Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6461
Member Since : 2016-07-07

වීනස්, උඹත් නොදන්නව ඇති Empty වීනස්, උඹත් නොදන්නව ඇති

2018-08-16, 4:42 pm
රෝම පිරුණු පපුවක
ඝන දෙබැම යුගලක
රළු පිරිමි දෑසක
සොයනු රිසි නොවෙද
මගේ ප්‍රේමය...



සුදුම සුදු පාටට
මල් පිපුණ පරවුන
එකෝමත් එක හවසක
උඹ ඇන්ද සිතුවම
පපුතුරට වාරුකරගෙන..



කුණාටුවකට හසුව
කළු ගැසී සේදී ගිය
විඩාබර හදවතක් ඇත
උඹ යන්න ගිය වග නොදැන
තවත් කවුරුත් නොඑන..



වීනස්, උඹට නොහැඟෙන
බොහෝ හදවත් වලට
කාටවත්ම නොඇසෙන
කවුරුවත් නොඅසන
වේදනා බර රිදුමක් ඇත
වෙදනලාවකට වුවද නොදැනෙන...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

වීනස්, උඹත් නොදන්නව ඇති Empty Re: වීනස්, උඹත් නොදන්නව ඇති

2018-08-16, 10:49 pm
සත්තකින්ම ඇත්ත මල්ලි. අපේ හිත්වල තියෙන කාටවත් කියන්න බැරි වේදනා අපි ලඟම තියාගෙන පිටතින් හිනාවෙලා අපි ඉන්නවා.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum