Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hiran
Hiran
+ 100 Posts
Awards-2013

City : Kandy
Country : Sri Lanka
Posts : 147
GetReal Gold : 9680
Member Since : 2013-05-11

අහිමි මිතුදම Empty අහිමි මිතුදම

2013-07-04, 10:22 pm
Message reputation : 100% (5 votes)
උඹ මගේ ජීවිතේට ආවේ මම හිතපු නැති විදිහට.
ඒත් ඒ වගේ හිතපු නැති විදිහට , නොසිතූ වෙලාවක මගේ ජීවිතේට ආපු උඹ  මගේ ජීවිතේ ලොකුම පෙරළියක් කරා....

ජීවිතේට සොඳුරු මිතුදමේ අරුත කියල දීපු උඹ ඒ වගේම මට පොළවේ පය ගහල ජීවත් වෙන්න කියල දීපු වාර ගණන අනන්තයි .
උඹෙන් පිටවුණු සමහර වචන හරිම වේදනාකාරියි, ඒත් ඒ හැම වචනයක්ම ඇත්ත. ඒ වචන හමුවේ මගේ මනස වෙලා තිබුණු " මාන්නය එහෙමත් නැත්තම් උද්ධච්චකම" චණ්ඩ මාරුතයක් හමුවේ මුලිනුදුරා වැටුණු වනස්පතියක් වගේ මචන්.

 උඹට මතකද උඹයි මමයි නටපු පිස්සු වල තරම????
අපේ හැම දුකකටම සතුටකටම උඹ මගේ ලඟත් මම උඹේ ලගත් හිටියා. අපි ඒ හැම දෙයක්ම බෙදා ගත්තා...
හිතන්න බැරි වේදිහේ විවිධාකාර බලවේග ( D & S) අපි අතරට ආවත් ඒ එකකටවත් උඹේත් මගේත් එකට Friendship  මොකුත්ම කරන්න බැරි වුණා.

කොටියගේ කැලේ මාරු කලත් උගේ පුල්ලි අරින්න බෑ වගේ සමහර වෙලාවට මගේ පරණ පුරුදු මතු වුණා. ඒ වගේ වෙලාවට මගේ උද්ධච්ච කම නිසා මම උඹ කියපෞ සමහ දේවල් පිළිගත්තේ නෑ. එතකොට උඹ මට කිව්වේ " මචං දැන් උඹ ඉන්නේ _____ එකේ නෙවෙයි සමාජයේ "කියල....

මම සමහර දේවල් ලැජ්ජාව නිසා හංගලා ඇති උඹ ගෙන් , ඒ මොකද මම උඹට කරන්න එපා කියල උපදෙස් දීල අන්තිමට මමත් ඒ වැඩේම කරපු නිසා, ඒත් මම උඹට හීනෙකින්වත් වංචාවක් කරල නෑ මචං.

  අද මගේ උද්ධච්චකම නිසා උඹ මගෙන් ඈත් වුණත් මිතුදමේ අරුත , මිනිසත්බවේ සුවඳ ලංකරල දීපු උඹ මගේ හොඳම යාලුවා මචං, ඒක ඊයේටත්, අදටත් , හෙටටත් හැමදාටමත් එහෙමමයි.

 කවදා හරි දවසක උඹ ආයෙමත් මට ඉස්සර වගේ " මචං" කියල කතා කරන දවස එනකම් මම දෑස් දල්වා බලා ඉන්නවා , මොකද මම මගේ ජීවිතේට උඹෙන් ඉගෙනගත්තු මුල්ම දේ තමයි " මචං කවදාවත් බලාපොරොත්තු නැතිකරගන්න එපා, ඒවා පපුවේ කොතනහරි තියාගෙන ඒවා ජීවත් කරවපන්" කියලා
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9322
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

අහිමි මිතුදම Empty Re: අහිමි මිතුදම

2013-07-04, 11:16 pm
Most of it is my story......:( :(
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9105
Member Since : 2013-01-27

අහිමි මිතුදම Empty Re: අහිමි මිතුදම

2013-08-06, 12:25 pm
හොඳ යාලුවෙක්  අපෙන් කොයිතරම් වරදක් වුනත් එක අමතක කරලා  ආයේ එනවා බන් .... බලාපොරොත්තු  අත්  අරින්න එපා ...:D
Sponsored content

අහිමි මිතුදම Empty Re: අහිමි මිතුදම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum