- Tharuka SithumRegular Member
- City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6269
Member Since : 2015-12-28
සංසාර මාරුතේ වෙලී...
2016-01-03, 10:54 pm
සංසාර මාරුතේ වෙලී
ආවා ද සුවඳ දී
මනමාල නෙත් අගින් මිදී
යනු බෑ ඉතින් යළී...
උන්මාද යුග නුවන් නුඹේ
කියනා කතා ඇසී
මට මාද අහිමි වූ දිනේ
මම උපන්නෙමි යළී...
නන්නාඳුනන තනුවක් ගැයී
පරදා ප්‍රශස්ති ගී
අනුරාග උණුහුමින් බිඳී
සිල් සුවඳ සුවිඳිමී...
ගිම්හාන දාහයෙන් දැවී
තනිකමේ ගිම් දිදී
වස්සාන සිහිලසයි විඳී
නුඹ සිත් මලේ පිපී...
නෙක රාජ කිරුළු බිම ලමී
දල්වා සුපෙම් මිණී
මනලෝල උර තලේ බැඳී
විඳිමී සුවේ නිදී...
නින්නාද හඬ නොකී කවී
තව ඇත හිතේ රැඳී
මිමුණන්න මම හෙටත් එමී
සංසාර දිවි මගේ බැඳී...
ආවා ද සුවඳ දී
මනමාල නෙත් අගින් මිදී
යනු බෑ ඉතින් යළී...
උන්මාද යුග නුවන් නුඹේ
කියනා කතා ඇසී
මට මාද අහිමි වූ දිනේ
මම උපන්නෙමි යළී...
නන්නාඳුනන තනුවක් ගැයී
පරදා ප්‍රශස්ති ගී
අනුරාග උණුහුමින් බිඳී
සිල් සුවඳ සුවිඳිමී...
ගිම්හාන දාහයෙන් දැවී
තනිකමේ ගිම් දිදී
වස්සාන සිහිලසයි විඳී
නුඹ සිත් මලේ පිපී...
නෙක රාජ කිරුළු බිම ලමී
දල්වා සුපෙම් මිණී
මනලෝල උර තලේ බැඳී
විඳිමී සුවේ නිදී...
නින්නාද හඬ නොකී කවී
තව ඇත හිතේ රැඳී
මිමුණන්න මම හෙටත් එමී
සංසාර දිවි මගේ බැඳී...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|