමි ඔබ අහිමියි සදා මට

නොහැක සොඳුර දෙන්නට මගේ කඳුලු මට
නොහැක සොඳුර හිනැහෙනු මට ඉතින් තව
පසුතැවෙමි ඔබව හිමි නොවුනට මුලින් මට
පතමි ඔබව මතු හැම භවයකම මම
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-04-08, 5:09 pm
Message reputation : 100% (2 votes)
noidea noidea noidea noidea noidea cry cry cry cry cry
KosalaPriyanjana
KosalaPriyanjana
Regular Member
Country : Sri Lanka
Posts : 69
GetReal Gold : 7464
Member Since : 2014-10-20

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-04-09, 6:35 pm
Message reputation : 100% (2 votes)
පෙම මා ලදිමි, දුක් වින්දෙමි තැලුණු හිත

හින්දා බොහොහොම තුවාල එහි පිරී ඇත

මා ලියු මගේ ආදර බර කතා පොත

අවසන් කලේ කොමාව නොව තබා තිත
Keneth
Keneth
Regular Member
Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 7362
Member Since : 2014-08-18

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-04-13, 10:55 pm
Message reputation : 100% (1 vote)
Kosalata kawi liyannath puluwanne hodata. :-) ela ela.
Najith
Najith
Regular Member
Country : Sri Lanka
Posts : 42
GetReal Gold : 6398
Member Since : 2015-11-20

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

2015-12-23, 10:57 am
(y)
Sponsored content

කවදා කොහොම කොතැනක කවුරුද කාගේ Empty Re: කවදා කොහොම කොතැනක කවුරුද කාගේ

Back to top
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum