- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
අසම්මතේ අප
2016-05-24, 8:29 pm
පවුරු පදනම් බිද විහිද සල
ලොවේ සීමා කඩා විසරු හද
හදේ පිරවුනු හැගීම ඇහිද මන
සැමට රහසින් පිපි නෙළුම ඔබ....
විසිර ගිය සම්මතේ දොරටු කල
ඔවුන් කියති අසම්මතේ බැදි සුව
හදට ලන්ව දැනෙන සැනසුම ඔබ
දැන දැන කරමි එහිම වරදේ බැද....
විදිමි විනිවිදිමි ආදරයේ පැහැය ඔබ
ලදිමි හිතමි සෙනෙහසේ සෙවණ ඔබ
කරමි පුදමි පුජාවකි සුදු නෙළුම ඔබ
වැරදි දනිමි යා නොහැකි බැදීම ඔබ....
පුදමි සිතින් මල් පහන් නිබද වට
කරමි හදින් හිමි පැතුම් මුනිදු හට
ලොවට වැරදි මාද ඔහුද නොම දැන
දකිනු දිනක සම්මතේ ඇසින් අප....
ලොවේ සීමා කඩා විසරු හද
හදේ පිරවුනු හැගීම ඇහිද මන
සැමට රහසින් පිපි නෙළුම ඔබ....
විසිර ගිය සම්මතේ දොරටු කල
ඔවුන් කියති අසම්මතේ බැදි සුව
හදට ලන්ව දැනෙන සැනසුම ඔබ
දැන දැන කරමි එහිම වරදේ බැද....
විදිමි විනිවිදිමි ආදරයේ පැහැය ඔබ
ලදිමි හිතමි සෙනෙහසේ සෙවණ ඔබ
කරමි පුදමි පුජාවකි සුදු නෙළුම ඔබ
වැරදි දනිමි යා නොහැකි බැදීම ඔබ....
පුදමි සිතින් මල් පහන් නිබද වට
කරමි හදින් හිමි පැතුම් මුනිදු හට
ලොවට වැරදි මාද ඔහුද නොම දැන
දකිනු දිනක සම්මතේ ඇසින් අප....
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|