- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
සිහිනෙන්වත් එපා යන්න...
2016-05-27, 8:07 pm
ඔය උරතලයේ හිස තියාන
කඳුළු වලින් ඉකිබිඳින්න
මේ හිත තුරුලට
ගන්නවාද..
මට සදහට හිනා වෙන්න
කඳුළින් සිරගත කුටියක
මං තනියම හඬනා තුරු
මේ සීතල කඳුළක බර
උහුලන්නට ඔබ එනවද..
හෙටක් කියා සිහින දකින
මේ සිහිනෙන් මා මුදන්න
තවත් ඉතින් මගෙන් ඈත
සිහිනෙන්වත් එපා යන්න...
නුඹ නොදන්න
නුඹව දන්න
මගේ හිතේ දුරක් යන්න
සංසාරේ හැමදාකම
මගේ වෙලා ළඟින ඉන්න
තව කාටත් හිමි නැති
මගේ හිතේ පෙම දකින්න
ඔය ඇස්වල එක බැල්මෙන්
හිත අස්සේ ලැගුම් ගන්න
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: සිහිනෙන්වත් එපා යන්න...
2016-05-27, 9:29 pm
සංසාරේ හැමදාකම
මගේ වෙලා ළඟින් ඉන්න
මගේ වෙලා ළඟින් ඉන්න
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: සිහිනෙන්වත් එපා යන්න...
2016-05-28, 2:29 am
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|