Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 6017
Member Since : 2016-04-29

මතක මා ළඟ තියා Empty මතක මා ළඟ තියා

2020-08-10, 10:46 am
Message reputation : 100% (1 vote)
අවැසි නම් යා හැකිය නුඹට මා හැර දමා
නමුදු නුඹ ගැන සිහින මගෙන් උදුරනු එපා
යාවි යැයි හිතෙද්දිත් දුක සරයි හද පුරා
ඊට පිළියමක් ලෙස කුමට මා අවි දරා

පළමු දසුනේ සිටම නුඹට මා නතුවෙලා
දුටු සියලු සිහිනෙකම රැදෙව්වෙමි පටලලා
අහිමි යැයි සිතුවොතින් ගොසින් හද පිච්චිලා
එදවසට බොහෝ දේ මගෙන් ඇත ගිලිහිලා

හිතැති මද සිනාවට එසැන මා ගල්වෙලා
නමුදු එසැනින්ම නුඹ හදේ තැන්පත් කලා
එතැන් සිට හද ගැස්මෙ අමුතු වෙනසක් වෙලා
විඳි තනිය නොදැනිවම හදවතින් ගිලිහිලා

සැමතින්ම ලැබෙනමුත් හිනාවන් මුවපුරා
ප්‍රති සිනාවන් හලමි නොකර නොමනා නිසා
තරම කළඳක් වුවද නුඹ පාන මද සිනා
පුන පුනා එය විඳිමි නිතර මතකෙට නගා

හැඟෙන දැනෙනා පරිදි තැනක ඇත හිරවෙලා
විසඳුමක් නොමැතිකම හිතට වදයක්වෙලා
අහිමි බව හැඟෙනමුත් වෙසෙමි වෙනතක නොයා
යනදාක යනු මැනවි මතක මා ළඟ තියා

Sajith, Tylor and ම්න්දද like this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5139
Member Since : 2018-01-24

මතක මා ළඟ තියා Empty Re: මතක මා ළඟ තියා

2020-08-27, 3:00 pm
lassanai aiye
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum