Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
pandlforever
pandlforever
Regular Member
Mood : Still alive

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 6579
Member Since : 2015-05-26

නික්මීම? පලා යාම? Empty නික්මීම? පලා යාම?

2016-03-09, 7:49 pm
Message reputation : 100% (1 vote)
හැර යා යුතුය මේ අහස දැන්
භාර කරමින් වේදිකාව
ඔබ හා එක්ව රඟන්නට මට වරම් නැති රැඟුමට

පැමිණ දහසක් තරු කැට
හෙළන නෙතගින් බැලුම් ම දෙසට
පවසාවි ඔබව වට කර කළ නො කළ යුතු මේ යැයි

ඊට පෙර යා යුතුය
පලා යා යුතුය
පැරදුණු නිසා නොව වැටහුණු නිසා

දිවාවක් දවන ලද 
දිවාකර තෙද බිඳී
සැඳෑවත් නිමා කර සඳුගෙ සඳ පැමිණේවි

ඊට පෙර යා යුතුය
පලා යා යුතුය
මෙලෙසින් වර්තමානයේ අනාගතයට ඇති බියෙන්

පැතුවත් කොතෙක් රැඳෙන්නට
හිරු සඳු එක්ව එකම අහසක
බලා ඇස් කොනින් දොස් සම්මතය නගයි උස්

ඊට පෙර යා යුතුය
පලා යා යුතුය
වෛරයෙන් නොව නොපෙනෙන අරුම සෙනෙහසින්
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum