Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 10:47 pm
Message reputation : 100% (3 votes)
මල් ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඉතින් අපට හිතෙනව මෙච්චර ලස්සන මල් කොච්චර සතුටකින් ඉන්නව ඇති ද කියල. ඒත් අපට නො පෙනෙන නො ඇසෙන ඉසවු වලට වෙලා අපි නො දන්න හේතු වලට කොයිතරම් නම් මල් දුක් වෙනව ඇති ද , අඬනව ඇති ද..? රසික සූරියාරච්චි කියන ගේය පද රචකයා ඒ ආකාරයට දුක්වෙන ලස්සන රෝස මලක් ගැන බොහෝම අපූරු පද රචනාවක් කරල තියෙනව.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමට ද දුක් වන්නේ..?
කුමට ද දුක් වන්නේ..?


මල් කියන දේ සාහිත්‍යමය භාෂාවෙදි වගේම ව්‍යවහාරික භාෂාවෙදිත් කාන්තාව හඳුන්වන්න භාවිත කරනව අපට ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. ඉතින් මෙතනදිත් රෝස මල උපමා වෙලා තියෙන්නෙ කාන්තාවකට. ඒ කාන්තාව අඬන බවක් තමයි මේ පද වලින් අපට වැටහෙන්නෙ. අඬන රෝස මල අඬන එක නවැත්වීමට තමයි මුල් පද යොදාගෙන තියෙන්නෙ. ඒ වගේම රෝස මලේ හඬා වැටීමට හේතුවත් අපට අපහසුවකින් තොරව ම වටහාගන්න පුළුවන්. නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා කියන පදයෙන් අපට වටහාගන්න පුළුවන් මේ කාන්තාව ආලය කළ ප්‍රාර්ථනා කළ පුරුෂයා මේ කාන්තාව අත ඇරල ගිහින් කියන එක. ඉතින් එහෙම වෙලාවක කාන්තාවකගෙ වැලපීම ඒතරම් පුදුමයට කරුණක් නෙමෙයි. ඒත් මේ පද රචකයා අහනව කුමටද වැලපෙන්නේ කියල.

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ ස‍ඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ..?


රචකයා කියන විදියට මේ කාන්තාව සියලු රුවින් සපිරි තැනැත්තියක්. නයන පිනන රුවිනි සපිරි රුසිරූ කියන්නෙ ඒකයි. ඒ වගේම ඒ කාන්තාව ගුණ සුවඳින් ද යුක්තයි. නිබඳ සුවඳ දසත විහිදි මියුරූ කියල පෙන්නල දෙන්නෙ ඒ ගුණවත්කමයි. මලෙක විලස නුඹ ස‍ඳෙකි සරා සොඳුරූ කියන පදයෙන් කියැවෙන්නෙ මේ කාන්තාව කාන්තාවකට අවශ්‍ය වන සියළු ගුණාංග වලින් යුක්තයි කියන එකයි. ඉතින් මේ තරම් ලස්සන සුවඳ මලක් තියෙද්දිත් බඹරුන් රොනට නො එන්න හේතුව තමයි රචකයට තියෙන ගැටළුව. කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ කියල ඔහු අහන්නෙ ඒකයි.

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා..?


මේ කාන්තාව තමුන් හැර ගියපු , තමුන්ව මගහැරපු පුද්ගලයා වෙනුවෙන් නොයෙකුත් දේවල් කරපු තැනැත්තියක්. ඒ පුරුෂයාව පොළඹවා ගැනීමට නොයෙකුත් ආකාරයෙන් උත්සාහ කරල තියෙනව. සොඳින සිරුර සුවඳ දියර නහවා , සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා යන පද වලින් පෙන්නුම් කෙරෙනව ඒ කාන්තාව පුරුෂයාගෙ අවධානය ගැනීමට ශෘංගාරාත්මක අයුරින් පවා සූදානම් වුණු ආකාරය. ඒත් ඒ සියළුම උත්සාහයන් ඵල රහිත බව අවසානයේ පෙන්වා දී තියෙනව. බඹර තුඩග රස විඳින බඹරු පතලා කියන පදයෙන් ඒ හේතුව පෙන්වා දෙනව. මේ රෝස මල ප්‍රාර්ථනා කරපු බඹරා තවත් බඹරෙක්ම පතන්නෙක් මිස මලක් පතන්නෙක් නෙමෙයි. කොටින්ම ඒ පුද්ගලයා සමරිසියෙක්. ඉතින් රචකයා මේ කාන්තාවගෙන් අහන්නෙ තමුන් හැර ගියපු සමරිසි පුද්ගලයෙක් වෙනුවෙන් කඳුළු හෙළල වැඩක් තියෙනවද කියලයි.

සමරිසි පුද්ගලයෙක්ට පෙම් කරල සිත් තැවුලට පත්වුණු කාන්තාවක පිළිබඳව මේ ගීතයෙන් ඉතාමත් අපූරුවට විග්‍රහ කෙරෙනව. වෙනත් සමරිසි බව ගැන ලියැවුණු ගීත බොහෝමයක් බැලූ බැල්මට ඒ ගැන ලියැවුණු ගීත කියල නො පෙනුනත් මේ ගීතයේ සමරිසි බව ගැන බොහොම පැහැදිලිව දක්වල තියෙනව. ඉතින් මේ ලෝකෙ මලට නො එන බඹරුන් වෙනුවෙන් අඬන මල් කොයිතරම් නම් ඇත් ද..?

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ..?
කුමටද දුක් වන්නේ..?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ..?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා..?




Last edited by භානුක on 2013-05-14, 10:56 pm; edited 2 times in total
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 10:48 pm
බානුවො කොහෙද උන්නෙ දැන්ද අවදි උනෙ ?
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 10:58 pm
@සිතුම් - ඇයි බං එහෙම ඇහුවෙ??
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 11:01 pm
පෙන්න උන්නෙ නැ... එ නිසා බැලුවෙ.... මට පෙනුනෙ නැද්ද දන්නෙ නැ.....
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 11:05 pm
එහෙනම් පෙනිල නෑ.. :)
මං දිගටම හිටිය.
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

2013-05-14, 11:07 pm
:roll: :roll:
Sponsored content

රෝස මලේ නුඹ නාඬන්නේ... Empty Re: රෝස මලේ නුඹ නාඬන්නේ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum