Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

සිහිනයක් වෙලා Empty සිහිනයක් වෙලා

2013-11-24, 4:53 pm
Message reputation : 100% (2 votes)

නුඹ නොදැක වල්මත්ව 
ඉනූ කඳුලද සිඳුනු...
නින්ඳ නොදෙන
 පාලු රෑ....සක්වල​
තරු අතර තනි වූ
විඩා බර නෙත්...
අයදී..
නුඹෙ නෙතු කැල්මක්
නෙතු පියෙන නිශා ඉම
සිහිනයේ...









විල් තෙර නෙලූ
මල් මිටියට අත තියන්...
බයිසිකල් පොල්ල උඩ...
මගෙ අත් මැදට වී..
උනුහුම දුන් හිතට....
නුඹෙ කවට හිනාවත්...
නෙලූ මානෙල් වගෙමයි...
මල් මිටියෙන් මල් දෙකක් ගෙන​..
වෙහෙර කන්ද උඩ ...
බෝ මලුවේ...
සසර මග ලංවන්නට
පැතූ පැතුම් වියැකී....
අනන්ත තරු අතර​
මිලින වූ නුඹෙ හිනා පොද...









වියැකී සිහිනයෙ...
අලුයම් අහස් කුස..
පහන් තරු බොඳ වනු...
දුටිමි කඳුලු මැද්දෙන්...
උදා වූ තවත් දවසක්
නුඹ මා ලග නැති..
මගෙ මල්ලියෙ..


මලින්ත




පුරා හඳ කිහිපහයකට පෙර​
මා නැලවූ.....


එදා වගෙම මීදුමෙන් එහා
බොඳ වුන ඒ හඳ​...
රෑ අතු අතර නලියන​
සිතිවිලි සඳ රේකා...


දවසේ අවසන් අව් රැල්ලෙන්
තඹ පැහැගත් කදු මුදුන්
දිග ඇදෙන තුරු සෙවනැල්...


වැව් දිය මත සුලගේ
මැවුනු සියුම් කැටයම්
මල් පාට වලාකුල්....


නිහඩ රෑ  ඈත වනමල්
දහසක් රෑ සුව්ඳ​....
සිහින් සුලගේ මල් පෙති අගින්
ගිලිහෙන් පිනි කඳුලැල්...
මන්ඳාරම් ආකාසේ
කිමිදුනු වැහි ලිහිනි රෑන්...


අද මා හඬවනු ඇයි?.......


බොහොමයක් දා හවහට...
දිය ඉස්මත්තේ කඳු උඩින්
හිරු මියෙන් තුරු
වෑ කන්ඳ කෙලවර මී ගහ යට...
කවට කතාවෙන් දඟ කල​
නුඹ​.....
අද මා තනි කර​
ඈතක ගිය නිසා....
අහිමි කුමරුනි....

මලින්ත








Last edited by Malintha on 2013-12-12, 12:48 pm; edited 6 times in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-11-24, 7:25 pm
nice
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-11-24, 8:51 pm
ලස්සනෝ..... pride pride pride 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-07, 7:28 pm
pride
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-12, 11:27 am
Thanks friends... pride
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-12, 11:32 am

සඳ රේණු පායලා...
මල් යාය පීදිලා...
සිත ඈත දුරක ඇවිද ගිහින්
කඳුලු බොඳ වෙලා...






පිනි මන්ඳාරම් වැස්ස වැටී..
අවුව පායලා...
දේදුන්න දිගේ කන්ඳ උඩින්
එන්න පා වෙලා...






මල් පාට ගෑව රතු අහසේ..
දෑස රඳවලා...
අරලිය හෙවනේ දෑස තෙමෙයි..
නුඹ මතක් වෙලා..
Anonymous
Guest
Guest

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-12, 12:53 pm
niyamai
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-12, 2:27 pm
pride  pride
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-16, 8:30 am
Nil...Tavi...oyalata thanks.... :D
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

2013-12-16, 8:31 am

ජීවිතයේ හැම දාමත්
එකම මගක පියමැන ගිය මම...
දිනක් වූවෙමි මංමුලා....
පිය මැන්නෙමි කිසි දින...
නොදුටු මං පෙත....
කිසිවෙක් නොයන​...
කිසිවෙක්..නොඑන​...
පයට විල්ලුද නැති..
කඳු පාර දිගේ...


වල්මත් වූවෙම්...
නෙත් බැඳ දිගන්තයේ...
දුටුවෙමි තනිවම ...
සුලගට නටනා...
පුංචිම පුන්චි මලක්...


මිහිදුම් සලුයෙන් හැඩ උන​...
පාලු නිම්නයේ...

දෙවිදුනි ඇයිද මා....
නොකලේ මං මුලා...
අලුයම ජීවිතයේ...

Sponsored content

සිහිනයක් වෙලා Empty Re: සිහිනයක් වෙලා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum