Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
avatar
ashanika
memebrs with 1 post
City : Sydney
Country : Australia
Posts : 2
GetReal Gold : 7776
Member Since : 2013-09-20

අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ? Empty අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ?

2017-01-21, 5:18 am
බොහෝ කාලයක් මේ සමුහයේ සාමාජිකයෙක් උනත් මම මේ සංවාදයකට එකතු වෙන පළමු අවස්තාවයි. ඒ නමුත් මෙහි පලවෙන නවකතා , කෙටිකතා, සංකල්පනා සියල්ලම කියවා රස විඳ තියෙන නිසා අද අපේ සහෝදරවරුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුනා. මම ලංකාවේ පදිංචි කෙනෙක් නෙමෙයි. ඒත් අපේ රටේ වෙන දේවල් අන්තර්ජාලයෙන් දැනගන්න ලැබෙන නිසා දැනුවත් වෙනවා.

සමරිසි අපිව නියෝජනය කරන්න දැනට ලංකාවේ තියෙන ප්‍රධාන වෙබ් පිටුවක් හැටියට මෙහි සාමාජිකයන් වන ඔබත් මමත් අපේ අයිතීන් වෙනුවෙන් ගත් ප්‍රයෝගික ක්‍රියාමාර්ග කිසිවක් තිබේද? මේ රජයේ බොහෝ ක්‍රියාකලාපයන් අනුමත නොකලත් සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව අගය කල යුතුයි. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් තවමත් පරණ හණමිටි අදහස් අත්හරින්න අකමැති උනත් අපි ගැන කතා කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙලා තියෙන මේ අවස්ථාවේ අපිත් යමක් කරමු. අපි එකතුවෙලා සමරිසි ප්‍රජාව කියන්නේ කවුද, අපි නිසා සමාජයට හානියක් සිදුවෙන්නේ නැති ආකාරය දැක්වෙන ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරමුද? නොමිලේ භාවිතා කල හැකි ප්‍රචාරණ මාද්‍ය තියෙනවානේ , ඒවා භාවිතා කරමු. රටේ ගොඩක් අය දැනුවත් නැහැ තාමත් ඇයි සමරිසි අපි අපේ අයිතිය ඉල්ලන්නේ කියලා. අපි කියලා දෙමු. කොහෙන් හැරි පටන් ගන්නත් ඕනි නේ බ්‍රෝ . මොකද කියන්නේ ?

Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5803
Member Since : 2016-10-31

අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ? Empty Re: අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ?

2017-01-21, 7:31 pm
කෙන්ති ගන්න එපා හරි සරල උත්තරයක් දෙන්නම්... ඔයා සයිට් එකට රෙජිටර් වේලා තියෙන්නේ "" .ඔයා මේ වෙනකොට සයිට් එකෙ කතා සංකල්පනා ඔක්කොම වගෙ කියවලා තියෙනවා , හැබැයි ඔයා සයිට් එකෙවත් අපේ එවුන් වෙනුවෙන් දෙයක් කරලා නැහැ . කතාව කියෙව්වා .. ඔයා පඩුවේ යන්න ගියා මොකද ඔයා වැඩේ කෙරිලා ඉවර නිසා .. කතාවට කොමේන්ට් එකක් දලා කතෘට සප් එකක් දෙන්නවත් වුවමනාවක් නැහැ.. එකම මෙතනට අදළ කර ගන්න .. හරි සරයි ලංකාවේ මිනිස්සු තාමන්ට විතරයි දෙයක් කර ගන්නෙ .. විවිධ සංවිධන තියෙනවා ලංකාවේ හැබැයි එ කිසිම අයතනක් ලංකාවේ ක්‍රමේට කිසිම දෙයක් නොකර පිරට සංස්කෘතිය මේහේට අදා ගැනිම නිසා එ වැඩත් එච්චර සර්ථක නැහැ..
avatar
ashanika
memebrs with 1 post
City : Sydney
Country : Australia
Posts : 2
GetReal Gold : 7776
Member Since : 2013-09-20

අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ? Empty Re: අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ?

2017-01-22, 6:30 am
ඔව් ඔයා කියන එක හරි යොහාන්, ඒක මම කරපු වැරද්දක්. එය නිවැරදි කරගැනීම ඉදිරියේදී සිදුකරන්නම් . ඔයාගේ අදහසට ස්තුතියි .
sapumal
sapumal
Regular Member
Mood : Fabulous

City : Colombo
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 6739
Member Since : 2015-03-28

අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ? Empty ඒක අපේ රටේ සංස්කෘතියේ ස්වභාවය අනුව තමා ඉතින්

2017-06-27, 12:01 am
මේ ගැන විශාල අදහසක් දක්වනවාට වඩා සරලව කියන එක තමා වටින්නේ.තාමත් අපේ රටේ මිනිසුන්ගෙ සංස්කෘතික රාමුව බිද වැටිලා නෑ.සමලිංගිකත්වය පමණක් නොවේ අනෙකුත් බොහෝ කාරණා වලදි පවා ඔවුන්ගේ දැඩි මතවාදී ගතිය අපට දකින්ඩ තිබේනවා.සමහර විට තව බොහෝ කාලයක් යාවි අපේ අයිතීන් අපට ලැබෙන්න.විවිධ කාල වලදි රටේ පාළනය භාර ගන්න රජයන් පවා අපට පෙනෙන තරමට වත් LGBT වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.වත්මන් රජයේ ක්‍රියාකලාපය ගැන මට නම් විශ්වාසයක් නෑ.ආර්ථික හා දේශපාලනික අතින් දුර්වල රටක දේශපාලකයින්ට අපි ගැන හොයන්ඩ වෙලාවක් නෑ. smile  [You must be registered and logged in to see this image.] 


Last edited by sapumal on 2017-06-27, 12:02 am; edited 1 time in total (Reason for editing : mis typed)
Sponsored content

අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ? Empty Re: අපේ අයිතීන් ගැන කතා නොකරන්නේ ඇයි ?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum