- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
සෙනෙහස නුඹටමයි පතනෙමි සංසාර
2016-05-21, 10:16 pm
සුදු අත වෙලා ආසයි මට ඇවිදින්න
සුමුයුරු පෙම් කතා සවනට මුමුණන්න
හිමි නැති නිසා සසරේ දෙතැනක ඉන්න
කල පව කිමද පෙම්වත මට පවසන්න
සෙනෙහස හැඟුම් මද සුළඟේ කැඩීයන්
ආදර මතක වැහි කෝඩෙට තෙමීයන්
පායන හිරුට කඳුලැලි මගෙ දැවීයන්
සඳ වත සිසිල ලැබ සිත මගෙ හැදීයන්
වැවු තාවුල්ලෙ සෙවනක උණ පඳුර යට
දොඩමළු උනා මං නුඹ ළඟ සෑම විට
සෙනෙහස පිරුණු දිලිසෙන ඔය නුවන් යට
තුරුළුව උන්නු හැටි මතකයි තාම මට
පෙරදා මතක පොදි බැඳ මං කරකාර
දීගෙක ගියා ඔය අත ගෙන හැමවාර
උන්නත් නිතර සිත ළඟ පෙම පවුකාර
සෙනෙහස නුඹටමයි පතනෙමි සංසාර
සුමුයුරු පෙම් කතා සවනට මුමුණන්න
හිමි නැති නිසා සසරේ දෙතැනක ඉන්න
කල පව කිමද පෙම්වත මට පවසන්න
සෙනෙහස හැඟුම් මද සුළඟේ කැඩීයන්
ආදර මතක වැහි කෝඩෙට තෙමීයන්
පායන හිරුට කඳුලැලි මගෙ දැවීයන්
සඳ වත සිසිල ලැබ සිත මගෙ හැදීයන්
වැවු තාවුල්ලෙ සෙවනක උණ පඳුර යට
දොඩමළු උනා මං නුඹ ළඟ සෑම විට
සෙනෙහස පිරුණු දිලිසෙන ඔය නුවන් යට
තුරුළුව උන්නු හැටි මතකයි තාම මට
පෙරදා මතක පොදි බැඳ මං කරකාර
දීගෙක ගියා ඔය අත ගෙන හැමවාර
උන්නත් නිතර සිත ළඟ පෙම පවුකාර
සෙනෙහස නුඹටමයි පතනෙමි සංසාර
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|