Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

තේම්ස් Empty තේම්ස්

2020-04-11, 2:24 pm
අවන්හලේ ඒ වන විට එතරම් පිරිසක් නොසිටියේය. එහි තිබුණේ මද නමුත් ප්‍රමාණවත් ආලෝකයකි. අවන්හලේ පසුපස බිත්තියට වන්නට ආවරණය වී තිබුණු මේසයෙහි හිඳගෙන සිටි පුද්ගලයා තම අවධානය යොමු කරමින් සිටියේ ඉදිරිපස දොරටුව වෙතටය.

ඔහුගේ පැත්තකින් තිබූ මේසයේ ඔහුට පසුපස හරවා සිටි පුද්ගලයා කියවමින් සිටි පුවත්පතේ දිනය 1901 සැප්තැම්බර් 23 ලෙස ඔහු කියවා ගත්තේය.

ඒත් සමඟම පහලින් තිබු කුඩා පුවත් සිරස්තලය වෙතද ඔහුගේ අවධානය යොමු විය.

ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතකයා තවමත් නිදැල්ලේ! පරීක්ෂක රයිට් තවමත් අසමත්!

ඔහු තම අවධානය නැවතත් දොර දෙසටම යොමු කළේය. දින කිහිපයකට පෙර තැබෑරුමේදී ඔහුට මුණ ගැසුණු ආකර්ශණිය පුද්ගලයාගේ පැමිණීම ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව යම් චකිතයක් ඔහු තුල තිබුණත් එදින ඔහු කෙරෙහි ඔහුගේ සිත තදින්ම ඇදී ගියේය. ඒ, ඔහු තමා බලාපොරොත්තු වන්නා වූ ආකාරයේ පුද්ගලයෙකු බව ඔහුට සංවේදනය වූ බැවිනි. 

මද වේලාවකින් අවන්හලේ දොරටුවෙන් ඇතුළු වුණු පුද්ගලයා එතැනම නතර වී හොඳින් අවට පිරික්සන්නට වූයේ තමන් මුණ ගැසීමට බලාපොරොත්තු වූ පුද්ගලයා එහි සිටීද යන්න තහවුරු කර ගැනීමටය. අවසානයේ ඔහු බලාපොරොත්තු වූ පුද්ගලයා ඔහුට දැක ගත හැකි වූයෙන් ඔහු ඒ දෙසට සෙමින් ඇවිදගෙන ගියේ ය. ඒ පසුපස බිත්තියට වන්නට තිබූ ආවරණය වී තිබුණු මේසය වෙතය. එතැන රැඳී සිටි අනෙක් පුද්ගලයා ඉතා ඉක්මණින් ඔහුව හඳුනා ගත්තේය. මෙතරම් වේලාවක් කිසිඳු හැඟීමක් නොමැතිව තිබුණු ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳී ගියේ තමා දෙසට ඇවිදගෙන එන පුද්ගලයා දුටු විටය.

"හෙන්රි... මම පරක්කුද?" ඔහු තම සාක්කු ඔරලෝසුව පරික්ෂා කළේය. එහි කොටා තිබූ W.B. යන්න අනෙකා ඉක්මණින් කියවා ගත්තේය.

“8.40 යි. ඔයා කිව්වෙ 8.20 කියලා නෙහ්?"

ඔහු අනෙකා සමඟ හිනා වුණේ සමාව අයදින හිනාවක්  හුවමාරු කර ගනිමිනි. එයට අනෙකා තවත් හිනාවකින් සංග්‍රහ කළේය.

"ඒක ගණන් ගන්න එපා විලියම්. ඔයා ආවනෙ දැන්."

ඔහු නැගිට ඔහුගේ අමුත්තාට අතට අත දුන්නේය. අවන්හල ඇතුළත තරමක උණුසුමක් රැඳී තිබුණත් ඔහුගේ අතෙන් අමුත්තාට දැනුණේ තරමක සිසිලසකි. ඔහුගේ ඉදිරිපස තිබූ අසුනේ ඔහුට මුහුණලා අමුත්තා හිඳ ගත්තේය. ඔහු අනෙකා සමඟ සිනහ වුයේය.

“මට මේ දේවල් කරලා ලොකු පුරුද්දක් නම් නෑ.” විලියම්ගේ පිළිතුරට හෙන්රි කළේ සෙමෙන් සිනහ වීමක් පමණි.

“ඒක ගැන වැඩි පුර හිතන්න එපා.” හෙන්රි මේසය යටින් ඔහුගෙ පාවහන් රහිත පාදයෙන් විලියම් ගේ පාදය දිගේ ඉහළට ස්පර්ශ කළේය. විලියම් එයට මද නමුත් සරාගී සිනහවක් එකතු කළේය.

“ඉතින්, ඔයා මොනවටද කැමති?” හෙන්රි  එම සිනහවෙන්ම විලියම්ට  සංග්‍රහ කරමින් ඇසුවේය.

“මම කැමතියි චීස් සැන්ඩ්විච් එකකටයි තව...........”

“නැහැ නැහැ.” හෙන්රි සද්දෙන් හිනා වෙන අතරම විලියම්ගේ අතක් මතින් ඔහුගේ අතක් තැබුවේය.

“මම කිව්වෙ අනික් දේවල් ගැන.” හෙන්රි ඇහැකින් ඉඟි කළේය. දඟකාර ලෙස හිනා වුණු විලියම්,  අමුතු ලෙසකින් ඔහු දෙස බැලුවේය.

“ඔයා කැමති නැද්ද ඒක ඉක්මනින්ම දැනගන්න.”

හෙන්රිගේ මුහුණෙන් පළවුයේ දැඩි සතුටක් මෙන්ම නොඉවසිලිමත් බවකි. කෑමට රැඳී සිටීමේ අවශ්‍යතාවයක් වත් තව දුරටත් ඔහු තුල නොවීය. නමුත් ඉවසීම, සියල්ලම සඳහා යතුර බව ඔහු ඉක්මණින් මතකයට නංවා ගත්තේය.

“මම කැමතියි ම්ම් පොඩ්ඩක් අමුතු දේවල් වලට.” ඔහු විලියම් දෙස හොරැහින් බැලුවේය. විලියම් තුලින් නැවතත් ඔහුටම ආවේණික දඟකාර සිනහව මැවිණි.

“මොන වගේ දේවල් ද?”

හෙන්රි නැවතත් විලියම්ගේ පාදය දිගේ ඉහළට ඔහුගේ පාවහන් රහිත පාදය ඉතාමත් මෘදු ලෙස ගෙන ගියේය.

“ඔයත් කැමති නැද්ද ඒක ඉක්මනින් දැනගන්න.”

විලියම් කට කොණකින් ඉතාමත් සරාගී ලෙස සිනහ විය.

“එහෙනම් මම හිතනවා අද රෑට ඔයාගේ තැනට තවත් කෙනෙක්ගේ ඉඩක් වැඩි වෙන එකක් නැහැ කියලා.”
 



*****************************************************


 
ආහාර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අවන්හලෙන් පිටතට පැමිණියේය. පාරෙහි මේ වන විට ගමන් කරමින් තිබූයේ අශ්ව රථ කිහිපයක් පමණි. එයින් බොහොමයක් නිවෙස් බලා යන පෞද්ගලික ඒවා විය.

“ඔයාගේ තැනට ගොඩක් දුරද?” විලියම් දෙස බැලූ හෙන්රි නැවත වතාවක් ඔහුට ඇහැකින් ඉඟි මරා සිනාසුණේය.

“නැහැ. මෙතන ඉදන් කිලෝමීටර් 2ක් විතර ඇති.” ඔහු සූදානම් වූයේ ඔහු දුටු පළමුවන කුලී රථයට කතා කිරීමටය.

“එපා.” විලියම් ඔහු නැවැත්වීය.

“ඇයි?” හෙන්රි තුලින් මතුවූයේ කුතුහලය මුසු කැළඹීමකි.

“මම හිතුවා ඔයා ලෑස්තියි කියලා.” හෙන්රිගෙන් නැඟුණේ බලාපොරොත්තු කඩවූ හඬකි. විලියම් එයට යන්තමින් සිනා වුයේය.

“මම කිව්වේ බැහැ කියලා නෙවෙයි. අපි ඇවිදගෙන යමුද? සමහර විට................”

ඔහු සෙමෙන් ඔහුගේ කණට ළං වුයේය.

“අපිට පුලුවන් වෙයි තවත් මේකෙන් විනෝද වෙන්න.”

විලියම්ගේ සුසුම් හෙන්රිගේ කණේ වදින විට ඔහුගේ හැඟීම් තව තවත් උත්සන්න විය. අලුත් අත්දැකීමකට මුහුණ දීමට ඔහුගේ සිතේ ඕනෑම විටක රැඳී තිබුණේ විශාල ආශාවකි. එම ආශාව හේතුවෙන්ම, විලියම්ගේ යෝජනාව ඉවත දැමීමට ඔහුට කිසිඳු හැකියාවක් නොවීය.

“නියමයි.” එය ඉවත දැමීමට ඔහුට අවශ්‍යතාවක්ද නොවීය.

ඔවුහු පාර දිගේ සෙමෙන් ඉදිරියට ඇවිදගෙන ගියහ. හෙන්රිට වුවමනා වූයේ හැකි ඉක්මණින් ඔහුගේ නවාතැන වෙතට ළඟා වීමටය. නමුත් විලියම් තුළින් ඒ තරම් හදිසියක් ඉස්මතු වී නොපෙනිණි. පාර දිගේ ඉදිරියට ඇවිදගෙන යන අතර වාරයේ හිමින් සැරයෙන් හෙන්රි විලියම්ගේ ඇඟිලි වල ඔහුගේ ඇඟිලි ස්පර්ශ කළේය. එවැනි අවස්ථා වල දී විලියම් සිදු කළේ හෙන්රි දෙස බලා දඟකාර ලෙස සිනාසීම පමණි.

මේ වනවිට ඔවුන් තේම්ස් ගඟ අසලින් ඇවිද යමින් සිටියේය. ගඟ පැත්තකින් තිබුණ විශාල ගසක් වෙත සමීප වුණු විලියම්, එතැන තිබුණු ගල් බංකුවේ හිඳගත්තේය. මොහොතක් ඔහු ගඟ දෙස බලාගෙන සිටියේය.

“එන්න. මෙතනින් පොඩ්ඩක් වාඩි වෙන්න.” ඔහු හෙන්රිට කතා කළේය.

හෙන්රි තුළ යම් අමනාපයක් ඇති වුවත්, ඔහුටද මේ වනවිට එය වෙනස්ම අත්දැකීමක් බවට පත් වෙමින් තිබිණි.

“ගඟට උඩින්ම තියෙන තරුව පේනවද?”

හෙන්රි ඒ දෙස බැලීය. පහළ නගරයෙන් විහිදෙන ගෑස් එළි වලට ඉහලින් තනිවම, තනි අහසේ දිලිසෙන තරුව එකතු කලේ වෙනස්ම අකාරයේ සුන්දරත්වයකි.

“ලස්සනයි නේද?”

“හ්ම්. හරිම අමුතු හැඟීමක් එන්නෙ.”

ඔහු විලියම්ට උත්තර දුන්නේ ඒ තරුව දෙසටම අවධානය යොමු කරගනිමිනි. විලියම් ද තවත් මොහොතක් ඒ තරුව දෙස බලාගෙන සිටියේය. ඔහු හොරැහින් හෙන්රි දිහා බලනවිට හෙන්රි තම අවධානය යොමු කරගෙන සිටියේ තේම්ස් ගඟේ එහා ඉවුර වෙතටය.

“මට ඕනෙ ඔයා ඒක මතක තියා ගන්න.”

විලියම් ඔහුගේ අතක් හෙන්රිගේ කලවයක් මතින් තැබීය. හෙන්රි හෙමින් සැරයෙන් විලියම් දිහාවට හැරිණි. විලියම් තමන්ගේ අත හෙන්රිගේ කලවය දිගේ උඩට ගෙනයන අතරේම හෙන්රි වෙතට වඩාත් සමීප විය. එය හෙන්රි තුල තිබුණු සෑම කුඩා සහ ඉතා කුඩා පවා හැඟීමක්ම උද්දීපනය කරලීමට සමත් විය. ඔහු විලියම් ගේ දෙතොල් සිපගැනීම සඳහා සුදානම් වූවා පමණි. නමුත් විලියම් ළඟා වූයේ ඔහුගේ කණක් වෙතටය.

“මට ඔයාව දකිනකන් ඉවසිල්ලක් නැහැ.” ඔහු හෙන්රිගේ කණට කෙඳිරීය.

“මට ඕනේ ඔයාගෙ හැම තැනකම මගේ ඇඟිලි දුවවන්න.”

හෙන්රිගේ කණේ තොල් ස්පර්ශ කරවමින් විලියම් කෙඳිරූ අයුරෙන් හෙන්රිගේ හැඟීම් තව තවත් තීව්‍ර විය. විලියම්ගේ උණුසුම් සුසුම් ස්පර්ශ වන විට ඔහුගෙන් සිහින් කෙඳිරියක් නැගුණේ ඔහුද නොදැනුවත්වය.

“අපි යමුද?”

විලියම් බංකුවෙන් නැඟිට හෙන්රි දිහා බලන විට හෙන්රි ගේ නොඉවසිල්ල තවත් වැඩි වන්නට විය.

“යමු.”

ඔහුගේ සිතේ ඇති වී තිබුණේ දැඩි සතුටකි. ඔහුට මේ මොහොතේදී හැකි ඉක්මණින් ඔහුගේ කාමරය වෙතට ළඟා වීම හැර වෙනත් අවශ්‍යතාවක් ඇති නොවීය.
 


*****************************************************
 


තවත් මොහොතකින් ඔවුන් සිටියේ හෙන්රිගේ කාමරයේ දොර ඉදිරිපස ය. හෙන්රි කිහිප සැරයක් වටපිට බැලුවේය.

“මේ වෙලාවට ඒ තරම් කවුරුවත් එලියට එන්නේ නැති තරම්.” 

කබා සාක්කුවෙන් තම යතුර ගත් හෙන්රි දොර අගුල හිමින් විවෘත කළේය. ඔහු දොර විවෘත කර එය අල්ලාගෙන හිටියේ විලියම් ට ඇතුලට යාමට පහසු වන පරිද්දෙනි. විලියම් ඇතුළු වුණු පසු දොර අගුල නැවතත් දැමු හෙන්රි ගෑස් පහන දැල්වීය. ගෑස් පහනේ එළියෙන් සම්පුර්ණ කාමරයම හොඳින් දැක ගැනීමට විලියම්ට හැකියාව ලැබිණි.

තම කබාය ගලවා හෙන්රිට දුන් විලියම්, කාමරය හරහා ජනේලය ගාවට ගියේය. විවෘත වී තිබුණු ජනෙල් තිරය ඔහු සකස් කළේ ජනේලය හොඳින් ආවරණය වන අයුරිනි. කබා එල්ලීම අවසන් කරමින් සිටි හෙන්රි ඒ දෙස බලාගෙන හිටියේ මද සිනහවකුත් සමඟය. ඔහු තම පාවහන්ද ගලවා සිටියේය. පෙරළා ඔහුත් සමඟ සිනහ වුණු විලියම් ඔහු වෙතට ඇවිද ආවේය.

මොහොතක් විලියම් දෙස බලා සිටි හෙන්රි, ඔහුව ළඟම තිබූ බිත්තියකට තද කරගත්තේය. ඔහුගේ අත් විලියම්ගේ ශරීරය පුරාම දිව යන විට, ඔවුනගේ තොල් එකිනෙකා සමඟ පැටලී තිබූයේ ඉතාමත් තදබල ලෙසිනි. ඒ වනවිට තවදුරකටත් ඉවසීමේ සීමා දකිමින් රැඳී සිටීමට හෙන්රිට හැකියාවක් නොතිබිණි. ඔවුන් දෙදෙනාගෙන්ම නැගුණු කෙඳිරිලි හඬවල් තවදුරටත් සිදුකළේ දෙදෙනාගේම හැඟීම් තව තවත් තීව්‍ර කිරීම පමණකි.

විලියම් ගේ ඇඳුම් එකිනෙක ලිහිල් කිරීම හෙන්රි මේ වන විටත් අරඹා තිබිණි. ඔහු විලියම්ගේ කමිසයේ බොත්තම් එකින් එක ලිහිල් කරමින්, ඔහුගේ අත් විලියම්ගේ ශරීරය මතින් පහළට දුවවන්නට වුයේය. විලියම් තව දුරටත් සිදු කලේ හෙන්රිගේ තොල් සිප ගැනීම සිදු කිරීම පමණකි. ඊළඟ මොහොතේදී ඔහු තව තවත් ඔහුගේ ශරීරයට හෙන්රිව තද කර ගත්තේය. විලියම් හෙන්රිගේ කණට සමීප වූයේය. ඔහුගේ උණුසුම් සුසුම් හෙන්රිගේ කණේ ස්පර්ශ වන අයුරින් ඔහු නැවතත් ඔහුගේ කණට මුමුණන්නට විය.

“මම කැමතියි ඔයා කැමති අමුතු දේවල් බලන්න.”

හෙන්රි ඔහුගේ මුහුණ දිහා බැලුවේය. ඔහුගේ මුහුණෙහි රැඳී තිබුණේ කුතුහලයකි. නමුත් දඟකාර නොඉවසිලිමත් ආසාවක් එහි පිරී ඉතිරී තිබුණු අයුරු ඔහුට දැකගත හැකි විය.

“ඔයාට විශ්වාසද?”

හෙන්රි තවත් තදින් විලියම්ව ග්‍රහණය කර ගත්තේය.

“හ්ම් හ්ම්...”

විලියම් ඔහුගේ හිස සෙලෙව්වේ රතු වුණු මුහුණකිනි. නැවත වතාවක් විලියම් ගේ තොල් තදින් සිපගත් හෙන්රි, ඔහුගේ ඇඳුම් අල්මාරිය වෙතට ඇවිදගෙන ගියේය. එය මදක් ඇවිස්සු ඔහු එයින් එළියට ගත්තේ තොණ්ඩුවක් සහිත ලණුවකි.

විලියම් මොහොතකට අතරමංව ඒ දෙස බලා සිටියේය. ඔහුගේ බැල්ම, හෙන්රිගේ මුහුණත් නැවත තොණ්ඩුව සහිත ලණුවත් අතර ඉතා  ඉක්මණින් හුවමාරු විය. හෙන්රි ඔහු වෙතට සෙමෙන් පියමැන්නේය. ඔහු විලියම් තමා වෙතට ඇද ගත්තේය.

“බය වෙන්න එපා. ඒක මට.”  ඔහු නැවත වතාවක් විලියම්ගේ තොලක් සිප ගත්තේය.

“මට ඕනේ ඔයා මේ තොණ්ඩුව මගේ බෙල්ලට දාලා තද කරන්න. ඒ කරන ගමන්ම........”

හෙන්රි පිටුපස හැරී ඔහුගේ පසුපස ප්‍රදේශය විලියම්ගේ ලිඟුව මතින් තෙරපීය.

“මට ඔයාව මගේ ඇතුලේ ඕනේ. තදට. ගොඩක් තදට.”

ඔහු විලියම්ගේ අතක් ගෙන ඔහුගේ ඇඟිලි තම උගුරු දණ්ඩ හරහා තද කර ගත්තේය. විලියම්ද තම ඇඟිලි වල ග්‍රහණය තරමක් තද කළේය. හෙන්රි ඒ ස්පර්ශය ඉතා හොඳින් විඳ ගනිමින් ඉන් ආශ්වාදයක් ලැබීය.

“මට හොඳ අදහසක් තියෙනවා.”

විලියම් නැවත වරක් හෙන්රිගේ කණට මුමුණන්නට වූයේ තම නාසයෙන් ඔහුගේ කණට කිති කවමිනි.

“අපි මේක වෙනස්ම විදිහකට පටන් ගමුද?”

හෙන්රි ඔහු දෙස බැලීය. විලියම් දඟකාර ලෙස බාල්කය දෙස බැලුවේ ඇස් කොණෙනි. එය තේරුම් ගැනීමට හෙන්රිට වැඩි වේලාවක් ගත නොවීය.

“ඒක?” හෙන්රිගේ මුහුණේ කුතුහලයක් මතු වුණා. “ඒක මම කවදාවත්....”

“නැහැ.” විලියම් සිනාසීය.

“ඒක මට.” විලියම් හෙන්රිගේ මුහුණ වෙතට ළං වුයේය.

“මගෙන් පටන් ගමු. මම කැමතියි එතැනින් පටන් අරන් පහළට එන්න. මම කැමතියි.....” විලියම් හිමින් සැරේ මිමිණීය.

“මම කැමතියි මම එහෙම ඉන්නකොට ඔයා මට තදට කරනවා නම්.”

විලියම්ගේ දඟකාර වචන හමුවේ හෙන්රි තුළ හටගත්තේ ඉතාමත් ලොකු උද්‍යෝගයකි. ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා බොහෝ ඉදිරියෙන් විලියම් දැක ගැනීමට ලැබීම ඔහුගේ සතුටට හේතු විය.

විලියම් ගේ කම්මුලට සෙමෙන් තට්ටුවක් දැමූ ඔහු අඩි කිහිපයක් පස්සට ගොස් එතැන රඳවා තිබුණු පුටුවකට නැග්ගේය. බාල්කය මතින් ලණුව දැමූ ඔහු එය ඉතා තදින් ගැට ගැසීය.

හෙන්රිගේ කාර්යය දෙස අවධානය යොමු කරමින්ම විලියම් සෙමෙන් හෙන්රි දෙසට ඇවිද ආවේය. හෙන්රි ඔහු දෙස බලා සිනාසුණේය. පුටුවෙන් බිමට පිනූ ඔහු එය අහකට යන ලෙසින් තල්ලු කර ඔහුගේ ඇඳ යටට එබිණි. එතැන තිබූ අඟල් කිහිපයක් උස කුඩා බංකුවක් ගත් හෙන්රි තොණ්ඩුව යටින් පොළොවේ තබා එයට නැග්ගේය.

හෙන්රි තොණ්ඩුව තම බෙල්ලට දමාගත්තේ එය ඔහුට ගැලපෙන උසකින් ඇත්දැයි සැකහැර දැනගැනීමටය. කිසිඳු දෙයක් තමාගේ කර්තව්‍යයන්ට බාධාවක් නොවීම ඔහුට ඉතා අවශ්‍ය විය. විලියම්ද තම උසට ඉතා සමාන බැවින් ඔහු අනුමාන කළ උස ඉතාම නිවැරදි වී තිබිණි. ඔහු සෙමෙන් තොණ්ඩුව බෙල්ලට තද කර ගත්තේ විලියම්ට ලබා දීමට නියමිත ඒ අත්දැකීම මොහොතකට විඳ ගැනීමටය.

නමුත් එක්වරම සිදු වූයේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයකි. හෙන්රි නැග සිටි බංකුව එක්වරම ඉවතට විසි වී ගියේය. ඔහුගේ ශරීරයේ සම්පුර්ණ බර තොණ්ඩුව මතට වැටීමට ගියේ ඉතාමත් සුළු කාලයකි. ඔහුගේ උගුරු දණ්ඩ තොණ්ඩුවට තද වීම ආරම්භ විය. නමුත් ඔහුගේ පාද වල මහපටැඟිලි පමණක් ඉතාමත් යන්තමින් පොළොව හා ගැටිණි. ඔහු එය පමණක් උපයෝගී කරගනිමින් ඔහුගේ ගෙල සිරවීම නතර කර ගැනීමට මහත් උත්සාහයක් දැරීය. නමුත් ඔහුගේ මහපටැඟිලි වරින් වර ලිස්සා යමින් තිබිණි.

“විලියම්. උදව් කරන්න.”

ඔහු ඉතා ආයාසයෙන් විලියම්ගෙන් උදව් ඉල්ලන්නට විය. විලියම් එවර ඔහුගේ ඇස් ඉදිරියට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි රැඳී තිබුනේ තෘප්තියක් පමණකි. නමුත් හෙන්රිට උදව් කිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් ඔහු තුළින් දක්නට නොලැබිණි. හෙන්රි තම ශරීර බර මහපටැඟිලි මත රඳවා ගැනීමට අතිමහත් සටනක නිරත වෙමින් සිටියේය. එක් තත්පරයකට එයට සමත් වුණු ඔහු ඊළඟට එළබුණු තත්පරයේදී එයට අසමත් විය. මරණයෙන් බේරෙමින් ගැලවෙමින් බේරෙමින් ගැලවෙමින් ඔහු මාරයා සමග දැඩි සටනක යෙදිණි.

“විලියම්...”

“හෙන්රි”

“විලියම් මාව....... බේරගන්න. බංකුව.... බංකුව තියන්න... කරුණාකරලා.”

විලියම් බංකුව දෙස නැවත වතාවක් බැලුවේය.

“මම අයින් කරපු එක ආයේ තියන්න මට වුවමනාවක් නැහැ හෙන්රි.”

හෙන්රි ගේ මරණ බය තව තවත් වැඩි වන්නට විය. ඔහු තව තවත් දඟලමින් තොණ්ඩුවෙන් ගැලවීමට දැඩි ලෙස වෙර දැරීය.

“මම ඕනේ දෙයක් දෙන්නම්. ඕනේ දෙයක්. මගේ ළඟ සල්ලි තියෙනවා.”

විලියම් කිසිම ඉරියව්වකින් තොරව ඔහු දෙස බලා සිටියේය.

“නැහැ මට සල්ලි ඕනේ නැහැ. මට ඕනේ ජැක් ක්‍රිස්ටෝෆර්ට යුක්තිය ඉෂ්ට වෙන්නයි.”

එම වචන ඇසෙත්ම හෙන්රිගේ මතකය ඉතාමත් සැණින් පසුපසට දිව යන්නට විය. ජැක් ක්‍රිස්ටෝෆර් මරණය! ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතනය ඔහුගේ මතකය තුලින් රූප පෙළක් මෙන් ඔහු ඉදිරියේ දිග හැරෙන්නට විය. ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතනය ඔහු සැඟවූ අයුරු ඔහුගේ මතකයට නැගිණි. මන්ද ජැක් ක්‍රිස්ටෝෆර්ගේ ඝාතකයා වුයේ අන් කවරකුවත් නොව තමන් නිසාවෙනි. මෙවැනිම තොණ්ඩුවකින් ඔහුගේ ගෙල සිර කර ඔහු සමඟ ලිංගිකව හැසිරෙන විට ඔහු මියගිය අයුරු ඔහුගේ මතකයට නැගිණි. ඔහුගේ ප්‍රාණය ඔහු තුළින් ගිලිහෙන බව දැනි දැනීත් එය නතර කරන්නට තමන්ට අවශ්‍ය නොවූ අයුරු හෙන්රිගේ මතකයට නැගිණි. ප්‍රාණය ගිලිහෙන ඔහුගේ සිරුරේ ඇති වූ දැඟලීම් ඔහුට ගෙනදුන් තෘප්තිය ඔහු විඳගත් අයුරු සිහිවත්ම ඔහුට ගෙනදුන්නේ භීතියකි. ඔහුට ඒ මොහොතේ අවශ්‍ය වුයේ එපමණකි. ඔහුගේ ජිවිතයෙන් ඔහුට කිසිඳු වැදගත්කමක් නොතිබිණි. අද දින විලියම් තුළින් ද ඔහුට දැක ගැනීමට සහ විඳ ගැනීමට අවශ්‍ය වූයේ එයම නොවේදැයි ඔහුට සිහි වන්නට විය.

හෙන්රි විලියම් දිහා බැලුවේය.

“මාව මෙතනින් බස්සන්න විලියම්. මම යුක්තිය දෙන්නම්. මම.... මම... පාපොච්චාරණය කරන්නම් හැම දේකටම. මම ඕනේ දේකට පාපොච්චාරණය කරන්නම්.”

ඔහු අපහසුවෙන් දඟලමින්  කියන්නට විය.

“දෙයියන්ගේ නාමෙන් මාව මෙතනින් බේරන්න. මට හුස්ම ගන්න බැහැ.”

විලියම් ඉතා සැහැල්ලුවෙන් ඔහුගේ කබාය වෙතට ගියේය. එහි ඇතුළු සාක්කුවට ඇත යැවූ ඔහු එහි තිබූ අත්වැසුම් යුගලය පැළඳ ගත්තේය. එහිම තිබූ ප්‍රවේශමෙන් නවන ලද කොළයක් අතට ගත් ඔහු එය දිග හැරියේය. එහි යතුරු ලියනය කර තිබූ අකුරු දෙස තවත් වතාවකට ඔහුගේ අවධානය යොමු කළේය.

“අවශ්‍ය වෙන එකක් නැහැ. මේ තියෙන්නේ උඹේ පාපොච්චාරණය. ඒ වගේම මේ තියෙන්නේ උඹේ සියදිවි නසා ගැනීමේ ලිපිය.”
හෙන්රි ඉතා අපහසුවෙන් මරණය සමඟ සටනේ නිරත වෙමින් සිටියදී විලියම් කාමරය හරහා ඇවිද ගොස් හෙන්රිගේ යතුරු ලියනය ඉදිරියෙන් ඔහු අත තිබූ ලිපිය ප්‍රවේශමින් තැබුවේය. නැවත හෙන්රි වෙතට පැමිණි ඔහු, හෙන්රිගේ දඟලමින් තිබූ පාද වලට මදක් එහාට වන්නට විසිවී තිබූ බංකුව ගෙන ඔහුගේ පාද අසලින් නමුත් ළඟා විය නොහැකි සේ පෙරලා තැබීය.

ඔහු හෙන්රිගේ අඩවන් ව තිබූ ඇස් වලට එබිණි.

“තේම්ස් ගඟට උඩින් පෙනුන තරුව මතකද? ඒ දේ තමයි උඹේ ජිවිතේ උඹට දකින්න හම්බවුණ අවසානම ලස්සන දේ. මගේ ජිවිතේ ජැක් එක්ක පටන් ගත්ත හැම මතකයකම ආරම්භය වුණු තැනින්ම උඹේ ජිවිතේ හැම මතකයකම අවසානය සිද්ධ වෙයි. මට ඒ දේ උඹට පෙන්නන්න ඕනේ වුණා.”

අහස උඩින් තනි වී තිබුණු දීප්තිමත් තරුව හෙන්රිට යලිත් වතාවක් මැවී පෙනෙන්නට විය. ඔහුගේ සිහිය මේ වන විටත් යන්තමින් ඔහුගෙන් ගිලිහී යාම ඇරබෙමින් තිබුණි. ඔහු අවට අවකාශය කළු පැහැති දුමාරයකින් වැසී යන්නාක් මෙන් ඔහුට දැනිණි. තව දුරටත් දැඟලීමට තරම් ශක්තියක් ඔහු සතුව ඉතිරි වී නොතිබිණි. ඔහුගේ සම්පූර්ණ බරම ඔහුගේ උගුරු දණ්ඩ මතට වැටෙමින් පැවතිණි.
දොර අසල එල්ලා තිබු ඔහුගේ කබාය විලියම් නැවත හැඳ ගත්තේය. පැළඳ සිටි අත්වැස්මේ පිටි පැත්තෙන්ම තමාගේ තොල් පිහදා ගත් ඔහු දොර වෙත සෙමෙන් ඇවිද ගියේය. හෙන්රි ගේ බොඳ වුණු දෑසට දකින්නට ලැබුණු අවසන් දසුන විලියම් දොර වෙත ගමන් ගත් අයුරුය. දොර අගුල සෙමෙන් තද වුණු හඬ ඔහුට ඇසුණු අවසාන හඬ විය. 
 


  
*****************************************************
 




කැනන් වීදියේ සියදිවි නසා ගැනීමක්!
ඝාතකයා හෙළි වේ!!


අගෝස්තු මස අග භාගයෙදී ලන්ඩනයේ සිදු කර තිබූ අභිරහස් ඝානනයක් වන ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතන සිද්ධියෙහි අවසානයක් දැක ගැනීමට පසුගිය දා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සමත් විය. ඒ කැනන් වීදියේ ඊයේ රාත්‍රියේ (24) සිදුකර ගෙන තිබූ සියදිවි නසා ගැනීමක් හෙළි වීමත් සමඟය. මෙලෙස මරණයට පත් වී තිබුණේ හෙන්රි කමිංහැම් නම් තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.


හෙන්රි කමිංහැම් පදිංචිව සිටි කැනන් වීදියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේදී මෙම සියදිවි නසා ගැනීම සිදු කරගෙන ඇත. තම කාමරයේදී සිය ගෙල වැලලාගෙන මියගොස් සිටි ඔහුගේ සිරුර මුල් වරට හමුවී තිබුණේ කාමර පිරිසිදු කිරීම සඳහා පැමිණෙන තැනැත්තියටය. ඔහුගේ පෞද්ගලික යතුරු ලියනය අසල තිබී ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතනය හා සම්බන්ධ ඔහුගේ පාපොච්චාරණය පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඝාතනයෙන් පසුව නීතියෙන් ගැලවී යා හැකි වුවද තම හෘද සාක්ෂියෙන් ගැලවී යාමට නොහී මෙම සියදිවි නසා ගැනීම සිදු කර ගන්නා බවට එම ලිපියේ සඳහන් ව තිබු බව ඉන්  අනාවරණය වී තිබිණි.


ජැක් ක්‍රිස්ටෝෆර් ඝාතන සිද්ධිය මෙහෙයවූ පරීක්ෂක ඕල්ඩර් රයිට් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හෙන්රි කමිංහැම් තුල තිබුණු යම් ආකාරයක ලිංගික තෘප්තියක් ඉටු කරගැනීමට යාමේ ප්‍රථිපලයක් ලෙස ඔහු අතින් ජැක් ක්‍රිස්ටෝෆර් ගේ ඝාතනය සිදු වී ඇති බවට එම ලිපියෙන් පාපොච්චාරණය කර තිබු බව සඳහන් ව තිබු බවයි. කෙසේ නමුත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, තමන් විසින් පරීක්ෂණය මෙහෙයවූ සාර්ථකත්වය සහ එහි ප්‍රථිපල අනුව තවත් දින කිහිපයකින් අත්අඩංගුවට පත් වේ යැයි ඝාතකයා තුළ ඇති වූ ව්‍යාකූලත්වය මත ඔහු මෙම සිය දිවි නසා ගැනීම සිදු කරගෙන ඇති බවය.


කෙසේ නමුත් ඕල්ඩර් රයිට් මහතාට තම විශ්‍රාම දිනයට දින කිහිපයක් තිබියදී ඔහුගේ අවසාන පරික්ෂණය සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකි වීම ඔහුගේ වෘත්තීය ජිවිතයේ ඔහු ලද සැනසීමක් වනවා නොඅනුමානය. කෙසේ නමුත්, ඔහුගෙන් පසුව එම තනතුරට තේරී පත්වන පරීක්ෂක විලියම් බ්ලේක් මහතාටද එසේ ම සාර්ථක වන්නට ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
                                                                  




නිමි.


Last edited by Jith on 2020-04-15, 9:33 am; edited 2 times in total
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31

තේම්ස් Empty Re: තේම්ස්

2020-04-11, 8:16 pm
BDSM කරන එවුන් පොඩ්ඩක් පරිස්සමින් කරපන්  rocksss rocksss rocksss


ලස්සනයි. ජිත් ලස්සනයි 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

තේම්ස් Empty Re: තේම්ස්

2020-04-12, 12:34 am
මම කැමතිම රචකයන් කීප දෙනාගෙන් කෙනෙක් "ජිත්" ලස්සනයි කොල්ලො.I love you
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

තේම්ස් Empty Re: තේම්ස්

2020-04-12, 3:21 am
BDSM කරන එකෙක් එක්ක ගිහින් මගෙ යාලුවෙක් ජීවිතේ බේරගෙන එතනින් බේරිල පැනල ආවෙ නූලෙන්. 

රාගය අවුස්සගෙන කියවන එවුනගෙ කුතුහලය සණෙකින් වෙනම මෙව්ව එකක් බවට පත්කරපු අමුතුම නියමම කතාවක්.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

තේම්ස් Empty Re: තේම්ස්

2020-04-12, 9:56 am
shevan wrote:BDSM කරන එකෙක් එක්ක ගිහින් මගෙ යාලුවෙක් ජීවිතේ බේරගෙන එතනින් බේරිල පැනල ආවෙ නූලෙන්. 

රාගය අවුස්සගෙන කියවන එවුනගෙ කුතුහලය සණෙකින් වෙනම මෙව්ව එකක් බවට පත්කරපු අමුතුම නියමම කතාවක්.

පුලුවන් නම් ඒ    යාලුවාගෙ අත්දැකීම ලියපං  ගොඩක්  දෙනෙක්ට වටින දෙයක් වෙයි.
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4559
Member Since : 2018-05-13

තේම්ස් Empty Re: තේම්ස්

2020-04-15, 12:51 am
Sir Arthur Conan Doyle ගෙ රහස් පරීක්ෂක කතාවක් කියෙව්වා වගෙයි නිකන් දැනෙන්නේ.
Sponsored content

තේම්ස් Empty Re: තේම්ස්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum