Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමාව දෙනු මැන

+14
Shan Sahan
Sithija
Chandana
Esala
සහන්
Jayan Sanjaya
shevan
Jith
indu
chathura1122
thavisha
kasunx
Siyapath
Rajith
18 posters
Go down
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8016
Member Since : 2013-06-03

සමාව දෙනු මැන Empty සමාව දෙනු මැන

2014-01-30, 8:25 pm
Message reputation : 100% (3 votes)
සමාව දෙනු මැන Samawa15
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8016
Member Since : 2013-06-03

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-30, 8:29 pm
Message reputation : 100% (9 votes)

(1)
 
සංජීව නිදි යහනේ එහාටත් මෙහාටත් පෙරලෙමින් සිටියා පමණකි. වෙනදා මෙන් ඔහුට පහසුවෙන් නිදි සුව ලැබීමට තරම් සුවදායක මානසිකත්වයක් අහලකවත් නොවීය. වරින් වර අසල වූ මාර්ගයේ ගමන් ගන්නා මොටර් රථයක ශබ්ධය හැරෙන්නට මුළු පරිසරයම මීයට පිම්බාක් මෙන් නිසසලය. එම නිසසල බව වරෙක සංජීවගේ සිත යම් ආකාරයක බියකින් වෙලීමට සමත් වුවද, ඒත් සමගම නිවස පසුකර යන වේගවත් මෝටර් රථයක් ඒ බිය පහකර දැමීය.


අසල වූ ජනේලයේ ඈත් වූ තිර රෙදි පට තුලින් කාමරය තුළට ගලා ආ මලානික සඳ  එළිය සංජීවගේ සිතේ ගුලි වූ හුදෙකලා බව තව තවත් වැඩි කරන්නට විය. අවුල් වූ මනසින් නිදි යහනේ නිසසලව වැතිර සිටි සංජීව, තම දුරකථනය අතට ගත්තේය.


එක කෙටි පණිවිඩයක් ඔහු නැවත නැවතත් කියෙව්වේය. ඒ දෙසම බලා සිටියේය. වචන වල අකුරක් අකුරක් පාසා බලමින් සිතුවිල්ලේ ගිලී සිටි ඔහුගේ දෑසින් ඉනූ කඳුලු බිඳුවක් කම්මුල් අතරින් පහලට රූටා ගියේ ඔහුටත් නොදැනීමය.
" ඇයි මගෙ සුදු අයියේ, මට මෙහෙම කරන්නේ...? මොකක්ද මම ඔයාට කරපු වරද..? ඇයි මාව මේ විදියට මග අරින්නේ..?


චානුක විසින් සංජීවට පෙර දින රාත්‍රියේ එවන ලද කෙටි පණිවිඩයේ සඳහන් වූයේ එපමණකි. කියවන වචනයක් වචනයක් පාසා හදවත පසාරු කරගෙන යන්නාක් බඳු හැඟීමක් සංජීව අත්වින්ඳේ මේ වචන කීපයෙන් පමණි.


 " මට තේරෙන්නේ නෑ චානු.... මම දන්නේ නෑ..."



කඳුලු පිරි දෙනෙතින් සංජීව කොඳුලේය. ඒත් සමගම චානුක සමඟ වසර එකහමාරක පමණ කාලයක් ගත කල සොඳුරු දිවියේ මිහිරි මතකයන් ඔහුගේ දෙනෙත් ඉදිරියේ මැවෙන්නට විය.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-30, 8:50 pm
Message reputation : 100% (2 votes)
wow wow. oya thiyenne thawath thawath aluth lassana keti kathawak
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-30, 9:24 pm
එල එල !
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-30, 11:07 pm
pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 4:46 am
pride  pride  pride
Rajith
Rajith
Regular Member
City : Kalutara
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 8016
Member Since : 2013-06-03

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 11:27 am
Message reputation : 100% (8 votes)
(2)
 
 
 


ය නෙක විසිතුරු වර්ණ රටා වලින් සිත්තම් කල සිතුවමක් දෝ යි, සංජීව මොහොතකට සිතුවේය.
ඔහු චානු සමඟ මුහුදු වෙරළ දිගේ ඈතින් ඈතට, කිසිවෙකුත් පෙනෙන නොපෙනෙන මානය තෙක්ම  ඇවිද ගියේය. චානු එකවරම සංජීවගේ කම්මුලට හාදුවක් දී, ඔහුගේ අත අතහැර වෙරළේ ඈතට දිව ගියේය.
" ඒයි... ඔහොම ඉන්නවා හොර ගෙඩියා ..."
                                         සංජීව චානු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව දෙවුරින් තදකර අල්ලා ගත්තේය. චානුගේ කෙලිලොල් සිනාව, අහිංසක ඇස් දෙක අතර සංජීව මොහොතකට අතරමං විය. දෙදෙනාම එකිනෙකා දෙස ඇසිපිය නොසලා කොපමණ වේලාවක් බලා සිටියාදැයි දෙදෙනාටම නිනවුවක් නොවීය. සැබැවින්ම ඔවුන් ගැඹුරුම ආදරයේ සොඳුරු යදමින් වෙලී සිටියෝය.
                            ඒ ඇස් දෙක ලඟ තනි වූ හැටි, ඒ ආදරයේ උණුසුම විඳි හැටි, දැනුඳු තම හදවත වෙලා ගන්නා බව සංජීවට දැනෙන්නට විය. එය ඔහු හට එතරම් අරුමයක් නොවූයේ තම සිත තුළ චානු වෙනුවෙන් අසීමිත ආදරයක් මුලු ගැන්වී තිබෙන බව ඔහු හොඳින්ම දන්නා නිසාය. චානුගේ අහිංසක සිනහව සංජීවගේ දෙනෙත් අභියස චිත්‍රණය වෙමින් තිබින.
හදිසියේම අසල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ශබ්ධයත් සමගම සංජීව පියවි ලෝකයට අවතීරණය විය. වෙලාව අළුයම දෙක පසුවී විනාඩි විස්සක් ගතවී ඇති බව දුරකතනය දෙස බැලූ සංජීවට දැකගත හැකි විය.වෙනදාටත් කලින් නිදා ගැනීමට ආ සංජීව තවමත් මනෝ ලෝකයේ සැරිසරමින් සිටී. නිදි දෙව්දුව ඔහුගෙන් ඈත් වී ඇති සැටියකි.
                               මුළු පරිසරයම නැවතත් ගුප්ත වූ නිහැඬියාවේ ගිලී ඇත. ජනෙල් කවුලුවෙන් ගලා ආ මලානික සඳ එළිය පෙරට වඩා දීප්තිමත් වී ඇති බව කාමරය හාත්පස බැලූ සංජීවට පසක් වූයේ, තම ලියන මේසය, ලෝහ අල්මාරිය හා පොත් රාක්කය සඳ එළියෙන් නැහැවෙමින් අඳුරු සෙවනැලි මැවූ නිසාමය.
                                          තම ලියන මේසයේ අඳුරු සෙවනැල්ල අතරින් දිලිසෙන යමක් ඇස ගැ‍ටුනු සංජීව නැවත වරක් ඔනෑකමින් ඒ දෙස බැලුවේය. දීප්තිමත් සඳ එළියෙන් තම ලියන මේසය මත දිලිසෙමින් තිබූ එය, පාසලේ තරු කඳවුරේදී දු‍ටු කාන්තිමත් හුදෙකලා වූ පුංචි තරුවක මතකය සංජීව වෙත ගෙන ආවේය. නමුත් ඒ වෙන කිසිවක් නොව, අංජලී විසින් ඔහුට තෑගි කළ රිදී පැහැ අත් ඔරලොසුව බව අඳුනා ගැනීමට සංජීවට එතරම් අපහසු නොවීය.
                                            එම දසුනේ චමත්කාරයත් සමගම චානු පිළිබඳ වූ අඳුරු මතකයන් පරයමින් අංජලී පිළිබඳ වූ සොඳුරු මතකයන් තම සිත වෙලාගන්නා බව සංජීවට දැනෙන්නට විය. තම මව හැරුනු විට සංජීවගේ සිත චංචල කීරීමට සමත් වූ එකම කාන්තාව අංජලී බව පැවසීම අතිශෝක්තියක් නොවේ.
                                                                                                අංජලීගේ සිනහව, සුරතල් කටහඬ සංජීවගේ සිතේ ප්‍රබෝධමත් හැඟීමක් ඇති කිරීමට සමත් විය. අංජලී පිළිබඳ තම සිතේ ඇත්තේ කුමණ ආකාරයේ හැඟීමක් දැයි සංජීවට තවමත් ප්‍රහේලිකාවකි.කෙසේ වෙතත් අංජලී පිළිබඳ මතකය සංජීවගේ සිතේ මෙතෙක් පැවති අඳුරු වූ මලානික බව පලවා හරිමින් නව ප්‍රබෝධමත් හැඟීමක් ජනිත කළේය. කුල්මත් වූ හැඟුම් ගොන්නක් අතර සංජීව අතරමං වූයේ, චානු පිළිබඳ මතකයන් මොහොතකට අමතක කර දමමිනි.
                                              සැනසුම් දායක සුවයක් තම සිත මෙන්ම ගත ද වෙලා ගන්නා බව සංජීවට දැනින. ඔහු තම දෙනෙත් පියා ගත්තේ තව තවත් එම හැඟුම් ගොන්නෙහි සැරිසරනු රිසියෙන්මය. වේදනාකාරී හැඟුමෙන් ඈත් වී, සුවදායක හැඟුමෙන් මත්වූ සංජීවට නිදි දෙව්දුව වැළඳ ගැනීමට තවත් වැඩි වේලාවක් අවශ්‍ය නොවීය.
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7535
Member Since : 2014-01-22

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 11:54 am
ela. thawath lassana kathawak lol!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 12:09 pm
ela ela
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 2:54 pm
නියම කතාවක් රජිත්.......... මමත් ඉන්නවා................ 
Anonymous
Guest
Guest

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 3:15 pm
pride  pride
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7535
Member Since : 2014-01-22

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 4:08 pm
lassanai. digatama liyanna. cheers
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 4:13 pm
Chanu-anjali.....
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 5:50 pm
එල එල ! pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

2014-01-31, 6:57 pm
niyamai machan
Sponsored content

සමාව දෙනු මැන Empty Re: සමාව දෙනු මැන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum