Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තල්වැට අද්දර....

+17
weera1
Max Tylar
Thisara
tharindu_d
sudumadu
Sithija
eboys
Jith
shevan
theejan
Esala
kasunx
chathura1122
thavisha
Siyapath
සහන්
Hasun
21 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 9:55 am
නියමයි ! pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9228
Member Since : 2013-08-09

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 9:59 am
Message reputation : 100% (1 vote)

මං මේකෙ වැඩිපුරම ආස අර තටුවලට වෙඩි වැදුණු සමනළයෙකුගෙ කතාවක් කියන ටයිට්ල් එකට
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8861
Member Since : 2013-10-18

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 10:27 am
මරු මරු මරු.......................... මරේ මරු..................  pride   pride 
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 6:46 pm

ස්තූතියි සහන්...


ස්තූතියි සාලිය​.... ඇත්තටම ඒ මොකක්ද වුනේ?... බලන්නකෝ...


ස්තූතියි තවීෂ​...


ස්තූතියි ඇසළ​...


ස්තූතියි සියපත්....


ස්තූතියි තේජාන්...


ස්තූතියි කසුන්...


ස්තූතියි ශේවන්...


ස්තූතියි ජිත්....


එහෙනම් අද කොටසත් ඉක්මනින්ම දාන්නම්....



 Arrow  Arrow  Arrow 

hasun001....


Last edited by Hasun on 2014-02-05, 7:23 pm; edited 1 time in total
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 7:07 pm
Message reputation : 100% (1 vote)





දවස් කීපයකට පස්සේ දවසක ගෙදර ඉස්සරහා jeep එකක් නැවැත්තුවා. ඒකෙන් ආවෙ සෙල්වම්ගේ අම්මා එක්ක නිදාගන්න එන LTTE සාමාජිකයායි.


සෙල්වම්නැගපන් jeep එකට


අනේදෙයියනේ…!!!සෙල්වම්ගේ අම්මා අඩන්න උනා.


යකෝමම මුව ගෙනියන්න නෙවෙයි ආවේ…  මම ඉක්මනින් මූව අරන් එන්නම්…” LTTE සාමාජිකයා එහෙම කිව්වත් සෙල්වම්ගේ අම්මා හොදටම කළබල වෙලා.


නැගපන් jeep එකට​”ඒ jeep එකෙ ඇවිත් හිටිය තව LTTE සමාජිකයින් දෙන්නෙකුත් සෙල්වම්ට තුවක්කු බදෙන් තල්ලුවක් දැම්මා. සෙල්වම්ගේ පපුව සීතල වෙලා ගිහින්. ඒත් කරන්න දෙයක් නැහැ. සෙල්වම් වාහනේට නැග්ගා


සිද්ධ වෙන්න යන කිසිම දෙයක් සෙල්වම්ට තේරුනේ නැහැ. සෙල්වම්ට ඇඩෙන්න තරම්. ඒත් එක්කම කවුදෝ සෙල්වම්ගේ ඇස් බැන්ඳා.


සද්ද නොකර හිටපන් ගැණියේමම මූව අරන් එනවා දැන්ම​…”


එහෙම කියපු LTTE සාමාජිකයා සෙල්වම්වත් දාගෙන වේගයෙන් ඉගිල්ලිලා ගියා.




*****




jeep එක කොච්චර වෙලාවක් එක දිගට ගියාද කියලා සෙල්වම්ට මතක නැහැ. ඒත් එයාල ගොඩක් වෙලා එක දිගට ගිහින් තිබ්බා.


ඇස් ඇරපන්…” කට හඩක් එක්ක සෙල්වම්ගේ ඇස් බැදලා තිබ්බ පටිය ලෙහෙනවා සෙල්වම්ට මතකයි.


එයාලා හිටියේ කැලයක් මැද​.


වරෙන් කොල්ලෝ” LTTE සාමාජිකයා සෙල්වම් දිහාවට හැරුනා.


අනේ ඇයි මාව​….” සෙල්වම්ට ඇඩුණා. ඒත් එක්කම එයාලා කදවුරකට ආවා. ඒත් කෙලින්ම කොටි සමාජිකයෝ එයාව අරන් ගියේ කාමරයකටයි.


හ්ම්ම්මම උඹව ගෙනාවේ උඹව බදවගන්න නෙවෙයි…” එහෙම කියපු LTTE සාමාජිකයා සෙල්වම්ව කාමරේ මුල්ලකට ගත්තා.


උඹ මේක කාටවත්ම කියන්න බැහැතේරුනාද​? උඹේ අම්මටවත් කියන්න බැහැ මට උඹේ අම්මගේ ඉල්ලීම අහක දාන්න බැහැ… ඒකයි උඹව එක්කරගෙන ආවේ”


මොකක්ද​…..මට තේරෙන්නේ නැහැ…” සෙල්වම් තාම ගැහෙනවා.


වරෙන්…” එහෙම කියපු සාමාජිකයා සෙල්වම්ව දොරකින් ඇතුලට අරගත්තා.


වෙලාවේ සෙල්වම්ට ඇස් දෙක අදහාගන්න බැරි වුනා. එයා හැමදාමත් හදවතින් ආදරය කරපු සදීස් එයා ඉස්සරහා හිටගෙන හිටියා. එහෙම්මම පැනපු සෙල්වම් සදීස්ව බදාගත්තෙ ඉබේම වගේ.



උබලා දෙන්නට තියෙන්නේ විනාඩි 20යි… “ එහෙම කියපු LTTE සාමාජිකයා දොර වහගෙන එලියට ගියා. දැන් කාමරේ ඉන්නේ දෙන්න විතරයි.






to be cntd.....









Last edited by Hasun on 2014-02-05, 7:24 pm; edited 1 time in total
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 7:18 pm
Message reputation : 100% (3 votes)
(contd...)







උඹට පිස්සුද සෙල්වම්?” සදීස් පුදුම වෙලා සෙල්වම් දිහා බලන් ඉන්නවා. ඒ ඇස් වල ආදරය උතුරනවා. ඒත් පුදුම වුණු පෙනුමෙත් අඩුවක් නැහැ.


ඇයි?”


ඇයි මාව හොයාගෙන ආවේ?”


මට ඉන්න බැරි වුණා සදීස්මම දන්නේ නැහැ ඇයි එහෙම උනේ කියලා. ඒත් මට ඉන්නම බැරි වුණා…”


උඹ නම් පිස්සෙක් සෙල්වා… “


වෙන්නැතිසෙල්වම් එහෙම කිව්වම සදීස් සෙල්වම්ව බදාගත්තා. සදීස්ට වෙලාවේ ආපු හැගීම වචනයෙන් කියාගන්න බැහැ. ඒත් ආදරේ වෙන්නැති කියලා සෙල්වම්ට හිතුනා. සෙල්වම් සදීස්ගේ උණුහුමේ විනාඩි ගාණක් මොකුත්ම නොකියා ඔහේ තුරුලු වෙලා හිටියේ හරියට පූස් පැටියෙක් වගෙයි.


අපේ අම්මලා හොදින් ඉන්නවද සෙල්වා?”


එයාලා තාමත් දුකෙන් අඩාගත්තුගමන්මයි… පව්


වෙලාවකට හිතෙනවා වෙන දෙයක් වෙන්න කියලා camp එකෙන් පැනලා ආයෙත් ගෙදර යන්න​…. ඒත් එහෙම ගියොත් මුන් මාව විතරක් නෙවෙයිඅපේ පවුලම මරලා දායි…”


අනේ දෙයියනේමොකද මේ වෙන්නේ…” සෙල්වම්ට කියැවුනේ ඉකිගැහෙන හඩින්.


අඩන්න එපා සෙල්වාඑහෙම කියලා සදීස් සෙල්වාව බදාගත්තේ හරියට අම්මා කෙනෙක් පොඩි එකෙක්ව ආදරෙන් බදාගන්නවා වගේ.


මට ඔයා නැතුව ඉන්න බැහැ සදීස්…”


මටත් එහෙමයි සෙල්වා


මට ඔයාව දාලා යන්න බැහැ සදීස්…”


අපි දෙන්නව වෙන් කරන්න කාටවත් බැහැ සෙල්වාමේ ලෝකේ දෙයියෝ කියලා කෙනෙක් ඉන්නවානම්…” සදීස්ගෙ වචන හැඩුම් බරයි.


දෙන්නගේ ලෝකෙ බිඳිලා ගියේ දොරේ එහා පැත්තෙන් ඇහුණු කටහඩකින්.


දැන් යන්න වෙලාව හරී…”


අනේසදීස්…”


සෙල්වම්දෙයියනේඇයි අපිට මෙහෙම වෙන්නේ…” සදීස් කෙදිරිලි හඩකින් කිව්වේ ඇස් වල කඳුලු පුරවාගෙනයි.


මට යන්න බැහැ සදීස්අනේ මට ඔයාව ඕනී සදීස්…"




දැන් යන්න සෙල්වම්කවදාහරි, කොහොමහරි ආයෙත් මම ඔයාව හොයාගන්නවා…  මම පොරොන්ඳු වෙන්නම්... ආයෙත් ඔයාවදකින්නෙ නැතුව මම මැරෙන්නේ නැහැ සෙල්වම්…”


හෙමින් සෙල්වම්ගේ දෙතොල් සිපගත්තු සදීස් සෙල්වම්ට සමු දුන්නා.





ඒත් එහෙම යන්න හැරුනු සෙල්වම් ආපහු හැරිලා එයාගේ සාක්කුවේ පරිස්සමට දාගෙන හිටපු photo එකක් අරගෙන සදීස්ට දුන්නා. ඒ මීට මාසගාණකට කලින් සදීසුත් සෙල්වමුත් එකට ඉදලා ගත්තු පින්තූරයක්. සෙල්වම් සදීස් නැතිකාලේ ඒක පරිස්සම් කරගත්තේ එයාගේම පණ වගෙයි.




*****




තල්ගස් ගිණි-රත්තරන් පාට කරන් බැහැලා යන ඉරේ පවා තිබ්බේ මහා මූසල ගතියක්. සෙල්වම්ට එයාගේ ජීවිතේ එයා ආදරේ කරපු සදීස්ගෙන් ඇත්වෙලා යන්න වුනත් එයා ගියේ හිතකින් නෙවෙයි. එදා සෙල්වා ගොඩක් ඇඩුවා. ඒත් එයා සදීස්ව හමුවුණු බවක් එයාගේ අම්මටවත් කිව්වේ නැහැ. සෙල්වම්ව ආපහු ගෙනත් දාපු jeep එක දූවුලි අතරේ නොපෙනී ගියා.


 
*****





දින සති මාස විදිහට ගත වෙලා ගියේ මහා කාළකණ්ණි විදිහටයි. මේ වෙද්දී සිංහල හමුදාව LTTE එකට දරුණූ විදිහට පහර දෙන්න පටන් අරන් තිබ්බා. LTTEයේ පාලන ප්‍රදේශ හිතන්නටත් බැරි වේගයෙන් සිංහල හමුදාව යටතට පත් වෙමිනුයි තිබුණේ. ගමේ හිටිය තුවක්කුවක් උස්සගන්න පුලුවන් හැම එකෙක්ම කොටි හමුදාව බලෙන් පැහැරගෙන ගියේ ගමේ හැමෝගෙම විලාප මැද්දෙයි. ඉස්සරනම් කවුරු හරි මැරුණාම ඒගැන දන්වනවා. ඒත් මේ වෙද්දී බදවගන්නවාට වඩා වේගයෙන් මැරෙන්න අරන් තිබුණා. වගේම මරණ ගැන දැනුම්දීමත් නතරවෙලාම ගියා. අම්මාව හම්බවෙන්න ආපු සාමාජිකයාත් දැන් එන එක නතර වෙලා.




avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 9:15 pm
wooow patta macho
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 7:17 pm
ela ela
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 8:13 pm
pride  pride  pride  pride
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 9:36 pm
තවීෂ​... සියපත්... කසුන්....


ඔයාලා හැමෝටම අවංකවම ගොඩක් ස්තූතියි...!!!



මේ වෙද්දී කට්ටීයට මගේ කතාව එපාවෙලා වගේ... හි...හී....


මේ කතාව තවත් දිග වෙන්නේ නැහැ. ඉක්මනින්ම ඉවර කරන්නම්කෝ...

හසුන්...
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 9:44 pm
Message reputation : 100% (3 votes)

පුතේකොයි වෙලාවේ හරි උන් උඹවත් ගෙනියන්න එයිඅනේ දෙයියනේමගේ දරුවාඅම්මා නිතරම හඩාවැටෙනවා සෙල්වම්ට මතකයි


ඇත්ත​… ඒ වෙද්දී LTTE එක​ කොයි වෙලාවේ සෙල්වම්ව අරගෙන යාවිද කියලා හිතාගන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. මහා අවිනිශ්චිත බවකින් වෙලිලා ගිය ඒ දවස්… ජීවිතයත් මරණයත් දශම ගාණකින් ඇත් වුණු ඒ හැම මොහොතකම එයාලා ජීවත් වුනේ මහා බයකින් දැවි දැවියි.


සදීස් ගැන කිසිම ආරංචියක් ආයෙත් සෙල්වම්ට හම්බවුනේ නැහැ. එයා හැමදාම අම්මටත් හොරෙන් සදීස්ව මතක්වෙලා ඇඩුවා. ඒ ආදරණීය අත්දෙකේ තුරුල්වෙලා එදා එයා සමුගන්න බැරුව අඩපු හැටි එයාට නිතරම මතක් වුණා… ඒ වේදනාව හිතට ආපු හැම වෙලාවකම  එයාට මතක් වුණේ සදීස් අන්තිමට කියපු වචන ටිකයි.




දැන් යන්න සෙල්වම්කවදාහරි, කොහොමහරි ආයෙත් මම ඔයාව හොයාගන්නවා…  මම පොරොන්ඳු වෙන්නම්... ආයෙත් ඔයාවදකින්නෙ නැතුව මම මැරෙන්නේ නැහැ සෙල්වම්…”


පුතේ…”දවසක් අම්මා සෙල්වම්ට කත කළා.


අම්මේ…. ඇයි බයවෙලා වගේ?”


සිංහල හමුදාව ලගටම ඇවිත්ලු….”අම්මාගේ මූණේ තිබ්බේ බියක් මුසු වුණු බැල්මක්.


අපිවත් මරයිද අම්මා?”


ජීවිතේ අවිනිශ්චිත දවස් වේගයෙන් උදාවෙන්න ගත්තේ හිතන්නවත් බැරි විදිහටයි. එක නින්ඳකින් නැගිට්ටේ ආයෙත් නිදාගන්නකම් ජීවත් වේවිද කියන විශ්වාසයවත් නැතුවයිහැන්දෑවට බැහැලා යන ඉර ආයෙත් ඊළග දවසේ පායනවා දකින්න ජීවත් වේවි  කියන එක ගැනවත් විශ්වාසයක් කාගෙවත් හිතක තිබ්බෙ නැහැ.


සදීස්ගැන ගොඩක් මහන්සිවෙලා තොරතුරු හෙව්වත් හම්බුනේ නැති නිසා සදීස්ගේ පවුලේ අය හිටියේ හිතේ අමාරුවෙන්. අය නිතරම සදීස් ගැන මතක් කරලා සෙලවම් එක්ක ඇඩුවා. ඒත් සෙල්වම් සදීස් මුණගැහුනා කියලා කිසිම වෙලාවක එයාලට කිව්වේ නැහැ.




******



සදීස් ගැන සෙල්වම්ගේ තිබුණු මතකය හැරෙන්න සෙල්වම් ලග සදීස්ගේ මොකුත්ම තිබ්බේ නැහැ… ඒත් අවුරුදු ගාණක් පුරාවට එකතුවුණු සදීස්ගේ මතකය සෙල්වම්ට කිසිම වෙලාවක අමතක වුණේ නැහැ.  ආදරණීය මතකය එයාට මහමෙරක් තරම්. තල්ගස් අතරේ සෙල්ලමට දුවපු පැනපු…  ගමේ වැව් ඉවුරේ කෙළිලොලෙන් ගතකරපු ආදරණීය අතීතය මතකෙට එන හැම මොහොතකම සෙල්වම්ගේ ඇස්වල ඉතුරු කලේ කඳුලු කැට විතරයි.


cntd.......
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 9:48 pm
Message reputation : 100% (2 votes)





ඇත්තටම සදීස් කොහේ ඉන්නවාද තියා සදීස් ජීවත් වෙනවාද කියලාවත් සෙල්වම් දැනගෙන හිටියේ නැහැ. ඒත් සෙල්වම් හදවතින්ම සදීස් කියපු අවසන් වචන​… අවසන් පොරොන්ඳුව විශ්වාස කලා.




*****


එක දවසක් හැමෝම බයෙන් හිටපු රැයක සාමාජිකයෝ ටිකක් ගමට ආවේ කවුරුත් නොහිතපු වෙලාවකයි.


හැමෝම හෙට උදේ වෙද්දි ගමෙන් යන්න ලැහැත්ති වෙයල්ලාහැමඑකාම ගමෙන් යන්න ඕන​… සිංහල හමුදාව ලගටම ඇවිත්හිටියොත් උබලාටත් මැරෙන්නයි වෙන්නේ…”


සිද්ධ වෙන කිසිම දෙයක් කාටවත් හිතාගන්න බැරි වුණා.


(ඉතින් ඔයාලාට මතක ඇති නේද LTTE එක අහිංසක මිනිස්සුන්ව පලිහක් විදිහට යොදාගෙන සටන් කරපු හැටි. එයාලා වෙල්ලමුල්ලිවයික්කාල් වෙනකම් අරන් ගියේ විදිහට එකතු කරගත්තු අහිංසක මිනිස්සුයි. එදා සෙල්වමුත් සෙල්වම්ගේ අම්මත් එකතු වුනෙත් මේ කණ්ඩායමටයි.)


දින සති මාස විදිහට මේ විදිහට සරණාගතවෙලා හිටපු සෙල්වම්ලා අවසානයේ වෙල්ලමුල්ලිවයික්කාල් වලට ලගාවුණාමේ යන ගමනේ අතරමග බොහොම අවාසනාවන්ත අනතුරකින් සදීස්ගේ අම්මයි තාත්තයි දෙන්න මරණයටපත් වුණා කියලා සෙල්වම්ට දැනගන්න හම්බුනා. ඒක බොහොම ප්රබල බිම්බෝම්බයක්. ඒකෙන් හතරදෙනෙක් මියගිහින් තිබුණා. ඒත් මිනිස් ජීවිතවල වටිනාකම බිංදුවට බැහැපු වෙලාවක ඒක තවත් එක සිදුවීමක්ම විතරයි.




*****




වෙඩිහඩ එක දිගට ඇහෙන්න අරන්උදයක් දවාලක් නැහැ. හැම නිමේෂයකදිම බිහිසුණු වෙඩිහඩ  තවතවත් ලගටම ආවේ ජීවිතය ගැන කිසිම විදිහක විශ්වාසයක් ඉතුරු කරන්නේ නැතුවයි. වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටන් බිම මහා බිහිසුණු සටනකට සූදානම් වෙමිනුයි තිබුණේ.


කැම බීම නැතුව හැමෝම හිටියේ හාමතේ. එක එක සංවිධාන කැම බීම අරන් ආවත් ඒවා ඔක්කොම LTTE එකේ අය අරගත්තා. කිසිම දෙයක් සාමාන් මිනිස්සුන්ට දුන්නේ නැහැ.


මරණ බයට යටවුණු මිනිස්සු පීඩනයට වගේම කුසගින්නෙනුත් තව තවත් දුර්වල වෙලා ගියේ මහ අවාසනාවන්ත විදිහටයි. පුංචි එවුන් හාමතේ මැරෙන්න අරගත්තා. බේතක් හේතක් නැතුව මිනිස්සු ලෙඩ වෙලා මහ දුක්ඛිත විදිහට මැරුණා. පුංචි උණකට හෙඹිරිස්සාවකටවත් මූණ දෙන්න බැරි තරම් හැමෝගෙම ඇග දුර්වල වෙලා ගියා.



පුතේඅපි මෙහෙම හිටියොත් තව දවස් දෙක තුනක් යද්දි කොහොමත් හාමතේම මැරෙනවාඅපි කොහොමහරි මෙතනින් පැනගන්න ඕන​… නැත්තම් උන් ඊලගට උබවත් LTTE හමුදාවට අරන් යාවි…”




cntd....





Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 9:50 pm
Message reputation : 100% (3 votes)



ඒත් අම්මේඅපි යනවා දැක්කොත් මුන් අපිව මරලා දාවි….”


හිටියත් අපි මැරෙනවා…”


 “අපේ ජීවිත අපිට අයිති නැහැ පුතේ…”


මේ වෙද්දි පැනලා යන්න හිතපු එකම අය වුනේ සෙල්වම් විතරක් නෙවෙයි.ගොඩක් අය හොරෙන් සැලසුම් හැදුවා. ඒත් ඊලග දවසේ වුන දේ සෙල්වම්ට හිතාගන්නවත් බැරි වුණා.


පැනලා යන්න හදපු 20 විතර කණ්ඩායමක් කොටි හමුදාවට අහුවෙලා තිබ්බා. උන් අතරේ වයස 5-10 පොඩි එවුන් පවා හිටියා. හැමෝවම එකට දනගස්සවලා හැමෝගෙම ඉස්සරහා වෙඩි තියලා මරලා දැම්මේ ආයෙත් මෙහෙම කරන්න හදන ඕනම කෙනෙකුට දෙන දඩුවම මේකමයි කියලා කියන්න වගෙයි.


දර්ශණේ බලන් ඉන්න බැරුව සෙල්වම් එහෙම්මම අහක බලා ගත්තා සෙල්වම්ට මතකයි. සෙල්වම් එහෙම හැරෙද්දි සෙල්වම් දැක්ක මූණ වහගෙන හිටපු එක LTTE සාමාජිකයෙක් සෙල්වම් දිහා බලන් ඉන්නවා.


දෙයියනේමූ මාව දැක්ක කියන්නේ ඊලගට මාවත් කොටි හමුදාවට අරන් යාවි..” සෙල්වම්ට හිතුනා. ඒ ඇත්තතම ඒ දවස් වල සිද්ධ වුණු දෙයක්… නිතරම මේ විදිහට ළමයින්ව පැහැරගැනීම් සිද්ධ වුණා.


මේ දවස් වල සෙල්වම් හැසිරුනේ ආබාදිතයෙක් විදිහටයි. සෙල්වම්ව වෙල්ලමුල්ලිවයික්කල් වලට ආව ට පස්සේ හැමෝටම එහෙම පේන්නයි සෙල්වම් හැසිරුනේ. මේක සෙල්වම්ගේ අම්ම එක්ක ඒකාලේ රෑට රෑට නිදාගත්තු LTTE සාමාජිකයාගේ අදහසක්.


සෙල්වම් ආපස්සට හැරිලා යන්න පටන් ගත්තා. එයා ඇවිද්දෙ කොරවුන කෙනෙක් වගේ. කූඩාරම් අතරින් ඉස්සරහට යද්දි සෙල්වම්ට දැනුනා එයාගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. සෙල්වම් තවත් ඉක්මන් කලා. සෙල්වම් පාලු තනක් පහුකරමිනුයි හිටියේ. අර අඩිහඩ තවත් ලගින් අහෙනවා. සෙල්වම්ගේ පපුව ගැහෙන හඩ පිටටත් ඇහෙන තරම්


සෙල්වානැවතියන් බන්…”


හඩත් එක්කම සෙල්වා එහෙම්මම ගල් වෙලා ගියා. කටහඩ සෙල්වා හොදටම අදුරනවා. ආදරණීය කටහඩ තරම් ලෙන්ගතු දෙයක් සෙල්වාට කවදාවත් තිබිලා නැති තරම්


සදීස්…”


ආපස්සට හැරුනු සෙල්වා වේගයෙන් දුවලා ගිහින් මුහුන වහගෙන හිටපු කොටි සාමාජිකයාගේ ඇගේ එල්ලුනේ තත්පරයකටත් අඩු කාලයකදීයි.


සෙල්වාමම උඹව කොච්චර හෙව්වාද මගෙ රත්තරන්





 සදීස්ට කියැවුනේ එච්චරයි.

kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 10:52 pm
ඇත්තටම මෙහෙම සිදුවීම් කොයි තරම වෙන්න ඇතිද ඒ දවස් වල, තමන් ආදරය කරන මිනිස්සු තමන් ඉදිරිපිටම මැරිලා වැටෙන්න ඇත්ද ? කී දාහක් තමන්ගේ අදරනියන්ගෙන් වෙන් කරන්න ඇතිද ? හිතනකොටත් වේදනාත්මකයි ! 

හදවතින්ම ගරු කරනවා ඔයාගේ උත්සාහයට හසුන් !
Anonymous
Guest
Guest

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 10:59 pm
එ කරපුව තාම කසුන් අයියේ උන්ට පරිසන් දුන්නේ .. 
Sponsored content

තල්වැට අද්දර....  - Page 3 Empty Re: තල්වැට අද්දර....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum