Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

ඉක්මනින් එනවාද Empty ඉක්මනින් එනවාද

2016-06-26, 7:12 pm
අල්ලන්න බැරි අහසටත්
අයිතියක් නැති පොළොවටත්
ළං වෙන්න බැරි මුහුදටත්
පෙම් කලා මම මහා මෙරක්..

අල්ලන්නවත් බැරි
ඈතටම නුඹ ගියත්
මගේ නොවන බව දැනන්
පෙම් කරමි මම තවත්..

මගේ වෙන්න බැරි උනත්
තරහා නෑ මම ඉතින්
හිමි නොවන බව තවත්
පිළිගන්නෙ නෑ හිතත්..

හිතුනොතින් ආයෙමත්
මට දුන්නු පෙම අරන්
ඉක්මනින් එනවාද
මම ඉන්නෙ මග බලන්...
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6697
Member Since : 2015-08-18

ඉක්මනින් එනවාද Empty Re: ඉක්මනින් එනවාද

2016-06-26, 8:19 pm
මග බලන් උන්නට 
යලි එන්නේ නැති වුනොත්
හඩන්නට දග කරයි 
නුබේ නෙතු ආයෙමත්
වැටෙන කදුලක උණුහුම​
නොදැනෙනා ලෝකයක​
තනිවෙලා හඩන්නට​
එපා සිත දග කරත්.....

................ලස්සනයි මල්ලි කවිය​.......................
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ඉක්මනින් එනවාද Empty Re: ඉක්මනින් එනවාද

2016-06-27, 2:05 am
එදා වාගෙම අදත්

නුඹට දුන් පෙම අරන් ...

එන්නෙමී මම හෙටත්

ඉක්මනින් නුඹ සොයන් ...
Sponsored content

ඉක්මනින් එනවාද Empty Re: ඉක්මනින් එනවාද

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum