Page 2 of 3 • 1, 2, 3
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9822
Member Since : 2015-05-03
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-10-26, 1:15 am
ඇත්තටම ලසස්සනට ලියලා. ඔයාගේ ලිවීමේ හැකියාව ඉහලයි. ඉතුරු කොටසුත් දානකම් බලන් ඉන්නවා.
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8490
Member Since : 2013-08-29
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-10-27, 10:14 pm
හතවරවැනි කොටස - ධනුකගේ කතාව - කඳුලු සමග වැහිකඩ
මම ඔෆිස් එකෙන් එළියට එද්දිම මට මුණ ගැහුණේ මම බලාපොරොත්තු නොවුනු කෙනෙක්. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන විදිහට අපේ ජීවිතෙන් අපි තදින් බැඳිලා හිටපු පුද්ගලයෝ ගැලවිලා යනවා වගේම කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට සමහර පුද්ගලයෝ බැඳෙනවා. මේ ඇවිත් තිබුනෙත් මම බලාපොරොත්තු නොවුණු විදිහට අපි ගොඩනගපු සිහින මාලිගා පුච්චගෙන, අපේක්ශාන්ව අතහැරගෙන, ආසාවන් මුහුදට විසිකරගෙන; මීට ටික කාලෙකට කලින් මගේ ජීවිතේ බොහොම වැදගත් අංගයක් වෙලා හිටි කෙනෙක්.
"අසංක?" මම වචන එකතු කළා. "ඇයි?"
"ඇයි ඔච්චර නපුරු ධනුක." අසංක හිනා වෙන්න උත්සහ කළා. "ඇයි මට ඔයා ඔහොම කතා කරන්නේ, මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නේ නෑ..."
"මම ඇත්තටම දන්නේ නෑ..." මම රැව්වා.
"මම කොච්චර වතාවක් සොරි කියන්න ඕන ද ධනුක, මොකද මම ඒක කරන්නම්." අසංක මගේ අතින් ඇල්ලුවා. "ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ."
මම අසංකගෙ අත ගසලා දැම්මා. ඔෆිස් එකෙන් එළියට ආපු කෙනෙක් අපි දිහා බලාගෙන යන්න ගියා. ලැජ්ජාවට වඩා තරහින් මම අසංකව නොසලකමින් ඇවිදින්න ගත්තා. ඒත් වැඩි දුර මට ඇවිදින්න වුණේ නෑ, එයා නැවතත් මගේ ඉස්සරහට ඇවිත් හිටියා. මම ඔලුව වනලා එතැනින් යන්න උත්සහ කළා ඒත් අසංක මගෙ අතින් අල්ලලා මාව නැවැත්තුවා.
"මාව මගාරින්න එපා ධනුක, ඔයාට මම කොච්චර ආදරේද කියලා ඔයාට අමතකයිද?" අසංක පින්සෙණ්ඩු වුණා.
ඒ ගැන කියන්න දහසක් ප්‍රතිඋත්තර මගෙ කටට ආවත් ඒවා වචන වලට පෙරගන්න බැරිව මම ගල් වුණේ කේන්තියකින්. ඒ මේ වෙද්දි අසංක ගැන තිබුණු ආදරේ දහස් වතාවක් පලුදු වෙලා තිබුණත් ඒක අඩුවෙලා තිබුණේ සුලු වශයෙන් විතරක් නිසා. මට කරපු, මගේ ආදරයට කරපු, අපේ සම්බන්දයට කරපු ලොකු වංචාවකින් පස්සේත් මෙච්චර හදවත බොළඳ වෙලා තිබීම ගැන මම මගෙ ගැනම තරහෙන් පිච්චෙද්දී අසංක මගේ දිහා මවාගත්ත අහිංසක කමකින් බලන් හිටියා.
"ධනුක ප්ලීස්, මට එක චාන්ස් එකක් දෙන්න." අසංක අයැදුවා. "මට ඔයා නැතුව ඉන්න බැහැ."
මොහොතකට මට ඔක්කොම අමතක කරලා දාල අසංකත් එක්ක නැවත සම්බන්දය පටන් ගන්න පුලුවන් කියලා හිතුනා. අපි දෙන්න ආයෙත් එකට, මම එයාට යි මට යි ගත්ත ගෙදරට වෙලා ඉන්න හැටිත්, අපේ සම්බන්දේ ගැන අම්මලට මම කියන හැටිත්, පවුලේ කිසිකෙනෙක් මාව බාරගත්තේ නැතත් අසංක මම වෙනුවෙන් ඉන්න නිසා සතුටුවෙන හැටිත්, අපි දෙන්නා හැමදාම සතුටින් නැතත් සතුටු දායක ජීවිතයක් වයසට යනකල් ගතකරන හැටිත් චිත්‍රපට දර්ශන පෙළක් වගේ සිතේ ඇඳිලා ආයෙත් මැකිලා ගියා.
ඒත් අසංක ඒ හීන පුච්චලා අළු කළේ, මගේ හදවතට කිනිසි දාහක් ඇනලා මරලා දැම්මේ, අපි හදපු සිහින මාලිගා ගොඩනගන්නත් කලින්ම පෙරලලා දැම්මේ මට තියෙන ආදරේට නෙවෙයි කියලත්, මම මේ වතාවේ එයාට සමාව දෙනවා නම් ඒ පළමුවතාව වෙන්නෙත් අවසන්වතාව වෙන්නෙත් නෑ කියලත්, බිඳුනු විශ්වාසයක් පාස්සලා අලවන්න බැහැ කියලත් තේරෙන්න මට මොහොතක් ගියා.
"මම දැන් ඔයාව අමතක කරලා ඉවර යි." මම බොරුවක් ගෙතුවා. "දැන් මට වෙන කෙනෙක් ඉන්නවා."
"ධනුක අපිට පරක්කු වෙනවා." එහෙම කිව්වේ අසංක නෙවෙ යි, රමේශ්.
රමේශ් එතනට ඇවිත් හිටියා. රමේශ් මාව ගන්න එනවා කියල තිබුණු වගත්, අයියලා අපේ පවුල් දෙකේම අයත් එක්ක ට්‍රිප් එකක් යනවා කියලත්, මම රමේශ් එක්ක පරක්කු වෙලා යනවා කියලත් මතක් වුණේ එතකොටයි.
අසංකට මම කියපු දේ තේරෙන්න මොහොතක් ගත වුණා. එයා රමේශ් දිහා පුදුමෙන් බලලා රැවුවා. රමේශ් කළේ මෝඩ විදිහට හිනා වුණ එක.
"මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්." මම දිගටම බොරු කියාගෙන ගියා.
"මෙච්චර ඉක්මනට තවත් එකක් හොයාගෙන..." ඒ වතාවේ අසංක රැව්වේ මට. "තමුසෙ මහ බොරුකාරයෙක් ඕයි. තමුසෙ මට කරපු ලව් එකක් නෑ. "
එක දවසක් මම අසංකව මුණගැහෙන්න යද්දි වෙන මිනිහෙක් එක්ක නිදාගෙන ඉන්නවා දැක්ක හැටිත්, ක්ශනයකින් අපි එකතු කරපු සියලු සුන්දර මතක ගිලිහිලා යනවත්, අපි හදපු වැලි මාලිගා වතුරේ දියවෙලා යනවත්, මගේ සිහින බොඳ වෙලා සුළඟේ ගහගෙන යනවත් මොහොතකින් දැනී නොදැනී ගියා.
මගේ අතමිට මෙලවුණා. කේන්තියෙන් ඇස් රතු වෙලා කන්දෙක රත්වුණා. මිට මෙලවුණු අත අසංකගේ මූණ පැත්තට ගියේ නිරායාසයෙන් ම යි. මම අසංකට ගහන්න උත්සහ කරන්වත් අසංක එයින් බේරෙන්න අයින් වීමත් වුණේ සීග්‍රයෙන්.
අසංකගේ ඇස් කේන්තියෙන් රතු වුණත්, කේන්තිය පිටට පැන්නේ කඳුලු විදිහට. මම ආදරේ කරපු ඒ හුරතල් මූණ දුක්වෙනවා දකිද්දි මොහොතක් හිත ගල් වුණාට මම මටම බැනගත්තා. අසංකව සනසන්න, කතාකරන්න, කලින් වගේ සිප වැළඳගන්න උවමනාවක් ආවේ මම මාවම ලැජ්ජාවට පත් කරගනිමින්.
"තමුසෙට සයිකො..." අසංක මාව තදින් තල්ලු කරලා යන්න ගියා. මම වැටෙන්න ගියත් රමේශ් මාව අල්ල ගත්ත නිසා එහෙම වුණේ නෑ.
මම අසංක ආපසු නොබලාම යන හැටි බලන් හිටියේ ගල් ගැහිලා. මේ වෙද්දි අසංක මාව දාලා යන එකට, මාව අමතක කරන එකට, අපි වෙන්වෙන එකට කැමති වෙන්න ඕන වුණත්, තවමත් හිත ඒ වෙනුවෙන් හීල්ලීම ගැන මම මම ගැනම කලකිරීමකට පත් වෙලා හිටියා. නැවතත් මම පියවි සිහියට ආවේ මම එල්ලගෙන හිටපු බෑග් එක රමේශ් ඉල්ලගත්තට පස්සේ.
මගෙන් බෑග් එක ගත්ත රමේශ් ඒක වාහනේට දැම්මා. මම කළේ වාහනේට නැගලා රමේශ්ට වාහනේ පදවන්න ඉඩ දීලා ජනේලයෙන් ඉවත බලන් හිටපු එක. කොළඹින් ඈතට යද්දි ක්‍රමයෙන් පරිසරය හිරු එළියෙන් මිදිලා වෙලා අඳුරෙ ගිලුනා. අවිස්සාවෙල්ල පාස් කරලා කිතුල්ගලට ළං වෙද්දී හිරු එලියේ චායාවක් පමණක් ඉතිරි වෙලා තිබුණා. ඒ අතරතුරදී මම රමේශ් ගෙන් දාහක් ප්‍රශ්න බලාපොරොත්තු වුණත් මෙච්චර වෙලා රමේශ් මගෙන් මුකුත් ඇහුවේ වත් මට මොනවත් කිව්වේ වත් නෑ.
එදා සිදුවීමෙන් පස්සේ මගෙයි අසංකගෙයි සම්බන්දය නවත්තලා දැන් මාස කිහිපයක් වුණාට. ඒක බාර ගන්න අසංකට වත් මගේ හිතටවත් පුලුවන් වුණේ නෑ. අසංකගෙ කෝල්ස්, මැසේජස් ආන්සර් කරපු නැති තැන එයා ඔහොම මාව හම්බවෙන්න උත්හස ගත්තත් මම එයාව මග ඇරියා. ඒ එක නොසැලකීමකින් වත් අසංක අධෛර්යමත් නොවුණට මේ වතාවේ එහෙම වෙන්න ඉඩ තියෙනවා. මට නොදැනිම මට සුසුමක් පිට වුණා.
* * * * *
වාහනය කඳු අතරින් ඇඹරෙමින්, ඇතිල්ලෙමින්, දඟර ගැසෙමින් ඇති පාර ඔස්සේ ගියේ කුරුමිණියෙක් පස්සෙන් යන සර්පයෙක් වගේ. ගිණිගත්හේන පහු වෙද්දි ඈත ඇති ගොඩනැගිලි වල කෘතිම ආලෝක බුබුලු යන්තමින් දිස්වුණේ රටාවකට. ක්‍රමයෙන් සීතල වැඩි වෙමින් පැමිණි හින්දා මම රමේශ්ගෙන් අහන්නෙම නැතිව ඒසි එක නවත්තලා ශටර්ස් ඇරියා. සීතල වායූ දහරා ගලාගෙන ඇවිත් මූණ අතරේ දැවටුනා, කොන්ඩෙත් එක්ක සෙල්ලම් කළා.
"තෑන්ක්ස්..." මම රමේශ් දිහා බැලුවා.
"මොනවටද?" රමේශ් පාර දිහා බලාගෙනම ඇහුවා.
"හැමදේටම..." මම වචන ඇහිලුවා. "මම දන්නවා මම රමේශ්ට සැලකුව හැටි හරි නෑ කියලා."
රමේශ් මුකුත් කිව්වේ නෑ. අපි තවත් වට වංගු කිහිපයකට පස්සේ රමේශ් වාහනය පාරේ පැත්තකින් නැවැත්තුවා. සිසිල් සුළග ඒ වෙද්දි ආවේ පිනි පොදත් එක්ක. වැහිබර වළාකුළු අහස වහගෙන හිටපු නිසා, අහස බොඳවෙලත්, ගෙවල් දොරවල් වලින් තොර වටපිට නිසා පරිසරය මූසල නිසලතාවයකටත් ඇවිත් තිබුණා. මම ශටර් එක වැහුවා.
"නෑ..." රමේශ් මගේ අතින් අල්ල ගත්තා. "තැන්ක් යූ කියන්න ඕන ඔයාට. ඔයා හින්දා මම සතුටු වුණ වාර අනන්තයි."
"ඔච්චර බොළඳ වෙන්න එපා රමේශ්." මම කිව්වා.
"ආදරේ බොළඳයි තමයි." රමේශ්ට කිය වුණා.
"ආදරේ?" මම රවන්න ඇති.
රමේශ්ගෙ ඇස් පිම්බුනා. සමහර විට බලාපොරොත්තු නොවුණු දෙයක් කියවෙන්න ඇති. රමේශ් එහෙම වචනයෙන් නොකියෙව්වත් එයා හැසිරුණ විදිහෙක් එහෙම දෙයක් එයාගේ හිතේ තිබුණු බව කලින් ඉඳන්ම යන්තම් තේරුනත් මම සූදානම් වෙලා හිටියේ නෑ ඒක වචනයෙන් අහන්න. මේ මාතෘකාව අපි කතානොකරන එකක් වන තරමට මම කැමති වුණා.
"ඔව්, මම ඔයාට ආදරෙයි.” රමේශ් ඔලුව වැනුවා. "මම බලාපොරොත්තු නොවුණට දැන් ටිකක් කල් ඉඳන් මට එහෙම දැනෙනවා."
"මෝඩ කතා කියන්න එපා, රමේශ්." මම දවසේ දෙවෙනි වතාවටත් මට ආදරෙයි කියපු කෙනෙක් ප්‍රතික්ශේප කළා. "ඔයා මට ලව් කරන්නේ නෑ."
"කරනවා, ඒක විශ්වාස කරන්න මටත් අමාරු වුණා." රමේශ් වචන එකතු කළා. "ඒත් ඒක තමයි ඇත්ත."
මම ගොලු වෙලා හිටියා මිසක් කියන්න දෙයක් හිතුනේ නෑ. මොහොතක් ගත වුණේ නිශ්ශබ්දව. යාබද පඳුරක රැහැයියෝ කෑගැහුවා. තරමක් දුරින් ඇලක වතුර පාරක් ගලාගෙන යන හඬකුත් එක්ක ඈත අහසේ ඉරි අඳිමින් අකුණකුත් කෙටුවා.
"අපි මේක නවත්තමු රමේශ්..." මම රමේශ්ගේ අත මිරිකුවා. "මේක හොඳ විදිහට කවදාවත් ඉවර වෙන්නේ නෑ, තවත් හිටියොත් වෙන්නේ අපි දෙන්නටම හිත රිද්දවගන්න වෙන එක-"
රමේශ් මාව නවත්තලා මොනවහරි කියන්න උත්සහකළත් මම එයාට මුකුත් කියන්න ඉඩදෙන්නේ නැතුවම මම කතා කළා.
"ප්ලීස් රමේශ්, මට ආයෙත් මගේ හිත රිද්දවගන්න බෑ." මම රමේශ් දිහා බැලුවා. "කලින් වතාවේ හිත රිදුන එක විඳවගෙන ඉන්නේ මැරෙන්න බැරි කමට."
රමේශ්ගෙ ඇස් රතු වෙලා කඳුලු වලින් ඇස් දිලිසුනත්, කඳුලු කඩාගෙන වැටුනේ නෑ. රමේශ් දත්මිටි කාගෙන එයාට වුණු ප්‍රතික්ශේප දරාගන්න උත්සහ කළත් එයාට එහෙම ඉන්න බැරි වුණා. හඬ නගලා ඇඩුවේ නැතත් නොදැනුවත්වම රමේශ්ට ඉකි ගැහුනා.
"හරි" රමේශ් බොඳ වෙච්ච ඇස් ඇතිව මගේ දිහා බැලුවා. "ඔයා මට ආදරේ නෑ කියලා පොරොන්දු වෙන්න. එහෙම ඔයාට කියන්න පුලුවන් නම් අපි මේක නවත්තමු."
රමේශ් අසංකට අහසට පොළව වගේ, එච්චරටම වෙනස්. අසංකට තියෙන්නේ හුරතල් සියුමැලි ලස්සනක් වුණත්, රමේශ් තියෙන්නේ කඩවසම් රළු ලස්සනක්. අසංක වැඩිය හිනා වුණේ නැති වුණාට රමේශ් හිටියේ සතුටෙන් වගේම එයාගෙ වටේ ඉන්න අයවත් එයා හිනා ගැස්සුවා. වැඩියෙන්ම අසංක මගේ විශ්වාසය කඩකළාට රමේශ් එක්ක තිබුනු විශ්වාසය එන්න එන්නම වැඩි වුණා.
කොටින්ම කිව්වොත් මම ආදරේ කරන්න අමාරු කෙනෙක් වෙද්දි රමේශ් කියන්න ආදරේ කරන්න බොහොම පහසු ලේසි කෙනෙක්. රමේශ්ට ආදරේ කරන්න හේතු වෙනම විස්තර කරන්න ඕන නෑ. රමේශ්ට ආදරේද නැද්ද කියලා වෙනම කාලයක් අරගෙන හිතලා බලන්න ඕන නෑ. ඒක එයත් එක්ක ඉන්නකොට ලේසියෙන්ම දැනෙනවා, හැඟෙනවා. ඇත්ත, රමේශ්ට මම ආදරේ කරමින් ඉන්නවා.
"නෑ." මම කිව්වා. "මම ඔයාට ගොඩක් කැමතියි, ඒත් ඒක ආදරයක් නෙවෙයි."
රමේශ් මගෙ අත අරන් එයාගේ ඔලුවේ තියාගත්තා.
"සත්තයි කියන්න." රමේශ් මගේ ඇස් දෙකට එබුනා.
මම අත ඇදලා ගත්තා. "පිස්සෙක් වෙන්න එපා රමේශ්. මම ඔයාට ආදරේ නෑ, එච්චරයි."
මොහොතක් ගතවෙද්දි රමේශ් නිශ්ශබ්දව හිටියත්, ඈත ඉඳන් ආපු වැස්ස අපේ වාහනය වටකර ගෙන හඬ නගන්න ගත්තා. ගල් කැට තරම් සැරට වාහනේ වහලටත්, වීදුරු වලටත් වැටෙද්දි, රමේශ්ගෙ ඇස් වලින් කඳුලු බිඳු යන්තමින් ලෙස්සුවා. මම අහක බලාගත්තේ මගේ හිතේ දුකට වඩා, මම ගැනම තිබුනු තරහත්, අනුකම්පාවත්, පසුතැවිල්ලත් හිනිපෙත්තටම ලංවෙලා තිබුනු නිසා.
රමේශ් මගේ අත ආයෙත් අල්ලගත්තා. "අවසාන වතාවට මට ඔයාව මගේ කරගන්න ඉඩ දෙන්න."
"අමතකද රමේශ් අපි දෙන්නම ටොප් කියලා." මම තරහෙන් කිව්වා. "අපි දෙන්න කොහොමත් ගැලපෙන්න නෑ."
රමේශ් එයාගේ මූණ මගේ මූණ ආසන්නයටම ආවත් එයා මාව සිපගත්තේ නෑ. එයාගෙ දෙතොල් මගේ දෙතොල් අතර ගැවී නොගෑවී සැරිසැරුවා. එයා මෙච්චර ළඟින් ඉඳලත් මට එයාව සිපගන්නේ නැතිව ඉන්න උත්සහ කළත් ඒක නොකර ඉන්න අපහසු වුණා. ඒත් එයා මට ඒක කරන්න ඉඩ දුන්නේ නැතිව මාව තල්ලු කළා.
"දන්නවා, හොඳටම දන්නවා." රමේශ් වචන එකතු කළා. "ඒත් කමක් නෑ. මට ඔයාව ඕන, මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ."
රමේශ් එයාගෙ අත මගෙ ඔලුවෙන් තිබ්බා. "සත්තයි." එයා මිමිනුවා.
මට උත්තර දෙන්න ඉඩ දෙන්නේ නැතිවම රමේශ් මාව සිපගත්තා. මම හිතන්නේ මගේ අතින් එයාගෙ තොල් හැපිලා ලේ එන්න ඇති. මගේ අත් එයාගේ පිට හරහා ගිහිල්ලා සීරෙන්න ඇති, මම එයාගේ ශර්ට් එක හදිසියෙන් ගලවන්න ගිහින් බොත්තම් ගැල්වෙන්න ඇති. කරන්න අපහසුයි කියලා හිතුනත් කොහොමහරි අපි දෙන්නට එලියට බහින්නේ නැතුව වාහනේ පිටිපස්සේ සීට් එකට මාරුවෙන්න පුලුවන් වුණා.
රමේශ්ගෙ කලිසමත් මම ගලවල විසිකරද්දි රමේශ් එයාගෙ පර්ස් එකෙන් කොන්ඩම් එකක් අරන් දුන්නා. මම මගෙ අඟිල්ලක් ලෙවකාලා එයාගේ ඉතිරි වෙලා තිබුනු බොක්සර් එකත් ගලවලා එයාගේ තට්ටම් අතරට අරන් ගියා. රමේශ්ට කෙඳිරි ගෑවුනේ ඒ එක්කමයි. තෙත් වුනු ඇඟිල්ල එයාගෙ සියුමැලි විවරය එක්ක සෙල්ලම් කරද්දි අනිත් අතින් මම රමේශ්ගෙ එක පිරිමද්දින්න ගත්තා.
රමේශ් මාව ආයේත් ඇදලා ගත්තේ සීට් එකේ වැතිරෙන ගමන්. වැඩිය ඉඩ නැත්තත් මම රමේශ්ගෙ ඇඟ උඩට ඇවිත් එයාව තදින් සිපගත්තා. මගේ එක ඇඟිල්ල, මොහොතකින් දෙකකුත්, තවත් මොහොතකින් ඇඟිලි තුනකුත් වෙද්දිත් රමේශ්ට කෙඳිරි ගෑවුනාට ඒවා එලියට පිටවුණේ නැත්තේ ඒවා අපේ සිපගැනීම් අතර අතුරුදන් වුණු නිසා.
"රෙඩිද?" මම ඇහුවා.
රමෙශ් මගෙ ඇස් වලට එබිලා ඔලුව වැනුවා.
මම මගේ ඇඟිලි අයින් කරලා මගෙ එක එයාගේ තට්ටම් අතර සිරකළා. ඒක තදවුනු මාංශපේශි අතරින් ගිහින් එයාගේ විවරය හරහා ඇතුලු වෙලා නොපෙනී යද්දි රමේශ් තදින් මගේ බෙල්ල හැපුවා. සමහර විට ලේ එන්නත් ඇති, ඒත් ඒ වේදනාවට වඩා මම රමේශ් නිසා ලබන ආශ්වාදය දහස් ගුණයකින් වැඩි නිසා, ඒක මම ගණනකට ගත්තේ නෑ. මුලුන්ම හෙමිනුත්, පස්සේ වේගෙනුත් මම එහා මෙහා වෙද්දි රමේශ් කෙඳිරි ගාන සද්දේ වැඩි වුණා.
ඒ ප්‍රමෝදයේම ගිලිමින්, ඒ සතුටෙම සැරිසරමින්, ඒ ප්‍රහර්ශයේම සැතපෙමින් කල්ප කාලයක් ඉන්න පුලුවන් වුණත්, රමේශ් මගෙ බෙල්ල වටේ එල්ලිලා කෙඳිරිගාන සද්දෙට මෝහනය වෙන්න පුලුවන් වුණත්, මගෙ අත මත දැවෙටෙමින්, තැවරෙමින් ඇති රමේශ්ගෙ එකත් එක්ක තවතවත් සෙල්ලම් කරන්න පුලුවන් වුණත්. වැඩිකල් නොයාම අපි දෙන්නම අපේ සීමාවට ළඟා වුණා.
"අහ්" කියාගෙන රමේශ් හයියෙන් හුස්ම ගත්තා. මම අවසන් වතාවට එයාව සිපගත්තා.
රමේශ් මාව තදින් බදාගත්තා. කොච්චර කාලයක් එහෙම හිටියද කියලා කියන්න අමාරුයි. ඒත් කොච්චර කාලයක් එහෙම හිටියත් ඒ කාලය මදි කියල හිතෙද්දි මම රමේශ්ගෙන් වෙන් වුණා.
නැවතත් ඇඳුම් හදාගෙන වාහනයේ ඉස්සරහින් මම වාඩි වුණා. රමේශ් කළෙත් ඒකම යි. එතැනින් පස්සේ අපි දෙන්න කතාකළේ නෑ. මම රමේශ්ව වැරදි විදිහට පාවිච්චි කළා කියන හැඟීමකින් මම ගැනම ලැජ්ජාවෙන් කම්පා වෙද්දි, රමේශ් වාහනය පදවන්න ගත්තා.
ඒ වෙද්දි වැස්ස අවසන් වෙලා අහස වළාකුලු වලින් නිදහස් වෙලා තිබුනා. කොළඹ අහසට වඩා මෙහෙ අහස පැහැදිලි යි, කවදාවත් නොදැක්ක තරුත්, තරු රටාත් අහසේ දිස්නේ දුන්නා. කොච්චර පරිසරය ලස්සන වුණත් හිතේ නිසන්සුන් බවක් නැති නිසා, ඒක විඳගන්න බැරිව මම මම ගැනම තරහකින් විඳෙව්වා.
රමේශ්ට කලින් වගේ වාහනය පදවන්න පුලුවන් වුණේ නෑ. රමේශ් හඬක් නැගුනේ නැතත් එයාට එයාගේ හැඬීම පාලනයක කරගන්න පුලුවන් වුනේ නෑ. වැස්සක් වගේ ඇස් වලින් කඳුලු වැක්කෙරෙද්දි, එයාට ඒ අතරින් වාහනය පදවන්න අසීරු වුණා.
"මම ඩ්‍රයිව් කරන්නම්." මම කතාකරන්න වචන හොයාගත්තා.
රමේශ් වාහනය නවත්තල අපි තැන් මාරු කරගත්තා. රමේශ්ව සනසන්න හිත කෑගද්දි මම කට පියාගත්තේ, කවදහරි මගෙන් වෙන් වෙන්න ඒක රමේශ්ට උදව් වෙන්න පුලුවන් නිසා. මගේ අතින් වාහනේ පදවන වේගේ වැඩි වෙද්දි රමේශ් එලිය බලාගෙන හිටියා මිසක් මොනවත් කිව්වේ නෑ. 'සොරි' කියන්න දහස් වතාවක් උත්හස ගත්තත්, වචන වලටත් සීමාවක් තියෙන නිසා මම ගොලුවුණා. අපි එන්න ඕන තැනට ලඟා වෙද්දි ගතිනුත්, ඊට වඩා එක් දහස් එක් වතාවක් හිතිනුත් වෙහෙසට පත් වෙලා තිබුනා.
අපි එද්දි හැමෝම නින්දට ගිහින්. වාහනය නවත්තලා, බෑග් එකත් අරන් මම මගෙ රූම් එකට යද්දි, රමේශ් මගේ දිහා බලන් හිටියා. මගෙ පපුව පිච්චෙද්දි, හදවත පෑරිලා ලේ ගලද්දි, මගේ නොලැබීම ගැන මගේ නොසැලකීම ගැන මම මට දොස් කියාගද්දි, රමේශ් තවත් අඬන්න බැරි හින්දා යන්තම් හිනා වෙද්දි මම මුකුත් නොකියම කාමරේට ගිහින් දොර වහගත්තා.
* * * * *
ඊලඟ දවසේ මම කාමරේන් එළියට එද්දි අම්මලා ගාඩන් එකට වෙලා තේ බොමින් හිටියා. හිතුව තරම්ම සීතලක් උදේ තිබුනේ නෑ. ඈත කඳු පන්ති අතරින් මීදුම පීරාගෙන තැඹිලි පාටට ඉර එළිය ආවේ තීරු තීරි රටාවකට. ළා සුළඟක් හමාගෙන ගියේ වටපිටාවේ ගස්වල කොළ හෙලවමින්. මමත් තේ එකක් හදාගෙන වාඩි වුණා.
අයියා අක්කත් එක්ක මොනවත් කතාකරන ගමන් වත්තේ ඇවිද්දා. අයියගේ මොකක් හරි මෝඩ විහිලුවකට අක්කා ඕනවටත් වඩා හයියෙන් හිනා වුණා. රමේශ් වත් එයාගේ අම්මා වත් පේන්න හිටියේ නෑ. අම්මා තාත්තත් එක්ක කරපු කතාව නවත්තලා මගේ දිහාවට හැරෙද්දිම මම දැනගත්තා මොකක් හරි ඇණයක් කියලා.
"පුතා ආපු එක හොඳයි." අම්මා හිනා වුණා. "මම කොහොමත් කතාකරන්නම තමයි හිටියේ."
"මොකද්ද?" මම තේ බොන්න උත්සහ කළා.
"අර පුතාට මතකද සන්ධ්‍යා ආන්ටි, ඒයාගේ නංගිට දුවෙක් ඉන්නවා, ඒ දරුවා පුතාට වඩා අවුරුදු දෙකක් විතර බාල යි. හැබැයි, හරිම ලස්සන හොඳ හැදිච්ච-"
අම්මා තවත් ඒ කෙනා ගැන ගුණ වර්ණනා කරන්න ගත්තත් මට ඒ කිසි දෙයක් අහගන්න උවමනාවක් වත්, බොරුවට හරි මොනවහරි කියන්න හැකියාවක් වත්, උදේ පාන්දර මේ කතා අහන්න ඉවසීමක් වත් තිබුනේ නෑ.
ඊයේ සිදුවුණු හැම සිදුවීමක් ම හිතේ තවම හොල්මන් කරන්න ගත්තා. අසංකගේ ආයාචනාව, රමේශ්ගේ ආදරය ප්‍රකාශ කිරීම වගේ, රෑ වුණු අපේ එක්වීමත්, ඒ නිසා ඇතිවුනු නොසන්සුන් කමත් හිතේ ඇලි ඇලි හිටියේ ගැල්වීමක් නැති උගුලක වගේ. හිතන්න හිතන්න ඒ ගැනම තවත් ඇලීම, තැවීම, විඳවීම වැඩිවුණා.
කෑගහල අඩන්න හරි, කාට හරි පෙරලන් ගහන්න හරි, පහළ තියන හෙලට පැනලා මැරෙන්න හරි උවමනාවක් ඇති වෙලා නැති වුණේ කාලකන්නි හැඟීමකින් හිත පිරිලා ඉතිරිලා ගිය නිසා. අසීමිතව ආදරය කරපු අසංක මට කරපු වංචාවත්, මගේ ජීවිතේට එන්න තිබුනු වටිනම පුද්ගලයෙක් හැටියට රමේශ්ව ප්‍රතික්ශේප කරන්න වුණ එකත් අතරින් වැඩියෙන්ම දුක මොකටද කියලා හිතාගන්න අපහසු වුණා. සමහරවිට මේ හැමදෙයක් ම සිද්ධවුණු මට, මගෙ නොලැබීමට වෙන්න ඕන. ආත්ම අනුකම්පාව තරම් දුක හිතෙන දෙයක් තවත් නැහැ.
"පුතා!" අම්මා හයියෙන් කතා කරද්දි මම හැරිලා බැලුවා. "මම කිව්වේ මම ඒ ළමයව බලන්න යන්න දවසක් දාගත්තා කියන්න. ඔන්න පුතා එනවා නේද?"
අම්මා හිනා වෙලා මම දිහා බැලුවේ, ඒ එයා මම වෙනුවෙන් කරපු වටිනාම දේ වගේ.
සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන විදිහට අපේ ජීවිතෙන් අපි තදින් බැඳිලා හිටපු පුද්ගලයෝ ගැලවිලා යනවා වගේම කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට සමහර පුද්ගලයෝ බැඳෙනවා. තවත් වෙලාවක අනිත් අයත් එක්ක තියෙන බැඳීම් දරා ගන්න, ආරක්ශා කරගන්න, බැඳීම් නොකඩා තියාගන්න අපිට අපිවම නැති කරගන්න වෙනවා.
මම ඔලුව වැනුවා.
"අම්මේ මම සමලිංගිකයෙක්." මම කිව්වා.
~ මතුවට ~

2021-10-27, 10:15 pm
Tylor wrote:Digatama liyanna aiye kathawa lassanai
Hitha Honda Kolla wrote:ඇත්තටම ලසස්සනට ලියලා. ඔයාගේ ලිවීමේ හැකියාව ඉහලයි. ඉතුරු කොටසුත් දානකම් බලන් ඉන්නවා.
ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුතියි.
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5813
Member Since : 2016-10-31
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-10-29, 11:37 pm
මන්දෝ වෙලා හම්බෙන විදියට නෙවෙයි මේකට වෙනම වෙලාවක් වෙන් කර ගත්තොත් හොදයි නේ
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5125
Member Since : 2018-01-24
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-11-30, 11:58 pm
Ade me kotasa adane kiyauwe lassanai aiyehhh ithuru tikath liyanna ikmanata
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8490
Member Since : 2013-08-29
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-27, 1:09 pm
අවසන් කොටස - සංග්‍රාමයක සුරතාන්තය
සමහර කතාවල අවසානය ආරම්භයට වඩා සතුටුදායක යි. ඒ වෙන මොනවත් හේතුවකට වඩා ඒ කතාවලට ආරම්භයක් වත් අවසානයක් වත් කවුරුවත් බලාපොරොත්තු වුණේ නැති නිසා. සමහර කතාවල ගලායාමක් නෑ, කිසිම වර්ධනයක් නෑ, හැමෝටම රෝමියෝ ජුලියට් වගේ ආදර කතාවක් හිමි නෑ. ඒ වගේම රෝමියෝ ජුලියට් වගේ ශෝකාන්තයකින් අවසන් වෙන කතාවක් අවශ්‍යයත් නෑ. ආදරයක් හිමිවෙලා නැති වෙන එකද වැඩිපුරම කාලකන්නි නැත්තම්, නැතිවෙන්නවත් ආදරයක් උරුම නැති එකටද, කියන ප්‍රශ්නෙට උත්තර මා ගාව නෑ.
ඉරිදා දවසක හවස් වෙනකල් නිදාගත්තත්, අම්මා ඇවිල්ලා කන්න නැගිටින්න කියලා දහස් වතාවක් කිව්වත්, මම මගේ ගැනම අප්පිරියාවකින් පසුවුණත්, ඇඳෙන් නැගිටින්න බැරි කමකින්, මම ඇඳේ එහෙට මෙහෙට පෙරලුනා. ඇඳ ලඟින් තිබුන පොතක් අරන් මම කියවන්න උත්සහ කළේ ආයේත් මට නින්ද යන්න කියලා හිතාගෙන. ඒත් නින්ද ආවේ වත්, පොත කියවන්න තරම් හිතේ සන්සුන් කමක්වත් තිබුනේ නෑ. ලොකු ඔලුවේ කැක්කුමකින් ඇඟත් ඔලුවත් හිතත් වේදනා වින්දා.
"ආ... මොකද මේ තාම නිදි..." අක්කා කාමරේට ඔලුව දැම්මා.
අක්කා ආවේ කොයි වෙලාවේද කියලා නොදන්නවා වුණාට එයයි හේශාන් අයියයි එනවා කිව්වා කියලා මතක් වුණා. ඒත් එයාලත් එක්ක කතාබහ කරන්නවත්, හිනාවෙන්න වත්, කොටින්ම ඇඳෙන් නැගිට්න්නවත් උවමනාවක් නැතුව හිත මූසල කම්මැලි කමකින් පිරිලා තිබුනා. මම පොතින් මූණ වහගෙන නිදි වගේ ඉන්න උත්සහ කළත් අක්කා ඇවිත් පොත උදුරලා අරගෙන මට ඇඟිල්ලෙන් ඇන්නා.
"මොකද අනේ මේ?" අක්කා ඇස් පුංචි කළා.
මම ඔලුව වැනුවේ මුකුත් නෑ කියන්න.
"මුකුත් නැති වෙන්න විදිහක් නෑනේ... දැන් මාසයක් විතර මූණ එල්ලගෙන. හරියට කතාකරන්නෙ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ඔහේ ඉන්නවා..." අක්කා ඇහුවා. "ඇත්ත කියනවා, තමුසේ ලොකු බූට් එකක් කෑවා නේද?"
මම උත්තර දෙන්න ගියේ නෑ. කොයි උත්තරේ දෙන්න ගියත් අක්කා මාව දැනටමත් අඳුරගෙන ඉන්නවා කියලා මම දැනන් හිටියා. අනිත් එක මම උත්තර දෙන්න යාමෙන් වෙන්නේ තවතවත් එයාට මට වද කරන්න උත්තේජන දෙන එක.
"ම්, ලැහැස්ති වෙනවා අපිත් එක්ක පොඩ්ඩක් එළියට යන්න." අක්කා මට තට්ටුවක් දාලා නැගිට්ටා.
"මට බෑ-" මම කියන්න ගියත් අක්කා ආයෙත් හැරිලා බැලුවා.
"නෑ, බෑ, කියන්න එපා ඉතින්, එන්නකෝ..."
අක්කගෙන් කිහිපවතාවක් කල ඉල්ලීම්, බලකිරීම් සහ තර්ජන වලින් පස්සේ මට එයාලත් එක්ක නොයා ඉන්න බැරි වුණා. කොහොම වුණත් අක්කා දෙයක් හිතුවොත් එයා එක කරල ම යි නවතින්නේ. ටික වෙලාවකින් හේශානුත් ඇවිත් යමු කිව්වම මම යන්න සූදානම් වුණා.
රෙස්ටොරන්ට් එක ඕනවටත් වඩා පිරිලා හිටියේ ඉරිදා දවසක් නිසා වෙන්න ඇති. ලයිව් බෑන්ඩ් එකක් බැරි බැරිගාතේ හින්දි සිංදුවක් කියන්න උත්සහ කළා. ඇවිත් හිටිය මිනිස්සු ඊටත් වඩා හයියෙන් කතාකරපු නිසා ඒක කොහොමත් ඇහුනේ නෑ. මම සංසුන් වෙන්න, නැත්නම් හිත සංසුන් කරගන්න උත්සහ කළත් වටපිටාවේ කළබල නිසා ඒක තවත් අපහසු වුණා.
මම මෙනු එකේ පිටු ඔහේ පෙරලමින් හිටියා මිසක් මොනවත් කිව්වේ නැති නිසා හේශාන් අයියා මගෙන් අහන්නෙම නැතුව කන්න යි බොන්න යි ඕඩර් කළා. අක්කා බොන්නේ නැති නිසා එයා ක්‍රමයෙන් අපිට ගෙනාපු බයිට් ඉවර කරන්න පටන් ගත්තා. හේශාන් එක්ක චියර් කළාට බියර් වැඩිය පෙවුණේ නෑ. එයා ඒක දැක්කා වුණත් මුකුත් ඒ ගැන ඇහුවේ නැතුව, පොඩි පොඩි ප්‍රශ්න ඇහුවා, මම පොඩි පොඩි උත්තර දුන්නේ, ඉබේ හිතට ආව ඒව මිසක් හිතලමතල නෙවෙ යි.
"ධනුකට කොහොමද?" එක පාරටම මට ඇහුණා.
හේශාන්ට මොහොතක් ගියා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. "අවුලක් නෑ, ඔය ඉන්නේ, දැන් මිනිහා රට යන්න ට්‍රයි කරනවා."
"රට යනවා?" මට ඇහුනා. "ඒ ඇයි?"
ඒකට මොනවද උත්තරයක් හේශාන් කිව්වත් මට ඒ කිසිම දෙයක් අහගන්න පුලුවන් වුණේ නෑ. ධනුක රට යනවා කියන දේ විතරක් හිතේ රතු එළි දැල්වුණා. ධනුකව මුණගැහුනු දා ඉඳන් වුණු හැම සිදුවීමක් මත්, එයා මට අන්තිම වතාවට මුණ ගැහුනු වෙලාවේ කිව්ව දේවලුත්, එයා රට යන එකත් මැවිලා පේන්න පටන් අරන්, හිතේ සක්මන් කරන්න අරන්, මුලු හිතම වහගත්තේ ලොකු අඳුරු වළාවක් වගේ.
එතනින් පස්සේ මම හිතන්නේ මම ඕනවටත් වඩා බොන්න ඇති. අපි පැය දෙකක් විතර බීලා, මම කිසිම ගැලපීමක් නැති වුණත් අක්කවත් ඇදගෙන ගිහින් බෑන්ඩ් එක ඉස්සරහ ලොකු වෙලාවක් නටන්නත්, දැන් යමු කියද්දිත් අක්කලාව නවත්තගෙන, බෑන්ඩ් එකේ මනුස්සයගෙන් මයික් එක ඉල්ලගෙන මම සින්දු කියනවත් මතකයි. ඒත් එතනින් එහාට මම ගෙදර ගිහින් තිබුනේ කොහොමද, මම කොහොමද ඇඳට වැටිලා නිදාගත්තේ කියලා මට මතක නෑ. කොහොම වුණත්, ඊළඟ දවසේ අක්කාගෙන් ලොකු බැනුමක් අහන්න වෙනවා කියලා දැනුනා.
එකපාරටම රෑ ආයෙත් ඇහෙරෙද්දි උදේ පාන්දර තුනයි. කලින් ඉඳලම තිබුනු ලොකු ඔලුවේ කැක්කුම දෙගුණ තෙගුණ වෙලා ඔලුව පිපිරෙන්න ආසන්න වෙලා තිබුනා. මම පැනඩොල් එක්ක වතුර ලීටරයක් විතර බීලා ආයෙත් ඇඳට නිදා ගන්න ආවට එහෙම කරන්න බැරි වුණා. ධනුක රට යනවා කියන එක කොච්චර මගාරින්න හැදුවත් බිත්තර කට්ටක් අස්සේ හැංගෙන්න උත්සහ කරන අලියෙක් වගේ පේන්න ගත්තා.
අවසානයේ මම තීරණය කළා ධනුකව අවසාන වතාවට මුණගැහෙන්න යන්න. මම ධනුකගෙ ගෙදරට ආවේ එයාට නොකිය ම යි. කෝල් කරත් ආන්සර් කරයිද කියල සැකයකුත්, ආන්සර කළත් කියන්නේ මොනවද කියල නොදන්න කමකුත්, මාව ආයෙත් ප්‍රතික්ශේප කරයි කියල බයකුත් තිබුණා. ඒත් සමහර වෙලාවට බයට වඩා මම මාවම ආයෙත් රිද්දවගනියි කියලා ඇති වුණ ස්වයං අනුකම්පාවක්. ඒත් හේශාන් එක්ක ඇතිවුණ කතාබහෙන් පස්සේ, එහෙම නොකර ඉන්න බැරි වුණා. ධනුකව අවසාන වතාවට දකින්න තියන උවමනාව ඉහවහා ගිහින් පිටාර ගැලුවේ, ආත්ම අනුකම්පාව, බය, දුක, තරහ හැමදේම වහගෙන, පෙලරගෙන.
රෑ අවසන් වෙලා උදේ වෙන්න ළං වෙලා නිසාත්, තට්ටු කරන්නේ මම නිසාත්, අපි කලින්ම සමුගත්ත නිසාත් වගේ හේතු ගණනාවක් හින්දා දොරට තට්ටු කරද්දි ධනුක දොර අරින්නේ නැති වෙන්න ලොකු හැකියාවක් තිබුනත්, මට එහෙම නොකර ඉන්න බැරි වුණා. තට්ටු කිරීම් තුන හරකට පස්සේ ධනුක දොර ඇරියා.
ධනුකගේ ඇස් වල තිබුනේ නිදිමතක්, කොන්ඩෙ අවුල් වෙලා, රැවුල හොඳටම වැවිලා, එයා ශර්ට් එකක් නැතිව පොඩි කලිසමක් විතරක් ඇඳගෙන හිටියා. එයාව බදාගෙන සිපගන්න කියලා, මගෙ හිත, පපුව විතරක් නෙවෙයි සියුම් ස්නායු පවා කෑගැහුවත් එහෙම නොකර ඉන්න මම ලොකු වෑයමක් ගත්තා.
"රමේශ්?" ඇස් පොඩි කරන ගමන් ධනුක ඇහුවා. "ඔයා?"
"ධනුකට කරදරයක් නම් මම යන්නම්." මම වචන එකතු කළා.
ධනුක මට යන්න කිව්වේ නෑ, මොහොතක් කල්පනා කරපු ධනුක කළේ මට ගෙදර ඇතුලට එන්න සන් කරමින් දොර වඩාත් ඇරපු එක.
මම ගිහින් පුටුවක වාඩි වුණා. ධනුක ඇවිත් අනෙක් පුටුවෙන් වාඩි වුණා.
"මම ආවේ ධනුකට ගුඩ් ලක් කියලා යන්න." මම ධනුක දිහා බැලුවා. "මට ආරංචි වුණා ඔයා රට යනවා කියලා."
ධනුක ඔලුව වැනුවා මිසක් මුකුත් කිව්වේ නෑ.
"එහෙනම්, මම ගිහින් එන්නම්, පරිස්සමෙන් ඉන්න." මම හිනා වෙන්න උත්සහ කළා. "මගෙන් වරද්දක් වුණා නම් සොරි."
මම ආයෙත් යන්න නැගිට්ටා. මම දොර ළඟට යද්දි ධනුක මගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා.
"සොරි කියන්න ඕන මම රමේශ්." ධනුක මිමිණුවා. "ඔයාට මගෙනුයි වැරැද්දක් වුණේ. එදා අපි ඒක නොකර ඉන්නයි තිබුනේ, මට හිතෙනවා මම ඔයාව වැරදි විදිහට පාවිච්චි කළා කියලා."
"ඇයි ධනුක හිතන්නේ මම ඒකට අකමැත්තෙන් හිටියා කියලද?" මම ඇහුවා. "ධනුක හිතනවද මම එහෙම කාටවත් මාව පාවිච්චි කරන්න ඉඩදෙයි කියලා. මම ඒක කළේ උවමනාවෙන්, මට ධනුකව විශ්වාසයි, අනික මම ධනුකට ආදරෙ-"
"ප්ලීස් රමේශ්." ධනුක රැව්වා. "ඕක ආයේ ආයේ කියන්න එපා..."
"ඒත් ඒක බොරුවක් නෙවෙයි." මම වචන ගැට ගැහුවා.
"දන්නවා. ඒක හින්දම යි මම හිතන්නේ මම ඒ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කියලා."
"ඒ කියන්නේ ධනුකට තේරෙනවා මම ඔයාට ආදරෙයි කියලා." මම ධනුක දිහා බැලුවත් එයා වෙන පැත්තක් බලාගත්තා.
මම යන්න හැදුවත් බැරි නිස යි තේරුනේ ධනුක තවමත් මගෙ අතින් අල්ලන් ඉන්නවා කියලා. ධනුක ආයෙත් මගේ දිහා බැලුවා.
"යන්න කලින් එක දෙයක් කරන්න. අන්තිම වතාවට මාව රමේශ්ගෙ කරගන්න."
"පිස්සුද ධනුක, ඔයා ටොප් නේ..."
"ඔව් ඉතින් ඔයත් එහෙමනේ, ඔයා එහෙනම් ඉඩදුන්නේ." ධනුක මගේ අත අරගෙන එයාගෙ ඔලුව උඩින් තියාගත්තා. "මාව විශ්වාසයි කිව්වනේ, ඉතින් මම වෙනුවෙන් මේක කරන්න."
"මම දන්නවා ධනුක ඇයි මෙහෙම කියන්නේ කියලා." මම ධනුක දිහා බැලුවා. "මම කලිනුත් කිව්වේ, ඔයා මට කිසි නරක දෙයක් කළේ නෑ, වුණ හැමදේම මගේ සම්පූර්ණ කැමැත්තෙන් වුණේ."
"මමත් සම්පූර්ණ කැමැත්තෙන් තමයි කරන්න කියන්නේ."
මම ඔලුව වැනුවේ බැහැ කියන්න. මම ධනුකගෙ ඔලුවෙන් අත ඉවතට ගත්තා.
"මාව එපාද?" මොහොතක් ගෙවුනට පස්සේ ධනුක ඇහුවා.
ඒ අහපු ප්‍රශ්නෙට අඬන්නද හිනාවෙන්නද කියල තේරෙන්නේ නෑ. සමහරවිට මගේ ජීවිතේදි මට ධනුක තරම් උවමනා වෙච්ච තවත් කෙනෙක් නැතුව ඇති. මට අම්මවත්, සමහර විට අක්කටත් වඩා ධනුකගේ උවමනාව තදින් දැනුනා. ඒක මම පහුගිය මාසෙදි වින්දා, විඳෙව්වා. ඒත් වෙන් වෙන්න බලන් ඉන්න ධනුකට මේ කිසි දෙයක් කියලා වැඩක් නෑ.
මම උත්තර නොදුන්න තැන ධනුක මගේ අත ආයෙත් අරගෙන එයාගේ පපුව උඩින් තියාගත්තා.
"ප්ලීස්..." ධනුක ආයාචනා කළා. "අන්තිම වතාවට..."
මම ආයෙත් ඔලුව වැනුවා. ධනුකව බදාගෙන එයගේ නළලට කිස් එක්ක දීලා මම ආයෙත් එන්න ආවේ මොනවත් නොකිය ම යි. ධනුක ආයේ මුකුත් කිව්වේ වත්, ආයාචනා කළේ වත්, මගෙ අතින් අල්ලලා නැවැත්තුවේ වත් නෑ. සමහරවිට ආයේ එකවතාවක් මට ඉන්න කිව්වා නම් මම ඉන්න ලොකු පුලුවන් කමක් තිබුනා. මම යන්න ගියේ ආයේ වතාවක් හැරිලා බලන්නේ නැතුව ම යි.
සතියක් ගෙවුනේ කොහොමද කියලා කියන්න දන්නේ නැති වුණාට ඒක එහෙම වෙලා තිබුනා. මම ධනුකට කතා කළේ වත්, එයා මට කතාකළේ වත් නෑ. මම එයාව අන්තිම වතාවට මුණ ගැහුන එකෙන් මට එයාව අමතක කරන්න ලේසි වුණාද නැද්ද කියල කියන්න දන්නේ නැති වුණාට හිත හදාගන්න උත්සහ කළා.
ඒ ඉරිදා අක්කලා ආවේ නැති නිසා අම්මා සියුම් දුකකින් හිටියා. අනෙක මම අම්ම එක්කත් දැන් කාලෙක ඉඳල වැඩි කතා බහක් නෑ. කොහොමත්, අම්මට වඩා එකතු අක්කා. අක්කා තමයි අපි ඔක්කොටමත් එක්ක කතා කළේ. අක්කා බැඳලා ගියාට පස්සේ මමයි අම්මයි කතාකළෙත් අක්කා ගැන. අම්මට අක්කා නැතිව යම්කිසි කාන්සාවකිනුත්, මම කතා නොකිරීම නිසා සියුම් නොරිස්සුමකිනුත් හිටියා. ඉතින් අම්මා දවල්ට කන්න උයද්දි මම ගිහින් උදව් වෙන්නද ඇහුවා. අම්මා හිනා වෙලා ඔලුව වැනුවා.
"පුතා පොඩ්ඩක් වාඩි වෙන්නකෝ..." මම යන්න හද්දි අම්මා ඇහුවා.
"ඇයි අම්මේ?"
"මං බලාගෙන දැන් ටික දවසක ඉඳල පුතා ලොකු හිතේ අමාරුවකින් ඉන්නේ..."
"නෑ අම්මේ එහෙම මුකුත් නෑ."
"අනේ පුතේ අපිත් ඔය වයස පහුකරලනේ ඇවිත් ඉන්නේ." අම්මා උයන එක නවත්තලා මම දිහා බැලුවා. "පුතාට මට කියන්න බැරිනම් කමක් නෑ. ඒත් පුතාට කියන්න ඕනේ, පුතා තනිවෙලා නෑ කියලා, කවුරු නැතත් මේ අම්මා ඉන්නවා, අර අක්කා ඉන්නවා..."
"අයියෝ අම්මේ මේ මොනවද කියවන්නේ, මට එහෙම ප්‍රශ්නයක් නෑ." මම කිව්වා.
අම්මා ඒකට මොනවද කියන්න උත්සහ කළත් ඒකට වෙලාව තිබුනේ නෑ, එලියෙන් වාහනයක හෝන් එකක් ඇහුනා. ඒ අවසරයෙන් මම එලියට ආවේ ඇවිත් ඉන්නේ කවුද බලන්න. මම ඒ ආපු කෙනා ධනුක වෙයි කියල කොහොමට වත් හිතුවේ නැති වුණාට ඒක එහෙම වෙලා තිබුනා.
"ධනුක?" මට කියවුණා.
ධනුක බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවලා හිනා වුණා. ලස්සන ඇස්දෙකත් එක්කම වෙන අර ලස්සන හිනාව. අම්මත් ආවේ කවුද කියලා බලන්න. සැපදුක් කතාකරලා අම්මා ධනුකටත් දවල්ට කන්න ඉන්න කියලා උයන්න ගියාට පස්සේ මම ධනුකත් එක්ක මගේ කාමරේට ආවා.
"මම ආවේ රමේශ්ට දෙයක් කියන්න." ධනුක වචන එකතු කළා.
මම ඔලුව වැනුවේ කියන්න ඉඩ දෙමින්.
"මම රට යන්නේ නෑ." ධනුක කිව්වා. "ඇත්තටම කිව්වොත් රට යන්න ලොකු උවමනාවක් මට තිබුනෙත් නෑ."
"ඇයි ඉතින් එහෙම හිතුවේ?"
"එදා ට්‍රිප් එකේදි මම අම්මලාට කිව්වා මම ගේ කියලා."
"මොකක්?" මගෙ ඇස් දෙක පිම්බුනා. "ඉතින්?"
"අම්මලා මොනවත් කිව්වේ නෑ." ධනුක බිම බලාගත්තා. "ඒත් මට එවෙලෙම හිතුනා එතනින් පස්සේ හැමදේම ගොඩක් වෙනස් වෙයි කියලා. ඉතින් මම ම හිතුවා මම මෙහෙන් යන එක වඩා හොඳයි කියලා. අම්මයි තාත්තයි මාව දැක දැක දුක් වෙන එකක් නෑ. මම නිසා බලාපොරොත්තු බිඳගන්න එකක් නෑ. බිඳුනත් ඒවා දකින්න මම ඇත්තෙත් නෑ."
ධනුකගෙ ඇස් වෙලින් කඳුලු කඩන් වැටුනා. මම එයාගේ ළඟින් වාඩි වෙලා, උරහිස වටේ අත දැම්මා.
"අනික රමේශ් දන්නවනේ අසංක මට ලොකු බොරුවක් කළා කියලා. ඒ හින්දා මට හැමදේම එපා වෙලා තිබුනේ. අයියත් බැන්දා, එයාට දැන් අක්කා ඉන්නවා. අම්මලා මට වද කරන්න ගත්තා මම දැන් බඳින්න ඕන කියලා. මට ලොකු වෙනසක් ඕන වුණා."
"ඉතින් ඇයි ධනුක ඒ තීරණේ වෙනස් කළේ?" මම ඇහුවා.
"මට තේරුණා මට ප්‍රශ්නවලින් කොච්චර පැනලා ගියත් ඇත්තට මූණ දෙන්න වෙන දවසක් එනවා කියලා."
"ඒ මොකද්ද?" මම ධනුක දිහා බැලුවා.
"ඇත්ත මම රමේශ්ට ආදරෙයි කියන එක." ධනුකත් මගේ දිහා බැලුවා.
මට මොහොතකට උන්හිටි තැන් අමතක වුණා. හදවතේ ගැස්ම වැඩිවෙලා, උගුර හිර වෙලා, කට ගොලු වුණා. ඇස් දෙක කොච්චර රතු වෙලා ඉදිමිලා තිබුනත්, එයාගේ මූණ ලොකු දුකකිනුත් සෑහෙන පීඩනයකිනුත් මිරිකිලා තිබුනා වුණත්, ඕනවට එපාවට රැවුලයි කොණ්ඩෙයි තිබුනත් ධනුකගේ ලස්සන පොඩ්ඩක් වත් අඩුවෙලා තිබුනේ නෑ. එයාගේ ලස්සන තියුනු ඇස් මගේ ආත්මය හරහා ගිහින් හදවතේ කොණක පෙට්ටගමක යතුරු දාලා තිබුනු හැඟීම් ආයේ අවුස්සන්න පුලුවන් කමක් එයාට තිබුනා.
"මම දන්නවා, මම කලින් කිව්වා තමයි එහෙම නෑ කියලා." මම මුකුත් නොකිව්ව නිසා ධනුකම කතා කළා. "ඒත් ඒක එහෙම හිතලා හිත රවට්ට ගන්න හදපු හැම අවස්තාවකම වුණේ මම රමේශ් කොච්චර ආදරෙයිද කියලා ආයේ ආයේ තේරුණ එක."
මට මොහොතකින් තේරුණා, ඇස් දෙක බොඳවෙලා, කෙවෙන්න පටන් අරන්, දැවිල්ලක් ආවම, මමත් අඬමින් ඉන්නව වග. ධනුක මගේ කඳුලු පිහදැම්මා. මම ධනුකව බදාගත්තා. කොච්චර වෙලා එහෙම හිටියද කියලා මම නොදන්නවා වුණාට, ඒ කාලය කොච්චර වුණත් මදියි කියලා හිතුනා.
"ඉතින්?" මම ඇහුවේ කාලයක් ගියාට පස්සේ. "දැන් ධනුක මොකද කරන්නේ?"
ධනුක ඔලුව වැනුවා. "දන්නේ නෑ. මම රමේශ්ට ආදරෙයි, මම දන්නවා මම රමේශ්ව ප්‍රතික්ශේප කරලා ගොඩක් දුක් දුන්නා කියලා. ඒත් මොකක් හරි හේතුවකට තාමත් රමේශ් කැමති නම් මාත් එක්ක ඉන්න, මට ඒක තමයි ඕන."
මම ධනුකව තදින් සිපගත්තා. එයාගේ සිනිදු තොල් අතරේ දැවටෙමින්, මගේ ඇඟිලි එයාගේ කොන්ඩේ අතර සැරිසරමින් එයාගේ අතල මගේ පිට හරහා යමින් අපි සිපගනිමින් හිටියා. ආදරයෙන් ම ගත්ත හුස්ම හෙලුනෙත් ආදරයෙන් ම යි. ධනුකවම විඳගමින් අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් මේ ආශ්වාදය ලබන්න පුලුවන් වීම ගැන මම සතුටු වුණා. තවතවත් මම ධනුකව මගේ ළඟට තුරුල් කර ගද්දි, ධනුකගේ සිපගනීමේ තීව්‍රතාවයත් වැඩි වුණා.
"පුතා, එන්න ඔය ළමයත් එක්ක කෑම ටිකක් කන්න." අම්මා කෑගැහුවා. "අද පරක්කුත් වුණා."
අපි නැවතත් මහපොලවට වැටුනා. අම්මට ප්‍රතිචාර නොදැක්වුවොත් එයා කාමරේට එන්න පුලුවන් නිසා මම ඇඳුමත් හදාගෙන එලියට ආවා. අම්මා කෑම මේසෙට කෑම තියලා තිබුනා. මම අම්මට ධනුකවත් එක්ක එන්නම් කියලා ආයෙත් කාමරේට ඇවිත් ධනුක ළඟින් වාඩි වුණා.
"යමු කන්න." මම කිව්වා.
ධනුක ඔලුව වැනුවා. "උත්තරක් දෙන්නෙ නැද්ද?"
"දෙන්නම්…” මම හිනාවුණා. "හැබැයි, කොන්දේසි කීපයක් තියනවා."
ධනුක ඇස් පුංචි කළා. "මොනවද?"
"එක මමත් මගේ ගැන මගෙ අම්මටයි, අක්කටයි, හොඳම යාලුවන්ටයි කියන්න ඕන, මට ඒකට ටිකක් කල් ඕන. දෙක ඔයා ඔයාගේ අම්මලාව අත් අරින්න එපා එයාලට තේරුම් කරන්න කල් යාවි, සමහර විට ගොඩක් කල්, එතකන් ඔයා ට්‍රයි කරන්න ඕන. තුන මාත් එක්ක හැමදේම කියන්න ධනුක, දේවල් හිතේ තියාගෙන විඳවන්න එපා. අන්තිම එක සහ වටිනම එක, මට ඔයාගැන තියන ආදරේ කවදාවත් අඩු වෙන්නේ නෑ කියන එක ඔයා තේරුම් ගන්න ඕන. ඒ හින්දා ඔයාට ඕන තරම් කල් මට ඔයා එක්ක ඉන්න පුලුවන්, සමහරවිට ජීවිත කාලෙම.”
"හරි එකඟයි." ධනුක මම කියන හැමදේම හොඳින් අහන් ඉඳල ඔලුව වැනුවා. "මටත් කොන්දේසි තියනවා. මීට වඩා ගොඩක්, ඒවා පස්සේ කියන්නම්."
"ළමයෝ" අම්මා ආයෙත් කෑගැහුවා. "කන්නෙ නැද්ද. මේ මැස්සොත් වහනවා."
"එනවෝ" මම උත්තර දුන්නේ ධනුකත් එක්ක කාමරෙන් එලියට යන ගමන්.
"ආ අම්මේ, ධනුකට රෑටත් එක්ක කෑම තියනවද?" මම ඇහුවා. "අද ධනුක මෙහෙ ඉන්නවලු."
ධනුකගෙන් අහන්නෙත් නැතිව එහෙම කිව්ව නිසා ධනුක මගේ දිහා බැලුවේ රවන්න කියලා හිතුනත් ඒක එහෙම වුණේ නෑ. ඒත් එයාගේ ඇස් දිලිසුණා. අම්මා මොනවද කියනවා කියලා තේරුණත් ඒකට අවධනය යොමු කරන්න බැරි වුණේ මම ධනුකගේ ඇස් වල අතරමන් වෙලා හිටපු නිසා.
"ආ තවත් එකක් තියනවා." අපි කන අතරේ මම ධනුක දිහා බැලුවා. "එදා මගෙන් දෙයක් ඉල්ලුවනේ, ධනුක අද රෑ මෙහෙ ඉන්න නිසා මට අද ඒක කරන්න පුලුවන්."
එතකොට ධනුකට එක පාරම කැස්සක් ආව නිසා, මම එයාට වතුර වීදුරුවක් දීලා පිටට තට්ටුවක් දැම්මා.
"හැබැයි, ධනුකට ඒක ඕන නම් විතරයි." මම ටිකකින් කිව්වා.
ධනුකගෙ රවාගෙන හිටපු ඇස් හීනි වෙලා කට කොනකින් එයා හිනා වුණා. "ඔව් ඕන." එයා ඔලුව වැනුවා.
එයාගේ ලස්සන ඇස් දිහා බලාගෙනම මමත් හිනා වුණා.
~ අවසානයි ~

2021-12-27, 1:11 pm
ඔන්න වෙලාවක් වෙන්කරන් ලිව්වා.Yohan wrote:මන්දෝ වෙලා හම්බෙන විදියට නෙවෙයි මේකට වෙනම වෙලාවක් වෙන් කර ගත්තොත් හොදයි නේ
තැන්කූ, ඔන්න අවසාන කළා.Tylor wrote:Ade me kotasa adane kiyauwe lassanai aiyehhh ithuru tikath liyanna ikmanata
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5813
Member Since : 2016-10-31
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-27, 8:26 pm
මගේ ඉල්ලීමට ලියවුනු මේ කතාව මන් ඉල්ලපු දේත් තිබ්බ උනාට මන් හිතන්නේ මන්ධෝ උබේ කතා වල වැල ගැන වැඩි අවදානයක් යොමු කරන මගේ හිතට නම් ඕනි උනෙම නැහැ සොරි එකට ...
මට ඕනි උනෙම ඒ චරිත දෙක අතර මාරුවෙන් මාරුවට ජිවත් වෙන්නේ .. වෙලාවකට රමේෂ් වෙන්නත් වෙලාවකට ධනුක වෙන්න .. අවුලක් නැහැ දෙන්නම ටොප් නිසා ...
අනී මන්දා කතාවක් කියලා දැන දැනම ඒ කතා වල ජිවත් වෙන්න ඕනි උනාම පිස්සු හැදෙනවා බන් ,,
මන් දන්නවා මන් දැන් ඉල්ලන ඉල්ලීමට උබ මුලින්ම බැහැ කියනවා හරියටම ධනුක වගේ ප්‍රතික්ෂේපත් කරනවා .. එහෙත් ධනුක වගේ අයෙත් කැමති වේවි කියලා ලූකු බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියාගෙන ඉල්ලන්නේ ... අයෙත් දිගම දිග කතාවක් ලියාන් ...
මට ඕනි උනෙම ඒ චරිත දෙක අතර මාරුවෙන් මාරුවට ජිවත් වෙන්නේ .. වෙලාවකට රමේෂ් වෙන්නත් වෙලාවකට ධනුක වෙන්න .. අවුලක් නැහැ දෙන්නම ටොප් නිසා ...
අනී මන්දා කතාවක් කියලා දැන දැනම ඒ කතා වල ජිවත් වෙන්න ඕනි උනාම පිස්සු හැදෙනවා බන් ,,
මන් දන්නවා මන් දැන් ඉල්ලන ඉල්ලීමට උබ මුලින්ම බැහැ කියනවා හරියටම ධනුක වගේ ප්‍රතික්ෂේපත් කරනවා .. එහෙත් ධනුක වගේ අයෙත් කැමති වේවි කියලා ලූකු බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියාගෙන ඉල්ලන්නේ ... අයෙත් දිගම දිග කතාවක් ලියාන් ...
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5125
Member Since : 2018-01-24
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-29, 11:38 pm
Kathawa anthima tika ikmanata ikmanata wadiyen iwara una wage aiye tikak. Habei lassanai ahhh
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8490
Member Since : 2013-08-29
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-31, 9:51 am
සොරි කියන්න ඕන නෑ. එක අතකින් ඒක එහෙම වුණ එකත් හොඳයි. මොකද මම හිතන්නේ මම ඒක එච්චර සාර්තකව කළේ නෑ කියලා. කොටින්ම අන්තිම කොටසේ "වැල" කොටසක් ඇත්තෙත් නෑ.Yohan wrote:මගේ ඉල්ලීමට ලියවුනු මේ කතාව මන් ඉල්ලපු දේත් තිබ්බ උනාට මන් හිතන්නේ මන්ධෝ උබේ කතා වල වැල ගැන වැඩි අවදානයක් යොමු කරන මගේ හිතට නම් ඕනි උනෙම නැහැ සොරි එකට ...
මට ඕනි උනෙම ඒ චරිත දෙක අතර මාරුවෙන් මාරුවට ජිවත් වෙන්නේ .. වෙලාවකට රමේෂ් වෙන්නත් වෙලාවකට ධනුක වෙන්න .. අවුලක් නැහැ දෙන්නම ටොප් නිසා ...
අනී මන්දා කතාවක් කියලා දැන දැනම ඒ කතා වල ජිවත් වෙන්න ඕනි උනාම පිස්සු හැදෙනවා බන් ,,
මන් දන්නවා මන් දැන් ඉල්ලන ඉල්ලීමට උබ මුලින්ම බැහැ කියනවා හරියටම ධනුක වගේ ප්‍රතික්ෂේපත් කරනවා .. එහෙත් ධනුක වගේ අයෙත් කැමති වේවි කියලා ලූකු බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියාගෙන ඉල්ලන්නේ ... අයෙත් දිගම දිග කතාවක් ලියාන් ...
චරිත දෙකම දැනුන එක ගැන සතුටුයි, ඒ කියන්නේ එක දෙයක් හරි හරියට කරලා කියන එකනේ.
ඉල්ලීමට ස්තුතියි, මමත් කාලයක් තිස්සේ දිග කතාවක් ලියන්න හිතුවා. ඒත් නොලියන්න හේතු කිහිපයක් තියනවා.
ලොකුම එක මගෙ කම්මැලිකම. කතාවක්, විශේෂයෙන් දිග කතාවක් ලියන්න, සෑහෙන කාලයකුත්, ශ්‍රමයකුත් වැය වෙනවා. ඉතින් පෞද්ගලික අනිත් වැඩත් එක්ක ඔහොම එක දිගට ලොකු කාලයක් කතාවක් වෙනුවෙන් වැය කරන්න කම්මැලි කමක් තියනවා.
අනික, දැන් මේ සයිට් එකේ කතා කියවන අයත්, අදහස් දක්වන අයත් කලින්ට සාපෙක්ශව සෑහෙන්න අඩු වෙලා. ඒක මේ සයිට් එකේ වරදක් නෙවෙ යි, එක අතකින් මමත් ඇතුලුව කතා ලියන අයත් ඒකට වග කියන්න ඕන. කතා බාගෙට අත් ඇරපු එක, කතා යාවත් කාලීන වෙන්න ගොඩක් කල් ගන්න එක වගේ හේතු නිසා, කියවන අයත් අඩු වෙලා. සමහරවිට ඉස්සර වගේ කතා කියවන අය අඩු වෙලා වෙන්නත් පුලුවන්. ඉතින් ඔහොම වෙද්දි සමහර වෙලාවට පාලු ගෙයි වලන් බිඳිනවා වගේ හිතෙන නිසා කතා ලියන්න ලැබෙන උත්තේජනයන් අඩුයි.
කොහොම වුණත් බලමු, සමහර විටක ඒ කතාව අනාගතයේ දවසක ලිය වේවි.
නැවතත් ස්තුතියි.
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8490
Member Since : 2013-08-29
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-31, 9:54 am
Tylor wrote:Kathawa anthima tika ikmanata ikmanata wadiyen iwara una wage aiye tikak. Habei lassanai ahhh
ඔව්, ඒක අතකින් ඒක හරි. තව කොටස් කිහිපයකට ඇදගෙන යන්න පුලුවන් වුණත්, ඉවර කරන්න කාලේ හරි කියලා හිතුවා. පැසසුමට බොහොම තුති.
Tylor likes this post
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5813
Member Since : 2016-10-31
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2021-12-31, 3:33 pm
Mandaram wrote:සොරි කියන්න ඕන නෑ. එක අතකින් ඒක එහෙම වුණ එකත් හොඳයි. මොකද මම හිතන්නේ මම ඒක එච්චර සාර්තකව කළේ නෑ කියලා. කොටින්ම අන්තිම කොටසේ "වැල" කොටසක් ඇත්තෙත් නෑ.Yohan wrote:මගේ ඉල්ලීමට ලියවුනු මේ කතාව මන් ඉල්ලපු දේත් තිබ්බ උනාට මන් හිතන්නේ මන්ධෝ උබේ කතා වල වැල ගැන වැඩි අවදානයක් යොමු කරන මගේ හිතට නම් ඕනි උනෙම නැහැ සොරි එකට ...
මට ඕනි උනෙම ඒ චරිත දෙක අතර මාරුවෙන් මාරුවට ජිවත් වෙන්නේ .. වෙලාවකට රමේෂ් වෙන්නත් වෙලාවකට ධනුක වෙන්න .. අවුලක් නැහැ දෙන්නම ටොප් නිසා ...
අනී මන්දා කතාවක් කියලා දැන දැනම ඒ කතා වල ජිවත් වෙන්න ඕනි උනාම පිස්සු හැදෙනවා බන් ,,
මන් දන්නවා මන් දැන් ඉල්ලන ඉල්ලීමට උබ මුලින්ම බැහැ කියනවා හරියටම ධනුක වගේ ප්‍රතික්ෂේපත් කරනවා .. එහෙත් ධනුක වගේ අයෙත් කැමති වේවි කියලා ලූකු බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියාගෙන ඉල්ලන්නේ ... අයෙත් දිගම දිග කතාවක් ලියාන් ...
චරිත දෙකම දැනුන එක ගැන සතුටුයි, ඒ කියන්නේ එක දෙයක් හරි හරියට කරලා කියන එකනේ.
ඉල්ලීමට ස්තුතියි, මමත් කාලයක් තිස්සේ දිග කතාවක් ලියන්න හිතුවා. ඒත් නොලියන්න හේතු කිහිපයක් තියනවා.
ලොකුම එක මගෙ කම්මැලිකම. කතාවක්, විශේෂයෙන් දිග කතාවක් ලියන්න, සෑහෙන කාලයකුත්, ශ්‍රමයකුත් වැය වෙනවා. ඉතින් පෞද්ගලික අනිත් වැඩත් එක්ක ඔහොම එක දිගට ලොකු කාලයක් කතාවක් වෙනුවෙන් වැය කරන්න කම්මැලි කමක් තියනවා.
අනික, දැන් මේ සයිට් එකේ කතා කියවන අයත්, අදහස් දක්වන අයත් කලින්ට සාපෙක්ශව සෑහෙන්න අඩු වෙලා. ඒක මේ සයිට් එකේ වරදක් නෙවෙ යි, එක අතකින් මමත් ඇතුලුව කතා ලියන අයත් ඒකට වග කියන්න ඕන. කතා බාගෙට අත් ඇරපු එක, කතා යාවත් කාලීන වෙන්න ගොඩක් කල් ගන්න එක වගේ හේතු නිසා, කියවන අයත් අඩු වෙලා. සමහරවිට ඉස්සර වගේ කතා කියවන අය අඩු වෙලා වෙන්නත් පුලුවන්. ඉතින් ඔහොම වෙද්දි සමහර වෙලාවට පාලු ගෙයි වලන් බිඳිනවා වගේ හිතෙන නිසා කතා ලියන්න ලැබෙන උත්තේජනයන් අඩුයි.
කොහොම වුණත් බලමු, සමහර විටක ඒ කතාව අනාගතයේ දවසක ලිය වේවි.
නැවතත් ස්තුතියි.
වැඩි කල් නොගෙනම ලියමු හෑ …. මේ අර දවසක් කියවුණු විද්‍යා ප්‍රබන්දයත් ලියමු නේද ?
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5125
Member Since : 2018-01-24
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2022-01-01, 10:42 am
Oyage katha liyana style eka patta aiyeh eka nisa kiyawanna asa hithenawa oluwe mawena widihata liyanawa ehema aya adui ikmanata thawath kathawak liyanna kiyala illanawa sahaaaa meke inna hamotama onna subama suba aluth auruddak wewaaaaa [You must be registered and logged in to see this link.] aiya saha @hitha honda kolla aiyala denna issara mawa sahenna motivate kara thank u onna eke results thiyanawa mawa 3rd shy eken University select una
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5813
Member Since : 2016-10-31
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2022-01-02, 1:37 am
Tylor wrote:Oyage katha liyana style eka patta aiyeh eka nisa kiyawanna asa hithenawa oluwe mawena widihata liyanawa ehema aya adui ikmanata thawath kathawak liyanna kiyala illanawa sahaaaa meke inna hamotama onna subama suba aluth auruddak wewaaaaa [You must be registered and logged in to see this link.] aiya saha @hitha honda kolla aiyala denna issara mawa sahenna motivate kara thank u onna eke results thiyanawa mawa 3rd shy eken University select una
අඩේ සතුටුයි හෑ
ඔන්න උම්මා එකක්
Tylor likes this post
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9822
Member Since : 2015-05-03
Re: විකසිත ආදර ප්‍රාර්ථනා
2022-01-03, 1:12 am
ලස්සනට කතාව ඉවර කෙරුවා ලයාන්විතයි. කතා ලියන ඔබලාට පුළුවන් ආයේ මේ සයිට් එක ගොඩ දාන්න. කම්මැලි නොවී, කොමෙන්ටු බලාපොරොත්තුනොවී මේ සයිට් එකේ ලස්සන කතා ටිකක් ලියවුනොත් ආයේත් කතා කියවන්න එන අය වැඩිවෙයි. ට්‍රයි කරලා බලමු.
Page 2 of 3 • 1, 2, 3
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|