Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගහැරැණ සොදුරැ විජිතය

+8
shevan
kelum123
chathura1122
Hasun
Siyapath
සහන්
thavisha
Sithija
12 posters
Go down
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මගහැරැණ සොදුරැ විජිතය Empty මගහැරැණ සොදුරැ විජිතය

2014-02-01, 7:37 pm
Message reputation : 100% (5 votes)



ළබැදි සොයුරණි,

හදවතේ දෝර ගලන දුක වචන බිදකින් හෝ ඔබ හමුවේ තබා මගේ සිත සැහැල්ලු කර ගන්නට සිතා මෙසේ දුක අකුරැ කරමි..ඒ මෙතරම් දුක් විදින්නට තරම් මගේ දෛවය මටම සරදම් කරන්නට සැහැසි වු නිසාවෙනි...ජීවිත සයුරේ මා විදි සැබෑ දුකක් ඇත්නම් ඒ මා ඔබට කියන්නට අකුරැ කරනා මේ කතාවම පමණි.


කෙටි කලක් තුල විදි ඒ ආදරය , උණුසුම ජීවිතය ටික කලකට හෝ සතුටින් තැබුවාට වුව ද හිරැ දුටු පිණි බිදක් මෙන් ඒ සතුට මගේ ජීවිතයෙන් උදුරා ගන්නට ඔහුට හැකි විය...එයට මංහසර සැදුවේ ද මමය.


සදු වට කර තරැ රැසක් තනි රකින්නා සේ මගේ ජීවිතයේ මා ලද යහළුවන් අතරින් ඔහු විශේෂය..ඔහු නමින් සැමී..


අපගේ මිතුරැකම වැඩි වුන ද මා ඔහු කිසිදාක ඒ වන විටත් නොදැක සිටියෙමි...මගේ ජීවිතයේ ආදරය සොයන බව ඔහුට පැවසීමට දිනක් මට හැකි විය...එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මට මුණ ගැසෙන්නේ ආදරය, ජීවිතයට ගෙනේවිය යන සිතුවිල්ල මගේ දිවියේ ඇති කරමිනි.


ඔහු නමින් නලින් වුන ද සැබැවින්ම මට සම්පතක් වු බව අදද දන්නේ මා පමනි.නලින් සහ මා අතර බැදීම ආදරයක් තරමට වැඩි වුන ද  මා ඒ බව සැමීට පැවසූ විට ඔහු පැවසුවේ


මල්ලි එහෙම දේකට යන්න කලින් තව ටිකක් කල් අරන් බලන්න.මොකද එයාට එයාගේ කලින් එෆෙයාර් එක නැතිවෙලා තවම සතියක් වත් නෑ.ඒ නිසා කරන දෙයක් තව කල් අරන් බලන්න.


නලින් සහ මම ඇසුරැ කලේ කොන්දේසි සහිතව බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත.එහෙත් සත්‍ය එයම විය.ගං දෑල දෝර ගලන්නක් මෙන් අපේ ආදරේ වැඩි වී උතුරා යන්නට විය...එසේ වුවත් සැමී පැවසූ සත්‍ය නිරතුරැවම මගේ සිතේ තෙර පෙන්නට වුයේ අනාගත අදුරැ සෙවනැලි මා කරා පැමිනෙන බව කල් තියා අගවන්නට මෙනි...


හ්ම් තව වැඩි දවසක් නම් ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ..අපි හරියට අදුරන්නෙවත් නෑනෙ පැටියෝ.ඉක්මනට හම්බෙලා තීරනයක් අරගමු.


ඒ නලින් ය.....මේ අපේ ආදරයේ ආරම්භය.


පළමු දිනයේ ඔහු මාව හමුවන්නට ආ අයුරැ සැබැවින්ම තවමත් මගේ මතකයේ සැරිසැරැවද මා එය අකුරැ නොකරන්නේ ඒ මතකයන් මට දුකක් ගෙනෙන නිසාවෙනි...අයියා එදින පළමු වතාවට මා හට හාදුවක් දුන්නේ ප්‍රධාන මාර්ගයේදිමය..එදින අප වෙන් වුන මොහොතේ මගේ ඇස් වල කදුළු පිරෙනු දුටු ඔහු දුම්රියේ සිට මට එවු කෙටි පණිවුඩය අදද මා සතුව සුරැකිව ඇත...මේ එයයි


අනේ මේ ඔයාව දාලා යනවා නෙවෙයි.මට ඉන්න බෑනෙ පැටියෝ.දැන් පරිස්සමට යන්න.මම දැන් ඔයාගේ තමා.ඔයාට ආදරේ නැත්නම් එන්නේ නෑනෙ.


එහෙම කියපු එයාව මට අද හැමදාටම නැතිවෙලා.මගෙන් වුණ වරදකට.ඒ වෙන දෙයක් නෙවෙයි.වචනෙකටයි මගේ පොඩි හිතුවක්කාරකමකටයි වුණ දෙයක්..අදටත් මම එයාට වෙන කිසිම වරදක් කරලා නෑ...අද මගේ නලින් මාව දාලා ගොඩක් දුර ගිහින්..මම මටත් වඩා එයාට ආදරේ කලා.එයාගේ නපුරැකමට සැරකමට මම ගොඩක් ආස කලා.එදා ඒ වගේ දේකට බොරැවට අඩපු මට අද ඇත්තටම අඩන්න වෙලා....ආදරය මේ තරම් දුක් ද සොයුරණි....?


ගෙට්රියල් මගේම සහෝදරයින් හැමදාමත් වචනෙකින් හරි අනිත් අයගේ හිත හදන්න උත්සහ කරන නිසා මගේ හිතේ තෙරපෙන දුක ඔයාලට කියලා මගේ හිත නිදහස් කර ගන්නයි මේ විදියට අකුරැ කලේ....අවසානයේ මගේ මතකයට නැගෙන්නේ සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ අපූරැ ගී පදවැල් කිහිපයක්........


හිදීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් ඔබේ නමින්........
ස්තූතියි
මම සිතිජ..



Last edited by Sithija on 2014-02-04, 6:45 am; edited 1 time in total
Anonymous
Guest
Guest

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-01, 8:38 pm
මේ වගෙම සිද්ධිය යාලුවෙක්ට වුනා හැබැයි සමරිසි අදරක් නෙවේයි,කොල්ලයි කෙල්ලයි දෙන්නම මගේ යාලුවෝ.කොල්ලට ලොකු වුවමනාවක් තිබ්බා කෙල්ලව අත් හරින්න.අන්තිමේදි ඔය ගැණු ලමයාගෙ පොඩිම පොඩි වචනයකට උ කෙල්ලව අත්හැරියා.කෙනෙක් මට අදරෙ නම් මගේ කොච්චර වැරදි තිබුනත් එවා කියල දිලා ලගින් ඉන්නවා හරියට අම්මා වගේ.නැතුව පොල්ලෙන් ගැව්ව වගෙ දාලා යන්නෙ නැහැ.


බිදුනු කලක අමතක කල 


නොහැකි නම් සිතින් ...


බිදෙන බදුන් කුමකට 


සුරකිම්ද ආදරෙන් ...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-01, 10:05 pm
macho hitha hadaganna balanna amarui thama eth......
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-01, 10:59 pm
pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-02, 7:58 am
atheethaya apita amathaka karanna baha malli. namuth atheethaye jeewath wenna puruduwenna epa.
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-02, 9:26 pm
ape jeevitha vala godak ayata adu wadi vashayen me atdaekima athi. visheshayenma samarisi ayata nitarama wena deyak. eeth yaluwa mama  dakapu deyak tiyenawa...

api mehema deyak unnaama adanava, valapenava.... eka varadi naha. mokada e duka ape hithin yanna eka loku udauvak. tika dawasakin hithenawa api jeevath wela wadak naha kiyala.... eeth thawa tika dawasak yaddi api ibema e duka daragena jeewiteta muhuna denna purudu venawa....

api nodanuvathwama api kalayath ekka ekata hadagahenawa...

issarahata yaddi oyath me widihatama hadagahewi. kalyata ida deela varthamaanaye jeewath wenna. hamadeyakma hemin visadevi

hasun001
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-03, 2:52 am
Api hamotama sundara menma asundara ateetayak ati, api balaporottu una adare nilabenna ati labenna ati....
Et jewite kiyanne ateetayema jeewat wena eka nemi, amataka karanna bari hugK dewal ape jeewita wala tiyenawa,
Api ape ateetawe sidda wechcha dewal walin apita waraduna tan hadagena wartamanaye e waradi nawata nowenna waga balagena idiriyat giyanum...
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 7:16 am
Message reputation : 100% (1 vote)
නිලා,සියපත් අයියේ,තවීෂ,හසුන් අයියේ,චතුර අයියේ


ඔයාලට ගොඩක් තෑන්ක්ස් මගේ හිතට පුංචිම හරි සැහැල්ලුවක් දුන්නට....ඇත්තටම මම එයාට ගොඩක් ආදරේ කලා...සමහර විට එයා මාව රවට්ටන්න ඇති....ඒත් ඒ හැම දෙයක්ම අමතක කර ගන්න අමාරැයි මට....මම විතරයි එයාට ආදරේ කලේ....ඒත් මට එහෙමයි කියලා එයාට වෛර කරන්න බෑ....ආදරේට ආදරේ කරන මිනිස්සු වගේම ආදරේ ඉස්සරහට දාගෙන අහින්සකයන්ව රවට්ටන්න එපා කියලා මම ඉල්ලනවා....එයාට ඕන වෙන්න ඇත්තේ වෙන දෙයක්...ඒත් මට ආදරෙයි කියලා පෙන්නපු එක ගොඩක් වැරදියි නේද?අපි කොල්ලො උනාට අපිටත් දුකට ඇඩෙනවා.....බොරැවට හරි මට එහෙම ‍ටෙකස්ට් කරලා මාව සතුටින් තිබ්බට මම අදටත් එයාට තෑනක් කරනවා....එයාගේ යාළුවා වගේම මගෙ යාළුවා සැමීටත් මම කියන්නේ මට සතුට ගෙනත් දෙන්න හැදුටව තෑන්ක්ස්....



කාලය ගෙවෙනවා...ඒත් අතිතය අමතක කරන්න අමාරැයි...එහෙමයි කියලා ඔයා මට කරපු වැරැද්ද ගැන හිත හිතා ඉන්නේ නෑ මම....


මගේ සුදු අයියේ...
ඔයා මෙක බලනවා කියලා මම දන්නවා.....
ඇත්තටම ආදරේ කරන්න ....කාටවත් තවත් මෙහෙම දුක් දෙන්න එපා.......ඒත් ඒ මතකයන් අමතක කරගන්න මම අදටත් උත්සහ කරන්නේ නෑ.ඒ මොකද මම ඔයාට ඇත්තටම ආදරෙයි.හැමදාමත්...ඔයා වෙනුවෙන් මම බලන් ඉන්නවා මගේ සුදු අයියේ හැමදාම.... :(  :(  :(  :(  :(  :( 

ඔයාට බුදු සරණයි!

kelum123
kelum123
Regular Member
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 7627
Member Since : 2013-12-24

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 1:24 pm
pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 4:24 pm
Nil saliya wrote:මේ වගෙම සිද්ධිය යාලුවෙක්ට වුනා හැබැයි සමරිසි අදරක් නෙවේයි,කොල්ලයි කෙල්ලයි දෙන්නම මගේ යාලුවෝ.කොල්ලට ලොකු වුවමනාවක් තිබ්බා කෙල්ලව අත් හරින්න.අන්තිමේදි ඔය ගැණු ලමයාගෙ පොඩිම පොඩි වචනයකට උ කෙල්ලව අත්හැරියා.කෙනෙක් මට අදරෙ නම් මගේ කොච්චර වැරදි තිබුනත් එවා කියල දිලා ලගින් ඉන්නවා හරියට අම්මා වගේ.නැතුව පොල්ලෙන් ගැව්ව වගෙ දාලා යන්නෙ නැහැ.


බිදුනු කලක අමතක කල 


නොහැකි නම් සිතින් ...


බිදෙන බදුන් කුමකට 


සුරකිම්ද ආදරෙන් ...
උඹ කියන දේ එක පැත්තකින් බැලුවම හරියටම හරි. ඒත් ඒ බඳුනට ආස කරපු හිත බිඳුනම කොහොම හදා ගන්නද? :(
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 8:19 pm

සිත්තම් කරමින් මනසේ ඔබ රැව
කවදා හෝ යලි දකින තුරා.....
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ
යලි මගේ සවනත වැකෙන තුරා....
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා....

දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසැලෙන්නැතුව ඇති....
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට

වැඩියෙන් දුක දැනෙනවා ඇති.....
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා....

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරෑ පාරමිතාව පුරා.....
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුය පතා........
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා....
 😢  😢  😢  😢  😢  😢  😢  😢  😢  😢  😢 






සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 9:57 pm
ජිවිතේ හැමදාම අතීතය වදදෙන්නේ නෑ මල්ලි.

හෙට කලුවර නෑ.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-04, 10:05 pm
pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-05, 8:26 am
ko ithin kathaawa?
pahan
pahan
Regular Member
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 7609
Member Since : 2014-01-02

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-02-08, 7:41 am
Message reputation : 100% (1 vote)
adaraya ahimi veema dukai. eth e gena hitha hitha duk wenne ai. me hemadeyakma kalayata bara karala inna epa. honda thiranayaka ganna. e thirane hinda oyata dukak karadarayak wenne nethi. oyata jaya!!!
Sponsored content

මගහැරැණ සොදුරැ විජිතය Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum