- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද....
2016-05-17, 8:27 pm
ලැබෙන ගැරහුම් නිබඳ පැසසුම්
ගඟක් සේ එය ගලා යේ නම්...
නතර වන්නේ කොතැන ඉවුරෙද
එතෙර මෙතෙරක කියා කොහි වෙද...
නුඹත් නුඹත් නැති හුදෙකලාවේ
නුඹත් ඒ ගඟ සේ ගලා යේ...........
මහද උල්පත ගැලූ සෙනෙහස
පිනි බිඳක් සේ සිඳී යා නම්.......
නියං සායට ඇවිලි ලැව්ගිණි
දල්වනා සිළ නුඹම වේ නම්
මහා වැස්සක් වෙතැයි සිතු මට
නුඹම නියඟය රැගෙන ආ නම්
කෙලෙස නිවෙමිද නිවන කොතැනද
නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද.........
පවස දල්වන දෙතොල ඇවිලෙන
පිපාසෙට දිය පොද නොවේ නම්...
ගිලන් සිත ලඟ සුවය කැන්දන
අමා සුව ඔසුවම නොවේ නම්..
හදේ කොතැනක හෝ හිඳී යැයි
සිහිනයක් මිස සැබෑ නෙවි නම්
කෙලෙස හිදිමිද හෙටක් කොතැනද
නුඹත් නුඹ නැති බවක් වේ නම්..
මාව හොඳටම ලෙඩ වෙලා. කාත් කවුරුවත් නැති රටක ඉස්පිරිතාලෙකට වෙලා මම තනියම. මාව බලන්න කවුරුවත් නෑ. මට ඩෙංගු ලු. අම්මයි අප්පච්චියි හිටියනම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.
ගඟක් සේ එය ගලා යේ නම්...
නතර වන්නේ කොතැන ඉවුරෙද
එතෙර මෙතෙරක කියා කොහි වෙද...
නුඹත් නුඹත් නැති හුදෙකලාවේ
නුඹත් ඒ ගඟ සේ ගලා යේ...........
මහද උල්පත ගැලූ සෙනෙහස
පිනි බිඳක් සේ සිඳී යා නම්.......
නියං සායට ඇවිලි ලැව්ගිණි
දල්වනා සිළ නුඹම වේ නම්
මහා වැස්සක් වෙතැයි සිතු මට
නුඹම නියඟය රැගෙන ආ නම්
කෙලෙස නිවෙමිද නිවන කොතැනද
නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද.........
පවස දල්වන දෙතොල ඇවිලෙන
පිපාසෙට දිය පොද නොවේ නම්...
ගිලන් සිත ලඟ සුවය කැන්දන
අමා සුව ඔසුවම නොවේ නම්..
හදේ කොතැනක හෝ හිඳී යැයි
සිහිනයක් මිස සැබෑ නෙවි නම්
කෙලෙස හිදිමිද හෙටක් කොතැනද
නුඹත් නුඹ නැති බවක් වේ නම්..
මාව හොඳටම ලෙඩ වෙලා. කාත් කවුරුවත් නැති රටක ඉස්පිරිතාලෙකට වෙලා මම තනියම. මාව බලන්න කවුරුවත් නෑ. මට ඩෙංගු ලු. අම්මයි අප්පච්චියි හිටියනම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද....
2016-05-17, 9:23 pm
හිතට ශක්තිය ගන්න මල්ලී. අපේ පුන්චි කවිකාරයට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද....
2016-05-17, 11:04 pm
Admin සහෝදරයා,
ඕශද මල්ලී ගැන පොඩ්ඩක් හොයලා බලමුද?
ඕශද මල්ලී ගැන පොඩ්ඩක් හොයලා බලමුද?
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: නුඹත් නුඹ නැති දැහැන් බිඳුනිද....
2016-05-19, 9:02 pm
oshada, oya thaniwela nehe kollo. ehema hithanna epa. apith hithin oya langa innawa. oyata ikmanata suwaya lebenna kiyala mulu hadawathinma pathanawa malli petiyo.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|