- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9081
Member Since : 2013-05-05
කියාවි කෙදිනක හෝ...
2013-05-16, 6:25 pm
සීරුවට පීරපු නුඹේ කෙහෙරැළි
අවුල් කරපු
කරදිය සුළඟෙන්
මම ඇහුවා
නුඹ මගේමදැයි කියා...
එත් සුළඟ නිහඬයි..
එකිනෙක පරයමින් පැමිණ
නුඹේ පා පොඩි තෙමූ
මුහුදු රළෙන්
මම ඇහුවා
නුඹ මගේමදැයි කියා...
ඒත් රළ නිහඬයි..
නුඹේ ඇස් තුළ රටා මැවූ
ඈත නිල් අහස් ගැබ
සරන වලාකුළෙන්
මම ඇහුවා
නුඹ මගේමදැයි කියා...
ඒත් වලාකුළු නිහඬයි..
විශ්වයම ගොළු වුණත්
ලෝකයම නොදෙඩුවත්
දිනෙක නුඹ පවසාවි
මගේ සවනට ළංවී
නුඹ මගේමයැයි කියා...
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26
Re: කියාවි කෙදිනක හෝ...
2013-05-17, 7:40 pm
lassanai malli
- Amila Rathnayake+ 100 Posts
- City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8573
Member Since : 2013-05-12
hi.
2013-05-18, 12:32 pm
Ettatama lassanai................Godak.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|