Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

2013-12-22, 12:07 am
Message reputation : 100% (2 votes)
පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇති සම්බන්ධතාවය අතිශයින් ස්වභාවිකය. බෞද්ධ දර්ශනයේ පුරුෂයකු ස්ත්‍රිය කෙරේ ඇති ආකර්ෂණය සමාන කර ඇත්තේ වසුපැටියකු කිරිබීම උදෙසා එලදෙන වෙත දිවයන අවස්ථාවටයි. මේ අනුව පැහැදිලිව පෙනී යනුයේ මෙය ස්වාභාවික, යථාර්ථවාදී,සාමාන්‍ය ක්‍රියාදාමයක් බවයි. අප නිවන් මාර්ගය සඳහා යාමේදී අවස්ථා හතරක් සමුවේ. සෝවාන් ඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය සහ අවසන් වශයෙන් නිර්වානයයි. මෙම අවස්ථාවන් වන්නේ මානසික තත්ත්වයන්ය. ලිංගික ආශාවන් සකෘදිගාමි ඵලයේදී මදවී අවම වී අනාගාමිඵලය ලැබීමේදී පමණක් සම්පූර්ණයෙන් නැතිවී යයි.

මෙයින්ම පෙනීයන්නේ ලිංගික ආකර්ෂණය, ලිංගිකත්වය පිළිබඳ තන්හාව මුළුමනින්ම නැතිවී යන්නේ අනාගාමි ඵලයේදි බවයි. අනාගාමි ඵලය ලැබූ අයකු නිර්වාන ඵලය නොලබා මියගියහොත් උත්පත්තිය ලබන්නේ බ්‍රහ්ම ලෝකයේ ය. බ්‍රහ්ම ලෝකය හඳුන්වන්නේ “සිත මිස කය නැති බඹ ලොව හතරක්” යනුවෙනි. එසේ නම් බ්‍රහ්ම ලෝකයේ කය නැත. කය නැතිනම් රාග සිතිවිලි, ලිංගික සිතිවිලි මතු නොවේ. බ්‍රහ්ම ලෝකයට පත්වූ අනාගාමි අයකු එතැනින් චුතවී නැවත උපදින්නේ නැත. මේ අනුව පැහැදිලිව පෙනී යන සත්‍ය වන්නේ ලිංගික ආශාවන්, වෙනත් ලෙස පැවසී නම් රාගය, රතිය අවසන් වන්නේ නිර්වානයට ඉතාම ආසන්න අවස්ථාවේදී බවයි. මේ අනුව බෞද්ධ දර්ශනයේදී, බුදුන් වහන්සේ ලිංගික ආකර්ෂණයට ලබා දී ඇත්තේ අතිශයින් යථාර්ථවාදි ප්‍රවේශයකි.

භික්‍ෂුවට, භික්‍ෂුනියකට ලිංගිකව සංසර්ගයේ යෙදීමට තබා ස්වයං වින්දනය (Masterbation)  පවා තහනම්ය. පැවිද්දකු සහ ගිහියකු අතර ඇති ප්‍රධාන වෙනස ලිංගික ක්‍රියාවේ යෙදීමේ තහනමයි. ගිහියකුට සාමාන්‍යයෙන් මෙවැනි තහනමක්, බාධාවක් නොමැත. පන්සිල්වලට අයත්වන්නේ කාමයේ හැසිරීම පිළිබඳ මුළුමනින් බාධාවක් තහනමක් නොවේ. කාමයෙහි වරදවා හැසිරීමයි. වරදවා හැසිරීම මීට පෙර ලිපියේදී විග්‍රහකළ පරිදි විවාහක අයකුගේ බිරිඳ හෝ ස්වාමියා භාරකරුවකු යටතේ ඇති කුඩා දරුවකු, උන්මන්තකයෙකු සිරකරුවකු වැනි අය සමග ලිංගිකව හැසිරීම “වරදක්” ලෙස සලකයි.

පොහොයදා වැනි විශේෂ අවස්ථාවලදි පමණක් ගිහියකු සමාදන්වන අටසිල්වල තුන්වන ශික්‍ෂාපදය වන්නේ “අබ්‍රහ්මචාරිව“ සිටීමයි. එනම් ලිංගික ක්‍රියාවෙන් සහමුලින්ම වැළකී සිටීමයි. මෙවැනි අධිගික්‍ෂාවකදි පමණක් ගිහි අයකු ස්වකැමැත්තෙන්, ස්වේච්ඡාවෙන් ලිංගික ක්‍රියාවෙන් බැහැර වන බවට පොරොන්දුවක් ගනී. එය අප විසින්ම ඇති කරනා ස්වයං පාලනයක් මිස ඉහළින් පැනවෙන නීතියක් නොවේ. නමත් භික්‍ෂුවකට එය විනය නීතියකි. එය කඩකළ නොහැක.

භික්‍ෂුවක් ලිංගිකව කාන්තාවක් සමග ලිංගිකව හැසිරීම පාරාජිකාවකි. වැඳිරියක් සමග භික්‍ෂුවක් ආහාර දී ලිංගිකව හැසුරුණු අවස්ථාවේ විනය නීතියක් පනවමින් බුදුන් වහන්සේ ලිංගික සංසර්ගය මිනිසකු සමඟ පමණක් නොව සතකු සමඟ පවා තහනම් කිරීමට පියවර ගත්තේ ය. පාරාජිකා හතරෙන් එකක් වන මෙම පාරාජිකාව නිසා භික්‍ෂුවකගේ උපසම්පදා තත්ත්වය එනයින්ම නැතිවී යයි. අහෝසි වේ. ඒ අනුව පැහැදිලිව පෙනී යන යථාර්ථය නම් භික්‍ෂුවකට ලිංගිකව හැසිරීම සපුරා තහනම් කටයුත්තක් බවයි.

* එසේ නම් ගිහියන් හට ලිංගිකව හැසිරීම බෞද්ධ දර්ශනය මගින් දිරිගන්වනවාද?

නැත. ලිංගිකව හැසිරීම යනු ඇලීමකි. (attach)  එලෙසම අද පවතින ලිංගික අපරාධ ලෙස බැලීමේදී පෙනී යන්නේ එය ගැටීමක් බවයි. මිනීමැරීම් අද සිදුවන්නේ එක්කෝ දේශපාලනය, එක්කෝ දේපල සඳහා ය. බොහෝ මිනීමැරීම් සිදුවන්නේ ලිංගික ආකර්ෂණය නැතිනම් රාගය හෝ තන්හාව නිසාය. මිනිසුන් වෙනත් අයකු සමග ලිංගිකව හැසිරීමට තම ස්වාමි පුරුෂයා මරා දමයි. එක් මිනීමැරුම් නඩුවක බිරිඳක් තම සොර සැමියාට නිවසට ඇතුළුවීමට ඉඩදී, ස්වාමිපුරුෂයා නිදා සිටි ඇඳ මත මරා දමා, ඉන්පසුව එම ඇඳ මතම සොරසැමියා සමඟ ලිංගිකව හැසිරී තිබුණු අවස්ථාවක් විය.

කාන්තා මෘත ශරීරවලට පවා නිදහසක් නැත. කාන්තා මෘත ශරීර සමග ලිංගිකව හැසුරුණු පුද්ගලයින් පිළිබඳ වාර්තා වූ අවස්ථාද විය. එතරම් ලිංගික ආකර්ෂණය විකෘතිය දක්වාද විහිදෙන අවස්ථා ඇත. තම පෙම්වතිය තමා අතහැර වෙනත් අයකු සමග පෙම් සබඳතාවයක් ඇරඹූ විට ඇයට පිහියෙන් ඇන මරා දැමූ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු වරදකරු වී සිරගත විය. දිනපතා පුවත්පතක අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධීන් වාර්තාගතවීම දෛනිකව සිදුවන බව පෙනී යයි.

බෞද්ධ දර්ශනය යනු ඇලීම, ගැටීමෙන් මෑත් වීමයි. සියලු දෙයම අනිත්‍ය නිසා ඇලීම් හෝ ගැටීම් කළ යුතු නැත. වෙනස් වන දෙයකට ඇලීම් හෝ ගැටීම් නිසා අනිවාර්යයෙන්ම ඇති වන්නේ දුකක්මය. ඒ නිසා කළ යුතු එකම දෙය නම් අතහැරීමය. නෙක්කම්මය. එසේ නම් කිසිසේත් ගිහියන් හට ලිංගිකව හැසිරීම බෞද්ධ දර්ශනය දිරි ගන්වන්නේ නැත. එය ක්‍රම ක්‍රමයෙන් විදර්ශනා, භාවනාව තුළින් ප්‍රඥාව වඩා අවම කළ යුතු දෙයකි. අනාගාමි ඵලය ලබන තෙක් අප වීර්යයෙන් යුතුව මෙම ගමන යා යුතුයි.

එසේ නම් ගිහියන් වන අපට බුදුන්වහන්සේ තහනමක් නොයොදයි. අපට ගත හැකි මාර්ගය ගතයුතු තීරණය සූත්‍ර මගින් පහදා දෙයි. ගණිකාවන් සමග - දිගින් දිගටම හැසිරීම පිරිහීමේ කරුණක් බව පරාභව සූත්‍රය මගින් බුදුන්වහන්සේ පැහැදිලිව දක්වයි. තම මිතුරකුගේ බිරිඳ හෝ සැමියා සමග ලිංගිකව හැසිරුණු අයකු “වසලයකු” ලෙස සලකන බව වසල සූත්‍රය මගින් බුදුන්වහන්සේ පැහැදිලි කරයි. මෙම කරුණු කොතරම් සත්‍යද? ප්‍රායෝගිකද? හේතු - ඵල දහමට එනම් ස්වභාව ධර්මයට කොතරම් අනුගතද? යන ප්‍රශ්නවලට පිළිතුර ඉතා පැහැදිලිය. “ඔව්” යන්න පමණි. එසේනම් අනාගාමි ඵලය ලැබීම දක්වා ලිංගික ආශාව ඉවත් කිරීමේ ගමනේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නාතෙක්, සාර්ථක සමාජය පිළිගන්නා චරිතයක් ලෙස ජීවත්වීමට, ගෞරවනීය ලෙස ජීවත්වීමට, සතුටින් ජීවත්වීමට බෞද්ධ දර්ශනය අපට මග පෙන්වයි. විකල්ප හඳුන්වාදෙයි. තෝරාගැනීමේ මනාපය අපිටමයි. ඒ අනුව ලැබෙන ප්‍රතිඵලයද අපිට මිස අන් අයට නොවේ. පිරිහෙන්නේද, වසලයකු ලෙස සමාජය සලකන්නේ ද වැරැදි විකල්පය තෝරාගත් අපිටමය.

* අපරාධ නීතිය සමලිංගික අය වෙත දක්වන ආකල්පය කුමක්ද?

විරුද්ධ ලිංගිකව හැසිරෙන්නන් අතර ඉහත දැක්වූ ලෙස ආකර්ෂණය ස්වභාවිකය. එහෙත් සම ලිංගිකයින් අතර ලිංගිකව හැසිරීම්ද සිදුවේ. පිරිමි දෙදෙනකු  (gay) කාන්තාවන් දෙදෙනකු (Lesbian) - හා ද්විලිංගික  (bi Sexual) එනම් දෙවර්ගයම සමග ලිංගිකව හැසිරෙන අයද සමාජයේ සිටී.

ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයහි 365,365 ඒ වගන්තිය මෙයට අදාළ වේ. 365 වගන්තිය විස්තර කරන්නේ “අස්වාභාවික ක්‍රියා (unnatural ofenu)  යනුවෙනි. මෙහිදී තහනම් වන්නේ “ස්වභාව ධර්මයට පටහැනි ලිංගික සංසර්ගයයි” (Carnal intercourse against order of Nature)  එහි පැහැදිලි කිරීමේදී ප්‍රවිශ්ට කිරීම (Penltration) මෙම වරද සඳහා සෑහේ. “ස්වභාව ධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” යන වචනය අප නීතියේ අර්ථ විවරණය කොට නැත.

එසේනම් අප හට එය අර්ථ විවරණය කිරීමට සාමාන්‍ය ව්‍යවහාරයන් පාවිච්චි කිරීමට සිදුවේ. යෝනිමාර්ග සංසර්ගය ස්වභාවික ලෙස අර්ථ විවරණය වන්නේ ඒ අනුව දරුවන් පිලිසිදෙන නිසාත් එය ස්වභාවික ක්‍රියාවක් නිසාත්ය. එසේ නම් මුඛ සංසර්ගය (oral sex)  , ගුද මාර්ග සංසර්ගය (Anal intercourse) ස්වභාව ධර්මයට පටහැනි යැයි තර්ක කළ හැක. එහෙත් මෙවැනි ක්‍රියා විවාහක පුරුෂයකු සහ බිරිඳක් අතර ඇති විය හැකි අතර විශේෂයෙන් මුඛ සංසර්ගය පූර්ව ලිංගික සංසර්ගයට පෙර කළ යුතු, ක්‍රියාවක් ලෙස කාම සූත්‍ර වැනි හින්දු ශාස්ත්‍රයන් යෝජනා කරයි. එසේ නම් මෙවැනි ක්‍රියා අස්වාභාවික ලෙස සැලකීම කියා නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී බලවත් ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.

මක්නිසාදයත් එසේ හැසිරෙන විවාහක යුවළක් පවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකරුවන හෙයිනි. 365 වගන්තිය දැක්වෙන්නේ ඕනෑම පුරුෂයකු, ස්ත්‍රියක හා සත්ත්වයකු සමග ස්වභාවික නොවන ලිංගික ක්‍රියාවන් වරදක් බවය. සත්ත්වයකු සමග මිනිසකු හැසිරීම ස්වාභාවික නොවන බවට පැහැදිලිව තර්ක කළ හැක. ඊටත් වඩා සත්ත්වයකු එසේ හැසිරෙද්දී තමන්ගේ කැමැත්ත (Consent) ලිංගික සංසර්ගය සඳහා දීමක් සිදු නොවේ. දරුවකු සමග ලිංගිකව හැසිරීම මුළුමනින්ම තහනම් බව මීට පෙර අප සාකච්ඡාකොට ඇත. නමුත් කැමැත්ත ලැබූ වැඩිහිටි දෙදෙනකු අතර කාමරයක සිදුවන ලිංගික ක්‍රියා පාලනය කිරීමට යාම ගැටලු සහගතය. මක්නිසාදයත් එසේ හැසිරෙන අය නීතිය ඉදිරියට ගෙන ඒමට ප්‍රායෝගිකව නොහැක. මක්නිසාදයත් එය සමාජගත නොවන නිසාය.

එසේ නම් 365 වගන්තිය නීති පොතේ තිබුණත් වැඩිහිටියන් අතර 365 වගන්තියට අදාළ ක්‍රියා සෑම තත්ත්පරයකම දසදහස් ගණනින් සිදුවේ. එසේ නම් නීතිය විහිළුවක් බවට පත්වේ. මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ක්‍රියාත්මක කිරීම කෘතිමය. එසේම ක්‍රියාත්මක නොවන බෙලහීන වගන්තියකි.

එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය ඕනම පුද්ගලයින් අතර දැඩි අශෝභන ක්‍රියා (Acts of gross indecency) තහනම් කරයි. එහිදීද අශෝභන ක්‍රියා අර්ථ විවරණය කර නැත. මෙය බලවත් ව්‍යාකූලත්වයක් දරන අවස්ථාවකි. එය ප්‍රසිද්ධ තැනක සිදුවන්නේ නම් තහනම් කළ යුතු බවට කිසිම තර්කයක් නැත. එහෙත් මෙම වගන්තිය පුද්ගලිකව  (Private) කරන අශෝභන ක්‍රියා තහනම් කරයි. ඕනෑම ලිංගික ක්‍රියාවක් ප්‍රසිද්ධියේ, ජනතාව ඉදිරියේ කළහොත් “අශෝභන” බවට කිසිදු තර්කයක් නැත. එසේ වුවද පුද්ගලිකව කරන ක්‍රියාවක් “අශෝභන” ලෙස අර්ථ විවරණය කිරීමට උත්සහ දැරීම කෘතිමය, ගැටලු සහගතය.

උදාහරණයක් ලෙස කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන ලිංගික ක්‍රියා වෙන වෙනම ගතහොත් ඉන් එකිනෙකක්, සාමාන්‍යයෙන් පුරුෂයකු සහ ස්ත්‍රියක් අතරද සිදුවේ. එසේ නම් එම එකිනෙක ක්‍රියාවන් වෙන වෙනම ගෙන ඒවා “අශෝභන ක්‍රියා” ලෙස සමලිංගිකයන්ට පමණක් යොදමින් විරුද්ධ ලිංගිකයන්ට පාවිච්චි නොකිරීම ගැටලු සහගතය. එසේම නීතිය සියලු දෙනාටම පොදු විය යුතුය. සමාන විය යුතුය යන සිද්ධාන්තය බිඳ වැටේ.

මේ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්තිය කෘතිමය, නීතියේ සමානාත්මක වීම, පැහැදිලි ස්ථාවරත්වය යන වැදගත් සිද්ධාන්ත උල්ලංඝනය කරයි. මේ නිසා සමලිංගික ක්‍රියා පිළිබඳ පාවිච්චි කළ හැකි නීතිය ගැටලු සහගතය. ඇත්ත වශයෙන්ම මාගේ අවුරුදු 30ක නෛතික ජීවිතයේ එලෙස චෝදනා ලැබූ අයකු අද වෙනතෙක් සමු වී නොමැත.

එහෙත් බෞද්ධ දර්ශනය ස්වභාවිකය. හේතු - ඵල දහමට අනුගතය. චේතනාව හෙවත් මානසික ධාතුව වැදගත්ම සාධකයයි. ඊළඟ ලිපියෙන් ඒ පිළිබඳ බෞද්ධ දර්ශනය විග්‍රහ කරමු. එවිට නීතිය මෙන් නොව බෞද්ධ දර්ශනය කොතරම් ප්‍රායෝගිකද, යථාර්ථවාදීද, ප්‍රගතිශීලීද යන්න වැටහෙනු ඇත.

ජනාධිපති නීතිඥ
ප්‍රසන්ත ලාල් ද අල්විස්




ඉහත ලිපිය [You must be registered and logged in to see this link.] වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී, මුල් ලිපිය [You must be registered and logged in to see this link.]
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty බෞද්ධ දර්ශනය ස්වභාව ධර්මයට අනුගතද?

2013-12-22, 12:14 am
Message reputation : 100% (3 votes)
ශ්‍රී ලංකා අපරාධ නීතිය මගින් සමලිංගික ක්‍රියා සඳහා යෙදවිය හැකි යැයි බලාපොරොත්තු තැබූ ස්වභාවික තත්ත්වයනට එරෙහි ලිංගික ක්‍රියා සහ දැඩි අශෝභන ක්‍රියා යනුවෙන් නීතිය අර්ථ ගැන්වීමට කළ උත්සාහය පසුගිය ලිපිය මගින් සාකච්ඡා කළෙමු. එම වෑයම කොතරම් කෘතිමද යන්න සහ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එනම් අර්ථ විවරණයේදී කොතරම් අපහසු කාරණයක්දැයි යන්න ද සාකච්ඡා කළෙමු. සත්‍ය වශයෙන්ම එම නීතිය ප්‍රායෝගික නොවේ. එලෙසම එම වගන්තිය ආශ්‍රයෙන් නඩු පැවරීම එනිසාවෙන්ම අල්ප ය.

එහෙත් ශ්‍රී ලංකාවේ අවම ලෙස 3% - 5% ක පමණ සමලිංගික ප්‍රජාවක් පවතින බව වාර්තා කෙරේ. එංගලන්තයේ දැනට පදිංචි ශ්‍රී ලාංකික සම ලිංගික යුවලක් ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට දඬුවම් කිරීමේ පදනම මත පුරවැසි භාවය (Asylum)  ඉල්ලා ඇති බව වාර්තා වෙයි. සමලිංගික ප්‍රජාව ශ්‍රී ලංකාවේ සුළුතරයක් වුව ද බලවත් මානසික පීඩාවකට ලක්වී සිටින බව පැහැදිලිය. එක් සමලිංගිකයකු මා සමග කළ ප්‍රකාශය විවාදාත්මක වුව ද සටහන් කර තැබීම වටී.

මා අපරාධ නීතිඥයකු නිසා ඔහු මගෙන් විමසා සිටියේ “අපරාධවලට” වරදකරුවී සිරගත වන වරදකරුවන් විශේෂයෙන් තරුණ තරුණියන් සිරභාරයේ සිටියදී කුමක් කරන්නේද යනුවෙනි. මවුපියන් ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ එවැනි සමලිංගික පාර්ශවයන් (යුවල) සිරගෙදර සිටින බවත්, සිරෙන් නිදහස් වන සැකකරුවන්ගෙන් සමහරකු තවත් වරදක් කොට සිතාමතාම සිරභාරයට පත්වන්නේ තම සමලිංගික සහකරු සමග එක්වීමට බවයි.

මෙම තත්ත්වය අතීතයට වඩා අඩුවී ඇත්තේ, දැනට සිරකරුවන් මත් ද්‍රව්‍ය එනම් හෙරොයින් පානය කොට එයින් තනිවී වින්දනයක් ලබා ගන්නා හේතුව නිසාය. මෙම තත්ත්වය එතරම් සතුටුදායක තත්ත්වයක් නොවේ.

මේ නිසා ඒඩ්ස් වර්ධනය වැළැක්වීම උදෙසා සිරගෙදර සිරකරුවන් අතරේ උපත් පාලන කොන්ඩම් බෙදාහැරි අවස්ථා ද විය. අප මෙම ප්‍රශ්නය සාකච්ඡා නොකොට, කිසිම ප්‍රශ්නයක් නැතැයි අමතක කොට සුවයෙන් සිටිමු. නමුත් ජාත්‍යන්තර තලයේ මිනිස් අයිතිවාසිකම් යන පදනම යටතේ ශ්‍රී ලංකාවේ මෙම සමලිංගික ප්‍රශ්නය ගැන තම වාර්තාවන් මගින් අවධාරණය කෙරේ. මේ ප්‍රශ්නයට කෙළින්ම පිළිතුරක් සැපයිය යුතුය. යථාර්ථවාදීව, මානුෂිකව මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය.

මෙයට බෞද්ධ දර්ශනය මගින් දැක්වෙන්නේ යථාර්ථවාදී පිළිතුරකි. ත්‍රිපිටකයේ කිසියම් තැනක සමලිංගිකයින් ලෙස හැසිරීම ගිහියනට තහනම් කර නැත. එලෙසම පන්සිල් පද පහෙන් තුන්වන ශික්ෂා පදයෙන් කළ නොයුතු යැයි, එනම් කාමයෙහි වරදවා හැසිරීම යන ගනයට වැටෙන්නේ ද නැත.

කිරින්දේ ධම්මානන්ද හිමියන් පවසා සිටින්නේ සමලිංගිකයකුට ආර්ය මාර්ගයේ ගොස් බෞද්ධ දර්ශනයේ අරමුණ වන නිර්වාණය අවබෝධ කිරීමට හැකි බවය. භික්ෂු භික්ෂුනීන්ට විනය නීතිය අනුව සමලිංගිකව හැසිරීම කළ නොයුතුය. එලෙසම බෞද්ධ දර්ශනය එක් ලිංගික ශරීරයක් සහ වෙනත් ලිංගිකව ශරීරයක් ඇති අය ද  (Transgender) සිටින බව පිළි ගනිති.

එයට හේතුව ලෙස දක්වන්නේ මීට පෙර උත්පත්තිවල කාන්තා ශරීරයක් සහ මනසක් සහිතව සිට මෙම උත්පත්තියේ දී පුරුෂ ශරීරයක් ලැබුණු විට කලින් කාන්තාවගේ මනසේ ශාරීරික තත්ත්වයන් මතුවේ.

පසු භවයේ පුරුෂ ශරීරයක් සහ මනසක් සහිතව සිට මෙම උපතේදී කර්මානුකූලව කාන්තා ශරීරයක උපත ලබතහොත් පුරුෂ ලක්ෂණ මතුවේ. මේ නිසා බෞද්ධ දර්ශනය මගින් මෙම තත්ත්වයන් සඳහා දක්වන්නේ මෛත්‍රී සහගත, කරුණා සහගත, උපේක්ෂා සහගත, මුදිතා සහගත ආකල්පයකි. වෙනත් ලෙසකින් පවසනවා නම් වෙනත් ආගම්වල මෙන් නෛතිකව තහනම් කරනවා විනා මෙම ප්‍රශ්න දෙස බලන්නේ හේතු ඵල දහම අනුවය.

මෙම සමලිංගික ප්‍රශ්නය මා දිර්ඝ ලෙස සාකච්ඡා කිරීමට පෙලඹුනේ දැනට මෙය ලෝකය පුරා විවාදාත්මක කරුණක් හෙයිනි. අන් අයගේ බිරිඳක හෝ ස්වාමියකු සමඟ ලිංගිකව එක්වීම, කුඩා දරුවකු හෝ උන්මත්තකයකු සම ලිංගිකව එක්වීම වැරදි ක්‍රියාවක් ලෙස මුළු ලොවම පිළිගනී. එහෙත් සමලිංගිකයන්ගේ නෛතික ප්‍රශ්නය ලෝකයේ විවාදාත්මකය. සමහර රටවල් සම ලිංගිකත්වය පිළිගන්නා අතරම, සමලිංගිකයින් අතර විවාහය පවා පිළිගනී. එක්සත් ජනපදයේ, එනම් ඇමෙරිකාවේ සමහර ආණ්ඩු  (LLM)  මෙය පිළිගන්නා අතර, එය තුළම සමහර ආණ්ඩු එය තහනම් කරයි.

බෞද්ධ ජනතාවක් බහුලව ජීවත්වන තායිලන්තය, ලාඕස්, කාම්බෝජය, කොරියාව, ජපානය වැනි රටවල සමලිංගිකත්වය තහනම් නැත. එහෙත් අධිරාජ්‍යවාදී පාලනයට නතුවූ ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ සමලිංගිකත්වය තහනම්ය. එයට හේතුව වන්නේ එම නීති සැකසූයේ විදේශීය පාලනය යටතේ සිටි කාලයේදී නිසාවෙනි.

එය තවදුරටත් පවත්වාගෙන යනවා විනා එය යථාර්ථවාදී ද, සහ ප්‍රායෝගික ද? යන්න රාජ්‍ය පාලකයින් සොයා බලා නොමැත. මාගේ නීතිපති (ඹ්ඹ්ර්) විභාගය සමත්වීම සඳහා ඇවැසි වූ නිබන්ධනය සඳහා මා තෝරා ගත් මාතෘකාව වූයේ සමලිංගිකයින් පිළිබඳ මානුෂික අයිතිවාසිකම් පිළිබඳවය. මෙම තත්ත්වය පිළිබඳව මාගේ අවධානයට යොමුවුනේ මේ හේතුවෙනි. මාහට පසක් වු සත්‍ය නම් බෞද්ධ දර්ශනය කොතරම් ස්වභාවිකත්වයට අනුගතද? යන්නයි.

හේතු ඵල දහමට අනුව තාර්කික ද යන්නයි. නීතිය මගින් උත්සාහ දරා ඇත්තේ මානුෂීය ප්‍රශ්නයක් ලෙස නෛතික හස්තයක් මගින් සීමා දැක්වීමක් පමණක් කිරීමටය. ඉහත දැක්වූ ලෙස සිරකරුවන්ගේ ප්‍රශ්නය සමලිංගිකයනගේ ක්‍රියා වෙන් වෙන්ව ගත් කල එම ක්‍රියා විවාහක බිරිඳ හා ස්වාමියා අතර වන ස්වභාවික ක්‍රියාවක් වීම යන්නවත් නීති පැනවිමේදී සලකා බලා නොමැත.

මෙහිදී නීතිය කොතරම් පසුගාමීද? යථාර්ථවාදී නොවේද? යන්න පෙනී යන අතර, නීතියට සාපේක්ෂව බෞද්ධ දර්ශනය මගින් යථාර්ථවාදී ප්‍රවේශයක් මෙම විවාදාත්මක ප්‍රශ්නයට සපයන බව මා දරන මතයයි. මේ අනුව බෞද්ධ දර්ශනය සෑම කාලයටම අනුගත (අකාලික) දහමක් බව පසක් වෙයි. හින්දු දර්ශනයේ ද ඇත්තේ මෙවන් ස්ථාවරයක් බව ද සඳහන් කරනු වටී.

පොදුවේ තුන්වන ශික්ෂා පදය මගින් සමාජය ආරක්ෂා වේද?

පැහැදිලිවම ඔව්. මක්නිසාද යත් පන්සිල්වල ඒකායන, ප්‍රධාන අරමුණ සමාජය ද, ඒ අනුව තමා ද, පුද්ගලයා ආරක්ෂා කිරීමයි. නීතියේ ද අරමුණ එයයි. එහෙත් නීතිය මගින් එය ඉටුවේද? යන්න සුපරික්ෂාකාරීව බැලිය යුතුයි. පෙර සාකච්ඡා කළ පරිදි අනාචාරයේ හැසිරීම අපරාධමය වරදක් නොවේ. දික්කසාදයක් ලබා ගැනීමට ඇවැසි වූ අංගයක්, කාරණයක් පමණි. ඉන්දියාවේ අනාචාරයේ හැසිරීම වරදකි. සම ලිංගික ක්‍රියා තහනම් කිරීමට නීතිය උත්සාහ දරයි.

ගණිකා වෘත්තිය පාලනය කිරීමට නීතිය උත්සාහ දරයි. එහෙත් එම ක්‍රියාවන් වැඩිවනවා මිස අඩුවිමක් නැත. එසේ නම් නීතිය මෙලෙස ලිංගික ක්‍රියා පිළිබඳව පාලනයක් කොට සමාජය සුරක්ෂිත කිරීමට උත්සාහ දැරීම ප්‍රායෝගිකව සාර්ථක වී නොමැත.

බෞද්ධ දර්ශනයේ ලිංගික ක්‍රියා පමණක් නොව, සියලුම රසයන් කාමච්ඡන්දයට වැටෙන හෙයින් ඒවා දිරිගන්වන්නේ නැත. ඒවා අවම කිරීමට, අවසානයේදී නැති කිරීම බෞද්ධයාගේ මාර්ගයයි. මෙහිදී එහි ඇති අනිත්‍ය බව, ඒ අනුව දුක් සහගත බව මෙනෙහි කළ යුතුය. ඒ අනුව පරම වූ සැපයක් ලබා ගැනීමට බෞද්ධයා පොළඹවයි. රසය, කාමය පිළිබඳ වූ, සිත හා බැඳුණු දෙයක් නිසා ප්‍රායෝගික, ස්ථාවර වූ පාලනයක් සඳහා සිත යොමු කරයි. කාමය, රාගය පහව යනු ඇත්තේ අනාගාමි ඵලය ලැබූ විටය.

එය දිගු ගමනකි. එසේ දිගු ගමන යන තෙක් ක්‍රම ක්‍රමයෙන් රාගය පාලන කරන තෙක් බෞද්ධ දර්ශනයෙන් නිසි යථාර්ථවාදී මග පෙන්වීමක් ලබා දෙයි. එය සූත්‍ර මගින් හේතු ඵල දහමට අනුව පෙන්වා දෙන්නකි. බෞද්ධ දර්ශනය අනුව ගණිකාවන් ඇසුර පිරිහීමට කරුණකි.

මිතුරකුගේ බිරිඳ හෝ ස්වාමියකු සමග ලිංගිකව එක්වීම නිසා වසලයකු, එනම් පහත්ම වූ අයකු ලෙස සැලකේ. සමලිංගිකයින්ට තුන්වන ශික්ෂා පදයකින් හෝ වෙනත් සූත්‍රයන් මගින් තහනම් නොකර එය කර්මානුකූල හේතුඵල දහමෙන් පහදා දෙයි. ද්වි ලිංගිකයන් (Transgender) පිළිබඳව තත්ත්වය ද එසේමය‍.

ලෝකය පවතින්නේ ලිංගික ක්‍රියාවන් නිසා ඇතිවන දරුවන් සහ සත්ව පැටියන්ගේ හේතුවෙනි. බෞද්ධ දර්ශනය අනුව දැනීම හෙවත් වේදනා නිසා හටගන්නා තන්හාව තුළින් ඇතිවන උපාදානය, එනම් අල්ලා ගැනීම නිසා ඇතිවන උපත නැත්නම් භවය ඇතිවේ.

මේ අනුව මෙම ස්වභාවික ක්‍රියාව නීතිය මගින් පාලනය කිරීම ප්‍රායෝගිකව අසීරුයි. එසේම නිවැරැදි ද නොවේ. එලෙස උත්සාහ කිරීමට යාමේදී නීතිය ක්‍රියාත්මක නොවිම නිසා නීතිය ද සැහැල්ලුවට සැලකේ. එයට වඩා විකල්ප සපයමින්, අප යා යුතු මාර්ගය අපටම පෙන්වා දී ඒ අනුව ඇතිවන ප්‍රතිඵලය පෙන්වා දී යන බෞද්ධ දර්ශනය යථාර්ථවාදීය. ප්‍රයෝගිකය. මේ අනුව බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නා වූ සමාජයක මෙම “ලිංගික ක්‍රියාව” නමැති සංකීර්ණ ස්වභාව ධර්මය අනුකූල ක්‍රියාවන් තමාට ද අන් අයකුට ද හානිකර නොවී පවත්වාගෙන යාමේ මානසිකත්වය ඇතිකරනු ලබයි. මෙය පවතින්නා වූ නීතියට වඩා සාර්ථක බව පැහැදිලිය.

ජනාධිපති නීතිඥ
ප්‍රසන්ත ලාල් ද අල්විස්




ඉහත ලිපිය [You must be registered and logged in to see this link.] වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී, මුල් ලිපිය [You must be registered and logged in to see this link.]
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty Re: ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

2013-12-22, 7:36 am
ගොඩාක් වටින ලිපියක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඊනියා බෞද්ධයින්ට මේව තේරුම්ගන්න බැරි එකයි. නැගී එන බොදුබලවේග කියන ඒව නැගී ආවොත් එහෙම ලංකාවේ සමලිංගිකයින්ට මුහුදේ පනින්න තමයි වෙන්නේ. මොකද ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ අද දහමට අනුකූලව හිතනවට වඩා මොකක්දෝ අපි නොදන්න අමුතුම අන්තවාදී දර්ශනයකට අනුව හිතන්න පටන් අරන්.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty Re: ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

2013-12-22, 4:46 pm
:shock:  :shock:  :shock:
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty Re: ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

2013-12-22, 10:04 pm
Message reputation : 100% (2 votes)
ඇත්තටම ගොඩක් වටිනා ලිපියක්  pride 


ගොඩාක් වටින ලිපියක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඊනියා බෞද්ධයින්ට මේව තේරුම්ගන්න බැරි එකයි. නැගී එන බොදුබලවේග කියන ඒව නැගී ආවොත් එහෙම ලංකාවේ සමලිංගිකයින්ට මුහුදේ පනින්න තමයි වෙන්නේ. මොකද ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ අද දහමට අනුකූලව හිතනවට වඩා මොකක්දෝ අපි නොදන්න අමුතුම අන්තවාදී දර්ශනයකට අනුව හිතන්න පටන් අරන්.


සියපත්ගේ කතාව හරි , බෞද්ධයන් ස්වභාවයෙන්ම යමක් දෙස  විවෘත මනසකින් බැලීමට හැකි අය විය යුතු වුවත් .ලංකාවේ බෞද්ධයන්  පටු ආකල්ප වලින් පිරිච්ච කොටසක් ,මට හිතෙන්නේ නැ ඔවුන් බුදු දහමේ මුලික හරයන් පිළිබඳව වත් අවබෝධයක් තියන කොටසක් කියල ! කරන්නේ නිකම් ඇදහීමක් විතරයි !
sandaru799
sandaru799
+ 100 Posts
Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 7920
Member Since : 2013-10-25

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty Re: ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

2013-12-25, 10:44 am
godak watina lipiyak....

dan kaale hugak aya karanne budu haamuduro apita deshana karapuwama.....kata padam karagena ayeth budu pilimayak lagata ghn buduntama deshana karana eka....
Sponsored content

ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි Empty Re: ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum