Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
avatar
Suwahas
Regular Member
Mood : Hurt

City : somewhere under the same sky
Country : Sri Lanka
Posts : 26
GetReal Gold : 5689
Member Since : 2016-09-16

සැමරුම් Empty සැමරුම්

2017-04-06, 5:22 pm
........ම්ම්ම්..අද මගේ ජීවිතේ ගෙවිච්ච අමාරුම දවසක්.මෙහෙම දෙයක් ලියන්නෙ පපුව ඇතුලෙ හිරවෙලා තියන වේදනාව කෑ ගහල අඩල ඉවරයක් කරගන්න බැරි බව දන්න නිසා.අන්තිම මොහොතෙ හරි මේ ටික ඔයාගෙ ඇස්දෙක දිහා බලාන කියන්න ලොකු වුවමනාවක් තිබුනත් එහෙම කරන්න තරම් මගෙ හිතට හයියක් තිබුනෙ නැහැ.
............අවුරුදු හතරක් තිස්සෙ මුළු හිත පුරාම විදගත්ත..මගෙමයි කියල අයිතිකරගෙන තිබුන උඹගෙ ආදරේටත්,,ජීවිතේටත් අද ඉදන් මට කිසිම අයිතියක් නැහැ.මෙහෙම වෙන බව මං නොදැන හිටිය නෙමෙයි බං.ඒක උඹත් දන්නවනෙ.ඒත් ඒකට මුහුණ දෙන්න මගෙ හිතේ මේ තරමට හයිය නැතිවෙයි කියල හිතුවෙ නැහැ.එහෙම දැනුන නම් අද මේ ගමන මං එන්නෙත් නැහැ. 

අවුරුදු දෙකකට විතර පස්සෙ දැක්කෙ....උඹ තවත් සුදු වෙලා..ලස්සන වෙලා. දැක්කම ලෝභත් හිතුන.ඒත් පපුව උඩ ගහල තිබුන මල් කිණිත්ත දැක්කම පපුව පිච්චිලා ගියා සුද්දො.

.......අදින් පටන් ගන්න උඹේ මේ අලුත් ජීවිතේට හැම සතුටක්ම ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව.දවසක අපි ආයිත් හම්බවෙමු.මේ ලෝකෙ උඹ හිතන් ඉන්න තරම් ලොකු එකක් නෙමෙයි බං. මුහුදෙන් එහාට පැනගත්තත් අපි දවසක ආයෙත් මුණගැහෙනවමයි.මං ආසයි එදාට පොඩි පොඩි අයිතිකාරයො ගොඩක් උඹගෙ අතේ එල්ලිලා ඉන්නව දකින්න.ඒත් එදාට මං නොදැක්ක වගේ යන්නම්..උඹත් ආපහු හැරිල බලන්න එපා..


""..තරුවත් නොපෙනෙන 
රෑ ඝණ අඳුරේ..
මතුවෙන නොපෙනෙන
සෙවණැලි අතරේ..
සිනහව තැවරූ.,,තොල් පෙති අතරේ
නුඹ ඉකිබිද හැඬුවා..
ඒ හැඬුමන් පවනට මුසු නොවුනත්
මගේ සිතට ඇසුනා...


සිහිල සදා පිණි වැස්සක් වාගේ
දුක් ඉසිලූ අහසයි නුඹ මාගේ..
නිහඬව නිසලව වුන්නත් එකසේ
දේදුනු පාලම් විසුණු කරලමින්
කඳුළැලි ගොඩගැලුවා
ඒ හඩ මට ඇසුනා..


වෙවුලන දෙතොලින් 
සුභ පතනා විට
හදවත මොර දී
වැළපුන ඒ හඬ
පවනට මුසු නොකලත් මුවගින් මම
නුඹේ හිතට ඇසුනා..
ඒ බව මට දැනුනා..


නුඹ හා එක'සුන..ඇය හිදුවාගෙන
මංගල රියපෙළ ඇදෙනා අතරේ
තිතක් වෙලා නුඹ නොපෙනී යනතුරු
සවිය සැදූ නුඹ..දිරිය වැඩූ නුඹ
තුරුළට ගෙන යළි සිපගනු නොහැකිව
ම'සිත රිදී බිඳුනා..
සත්තයි මට හැඬුනා..
නුඹව මටත් දැනුණා..
මල්ලියෙ මට හැඬුනා..""
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

සැමරුම් Empty Re: සැමරුම්

2017-04-06, 7:13 pm
එදාට මං නොදැක්ක වගේ යන්නම්..උඹත් ආපහු හැරිල බලන්න එපා..
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07

සැමරුම් Empty Re: සැමරුම්

2017-04-10, 8:13 pm
cry cry cry
Sponsored content

සැමරුම් Empty Re: සැමරුම්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum