Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8423
Member Since : 2013-09-03

මගේ පතිනියනි ආදරෙයි මෙ මා... Empty මගේ පතිනියනි ආදරෙයි මෙ මා...

2016-06-18, 1:03 pm
Message reputation : 100% (1 vote)
වෙරළ අද්දර තිබුන අවන්හලක මම බීර වීදුරුවක් අතේ තියාගෙනම මුහුද දිහා බලන් ඉන්නකොට ඔයා ඇවිත් එක්ස්කියුස් කරලා මම හිටපු මේසයෙන්ම ඉඳගත්තා ඔයාට මතකද...?
ඒ හරියටම මීට අවුරුදු 12 කට කලින්..2004 ජූනි 17. මම මුහුද දිහා බලන් උන්නට මගේ ඇස් තිබ්බේ ඔයා දිහාවට.ඒ ඔයා මං දිහා සැරින් සැරේ බලනවා මම දැක්ක නිසා..
චූටිම චූටි හිනාවක් මගේ මූනේ ඇඳුන නිසා ඔයා ටිකක් ගැස්සුනා කියලත් මම දැක්කා...  මුහුදේ ශබ්දය ඉවසන්නම බැරි නිසාම ඔයා නාඳුනන මට කතා කලා.. 

"ඔයා ලොකු කල්පනාවක නේද..?" 

ඇත්තටම හිතන්න දෙයක් නැති වුනාට මම ආස කලේ මුහුද දිහා බලාන ඉන්න.ඒ නිසාම ඔයාගෙ ප්රස්නෙට මම උත්තර දුන්නේ පුංචි හිනාවකින්..

එදා ඔයාගෙයි මගෙයි හමු වීම අපේ ජීවිත වලට සතුට එන දවස කියන්න අපි දෙන්නටම දීපු සංකේතයක් කියලා ඔයායි මමයි කවදාවත් හිතුවේ නෑ.  කතාවෙන් කතාවෙන් හිත් එකට බැඳුන අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා නේද..?


වසර 4කම අපේ ආදරේ මතකයන්ගෙන් මගේ හිත තාමත් පිරිලා.ඔයා දඟකාරකමට කරපු කියපු දේවල් හැමදේකටම මම තාමත් ආදරෙයි.  ඒ ආදරේ තවත් ලස්සන කලා අපි විවාහ ගිවිසගාත්ත දවසෙ.
එදා මගේ  හිත හොරා ගත්තු ඔයා මං ඉස්සරහා ගොඩාක් ලස්සනයි..  දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක අපි අපේම කියලා ලෝකයක එකට ජීවත් වෙන්න පොරොන්ඳු දුන්නා...


"ආරාධනා නෙතඟින් ගෙනා
සංසාර සිහිනේ දෙහද යා කලා..."

 ඔයාත් එක්ක ගෙව්ව මගේ ජීවිතේ අද හිස් තැනක්..ඒ ලස්සන සුන්දර අතීතයේ ජීවත් වෙන එක දෙවියෝ මට හීනයක්ම කරලා.. 

ඔයාට මතකද මම ඔයාට දුන්න පලවෙනි හාදුව.. ඒ හාද්දට ඔයාගේ ඔය සිනිදු කම්මුල් රතු පාට වුනා..ඒ වගේම ඔයාගෙන් මට හම්බුනේ තවත් ආදරණීයම සිප වැළඳ ගැනීමක්..ඒ හැම දේකටම මම අදටත් වඩා හෙටටත් ආදරෙයි..ඒ නිසාම මම දෑස් පියන් අපේ ලොවේ තනි වෙන්න හිතුවා.
 
" ඔය දෙකොපුල් තෙමා
රන් නා දළු සිබිම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩිම්..."
 
වෙනදා වගේම මම ඉන්නේ ඔයා ගාව මගේ රත්තරං..මාත් එක්ක චුට්ටක් හිනා වෙන්න..දෑස් පියා ගත්තාම මගේ රත්තරං මගේ ගාවට එබ්නවා නේද..?ඒ ආදරේ,අපේ හීන මේ හැම දේටම ඔයා අලුතෙන් පාට අරන් එනවා නේද මගේ වස්තුවේ...? 

"සංසුන් සිතින්
පෙර මග ඉමි බලන්
මගෙ රණ හංසි ඒදෝ කියා..."

මගේ ආදරේ, මගේ ජීවිතේ....ඒ හැම දේම ඔයා වුනා..
ඒත් ඇයි දෙවියන් වහන්සේ මේ තරම් මගේ මග අඳුරු කලේ... 

රත්තරං ඔයාට මතකද...
එදා අපි අපේ අලුත් ව්යාපාරය පටන්ගත්ත දවස..ඔයාගේ අතින් පලවෙනි කිරිබත් කෑල්ල කවුවා මට..ඒ හැම දේක ඉහලම තැන මට හම්බුනා රත්තරං..ඔයාට පේනවා නේද.. 
මගේ මේ ඇස් වලින් වැටෙන්නේ අපේ ආදරේ..ඔයාගේ උනුහුම තාම මේ පපුවේ තියෙනවා මගේ පැටියෝ...මාව තවත් තනි කරන්න එප මගේ ආදරේ...මේ හිත තාමත් පිස්සුවෙන් උඹට ආදරෙයි සුදූ.. 

"හුස්මත් උනුයි
කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි.."


මේ හිත පුරාම හීනෙන් වගේ ඉන්නේ ඔයා.ඔයත් ඒක දන්නවා..
මම මටත් වඩා , මේ ලොකේ හැම දෙටත් වඩා ආදරේ ඔයාට..ඒත් මට ඉතිරි මේ මතකයන් විතරයි දැන්..ඒත් ජීවිතයක් නැති මට ඔයාගේ ඒ ලස්සන මතකයන් ප්රාණ වායුව දෙනවා....අනේ මගේ පැටියෝ....

  "මතකය නුඹයි
එතකොට දුකයි
දිවි ගෙවෙනවා දෝ හරි සැකයි...." 

රත්තරනේ...ආයෙම මං ගාවට එන්න..ඒ ලස්සන හීන ගොඩාක් අරගෙනම ආයේ මගේම වෙන්න..මුළු ජීවිත කාලෙටම.. මේ ලස්සන සුදු රෝස මල් කළඹ ඔයාටයි මම ගෙනාවේ...
මගේ පණ...ඔයා මගේ වෙන්නේ නැතත්..මතු ආත්මෙට හරි මගේ වෙන්නම පතන්න.ඔයා මගේ...ඒ ආදරේ මගේ..මම හැමදාටම ඔයාගේ..
 
ඔයා මගෙන් වෙන් වෙලා අදට අවුරුදු 3යි.ඒත් ඒක මට හරියට කල්ප කාලයක් වගේ..මගේ වස්තුවේ..කෝ මං දිහා බලන්න..

ඒ හිනාව, ඒ පැලෙන්න තරම් ආදරේ අරගෙන ආයෙම මගේ ගාවට එන්න.. මේ හැම දෙම ආදරයෙන් ඔයාට.. 

"මේ කුළු මතින් 
රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ  නොයෙනා හැඩයි...."

  මගෙන් වෙන් වුනාට ආයෙ කවදාවත් මාව තනි කරන්න එපා.මගේ වස්තුට තෙරුවන් සරනයි, ජේසු පිහිටයි..සමාදානයෙන් සැතපේවා...!!!

  "දෙව් ලොව ඉඳන් 
නුඹ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයි මෙ මා..."

By Sithija
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26

මගේ පතිනියනි ආදරෙයි මෙ මා... Empty Re: මගේ පතිනියනි ආදරෙයි මෙ මා...

2016-06-18, 4:50 pm
Hey man wt is this .......... ????? help help help
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum