Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10642
Member Since : 2013-08-11

ඒත් මට, නුඹ තරම් Empty ඒත් මට, නුඹ තරම්

2017-02-13, 9:13 pm
ලංකාවෙ තමන්ගෙ හිතට එකඟව එක්කෙනෙකුට ආදරේ කරන සමලිංගික ආදරවන්තයෙකුට හැබෑකරගන්න කරගන්න අමාරුම දෙයක් අද මම හැබෑකරගත්තා. ගොඩක් සතු‍ටුයි. මතක් කරන්න අකමැති අතීතයක ජීවත් උන මම අද මේ ඉන්න තත්වෙට ගේන්න මගේ ආදරවන්තයා මහ ගොඩක් කැපකිරීම් කලා. දන්න කාලෙ ඉඳන් මගෙ හොඳම යාළුවා අද මගෙ ආදරවන්තයා. ඔව් මම උඹට සැහෙන්න බැනලා රණ්ඩු කරලා තියෙනවා. ඒ තරහකට නෙවෙයි බං ආදරේ වැඩිකමට. ගොඩක් දේවල් නැතිවෙච්ච මට උඹ නැතිකරගන්න බෑ. ඒ නිසාමයි යාළු උන දවසේ ඉඳන් කල්පනා කරලා මේ තීරණය ගත්තේ. කාත් කවුරුවත් නැති මගෙ ජීවිතේට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් උන ඊටත් වඩා හිතාගන්න බැරි තරම් ආදරේ දෙන උඹව මගේම කරගන්න අද දවස වෙනකන් මම ඇඟිලි ගැන්නා... හැමදේටම උඹට පිං







මත ගැ‍ටුම් අද මෙන්ම හෙට දිනත් තියේවි
තරහ වී යළිත් අපි ආදරෙන් ඉඳීවී
විටෙක නුඹ හැරයන්න තරම් හිත බිඳේවී
ඒත් මට, නුඹ තරම් කිසි කෙනෙක් නොවෙවී


නුඹ කරන වැඩවලට මට තරහ හිතේවීඉ
අකීකරුකම් වලට මම නුඹට බනිවී
මා නොදැනී මෙන් හිඳින විට දුකක් දැනේවී
ඒත් මට, නුඹ තරම් අන් කිසිත් නොවේවී


රණ්ඩු සරුවල් නිතර අපි අතර තියේවී
නුඹත් විටෙක හිත දෙගිඩියාවෙන් හිඳීවී
නමුත් අප කිසිම දින අපව හැර නොයාවී
තවත් වැඩියෙන් සිතට ආදරේ දැනේවී


නුඹ තරම්, මට කිසිවෙකුත් දුකක් නොදේවී
නුඹ තරම්, මට කිසිවෙකුත්  මගෙ සතුට නොවේවී
මේ තරම් සෙනෙහසක් අන් කෙනෙකු නොදේවී
අපි තරම් කිසිවෙකුත් ආදරෙන් නොවේවී
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05

ඒත් මට, නුඹ තරම් Empty Re: ඒත් මට, නුඹ තරම්

2017-02-14, 12:15 am
Congratulations and celebrations.....

නවමු මගකට දොරගුලු හැරගෙන
මල් පොහොට්ටු විකසිත කරගෙන
ආලය නම් වූ මහා නවුකාවේ
රුවල නම් වූ මහා දිවුරුමෙහි
බැදී පැටලුනු නුබේ නව දිවියට
සැමදා මල් වැසි වැස්සේවා

සද හිරු තරු මැකී ගියත් ලොවින්
සත් සමුදුර සිදී ගියත් පිටින්
ඔබේ ආදරේ සදාකාලිකයි
එයයි සත්‍යයය දන්නෙමි මම
මෙතෙකින් ඇරඹුනු නව දිවි මන් පෙත
රෝස මල් පෙති සුපිපුනු
ලස්සන දිවි පෙතක් වෙන්නයි පතන්නෙමි
හදවතින්මයි එය පතන්නෙ
ආදරෙයි නුඹ දෙදෙනාටම



කවි කියන්න මන් කිවිදෙක් නෙවේ...කවි ලියන්න අකුරු ගලපන්නත් බැහැ මට...ඒත් ඔයාලා වෙනුවෙන් මෙහෙම හරි ලියන්න හිතුනා...අනාගතය සුභ වේවා...ලස්සන වේවා...දෙවි පිහිටයි..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum