- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
මියැදි සමනල්ලු
2020-04-22, 12:38 pm
'සමනලයා'
කළු ලෑල්ල පුරා ලියලා තිබුන ඒ අකුරු ටික තිමිර දැක්කෙ බෑග් එක තියල පන්තියෙ වාඩි වුනාටත් පස්සෙ,තාම පන්තියෙ කවුරුවත් ඇවිත් තිබුනෙ නෑ.කවුද එහෙනම් මේක ලියන්න ඇත්තෙ.ඒ අකුරු උඩ පැන පැන නටනව වගෙ තිමිරට පෙනුනෙ.තිමිර ඉක්මනට ගිහින් කළු ලෑල්ල මැකුව.කවුද දන් නෑ ලිව්වෙ,ලියපු කෙනා හොරෙන් බලන් ඉන්නවද දන්නෙ නෑ,මන් මකනව දැක්කද දන්නෙත් නෑ,පන්තියට මුලින්ම ආවෙ මන්,එතකොට කොහොමත් දන්නව මන් මකන්න ඇත්තෙ කියල,දෙවියනේ එහෙම වුනොත්.තිමිර ඉක්මනටම හුනුකූර අරන් ආයෙත් සමනලයා කියල කළු ලෑල්ලෙ ලිව්ව.
ලියල ඉවර වෙද්දිම වගේ අනුහස් පන්තියට ආවේ.අනුහස් ටිකක් වෙලා තිමිර දිහාත් තිමිරගෙ අතේ තිබුන හුනුකූර දිහාත් කළු ලෑල්ල දිහාත් මාරුවෙන් මාරුවට බලල ලොකු සුසුමක් හෙලුව,බිම බලාගෙන ගිහින් පන්තියෙ මුල්ලකින් බෑග් එක තිබ්බ,අනුහස් තිමිරගෙ පොඩි කාලෙ ඉඳන්ම හොදම යාළුව ඊයෙ හවස වෙච්ච සිද්ධිය වෙනකම්ම,අනුහස් බෑග් එක තියල පන්තියෙන් එලියට ගියා,
"ඒ පො$නයා"
කවුරුහරි අනුහස්ට කෑ ගැහුවා.තිමිරට ලොකු පසුතැවීමක් දැනුන.ඌට මොකටද අනුකම්පා කරන්නෙ ඌ විහින් කර ගත්ත ඒවා,තිමිර තමන්ගෙ හිතේ ඇති වෙච්ච වරදකාරි හැඟීම එහෙම යටපත් කර ගත්තා,ටිකෙන් ටික ලමයි ඇවිත් පන්තිය පිරෙන්න ගත්තා,ඊයෙ වෙච්ච දේ ගැන කතා කරන හඬවල් එහෙන් මෙහෙන් ඇවිත් තිමිරගෙ කන් දෙක අස්සෙන් ගිහින් හදවත රිද්දුවා,"ඊයා බන් කොලුකාරයො... තිමිරත් එහෙමද දන්නෑ... පොන්න හැත්ත.. පිරිමියෙක් උනානම් පිරිමි යෙක් විදිහට ඉන්න එපැයි..,"තිමිර අත් දෙකෙන් කන් දෙක වහගෙන ඩෙස් එකට ඔළුව තියා ගත්තා.
වෙලාව ගෙවිලා ගිහින් සීනුව වැදුනා.පාසල පටන් ගත්තා.හැමොම ඇවිත් තම තමන්ගෙ තැන් වල ඉද ගත්තා,මොකක්දෝ අමුතු පාලුවක් තිමිරට දැනුන.තිමිර අනුහස් බැග් එක තියපු තැන බැලුව,අනුහස් පන්තියට ඇවිත් නෑ.කට්ටියම පන්සිල් ගත්තා.තුන් වෙනි සිල් පදය කියද්දි තිමිරගෙ හිතට බරක් දැනුනා.ටික වෙලාවකින් පන්ති බාර ගුරුතුමත් ආව. අනුහස් කොහෙ යන්න ඇතිද,විවේක කාලය වෙනකම්ම කාලෙ ගෙව්නා විතරයි,උගන්නපු එක දෙයක්වත් තිමිරගෙ ඔලුවට ගියෙ නෑ.ඉන්ටවල් එකට බෙල් එක ගහද්දිම තිමිර පන්තියෙන් එලියට ආව.
තිමිර කෙලින්ම ගියෙ පරන බයෝ ලැබ් එකට.ඒක වහල තිබුනෙ.ඉස්සර අනුහස් තිමිරගෙ හොදම යාළුව වෙලා ඉද්දි දෙන්නා නිතරම මෙතනට එනවා.මේ මල විකාරයක් නිසා හොදම යාළුවත් නැති වුනා.තිමිර හිතෙන් බැන බැන බයෝ ලැබ් එක ලගට ගියා.අනුහස් බයෝ ලැබ් එක ලග අතඇරල දාපු පොඩි ලමයින්ට සෙල්ලම් කරන්න හදපු ලමා උයනෙ ඔංචිල්ලාවක වාඩි වෙලා ඉන්නව තිමිර දැක්කා.එතනට යනවද නැද්ද තිමිර ටිකක් වෙලා කල්පනා කලා.ඕන දෙයක් වෙන්න කියල තිමිර හෙමීට හෙමීට එතනට ඇවිදන් ගියා.අනුහස්ට එහා පැත්තෙන් තියෙන ඔන්චිල්ලාවෙන් තිමිර වාඩි වුනා.තිමිර ආවා කියල ගානක් නැතුව අනුහස් හිස් බැල්මකින් අෑත දිහා බලන් හිටියා.තිමිරට ලොකු දුකක් පසුතැවීමක් දැනුනා.
"අනුහස්..."
තිමිර හිමිට කතා කලා.
"සමනලයා කියන්නෙ අහිංසක සතෙක්.කාටවත් කරදරයක් නැති"
අනුහස් කිව්ව ඒ කතාවට තිමිරගෙ හිත ආයෙමත් රිදුනා.මම නෙමේ ඒක ලිව්වෙ.තිමිරට කියන්න ඕන වුනත් කටට වචන ආවෙ නෑ.ලොකු සුසුමක් හෙලලා ඈත දිහා බැලුව.
"උබ හිතන්නෙ මම මේක දැනගත්තම මොනා හිතුනා කියලද,උබ හිතන්නෙ මට මේක වෙනස් කරන්න ඕන උන් නෑ කියලද.මම මේක දැනගත්තම මම හිතුවා මම ඉපදෙන් නැතුව හිටියනම් හොදයි කියල.මම වෙනස් වෙන්න හැදුවා..ඒත් මට බැරි වුනා.මේක නිසා මම මැරි මැරි උපදුනා.මට හැඟීම් දැනුනෙ පිරිමි ලමයි ගැන විතරයි.මන් මොනා කරන්නද ඒකට.මේ මම උපදුන විදිහ.."
"බෙහෙත් අරන් හොද කරන්න බැරිද..?"
තිමිර අමාරුවෙන් වචන ගැට ගහලා ඇහුවා.
"බෙහෙත් ගන්න"
අනුහස් තිමිර දිහා බැලුවෙ කේන්තියෙන්.ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ තිමිරට පෙනුනෙ.
"මේක ලෙඩක් නෙමේ...මේ මම ඉපදුන විදිහ.උබට කොල්ලෙක් ආදරේ කරන්න බෑ වගේ තමයි මට කෙල්ලෙක්ට ආදරේ කරන්න බෑ.මට කෙල්ලො ගැන කිසිම හැඟීමක් නෑ."
අනුහස් සුසුමක් හෙලලා බිම බලා ගත්තා.
"ඒත් මිනිස්සු..."
"මිනිස්සුන්ට ඇයි අනිත් අය ගැන හිතන්න බැරි.ඇයි මේක සෙක්ස් කියන වචන තුනට කොටු කරල තියන්නෙ.මට තේරෙන්නෙ නෑ"
"මොනා වුනත් උබ මගේ යාළුව.මගේ හොදම යාළුව."
තිමිර එහෙම කියල අනුහස් දිහා බැලුව.අනුහස් ලාවට හිනා වෙලා තිමිර දිහා බැලුව.
"අද එනවද අපේ ගෙදර"
"අද ම්ම්ම්.. වැඩක් නම් නෑ.බලමු,"
"අද උබ අනිවාර්යයෙන් අපේ ගෙදර එනවා.උබට නෑවිත් ඉන්න බෑ.මම දන්නවා."
අනුහස් ඒක කිව්වෙ අමුතු විදිහට.කටහඬෙ තිබුනෙ අමුතු ගැඹුරු බවක්.තිමිර අනුහස්ගෙ මූන දිහා බැලුවා.තේරුම් ගන්න අමාරු දෙයක් ඒ ඇස් වල ලියවිලා තියෙනවා කියල තිමිරට දැනුන.
"මොනා වුනත් උබ එක්ක මම ඉන්නව."
තිමිර එහෙම කියල අනුහස්ගෙ උරහිසින් අත තිබ්බා.සීතල අයිස් කුට්ටියකට අත තිබ්බා වගේ තිමිරට දැනුනෙ.
"උබ සීතල වෙලා.පින්නටද කොහෙද,යමන් කැන්ටිම පැත්තෙ ප්ලෙන්ටියක් එහෙම බීල එන්න."
තිමිර එහෙම කියලා හිනා වෙලා නැගිට්ටා.
"මට සමාවෙයන් බන්.මම හදිසි වුනා.මට වෙන කරන්න දෙයක් තිබුන් නෑ"
"ආයෙ ඕක ගැන වචනයක් කතා කරන්න එපා.මමයි උබෙන් සමාව ඉල්ලන්න ඕන.දැන් ඕක අමතක කරහන්.වරෙන් යන්න."
තිමිර අනුහස් එක්ක කැන්ටිම පැත්තට ඇවිදන් ගියා.තිමිර අනුහස් එක්ක කතා කර කර යන දිහා හැමෝම පුදුමයෙන් වගේ බලන් හිටියා.
"පොඩ්ඩක් හිටහන්.මම ටොයිලට් එකට ගිහින් එන්නම්"
"ඉක්මනට වරෙන් දැන් ඉන්ටවල් එකත් ඉවර වෙන්න ලග ඇති."
තිමිර කෑ ගහලා අනුහස්ට කිව්වා.අනුහස් මහපට ඇගිල්ල උස්සල හරි කියල කිව්ව.
"තිමිර...තිමිර..."
කොහෙද ඉදන් මලීශ හතිදාගෙන දුවන් ආව.
"මොකෝ අහස කඩන් වැටෙනවා වත්ද,ඇයි බන් මේ හති දාගෙන."
"තිමිර.. අනුහස්..."
"ඔව් අනුහස් ටො..."
"අනුහස් පරන බයෝ ලැබ් එකේ බෙල්ලෙ වැල දාගෙන"
"උබට පිස්සුද බන්,අනුහසයා මගෙත් එක්ක ආවෙ දැන් ටොයිලට් එකට ගියා.වරෙන් යන්න."
තිමිර එහෙම කියල මලීශවත් ඇදගෙන ටොයිලට් එකට ගියා.ඒත් ඇතුලෙ කවුරුවත් හිටියෙ නෑ.
"තිමිර උබ හොදින්ද බන්.."
මලීශ තිමිර දිහා බලලා කිව්වා..
ඒත් ඒත්...
"මට සමාවෙයන් බන්.මම හදිසි වුනා.මට වෙන කරන්න දෙයක් තිබුන් නෑ.අද උබ අනිවාර්යයෙන් අපේ ගෙදර එනවා.උබට නෑවිත් ඉන්න බෑ.මම දන්නවා..."
අනුහස් කියපු දේවල් දෝන්කාර දෙනවා වගේ තිමිරට ඇහුනා..ටිකෙන් ටික වටේම කළු වෙන්න ගත්තා..මුළු ඇගම පන නැතිවෙලා සැහැල්ලුවක් දැනුන..තිමිර තිමිර... ඇතින් කවුරුහරි කතා කරන සද්දෙ විතරන් ලාවට ඇහිල ඒකත් නැතුව ගියා.
****** නිමි*******

Krisssnow likes this post
- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
Re: මියැදි සමනල්ලු
2020-04-22, 12:51 pm
ජීවිතය කියන්නෙ විදින්න ඕන එකක්,ඒත් ඇත්තටම අපි ජීවිතය විදිනවද,නැත්තන් විදවනවද..,
ලංකාව සියදිවි නසාගැනීම් වලින් ඉහලම තැනක ඉන්න රටක්.වැඩිපුරම සියදිවි නසා ගන්නෙ සමලිංගික පිරිමි දරුවන් (අවු 15-32). ගොඩක්ම දුරට ඒකට හේතුව තමා සමලිංගික බව සමාජයට හෙලි වීම.ඒ වගේ සමනලයෙක් ගැන අකුරු කරපු කතාවක් මේක..
මේක ප්‍රබන්ධයක්,හැබැයි අනුහස්ලා සමාජෙ ඕන තරම් ඉන්නවා.හැම තත්පර හතලිහකට සැරයක් කෙනෙක් සියදිවි නසා ගැනීම නිසා මිය යනවා.ඉතින් ඔබේ ආදරණියන් ගැන හොයලා බලන්න,ආදරය පතුරන්න...

- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4559
Member Since : 2018-05-13
Re: මියැදි සමනල්ලු
2020-04-22, 8:02 pm
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: මියැදි සමනල්ලු
2020-04-22, 9:47 pm
කතාව ගොඩ දවසකට කලින් කියෙව්වා ... කතාව ලස්සනයි
මේකේ මුළු කතෘ මල්ලිමද ?
මේකේ මුළු කතෘ මල්ලිමද ?
- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
Re: මියැදි සමනල්ලු
2020-04-23, 12:27 am
Yohan wrote:කතාව ගොඩ දවසකට කලින් කියෙව්වා ... කතාව ලස්සනයි
මේකේ මුළු කතෘ මල්ලිමද ?
ඔව් මේක මම ලියපු කතාවක් අයියෙ,කලින් මම මේක onlymen site එකේ දැම්මා.බොහොම ස්තූතියි
- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
Re: මියැදි සමනල්ලු
2020-04-23, 12:29 am
J.rishan wrote:
ස්තූතියි,කතාවෙන් මොනාහරි දෙයක් ගත්තා නම් මට සතුටක්
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5127
Member Since : 2018-01-24
Re: මියැදි සමනල්ලු
2020-04-23, 10:09 am
කතාව මම කලින් කියවල තියනවා මාරම ලස්සනයි!! Thank uu මේ වගේ හිතන්න දෙයක් තියන කතා ලියනවට..
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31
Re: මියැදි සමනල්ලු
2020-04-24, 3:51 am
මේක ප්‍රභන්දයක් උනත් මේකේ සිද්ධි අපේ ගොඩක් අයගෙ ජීවිතවල අත්දැකලා තියනවා. එකම වෙනස අපි දිවිනසා නොගැනීම විතරයි.
හදවතටම දැනුන ලස්සන කතාවක්............
එක දෙයක් කියන්න ඕනේ සියදිවි නසා ගැනීම කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නෙමේ කියන එකත්.
හදවතටම දැනුන ලස්සන කතාවක්............
එක දෙයක් කියන්න ඕනේ සියදිවි නසා ගැනීම කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නෙමේ කියන එකත්.
- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
Re: මියැදි සමනල්ලු
2020-04-24, 5:22 pm
Tylor wrote:කතාව මම කලින් කියවල තියනවා මාරම ලස්සනයි!! Thank uu මේ වගේ හිතන්න දෙයක් තියන කතා ලියනවට..
තෑන්ක්ස් මල්ලි ,කතාවෙන් දෙයක් දැනුනා නම් ඇති
- ThrishalRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 2978
Member Since : 2020-04-18
Re: මියැදි සමනල්ලු
2020-04-24, 5:27 pm
kasunx wrote:මේක ප්‍රභන්දයක් උනත් මේකේ සිද්ධි අපේ ගොඩක් අයගෙ ජීවිතවල අත්දැකලා තියනවා. එකම වෙනස අපි දිවිනසා නොගැනීම විතරයි.
හදවතටම දැනුන ලස්සන කතාවක්............
එක දෙයක් කියන්න ඕනේ සියදිවි නසා ගැනීම කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නෙමේ කියන එකත්.
බොහොම ස්තූතියි,ඔව් සියදිවි නසා ගැනිම කිසිම ප්‍රශ්නයකට උත්තරය නෙමේ.සාමාන්‍යයෙන් සියදිවි නසා ගත්ත කෙනෙක් ගොඩක් වෙලාවට ඊට කලිනුත් සියදිවි නසා ගන්න උත්සහා කරලා තියෙනවා.ඉතින් එහෙම වෙලාවක හදුන ගෙන හරි නැත්තන් විශාදය වගේ තත්වයක ඉන්නවා නම් හරි අඳුරගෙන ප්‍රතිකාර වලට යොමුකිරීම වටිනවා.අනිත් අය ගැන හොයලා බලන්න,තිමිරට බැරි වෙච්ච දේ ඔයාලට පුළුවන් වෙයි කියලා හිතනවා.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|