Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ඇහැරවන්නමයි හිත නම්.. Empty ඇහැරවන්නමයි හිත නම්..

2016-03-28, 10:29 pm
Message reputation : 100% (2 votes)
මහත්තයෝ දොයිද..??
ඇහැරෙන්නෙ නෑ ද..?
ඉක්මණින් දොයිය ගත්තම..
පාළුයිනෙ මැණිකට..

ඇස් ඇරන් ඉන්නකම්..
විහිලු කර කර හිනාවෙන්..
මං තරහ ගස්සමින්..
ඉඳලා මේ මැට්ටා දොයි දැං..

නපුරු මූණක් තියං..
තරහින් කෑ ගහන්..
ඉන්න මූණ නෑ දැං..
හරි අහින්සකයි දැං..

ඇහැරවන්නමයි හිත නම්..
ලෝබයි දකිද්දි දැං නම්..
නෑ නෑ දොයි කියන්..
ඉන්නනම් මාත් තුරුලෙන්...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

ඇහැරවන්නමයි හිත නම්.. Empty Re: ඇහැරවන්නමයි හිත නම්..

2016-03-31, 2:12 pm
Message reputation : 100% (1 vote)
ඔබනම් හදවතට තදින් දැනවන ෙලස බස හසුරවන්නට සමත් ෙහාඳ කවි අන්කුරයක්. ඔබ ෙමහි පළ කර ඇති බොහෝ රචනා හොඳ ගී පදවැල් බවට පත් කළ හැකි සන්කල්පනා. නව පරපුරේ බොහෝ ගායකයින්ගේ මුවින් නැගෙන අඳෝනා වලින් හෙම්බත් වී සිටින අප මුසපත් කරන්නට හැකි ගී පදවැල් ඔබේ පන්හිඳෙන් බිහිවේවා යි පතමි.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

ඇහැරවන්නමයි හිත නම්.. Empty Re: ඇහැරවන්නමයි හිත නම්..

2016-03-31, 2:28 pm
Message reputation : 100% (1 vote)
මේ කොමෙන්ටුව ලීවෙ ඔබ මෙහි පළ කර අැති බොහෝ කවි සන්කල්පනා කියවීමෙන් පසුවයි.
මේ මගේ පලමු කොමෙන්ටුව. මම අදමයි Forum එකට සම්බන්ධ වුනේ.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ඇහැරවන්නමයි හිත නම්.. Empty Re: ඇහැරවන්නමයි හිත නම්..

2016-03-31, 11:17 pm
ස්තූතියි සජිත්. සතු‍ටුයි ගොඩක් කමෙන්ට් එක ගැන. පුංචි දෙයත් මට ගොඩක් වටිනවා. මම ලියන දෙයක් තවත් ඉස්සරහට අරන් ගිහින් අළුත් නිර්මාණයක් කරන්න කැමති සහ හැකියාව තියෙන කෙනෙක් ඉන්නවනම් මම කැමතියි මුණගැහෙන්න. ස්තූතියි ආයෙමත්
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26

ඇහැරවන්නමයි හිත නම්.. Empty Re: ඇහැරවන්නමයි හිත නම්..

2016-04-01, 12:37 pm
Message reputation : 100% (3 votes)
හි හි හී 
ඔයා දන්නෙ නෑ 
මන් දොයි නෑ කියල
දන්නවනම් 
දෑන් මාව කිති කවල කිති කවල අය්යෝ හි හි
සුද්දො 
ඔයා ඔහොම ඈවිත් 
ඔහොම බලාගෙන ඉන්නකොට මන් හරි ආසයි
ලන්වෙල ඉන්නකොට 
ඔයාගේ හුස්ම මගෙ නලලෙ වදිනව.
මට තෙරෙන්නෙ නෙ සුද්දො මට දෑනෙන හෑඟිම් කියන්න


ආදරෙයි මහ ගොඩරියක් 


හ් උදෙට බලමුකො 
මෑට්ට මෑටිගොඩ වගෙ මට ගුලි වෙල දොයියන් ඉන්න හෑටි
එතකොට තමා මන් ගොඩක්ම ආස
Sponsored content

ඇහැරවන්නමයි හිත නම්.. Empty Re: ඇහැරවන්නමයි හිත නම්..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum