Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Chandana
Chandana
Regular Member
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8352
Member Since : 2013-05-29

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 8:15 pm
Message reputation : 100% (2 votes)
මේ තියෙන්නෙ මං කියවපු හොඳ පෝස්ට් එකක්. මම උපුටාගත්තෙ මෙතනින්. [You must be registered and logged in to see this link.] නමුත් එහි මුල් ලිපියේ ලිපිනය පෝස්ට් එකේ පහලින්ම ඇති.



[You must be registered and logged in to see this link.]ඉහත ඡායාරූපය ග්‍රීක මිථ්‍යා කතාවල එන සියුස් සහ ගැනිමීඩ් අතරප්‍රේමය
සමලිංගිකත්වය ගැන කාලෙන් කාලෙට බ්ලොග් පෝස්ට් ලියවෙනවා. කවදාවත් ලියන්න හිතාගෙන නොහිටියත් ගිය සතියේ කියවපු ඒ වගේ පෝස්ට් එකක් නිසා තමයි අද ප්‍රදීප්ගේ පිටුව මේ මාතෘකාව වෙනුවෙන් වෙන් වෙන්නේ. ඒ පෝස්ට් එකේ සඳහන් වුනු සමහර දේවල් වලින් සමලිංගිකත්වය ගැන අනවශ්‍ය බියක් ඇති බව පෙනුන නිසා තමයි මේ ගැන ලියන්න හිතුවේ.මේ ගැන පොඩ්ඩක් හොයනකොට සමලිංගිකත්වය කියන්නේ හොඳ දෙයක්ද, නරක දෙයක්ද, සමලිංගිකයන් සමාජයෙන් පිටමං කළ යුතුද, සමලිංගිකත්වය නීතිගත කළ යුතුද, ඔබේ දරුවා සමලිංගික අතවර වලින් බේරාගන්නේ කෙසේද, පිටකොටුවේ සමලිංගික රැස්වීම් තියන්න අවසර දුන්නේ කව්ද, මෙකී නොකී විවිධ මාතෘකා වලින් ලියවුනු බ්ලොග් පෝස්ට් කීපයක්ම කියවන්න ලැබුනා. ඒ හැම එකක්ම ගත්තොත් විවිධ මතවාද විවිධාකාරයෙන් පළ කරලා තිබුනා.
 
අද ප්‍රදිප්ගේ පිටුවෙන් උත්සාහ කරන්නේ සමලිංගිකත්වය ගැන ලෝකයේ මනෝවිද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව දරන ආකල්පය ගැන කතා කරන්න. මොකද අද දවසේ යම් ආකාරයකට කතාබහට ලක්වන මාතෘකාවක් විදියට මේ ගැන කතා කරන එක සුදුසුයි කියලා හිතන නිසා. එහෙම නැතුව මගේ මතය පළ කරන්නවත්, සමහරු කියනවා වගේ කුතුහලය අවුස්සන මාතෘකාවක් දාලා බ්ලොග් එක ප්‍රමෝට් කරගන්නවත් නෙමෙයි.
සමලිංගිකත්වය කියන්නේ මොකක්ද?
සමලිංගිකත්වය කියන්නේ පිරිමියකු හෝ කාන්තාවක් තමන්ගේම ලිංගයේ කෙනෙකුට ලිංගික වශයෙන් ආකර්ෂණය වීම. විකිපීඩියා සිංහල විශ්වකෝෂය කියන්නේ “සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි.” කියලා.
[You must be registered and logged in to see this link.]
යම් කෙනෙක් සමලිංගික වෙන්නේ කොහොමද?
පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම සමලිංගිකත්වය (Homosexuality), විෂම ලිංගිකත්වය (Heterosexuality), උභය ලිංගිකත්වය (Bisexuality) කියන ආකාර තුනකින් පවතින්න පුළුවන්.  මේ ආකාර තුන ගැන ලිංගිකත්වය කියන පෝස්ට් එකේ කතා කරලා තියෙනවා. මේ හැඩගැස්ම ඇති වෙන්නේ මොනවගේ හේතුවක් නිසාද කියන එක ගැන තවමත් 100%ක් පිළිගන්නා මතයක් නෑ. නමුත් බහුතරයක් පිළිගන්න මතයක් තමයි උපතේදීම හෝ ඉතා අඩු වයසේදී කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම තීරණය වෙනවා කියන එක.
බොහෝ විට සාකච්ඡා වෙනවා කුඩා කාලයේදී සිදුවූ අතවරයක් නිසා කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම සමලිංගික වෙන්න පුළුවන් කියලා. ඒක කොහේවත් ඔප්පු කරපු මතයක් නෙමෙයි. ලිංගික හැඩගැස්ම වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා වෙනස් කරන්න බැහැ. එහෙම පුළුවන්නම් තමන් අකමැති ලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙක්ට බලපෑම් කරලා ඔහුගේ හෝ ඇයගේ ලිංගික හැඩගැස්ම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්න බැහැ. නමුත් කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස් කරගන්න උත්සාහ කරනවානම් ඒ සඳහා මනෝවිද්‍යාත්මක සහය ලබාගන්න පුළුවන්.
සමලිංගිකත්වය ලෙඩක් ද?
මනෝවිද්‍යාත්මකව බැළුවොත් මේ කියන ලිංගික හැඩගැස්ම අතිශයින්ම සාමාන්‍යයි. සමලිංගිකත්වය රෝගයක් කියන මතය දැන් පිළිගන්නේ නෑ. රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණ දෙකම (ICD සහ DSM) සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.වර්තමානයේ පිළිගන්න විදියට සමලිංගිකත්වයත් විෂම ලිංගිකත්වය වගේම එක්තරා ලිංගික හැඩගැසීමක් පමණයි. ඒ අයගෙත් ලිංගික හැඟීම් ශුංගාරාත්මක හැඟීම් ඇති වෙනවා. ආදරය හා ලිංගිකත්වය පිළිබඳ සමාන හැඟීම් ඇතිවෙනවා. වෙනස් වෙන්නේ ඔවුන් මේ හැඟීම ඇතිකරගන්නේ තමන්ගේම ලිංගයේ අයට වීම කියන කාරණය විතරයි.
එහෙම නැත්නම් සමලිංගිකත්වය වරදක්ද?
විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික හැඩගැසීම් වලින් එකක්වත් අසාමාන්‍යයි කියන්න බැහැ. නමුත්, අති විශාල බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන්ගේම ලිංගයේ අයට ලිංගිකව විකර්ෂණය වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් දකින්නේ තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වීම පිළිකුල් සහගත දෙයක් විදියට. ඒ නිසාම ඒක සමාජයේ පිළිගත් මතයක් බවට පත්වුනා. ඒ වගේම සමලිංගිකත්වය රෝගයක් විදියට පිලිගන්න පටන්ගත්තා. ඒකට තවත් හේතුවක් වුනේ කතෝලික ධර්මය ලෝකයේ පැතිරීම. කතෝලික ධර්මය සමලිංගිකත්වය පාපයක් විදියටයි සලකන්නේ. නමුත් මේ වෙනකොට කතෝලික ධර්මය ප්‍රධාන ආගම වශයෙන් පිළිගන්න රටවල් වල පවා සමලිංගිකත්වය වරදක් විදියට සලකන්නේ නෑ. උපතින්ම ගෙනෙන දෙයක් වරදක් විදියට සලකන්න බැහැ කියන එකයි ඔවුන්ගේ මතය.
ඇමරිකානු මනෝවිද්‍යා සංගමය කියන කතාව මෙතනින් බලන්න.
සමලිංගිකත්වය කියන සංකල්පය ඇතිවුනේ මෑතකදි නේද?
සමලිංගිකත්වය අද ඊයේ ඇතිවුන දෙයක් නෙමෙයි. ලේඛනය ආරම්භ වූ අවධියේ ඉඳලා මේ දක්වාම සමලිංගිකත්වය ගැන ලිඛිත සාක්ෂි හොයාගන්න පුළුවන්. කාලයෙන් කාලයට සමලිංගිකත්වයට ලැබුනු තැන වෙනස් වුනා. කාලයක් සමලිංගිකත්වය පූජනීයත්වයේ තියලා සලකද්දි තවත් කාලයක සමලිංගිකයන් පණ පිටින් පුළුස්සනු ලැබුවා. අද වෙනකොට සමලිංගිකත්වය ලෝකයේ බොහෝ රටවල් සාමාන්‍ය දෙයක් විදියට පිළිගන්නවා. සමලිංගිකත්වය වරදක් විදියට සලකන්නේ රටවල් 70ක් විතර ප්‍රමාණයක් විතරයි. අනාගතයේදීත් සමලිංගිකයන් බිහිවෙනවා. හැම කාලයකම ලෝක ජනගහනයෙන් යම් ප්‍රමාණයක් (4%ක් පමණ) සමලිංගික නැඹුරුවක් ඇතිව තමයි උපදින්නේ. ඔවුන්ට ලැබෙන තැන කුමක් වේවිද කියන්න තවම ඉක්මන් වැඩියි. බ්ලොග් ලෝකයේ සැරිසරද්දි සමලිංගිකත්වයේ ඉතිහාසය ගැන ලියවුන පෝස්ට් දෙකක් කියවන්න ලැබුනා. මෙතනින් කියවන්නකෝ. 01, 02.
[You must be registered and logged in to see this link.]
සමලිංගිකයන් HIV/AIDS වාහකයන්ද?
සමලිංගිකයන් HIV/AIDS වාහකයන් විය හැකියි. ඒ වගේම විෂමලිංගිකයනුත් HIV/AIDS වාහකයන් විය හැකියි. සමලිංගිකයෙක් හෝ විෂමලිංගිකයෙක් HIV/AIDS ආසාදිතයෙක්නම් ඔහු/ඇය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන සමලිංගික හෝ විෂමලිංගික අයෙකුට HIV/AIDS ආසාදනය වෙන්න පුළුවන්. ලෝකයේ අළුතින් HIV ආසාදනය වෙන අය බැළුවාම ඒ අයගෙන් 85%ක්ම ආසාදනය වෙලා තියෙන්නේ විෂමලිංගික සම්බන්ධතා වලින්. ප්‍රදීප්ගේ පිටුවේ HIV/AIDS පෝස්ට් එක මෙතනින් බලන්න.
සමලිංගිකයන් ලිංගික අපරාධකරුවන්ද?
නැහැ. සමලිංගිකයකු වූ පමණින් කෙනෙක් ලිංගික අපරාධකරුවෙක් වෙන්නේ නෑ. නමුත් ලිංගික අපරාධකරුවන් අතර සමලිංගික හැඩගැසීමක් සහිත අය ඉන්න පුළුවන්. ඒ අයගේ ලිංගික හිංසනයට භාජනය වෙන්නේ තමන්ගේම ලිංගයේ අය.
උදාහරණයක් විදියට කුමරකාමය (Pedophilia) කියන මානසික ලිංගික අක්‍රමතාවය තියෙන කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම සමලිංගික හෝ විෂම ලිංගික වෙන්න පුළුවන්. සමලිංගික පිරිමි කෙනෙක් කුමරකාමයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික තෘප්තිය ලබාගන්න පිරිමි දරුවෙක් යොදාගන්න පුළුවන්. විෂමලිංගික පිරිමි කෙනෙක් මේ තත්වයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික තෘප්තිය ලබන්න ගැහැණු දරුවෙක් යොදාගන්න පුළුවන්.
ලාංඡන භක්තිය (Fetishism) තියෙන කෙනෙක් සමලිංගික නම් ඔහු/ ඇය තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා භාවිතා කරන්නේ තමන්ගේම ලිංගයේ කෙනෙක්ගේ යට ඇඳුම් වගේ දේවල්. විෂම ලිංගික කෙනෙක්නම් විරුද්ධ ලිංගයේ අයගේ දේවල්.
සත්වකාමය (Zoophilia) හැර ලිංගික ගැටළු කියන පෝස්ට් එකේ තියෙන අනිත් සියළුම අක්‍රමතා වලට මේ තත්වය අදාලයි. සමලිංගිකයන් කියන්නෙත් සමාජයේ ඉන්න කොටසක් නිසා ඔවුන් අතරත් මේ වගේ අය ඉන්න පුළුවන්. විෂම ලිංගිකයන් අතරත් ඉන්න පුළුවන්. නමුත් හැම සමලිංගිකයෙක්ම හෝ විෂමලිංගිකයෙක්ම ලිංගික අපරාධකරුවන් නෙමෙයි.
1954 දී බ්‍රිතාන්‍ය රජය කොමිසමක් පත් කලා Committee on Homosexual Offenses and Prostitution කියලා. ඒ කොමිසමේ වාර්තාවට කියන්නේ WOLFENDERN REPORT කියලා. ඒ කොමිසම පත්කලේ සමලිංගිකයන්ගෙන් සමාජයට වෙන හානිය මොකක්ද කියලා අධ්‍යයනය කරන්න.1957 සැප්තැම්බර් 3 වෙනිදා පළ කරපු ඒ වාර්තාව කියන විදියට ඔවුන් වසර තුනක් තිස්සේ කරන ලද අධ්‍යයනය මගින් ආපු නිගමනය තමයි “homosexual behavior between consenting adults in private should no longer be a criminal offense” කියන එක. ඒ කියන්නේ “එකිනෙකාගේ කැමැත්ත මත වැඩිහිටි දෙදෙනෙක් ( වයස 18ට වැඩි) අතර ඇතිවන සමලිංගික සම්බන්ධතා වැරදි විදියට නිගමනය කරන්න බෑ” කියන එක. එකිනෙකාගේ කැමැත්ත නැතිව (බලෙන්) හරි බාලවයස්කරුවෙක් එක්ක හරි සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්තුවොත් ඒක වරදක්. එවැනි විෂමලිංගික සම්බන්ධතාවයක් වුනත් වරදක් නිසා ඒ වාර්තාව අනුව සමලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය සමාන ලෙස සැලකිය යුතුයි. ඒ අනුව තමයි බ්‍රිතාන්‍යය සමලිංගිකත්වය නීතිගත කලේ.
සමලිංගික සංවිධාන තිබීම සමලිංගිකත්වය ප්‍රචලිත වීමට හේතුවක්ද?
නැහැ. සමලිංගික හෝ විෂමලිංගික හැඩගැස්මක් ඇති කරන්න බාහිර සමාජයට බැහැ. එය අදාල පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තිබෙන දෙයක්. ඒ නිසා සමලිංගික සංවිධාන තිබීම නිසා සමලිංගිකයින් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා හඳුනාගෙන නැහැ. සමාජ විද්‍යාත්මකව බලපුවාම හැම ආකාරයේම සමාන අදහස් දරන අය කණ්ඩායම් හෝ සංවිධාන විදියට එකතු වෙනවා. ඔවුන්ගේ අත්දැකිම් බෙදාගන්නවා. සමාජයේ අඩු අවස්ථා ලැබෙන කණ්ඩායම් (Disadvantaged groups) තමන්ට වැඩි අවස්ථා ඉල්ලලා සටන් කරනවා. ඒ තත්වය සමලිංගිකයන්ට පමණක් සීමා වුන දෙයක් නෙමෙයි.
[You must be registered and logged in to see this link.]
ඒ නිසා සමලිංගිකත්වය පිළිබඳ අනවශ්‍ය භීතියක් ඇති කරගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමලිංගිකයන් කියන්නෙත් අපේ සමාජයේම කොටසක්. ඔවුන් ඔවුන්ගේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, වෘත්තීයමය සහ ලිංගික ජීවිතය ඔවුන්ට අවශ්‍ය විදියට ගෙනයාවි. විරුද්ධ ලිංගිකයන්ගේ වගේම ඔවුන්ගෙත් අතිශය බහුතරයකගෙන් සමාජයට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. නමුත් දෙපිරිසටම අයිති සුළු පිරිසක් ලිංගික හිංසකයන් විදියට ක්‍රියාකරනවා. ඒ සඳහා වගකිවයුත්තේ ඒ හිංසකයන්ම මිස සමලිංගිකයන් හෝ විෂමලිංගිකයන් නෙමෙයි.
අද ප්‍රදීප්ගේ පිටුව උත්සාහ කලේ සමලිංගිකත්වය ගැන මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක යෙදෙන්න. විවිධ මතවාද ඇති. සමලිංගිකත්වය නීතිගත කළ යුතුද? නැත්නම් සමලිංගික විවාහයන්ට ඉඩදිය යුතුද? වගේ මාතෘකා දේශපාලනික වශයෙන් ගතයුතු තීරණ. නමුත් සමලිංගිකත්වය පිලිබඳ භීතියක් ඇතිකර ගැනීම අනවශ්‍ය දෙයක් විදියටයි ප්‍රදීප්ගේ පිටුව දකින්නේ.
එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.
ප.ලි. – මගේ ලිංගික නැඹුරුව ගැන බ්ලොග් අඩවියේ පළ කිරීම අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. ඒ දේ දැනගතයුතු අය පමණක් දැනගැනීම ප්‍රමාණවත්. සමලිංගිකත්වය ගැන කතාකරන්න සමලිංගිකයෙක්ම වියයුතුයි නම් ඒඩ්ස් ගැන ලියන්න ඒඩ්ස් රෝගියෙකුම විය යුතුයි, මානසික රෝග ගැන ලියන්න මානසික රෝගියකුම විය යුතුයි. මේ ලිපියේ උඩින්ම කියපු විදියට තමන් දන්න දේ ගැන පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක ලියන කෙනාට අයිතියක් තියෙනවා. මේ ලිපියෙන් මම උත්සාහ කලේ අන්න ඒ දේ. කියවලා ඒ දේ පිලිගැනීම හෝ නොගැනීම කියවන ඔබට අයිති කාර්යයක්.
උපුටා ගැනීම – [You must be registered and logged in to see this link.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 8:18 pm
මම්ත් මේක කියෙව්වා. හොද ලිපියක්
Anonymous
Guest
Guest

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 8:26 pm
මමත් කලින් කියවපු හොද ලිපියක්)(අනිත් අයට කියවිමට දැම්ම එක හොදයි
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 10:03 pm
honda lipiyak mama meka adha thama kiyewe. thnx kollo meka demmata
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 10:19 pm
වැදගත් ලිපියක් ! thanks
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

2013-11-06, 11:10 pm
wo. great. thnx
Sponsored content

සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට… Empty Re: සමලිංගිකත්වය – භීතිකාවෙන් ඔබ්බට…

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum