Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31

උබට දුක නැද්ද ? Empty උබට දුක නැද්ද ?

2020-02-09, 1:37 am
උබට දුක නැද්ද?


දුක (මද සිනාවක් පාමින්)


මොකද බුරුවො හිනා වෙන්නේ?


නැහැ මට හින්දි ෆිල්ම් එකක් මතක් උනා අබේ.


ඇත්තටම උබට දුක නැද්ද මල්ලි,?


උබට ඕනි මන් මෙතන දේව්දාස් වගේ බී ගෙන කෙල පෙරාගෙන අඩනවා බලන්නද බන්?


උබට හැමදෙයක්ම විහිලු මල්ලි. උබට දුකක් දැනෙන්නෙම නැද්ද?


එක මට වඩා තමුසේ දන්නවා අයියේ,  දුකයි. පොලව පලාගෙන යන්න තරම් දුකයි. පොළෙවේ පස් කන්න තරම් දුකයි. එහෙත් එහෙම කර කියලා තමුසේ මන් ගාව නවතිනවද?


උබ හිතන්නේ මන් මේක කැත්තෙන් කරන දෙයක් කියලද? 


පිස්සුද මැණික, මන් දන්නවා උබ පුළුවන් උනා නම් උබ මන් ගාව නතර නොවී ඉන්නේ නැහැ කියලා.


මට සමාවෙයන් පණ.


අනික මගේ මුකලන් බස්සාව ගිරෙකට අහුවෙච්චි පුවක් ගෙඩියක් වෙනවා දකින්න මන් කැමති නැහැ.


ඒ කිව්වේ 


ඒ කිව්වේ ගෙදරින් ඔයාව ප්‍රෙෂර් කරනවානේ ඇති වෙන්න ... මමත් ඇයි ඔයාව ප්‍රෙෂර් කරන්නේ 


එහෙත් තමුසෙට ඉන්න පුළුවන් ද මන් නැතුව?


කවුද මගේ අබේව නැතුව ඉන්නවා කිව්වේ? උබට මතකද දන්නේ නැහැ උබට මන් හිතින් ලව් කරන්න ගත්ත මුල් කාලේ උබව හරියට පේන්නෙවත් නැති ෆොටෝ එකක් තියාගෙන උබ වෙනුවෙන් ජිවත් උනා. පොඩ්ඩ පොඩ්ඩ ඉතින් වටෙත් ගියා 


මන් දන්නේ නැහැ උබ මෙහෙම ඉවසගෙන කොහොම හිනා වෙලා ඉන්නවද කියලා මල්ලි. උබ මාර පුදුම මිනිහෙක් 


පුදුම වෙන්න දෙයක් නැහැ අයියේ ඔයා වෙනුවෙන් එහෙම ඉන්න පුළුවන් වෙච්චි මට උබත් එක්ක එකට අවුරුදු ගනාක් ගෙවපු මතකයන් එක්ක ජිවිත කළෙම ඉන්න පුළුවන්.
මොකද මේ ඇස්  වල කඳුළු, ඔහොම ඉන්න එපා හෙට මනාලයෙක් වෙන්න ඉන්න මගේ එකා ලස්සනට ඉන්න ඕනි. 


උබ හෙට එනවද?


මොකටද මගේ එකාව කොහිද යන උඩෙක්කියක් උස්සන් යනවා බලන්නද?


අනේ පිලිස් වරෙන් මැණික.


එනවා බන් එනවා කොච්චර හදවත පිච්චුනත්, හදවත පැලෙන්න ආවාත් මන් එනවා උබ හෙට රාජ කුමාරයෙක් වෙලා ඉන්නවා බලන්න.


හැමදාම මන් ලගින් හිටපන් මාව දාලා යන්න එපා.


ඇයි උබට ඕනි මාව හොර මිනිහා කර ගන්නද.


අනේ මන්දා උබේ කට නම්


අන්න ඔහොම හිනා වෙලා ඉන්නවා. උබේ සතුටකදී නැති උනත් උබේ කරදරයකදී, දුකකදී  මන් උබ ගවින්ම ඉන්නවා. හැබැයි උබේ හොර මිනිහා විදියට නම් නෙවෙයි අබේ.


එහෙනම් සහෝදරයා විදියට ද 


පිස්සුද? උබත් එක්ක කරන්න ඕනි හැම වැඩේම කරලා, එකට නිදි වැදිලා මට උබව මගේ සහෝදරයෙක් කර ගන්න පුලුවන්ද යකෝ 


එහෙනම් 


සහෝදයෙක්ට, යාලුවෙක්ට ගොඩක් එහා ගිය හැබැයි උබේ හොර මිනිහා හරි පෙම්වතට හරි චුට්ටක් මෙහාට වෙන්න නමක් නැති අමුතු බැදීමක් තියෙන එකෙක් වෙන්නම් 


පිස්සා, උබ නම් මහා අමුතුම එකෙක් බන් ..


එකනේ උබ වගේ ගොන් නාම්බෙක් එක්ක මෙච්ච්චර කල් හිටියේ . සතුටින් හිටපන් අයියේ


වරෙන් මගේ තුරුලට


මන් උබෙන් අන්තිම පාරට එක දෙයක් ඉල්ලන්නද?


මොනවද?


හෙටින් පස්සේ මට තමුසෙක කිසිම දෙයක් අයිති නැහැ,මේ දැනෙන උණුසුමවත්. ඔය හිනාවයි තමුසෙගෙ දුකයි හැරෙන්න. එක හින්දා ............


ඔව් එක හින්දා 


එක හින්දා ජිවිතේ පලවෙනි පාරටයි, අන්තිම පාරටයි මට තමුසෙව මගේ කර ගන්න දෙනවා  ........
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4559
Member Since : 2018-05-13

උබට දුක නැද්ද ? Empty Re: උබට දුක නැද්ද ?

2020-02-09, 9:47 am
😭😭😭😭😭😭
new nickd
new nickd
+ 100 Posts
City : colombo
Country : Sri Lanka
Posts : 132
GetReal Gold : 5851
Member Since : 2016-07-09

උබට දුක නැද්ද ? Empty Re: උබට දුක නැද්ද ?

2020-02-09, 6:47 pm
Godak ayage jivithe  cry cry cry cry
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31

උබට දුක නැද්ද ? Empty Re: උබට දුක නැද්ද ?

2020-02-16, 12:09 pm
@J.Rishan :- අඩන්න එපා සන් කැටේ .....

@new nickd  :- මන් සාමාන්‍යයෙන් රිනාත්මක ඒවා ලියන්නේ නැහැ .. හැබැයි  අර කිව්වා වගේ මේක ගොඩක් ජිවිත වල යථාර්තය ...
Sponsored content

උබට දුක නැද්ද ? Empty Re: උබට දුක නැද්ද ?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum