Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9848
Member Since : 2013-07-06

ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්.. Empty ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්..

2019-11-08, 6:58 am
මතකද එක්සත් ජනපදය තමන්ගේ ප්‍රාන්ත එකින් එකට විවාහ සමානාත්මතාවය දී ගෙන ගිය කාලය..ඒ දවස් වල LGBT community එක නියෝජනය කරමින් තිබූ ජාත්‍යන්තර facebook pages "Love wins" කිය කියා එක එක ප්‍රාන්ත වල සිතියම් ගෙන හැර පාමින් මේ පුවත් බෙදා හැරියා.හැබැයි මේක ලේසි වැඩක් වුණේ නැහැ..සමහර ප්‍රාන්ත ආණ්ඩුකාරවරු මේකට විරුද්ධ වුණා..මේක තමයි අවසාන අවස්ථාව කියලා හිතපු එක්සත් ජනපදයේ සමරිසි ප්‍රජාව, තමන්ට හිතකර අදහස් දරපු දේශපාලන ප්‍රවාහ වටේ ඒකරාශී වුණා..චන්දයක් එනකම් බලාගෙන හිටියා.චන්දය ආවම තමාගේ චන්ද පදනමේ තරම පෙන්නුවා.එතනින් එහාට මේ හොමෝෆෝබියාවෙන් පෙළෙන ඈයෝ චන්ද සටනේදි සමරිසි ප්‍රජාව අනවශ්‍ය විදිහට අවුස්ස ගත්තේ නැහැ.එහෙ LGBT community එක දේශපාලනයේ බලතුලනයට ඇතුළත් වී හමාරයි දැන්.ඒකම තමයි ඒ රටවල් වලට LGBT rights ආවේ..


මහ  බ්‍රිතාන්‍යයේ 1989 දී සමරිසි ඝාතන රැල්ලක්ම ආවා west london murders කියලා.එහෙව් රටේ අද සමරිසියන්ට තැනක් තියෙනවා..ඇයි..ගේමක් ගැහුවා හැම අතින්ම..දේශපාලනය එක පැත්තක් විතරයි..ඒක professionalism වලින් ගහපු ගේමක්..ඒ වෘත්‍තිය දක්ෂකමේ එක පැතිකඩක් මම ඉස්සරහට getreal  එක ඇතුළේ පිළිවෙලට දිග හරින්නම්.


එතකොට ලංකාව..ලංකාවේ අපිව ඒ වගේ මැරුවේ නැහැ.මැදපෙරදිග රටවල් වල වගේ තෙදිස් වධේට සමාන වධ දීලා අපිව ලංකාවෙදී මරන්නේ නැහැ.සමරිසියන් සම්බන්ධයෙන් අහිතකර අදහස් දරණ රටවල් වලින් ලංකාව තමයි හිතකරම රට ජීවත් වෙන්න.නමුත් තත්ත්වේ නරක් වේගෙන එනවා.හේතුව තමයි දේශපාලනය..ජාතිය ,ආගම ,ජාතික ආරක්ෂාව මාකට් කරන කාලකණ්ණි දේශපාලකයන් අපිවත් චන්ද කඩන තුරුම්පුවක් විදිහට පාවිච්චි කරලා ඉවරයි දැන්..දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ සමරිසි ලෙස ප්‍රසිද්ධ රහසක් සේ කියවෙන ඇතැම් ඇමතිවරුන්ව හාස්‍යයට ගනිමින් විපක්ෂය මිනිස්සුන්ව පවතින ආණ්ඩුව කළකිරවන්න අපිව තුරුම්පුවක් කරගත්තා..ඇයි අපි තුරුම්පුවක් වෙන්නේ කාගෙවත්..අපිට බැරිද ඒ අයව තුරුම්පුවක් කරගන්න..? අඩුම තරමේ අනාගත පරපුර වෙනුවෙන්වත් අපිට බැරිද ඒ තුරුම්පුවේ බේස් එක හදලා යන්න..??


AKD පුළුවන් විදිහට අපිට ඒකට ප්‍රවේශයක් හදලා දුන්නා..ඒක හරියට නිකම් අඳුරේ යන්තම් නිවි නිවී දැල්වෙන ගිනිදැල්ලක් වගේ..දිගටම පත්තු කරන් ඉන්න එක අපිට භාරයි.කිසිම දවසක ලංකාවේ දේශපාලනය ඇතුළේ  LGBT community එකට voting base එකක් හදන්න සාධාරණ තැනක් ලැබුණේ නැහැ.හැබැයි යම්තාක් සාධනීය මට්ටමකින් ජාතික ජන බලවේගය ඒ තැන අපිට හදලා දුන්නා..මේ බේස් එක දැනෙන බේස් එකක් කරන්න අපි දායකත්වය දුන්නොත්..ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම මේ බේස් එක ආවේ කොහෙන්ද කියලා අධ්‍යනය නොකර ඉදීවිද..?


මේ බේස් එක අපේ අතට ගන්නේ කොහොමද කියලා කල්පනා නොකර ඉඳීවිද..?


ආරම්භය අමාරුයි..එච්චර දැනෙන්නේ නැහැ..ඒත් අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ..අපි මේ දේශපාලනයට ඇතුළු වෙන්න ඕනෑ..ඊට පස්සේ ඔබට පුළුවන් ඔබට එකඟ විය හැකි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සහිත ඕනෑම අපේක්ෂකයෙක් ළඟ හිටගන්න..

Sajith likes this post

සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්.. Empty Re: ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්..

2020-04-04, 11:29 am
අවසානයේ කියනවනේ, "ඔබට කැමති ප්‍රතිපත්ති ප්‍රකාඅහනය සමග එකතුවෙන්න" කියලා.
එහෙනම් අමුතුවෙන් බේස් හදන්න ඕන නෑනේ.
මේ රටේ සංස්කෘතිය හා ජන විඤාන වලට කතා නොකර යුරෝපයේ කරපු දේ මෙහේ කරන්න බෑ.
ඒක කරන්න ඕන වෙනස් විදියකින්.

එහෙම නැතුව සම්මාජයේ සමසමලිංගික යන්ට පිලිගැනීමක් කවදාවත් ලැබෙන්නෙ නෑ.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5829
Member Since : 2016-10-31

ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්.. Empty Re: ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්..

2020-04-04, 7:51 pm
සහන් wrote:අවසානයේ කියනවනේ, "ඔබට කැමති ප්‍රතිපත්ති ප්‍රකාඅහනය සමග එකතුවෙන්න" කියලා.
එහෙනම් අමුතුවෙන් බේස් හදන්න ඕන නෑනේ.
මේ රටේ සංස්කෘතිය හා ජන විඤාන වලට කතා නොකර යුරෝපයේ කරපු දේ මෙහේ කරන්න බෑ.
ඒක කරන්න ඕන වෙනස් විදියකින්.

එහෙම නැතුව සම්මාජයේ සමසමලිංගික යන්ට පිලිගැනීමක් කවදාවත් ලැබෙන්නෙ නෑ.
අපේ එවුන්ට එක කොච්චර කිව්වත් ත්රෙන්නේ නැහැ බන් ..  උන්ට ඕනි පෙළපාලි ගිහින් අහිතිවසිකම් ලබා ගන්න
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්.. Empty Re: ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්..

2020-04-04, 9:04 pm
Yohan wrote:
සහන් wrote:අවසානයේ කියනවනේ, "ඔබට කැමති ප්‍රතිපත්ති ප්‍රකාඅහනය සමග එකතුවෙන්න" කියලා.
එහෙනම් අමුතුවෙන් බේස් හදන්න ඕන නෑනේ.
මේ රටේ සංස්කෘතිය හා ජන විඤාන වලට කතා නොකර යුරෝපයේ කරපු දේ මෙහේ කරන්න බෑ.
ඒක කරන්න ඕන වෙනස් විදියකින්.

එහෙම නැතුව සම්මාජයේ සමසමලිංගික යන්ට පිලිගැනීමක් කවදාවත් ලැබෙන්නෙ නෑ.
අපේ එවුන්ට එක කොච්චර කිව්වත් ත්රෙන්නේ නැහැ බන් ..  උන්ට ඕනි පෙළපාලි ගිහින් අහිතිවසිකම් ලබා ගන්න
👍
Sponsored content

ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්.. Empty Re: ළඟ එන ජනාධිපතිවරණය සහ අපේ මතයේ හැසිරීම පිළිබඳව අදහසක්..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum