Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


අංක 999

+11
Sithija
ishan
kapilab
Isura
Esala
thavisha
Thisara
shevan
kasunx
සහන්
Jith
15 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-20, 6:37 pm
Message reputation : 100% (1 vote)
නියමයි මල්ලි rocksss
kapilab
kapilab
+ 100 Posts
City : near to kaduwela
Country : Sri Lanka
Posts : 169
GetReal Gold : 8153
Member Since : 2013-08-22

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-24, 7:20 am
Message reputation : 100% (1 vote)
wow niyamai kollo
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-24, 7:51 pm
Message reputation : 100% (1 vote)
ko kathawa
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-25, 9:57 am
Message reputation : 100% (8 votes)
සෝදිසි කිරීම සඳහා අවශ්‍ය වරෙන්තුව සකස් කරගැනීමට සැලකිය යුතු වේලාවක් ගත විය. පොලිස් නිලධාරීන්ද සමඟ අප පිටත් වන විට උදෑසන අටට ආසන්න වී තිබිණි. හැමිංටන් තරුණයාගේ මඟ පෙන්වීම පරිදි හැකි ඉතා ඉක්මණින් ඔහු සඳහන් කළ තානායම වෙතට ළඟා වීමට අපි කටයුතු කළෙමු. ඒ වනවිට උදෑසන දහය පසු වෙමින් තිබිණි.

ඔහු සඳහන් කළ අයුරින්ම එය ගුප්ත පෙනුමකින් යුත් නිවසක් විය. ගලින් නිම කළ එහි තිබුණේ පැරණි පෙනුමකි. තානායම් වත්තට ඇතුළු වන විටම අපට දැකගත හැකි වූයේ නිවසේ ඉදිරිපස දොර‍ටුව සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති ආකාරයයි. හැමිංටන් තරුණයා මා දෙස බලා දෑතින්ම මුහුණ වසා ගත්තේ බලාපොරොත්තු කඩවූවෙකු පරිද්දෙනි.

"ඔව් හැමිංටන් මහත්මයා. මමත් හිතුවා අපිට කාමරයක් දෙන්න බලාපොරොත්තුවෙන් අපි එනකන් ඔහු ඉන්න එකක් නැහැ කියලා."

නිවස වටා පොලිස් නිලධාරීන් රඳවා හැමිංටන් තරුණයා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මම නිවසට ඇතුළු වුණෙමි. පහත මාලයේ කිසිඳු සැක කටයුතු යමක් හඳුනාගත හැකි නොවූ නිසා දෙවන මහල පරීක්ෂා කිරීමට මම කටයුතු කළෙමි. එහි තිබූ දිගු බරාඳයක, දෙපස වූ කාමර අතුරින් එක් කාමරයක දොර විවෘත කර තිබූ අතර හැමිංටන් තරුණයා හඳුනාගත් පරිදි එය ඔවුනට වෙන් කරන ලද කාමරය විය.

ඔහු සිර කළ කාමරය පිළිබඳව නිසියාකාර මතකයක් ඔහුට නොතිබුණද එම මහල පරීක්ෂා කිරීමේදී එය හඳුනා ගැනීමට හැකි විය. ඔහු පැවසූ පරිදිම එහි වූයේ පර්යේෂණාගාරයක ස්වරූපයකි. එහි එක් කොටසක් ශල්‍යාගාරයක් ලෙස සකස් කර තිබිණි. දොර‍ටුව අසලම විශාල ලේ ගැලීමක් ඇති වූ බවට සලකුණු දැකගත හැකි වූ අතර එය ජේසන්ගේ ලේ ගැලීමෙන් ඇති වූවක් බව අනුමාන කළ හැකි විය. එසේම, වීදුරු කැබලි රාශියක් සහ ලේ පැල්ලම් කිහිපයක් ද ඒ අසලම විය. හැමිංටන් තරුණයාගේ විස්තර කිරීම සිද්ධීන් සමඟ හොඳාකාරවම ගැලපිණි.

‍තෝමස් හැමිංටන් දු‍ටු, තරලයක් සහිත බඳුනක තිබූ මොළය මටද දැකගත හැකි විය. එයට සමීපව පරීක්ෂා කිරීමේදී සැබැවින්ම මමද විශ්මයට පත් වීමි. එය මිනිස් ශරීරයෙන් ඉවත් කළ සැණින් දැකිය හැකි පරිදිම ඒ වන විටත් හොඳින් ආරක්ෂා වී පැවතිණි.

ඒත් සමඟම එතැන තබා තිබූ විශාල පොතක් වෙතට මගේ අවධානය යොමු විය. මාගේ මනසෙහි පොදි බැ‍ඳෙමින් තිබූ කරුණු සඳහා ගලා යාමට තවත් මඟක් මට දැකගත හැකි වූයේ එවිටය. එම පොත අතට ගත් මම හැමිංටන් තරුණයා දෙසට හැරුණෙමි. 

"මම කැමතියි මහත්මයා ඔබ මට කිව්ව අර සිතුවම බලන්න."

ඔහු මා කැඳවාගෙන ගියේ ඔහු සඳහන් කළ සිතුවම වෙතටය. සැබැවින්ම එය ඉතාමත් අනර්ඝ ගණයේ සිතුවමක් විය. නමුත් එහි පරිසරයේ තිබුණේ සිතුවමට නොගැලපෙන යම් අස්වාභාවික බවකි. තරමක් සමීපව නිරීක්ෂණය කිරීමේදී මා සෙවූ දෙය එම සිතුවමෙන් සොයා ගැනීමට මට හැකි විය.

"මහත්මයා දන්නවාද? ඔබ මේ කතාව කිව්වට පස්සේ මම දෙයක් සැක කළා. ඇත්තෙන්ම ඒ දේ හරි ගිහින්."

"මට තේරෙන්නෙ නැහැ මහත්මයා ඔබ කියන දේ."

හැමිංටන් තරුණයා පැවසුවේ සිතුවම දෙස නැවත වරක් බලමිනි. ඔහුගේ මුහුණෙහි මතු වූයේ ප්‍රශ්නාර්ථයක ලකුණුය.

"ඔබට මතකද ඔබ සිතුවම ගැන සඳහන් කරනකොට මගෙන් ඇහුවා, මම ඔබේ කතාව ගැන අවධානයෙන්ද ඉන්නෙ කියලා? ඇත්තෙන්ම ඔබ ඒ කියපු දෙයින් ඒ වෙලාවෙ මට දෙයක් මතක් වුණා. හ්ම්, කොහොමහරි......................
දැක්කද මේක?"

සිතුවමේ පහත කෙළවරෙහි වූ අකුරු තුනක් මතින් මම මගේ ඇඟිල්ල තැබුවෙමි.

"H. C. B."

ඔහු එය හඬ නඟා කීය.

"ඒ මොකක්ද මහත්මයා? මට ඒක තේරුණේ නැහැ."

"බලන්න මේකෙන් පොඩි අදහසක් ගන්න."

මා සතු වූ පොත මම ඔහු අත තැබුවෙමි. එහි සඳහන් නම දෙසට ඔහු තම අවධානය යොමු කළේය.

"මහාචාර්ය හෙන්රි ක්‍රිස්ටෝෆර් බ්ලැක්වුඩ්. ඒ කියන්නෙ මේ සිතුවම ඇන්ඳේ.........................
.................."

"ඔව්. මේ සිතුවම ඇන්ඳේ ඔය මහාචාර්යතුමා තමයි. ඒ වගේම මට කිසිම සැකයක් නැහැ. ඔබට මුණ ගැසුණු අර භයානක තානායම්කරුවාත් මේ පුද්ගලයාම තමයි."

"මොනවා මහත්මයා?"

ඔහු මා දෙස බලා සිටියේ පුදුමයෙන් විසල් කර ගත් දෑස් වලිනි.

"ඒක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙවෙයි හැමිංටන් මහත්මයා. ඔබ මේ සිද්ධිය කියලා අවසන් වෙනකොටම මට මතක් වුණේ මහාචාර්ය බ්ලැක්වුඩ් ගැන. ඔබ කිව්ව තානායම්කාරයගෙ හැඩරුවත් ඔහුට බොහොම හොඳින් ගැලපුණා. මුල් කාලයේ බොහොම බුද්ධිමත් මහාචාර්යවරයෙක්. ඉතාමත් විශිෂ්ට ගණයේ රසායන විද්‍යාඥයෙක්. බොහොම හොඳ දාර්ශනිකයෙක්. නමුත් පස්සෙ ඇති වුණු තත්ත්වය බොහොම අවාසනාවන්තයි. වැදගත්ම කරුණ නම් ඔහුත් සමලිංගිකයෙක්.

ඔබේ අතේ තියෙන ඔය පොත, මහාචාර්ය බ්ලැක්වුඩ් ලිව්වේ ඔහුගේ ක්ෂේත්‍රයට ඇවිත් බොහොම කෙටි කාලයකින්. මිනිස් ශරීර අභ්‍යන්තරය පිළිබඳව ලියවුණු බොහොම වැදගත් පොතක්. වර්තමාන වෛද්‍ය විද්‍යාව පොඩි හෝ පිම්මක් ඉදිරියට යන්න ඔය පොත බොහොම වැදගත් වුණා. ඒ වගේම ඔහු බොහොම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ බව මම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඔබටම මේ සිතුවම දැක්කහම ඒක බොහොම හොඳින් වැටහෙනවා ඇති. රසායන විද්‍යාව ගැන ඔහුට තිබුණු අති විශිෂ්ට දැනුම ගැන කියන්න නම්, මම හිතන්නෙ අර පර්යේෂණාගාරයේ තියෙන මොළය ප්‍රමාණවත්.

ඔහු ආදරය කළේ ඔහුගෙ සහායකයාට. රිචඩ් පොටර්. පස්සෙ හෙළිවුණු විදිහට නම්, ඔවුන් දෙදෙනාම ඉඳලා තියෙන්නෙ බොහොම ආදරයෙන්. බොහොම වැදගත් කරුණක් තමයි, මහාචාර්ය බ්ලැක්වුඩ් කවමදාකවත් බය වුණේ නැහැ සමලිංගිකත්වය ගැන ඔහුගෙ අදහස් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්න. ඒ නිසා ඔහුට සමාජ විවේචන පවා ගොඩාක්ම එල්ල වෙලා තිබුණා. නමුත් ඔහු බොහොම විවෘත පුද්ගලයෙක් විදිහට කටයුතු කළා. ඒත් පොටර්? පොටර් තමන් සමලිංගිකයෙක් කියන එක හෙළි කරන්න තරමක් අකමැති වුණු කෙනෙක්.

කාලයක් යනකොට මහාචාර්ය බ්ලැක්වුඩ්ගෙ බොහොම ප්‍රසිද්ධ අදහසක් තිබුණා. ඔහු කෙළින්ම කිව්වෙ සමලිංගිකයන්ට මේ කාලය කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ කියලා. ඔහු තවදුරටත් කිව්වා ඊළඟ ශතවර්ෂය සමලිංගිකයන්ට බොහොම හිතකර එකක් වෙනවා කියලා. ඔහු ඒක කිව්වෙ නම් මොන පදනමක් යටතෙද කියලා කියන්න කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. ඒත්, ඒක ඔහුගෙ මූලිකම මතයක් වුණා.

මේ දේවලුත් එක්කම එක්වරම පොටර් අතුරුදහන් වුණා. ඔහුගෙ අතුරුදහන් වීම ගැන කියන්න තරම් දෙයක් කවුරුවත්ම දැනගෙන හිටියෙ නැහැ. ඔහු මේ රටේම පදිංචිකරුවෙක්. කිසිම ඥාතියෙක් ඔහුට හිටියෙත් නැහැ. ඒ නිසා සැකය කෙළින්ම එල්ල වුණේ මහාචාර්යවරයා දිහාට. පොලිසිය හදිසි සෝදිසි මෙහෙයුමක් කළා මහාචාර්යවරයාගෙ නිවසේ. ඔවුන්ට හමුවුණා මහාචාර්යතුමාගෙ පෞද්ගලික පර්යේෂණාගාරය. එතනදි පොලිසියට හම්බවුණේ ඔවුන් කිසිම මොහොතක නොහිතපු විදිහෙ දෙයක්." 
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8575
Member Since : 2014-02-16

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-25, 7:07 pm
Message reputation : 100% (1 vote)
Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect  Suspect 

 bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce 

 rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss 

 hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug
Anonymous
Guest
Guest

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-25, 8:06 pm
like  like  like
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-25, 9:27 pm
Message reputation : 100% (1 vote)
ohhhh hondama kotasakin kathawa nawaththala
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-26, 11:17 pm
Message reputation : 100% (1 vote)
එල  pride
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-07-27, 9:02 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride  pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-01, 2:28 pm
Message reputation : 100% (7 votes)
( අවසාන කොටස )







"ඔවුන්ට හමුවුණා රිචඩ් පොටර්ව. ඒත්.................................................පණ පිටින් නම් නෙවෙයි. හදවත සහ මොළය රහිත පොටර්ගේ මළ සිරුර. ඒක බහාලලා තිබුණා කිසියම් රසායන ද්‍රව්‍යයක. ඒ විදිහටම වෙන් වෙන්ව, ඔහුගේ මොළයත් හදවතත් සුරක්ෂිතව තැන්පත් කරලා තිබුණා. ඒ වෙනකොට පොටර් අතුරුදහන් වෙලා මාස පහක් පමණ වුණා. සමහරවිට මිය ගිහිනුත්. නමුත් මළ සිරුර? මළ සිරුර බොහොම හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. ඇත්තම කිව්වොත් මැරිලා නැති විදිහටම. ශරීර අභ්‍යන්තරය පවා හොඳින් ආරක්ෂා වෙලා තිබිලා තියෙන්නෙ හරිම පුදුමාකාර විදිහකට. මම ඔබට කලිනුත් කිව්වනෙ හැමිංටන් මහත්මයා බ්ලැක්වුඩ් මහචාර්යතුමාගෙ රසායන විද්‍යාව පිළිබඳ අතිවිශිෂ්ට දැනුම පිළිබඳව. පොලිස් නිලධාරීන් මුලින්ම හිතලා තිබුණෙ පොටර් ඉන්නෙ සිහි නැතුව කියලා.

රිචඩ් පොටර් ඝාතනය කිරීමේ වරදට මහාචාර්ය බ්ලැක්වුඩ් අත් අඩංගුවට ගත්තා. ඔහු දිගින් දිගටම කිව්වා පොටර් මැරිලා නැහැ, ඔහුට පණ දෙන්න පුළුවන් කියලා. ඔහු කිව්වා මේ සූදානම ඔහුට අනාගතයේ හොඳ තැනක් ලබා දෙන්න බව. ඔහු කිව්වෙ ඔහුගේ පර්යේෂණ වලින් මේ කාලයේ අපහසුතා වලින් දුක් විඳින සමලිංගිකයන්ට ඉදිරි ශතවර්ෂයට යාමට ඔහුට අවස්ථාව ලබා දෙන්න පුළුවන් බව. ඒ කියන්නේ, මොළය සහ හදවත බද්ධ කිරීමෙන් සිදු කරන ක්‍රියාවලියක් තුළින් නැවත ඔවුන් පණ ගැන්වීම. ඒත් ඒක ප්‍රායෝගික දෙයක් නොවෙන බව ඕනෙම කෙනෙකුට තේරෙන දෙයක්. හැමිංටන් මහත්මයා අහලා තියෙනවද මේරි ෂෙලී ගැන?"

මා දෙස බැලූ ඔහු හිස දෙපසට වැනූයේ එවැන්නක් අසා නැති බව හැඟවීමටය.

"මේ ශතවර්ෂය මුල් භාගයේ අපේ රටේ හිටපු විශිෂ්ට ලේඛිකාවක්. බාගවෙලාවට ඔබ එහෙනම් අහලා නැතුව ඇති ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රාක්ෂයා ගැන. කොහොමහරි, මහාචාර්ය බ්ලැක්වුඩ් කරන්න හැදුවෙත් අන්න ඒ වගේ දෙයක්. නමුත් වෙනසකට තියෙන්නෙ ප්‍රබන්ධයේ ඒ දෙය සාර්ථක වුණා. යථාර්ථයේ ඒක අසාර්ථක වුණා.

බ්ලැක්වුඩ් මහාචාර්යතුමා බොහොම බුද්ධිමතෙක් නිසා අධිකරණය ඔහුට අවස්ථාවක් ලබා දුන්නා ඔහුගේ තර්කය ඔප්පු කරන්න. නමුත් ඔහු සාර්ථක වුණේ නැහැ. එතනදි ඔහු රිචඩ් පොටර් මරා දැමීමේ චෝදනාව එල්ල කළා පොලිසියට. ඔහු කිව්වා මේ දේ වුණේ පොලිසිය ඔහුගෙ පර්යේෂණ කටයුතු වලට මැදිහත් වුණ නිසා කියලා.

වැඩිදුර පර්යේෂණ වලදි හෙළි වුණා මහාචාර්ය බ්ලැක්වුඩ් පසුගිය කාලයෙදි දරුණු උමතු රෝගයකට ගොදුරු වුණු බව. වෛද්‍යවරුන්ගෙ අදහස
නම් වුණේ ක්ෂේත්‍රයේ කරුණු පිළිබඳව අනවශ්‍ය සහ අධික ලෙස මොළය වෙහෙසවීම නිසා ඔහුට මේ තත්ත්වය ඇති වුණ බව. ඒත් මට නම් හිතෙනවා, පොටර් තමන් සමලිංගිකයෙක් කියන එක හංඟන්න කටයුතු කිරීම මේකට ප්‍රධානම හේතුවක් විදිහට බලපාන්න ඇති කියලා. කොහොමහරි, මේ නිසා ඔහුට මරණ දඬුවම හිමි වුණේ නැහැ. ඔහුව මාරු කළා බිහිසුණු මානසික රෝගී අපරධකරුවන් සඳහා වෙන් වුණු බ්‍රෝඩ්මුවර් බන්ධනාගාරයට.

ඔහු එතනදි විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා. වෛද්‍ය ක්ෂේත්‍රයට ඔහු බොහොම විශාල මෙහෙවරක් ඉ‍ටු කරපු පුද්ගලයෙක් නිසා වගේම, ඒ දේ අහිතකර දෙයක් දකින්න නොලැබුණු නිසා අධිකරණය ඒකට ඉඩ ලබා දීලා තිබුණා. ඒ තමයි, ඔහු ළඟ තිබුණු එක සිතුවමක් ඔහුත් සමඟ ‍රැගෙන යාමට ඉඩ ලබා දෙන්න කියන එක. පොලිස් වාර්තාවල ඒ සිතුවම ගැන විස්තරයක් තියෙනවා. ඒ විස්තර කිරීම තමයි හැමිංටන් මහත්මයා
දැන් ඔබේ මේ ඇස් ඉදිරිපිටම තියෙන්නෙ.

ඒ මාරු කිරීමේදී ඔහු ගමන් ගත් අශ්ව කරත්තය අනතුරකට ලක් වුණා. ඒ අතරතුරේදි මහාචාර්ය හෙන්රි ක්‍රිස්ටෝෆර් බ්ලැක්වුඩ් අතුරුදහන් වුණා. මේ සිද්ධිය වුණේ මීට අවුරුදු දහයකට විතර කලින්. මේ කාලයෙදි මම ස්කොට්ලන්ඩ්යාඩ් එකට බැඳිලා තිබුණෙ නැතත්, පස්සෙ කාලෙ මගෙ විනෝදාංශය වුණේ අවසන් කරන්නට බැරි වුණු පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීම. මමත් එහෙමයි මේ ගැන ගොඩක් විස්තර දැන ගත්තෙ. මේ ඔක්කොම මතක තිබුණෙත් හරියට නිකන්, මේ අත්දැකීම මට ලැබෙන්න තියෙනවා කියලා කලින්ම ඉඳන් තීරණය වෙලා තිබුණා වගෙයි. වරෙන්තුව සූදානම් කරන අතරතුරෙත් මට පුළුවන් වුණා වාර්තා නැවත කියවලා බලන්න.

මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයෙදි මහාචාර්යතුමාගෙ දේශන වලට සහභාගි වෙලා තියෙනවා. ඇත්තෙන්ම සමලිංගිකත්වය ගැන ඔහුගෙ තිබුණු සමහර අදහස් නම් බොහොම හරි.

මේ 1896 වර්ෂය හැමිංටන් මහත්මයා. මේ ශතවර්ෂයට ආයුබෝවන් කියලා නව ශතවර්ෂයක් පිළිගන්න අපිට තියෙන්නෙ තවත් බොහොම සුළු කාලයක් විතරයි. ඔබත් මමත් බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා ඒ අත්දැකීම විඳගන්න. මම කියන්න දන්නෙ නැහැ හැමිංටන් මහත්මයා අනාගතය කොහොම එකක් වේවිද කියලා. අපි ඇතුල් වෙන්නෙ බොහොම ඉක්මණින් දියුණු වෙන ලෝකෙකට. විද්‍යාව හරිම පුදුමාකාරයි. ඒත් මිනිස් හිත්? මිනිස් හිත් ඊටත් වඩා පුදුමාකාරයි. විද්‍යාව වගේම අද අපි වැරදි කියන, පිළිගන්න අදි මදි කරන අදහස්, සම්මතයන් වුණත් ඉදිරියෙදි විශාල ලෙස වෙනස් වෙලා තියේවි. ඒ අතින් බලනකොට හැමිංටන් මහත්මයා, මටත් හිතෙනවා මහාචාර්යතුමා කියපු කතාවෙත් එක්තරා විදිහක ඇත්තක් තියේවි කියලා. කවුද දන්නෙ? බාගවෙලාවට එතකොට ඔබ වගේ අයට බොහොම ප්‍රසිද්ධියේ වුණත් ඉන්න ඉඩ ප්‍රස්තාව ලැබේවි.

කොහොම වුණත්, මහාචාර්යතුමා ආයෙමත් තමන්ගෙ පර්යේෂණ වැඩ කටයුතු පටන් අරගෙන වගෙයි. ඔහු මේක අත අරින එකක් නැති වෙයි කියලා මට නිකමට හිතෙනවා. ඒ ඔක්කොමත් හරි. ඒත් හැමිංටන් මහත්මයා මට හිතා ගන්න බැරි එකම එක දෙයක් තියෙනවා."

"ඒ මොකක්ද?"

ඔහු මා දෙස බැලුවේ තරමක් විමතියෙනි.

"ඇයි ඔහු ඔබ වගේ අයට දෙන්න විශේෂ කාමරයක් වෙන් කරලා තියාගෙන හිටියෙ, ඒකෙ විශේෂයකුත් නැත්නම්? හ්ම්.......ඒක නම් ඇත්තෙන්ම අභිරහසක්."

අපරාධකරු සොයා දිගින් දිගටම පර්යේෂණ කටයුතු සිදු කෙරුණද එය සාර්ථක ලෙස අවසන් නොවීය. මහාචාර්ය හෙන්රි ක්‍රිස්ටෝෆර් බ්ලැක්වුඩ් නැවතත් අතුරුදහන් විය. ඉස්තාලයේ තිබී සොයාගත් මිනිස් ඇට සැකිල්ල, අංක 999 දරණ නිවසේ සත්‍ය අයිතිකරුගේ බවට අනාවරණය විය. පර්යේෂණ කටයුතු සඳහා මමද පෞද්ගලිකවම හවුල් වූ නමුත් එම කටයුත්තෙහි ප්‍රගතියක් දැකගත හැකි නොවූ නිසා උසස් නිලධාරීන්ගේ බලපෑම මත එම කටයුතු අවසන් කිරීමට සිදු විය. 

ජේසන් ග්‍රෙගරි තරුණයාගේ තත්ත්වය කාලයත් සමඟ ඉතාමත් යහපත් අතට හැරිණි. ඔහු සම්පූර්ණ සුවය ලැබූ පසු ඔවුන් දෙදෙනා මා මුණ ගැසීමට කිහිපවරක් පැමිණියේය. පසු කාලයකදි ඔවුන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බව දැන ගන්නට ලැබිණි. 

                               ******************************








දෙසැම්බර් 31, 1899

සසෙක්ස් හිදී.


ආදරණීය ඉසබෙල්,




මුලින්ම, නව ශතවර්ෂයක් එළඹෙන අවස්ථාවෙදි ඒ සුවිශේෂී මොහොත ඔයත් සමග ගත කිරීමට බැරි වීම පිලිබඳව මම දහස් වාරයක් ඔයාගෙන් සමාව ඉල්ලන්න කැමතියි. මොනවා කරන්නද? පොලිසියෙ අපේ රස්සාව ඒ විදිහයි. අපි මේ ඉන්න ඇත්තම තත්ත්වය මොකක්ද කියලා කොනන් ඩොයිල් මහත්මයා දකිනවා නම් ගොඩක් වටිනවා. සසෙක්ස් වල හිටියා වුණත් මේ වෙලාවෙ ඉන්නෙ කොහෙද කියලවත් මම දැන ගත්තෙ ළඟ ඉන්න මනුස්සයෙක්ගෙන්. විදුලි පණිවිඩයක් එවන්න තරම්වත් පහසුකම් මේ පළාතෙ නැහැ. නමුත් මගෙ වාසනාවට ලන්ඩන් දක්වා පැමිණෙන පුද්ගලයෙක් මට හමු වුණා. ඔහු අතේ ඔයාට මේ පණිවිඩය එවන්න ඕනෙ කියල මට හිතුණා.



රීජන්ට් වීදියේ ත්‍රිත්ව ඝාතකයාගෙ සිද්ධිය ඔයාට මතකද? ඔහු ගැන ලැබුණු හෝඩුවාවක් අනුව තමයි මට මේ පැත්තට ඔහු පස්සෙන් එන්න සිද්ද වුණේ. ඔයාට ලියන මේ කෙටි සටහනත් සමඟ තියෙන අනෙක් ලිපිය හැකි ඉක්මණින් මගේ දෙවෙනියා විල්සන්ට යවන්න. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ස්කොට්ලන්ඩ්යාඩ් උදව් ලැබෙන තුරු කිසිම වීරකමක් කරන්න යන්නෙ නැති බවට මම දිවුරා පොරොන්දු වෙන්නම්. 



ඔයත් සමඟ සකස් කරගෙන තිබුණු සැලසුම් වෙනස් කිරීමට වීම පිලිබඳව නම් මට නැවතත් වාරයක් සමාවෙන්න. නමුත් රාත්‍රී දේව මෙහෙයට යාමට නම් අමතක කරන්න එපා. කැතරීන්ට එන්න කියන්න. නැත්නම් හෙලෙනාට? ඒ ගෑණි එනවට නම් මම කැමති නැහැ. ඒත්, කමක් නැහැ. 



ඔයාට පුළුවන් නම් මම වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න, පෙර මොනම හරි දවසක මට ඉ‍ටු කරන්න බැරි වුණු රාජකාරියක් ඉතුරු වෙලා තියෙනවා නම් එය ඉ‍ටු කරන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා.  



මතක ඇතුව මගේ පුංචි කෙල්ලව ආදරෙන් මතක් කළ බවත් කියන්න. ඒ වගේම තාත්තගෙන් ලොකු හාදුවක් දෙන්න. 



ආදරෙන්,
එඩ්වඩ්.




ඉක්මණින් ලියූ කෙටි සටහන නොඉවසිල්ලෙන් සිටි අශ්ව කරත්ත රියදුරා අතට මම දුන්නෙමි. ඒ සමඟ මා දුන් අනෙකුත් ලිපි කිහිපයද ඔහු තම ඇතුල් කබා සාක්කුවට ඇතුල් කර ගත්තේය. 



"ඉසබෙල් ක්‍රේන්. ප්‍රධාන වීදිය, අංක 320/A. හොයාගන්න ලේසියි. වරදින්න විදිහක් නැහැ."



මා ඉහළට විසි කළ පවුම අල්ලාගත් ඔහු හිස් වැසුම යන්තමින් පහත් කර මට ආචාර කළේය. මහ හඬින් අශ්වයාට විධාන දුන් ඔහු මා සිටි තැනින් වේගයෙන් ඉවත්ව යන්නට විය. ඒ දෙස තරමක වේලාවක් බලා සිටි මම අන්ධකාරය ඔස්සෙ අනෙක් පසට සෙමින් ඇවිදගෙන ගියෙමි. 



හෝරා කිහිපයක් ගත වන විට මා ගමන් කරමින් සිටියේ විල්ලුවක් මැදින් වැටී තිබුණු පාළු මාර්ගයකය. අපරාධ පරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි නමුදු අතරමගදී අශ්ව කරත්තයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් එය නැවත හරවා යැවීමට සිදු විය. රියදුරා ලබා දුන් උපදෙස් අනුව ඉදිරියේ ඇති තානායම හමුවන තුරු මම ඒ දෙසට පිය නැගුවෙමි. විශාල වත්තක් මැද තිබූ නිවසක් මට දැක ගත හැකි විය. එහි දැකිය හැකි වූයේ මඳ ආලෝකයකි. රියදුරා පැවසූ තානායම එය විය හැකි බවට මම අනුමාන කළෙමි. 

දොර‍ටුව අසලට සමීපව එයට තට්‍ටු කිරීම සඳහා සූදානම් වන විට මා දු‍ටුවේ එය සම්පූර්ණයෙන්ම වසා නොමැති බවකි. දොර සෙමින් විවෘත කළ මම නිවසට ඇතුළු වුණෙමි. මා ඇතුළු වූයේ අඩ අඳුරේ තිබුණු විසිත්ත කාමරයකටය. මා හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකු එහි සිටි බවක් මට දැක ගත නොහැකි විය.

"සුභ සන්ධ්‍යාවක් මහත්මයා."

එක්වරම මට ඇසුණේ ගැඹුරු කටහඬකි. එය අසන්නට ලැබුණේ විසිත්ත කාමරය කෙළවරේ තිබුණු මේසයක් දෙසිනි. එතැන හිඳගෙන සිටි මැදි වියේ පුද්ගලයෙකු මට දැක ගත හැකි වූයේ එවිටය. ඔහුගේ මුහුණ පුරා අළු පැහැති ‍රැවුලක් ගණව වැඩී තිබිණි.

"සුභ සන්ධ්‍යාවක් මහත්මයා. මට අද රෑ නවතින්න කාමරයක් ගන්න පුළුවන් වේවිද?"

කිසිවක් නොපැවසූ ඔහු මේසය මත තිබූ පොතක් විවෘත කළේය. එහි කිසියම් සටහනක් තබා ඔහු මා දෙසට හැරිණි.

"එක්කෙනෙකුට එක කාමරයකට සිලිං හතයි පැන්ස පහයි."

ඔහු පැවසුවේ ඉතාමත් පහත් හඬකිනි.

"බොහොම හොඳයි. මහත්මයා ඔබට පුළුවන්ද......................
................................................."

මා සූදානම් වූයේ රාත්‍රී ආහාරය පිළිබඳව විමසීමටය. නමුත් ඔහු මට බාධා කළේය.

"දෙදෙනෙකුට හරි යන තනි කාමරයක් දෙන්නද?"

ඔහු මා දෙස බලා සිටියේ උද්යෝගයෙන් පිරුණු දෑසකිනි. එය මට ගෙන දුන්නේ තරමක් නුහුරු බවකි. නමුත් අතීතයේ කවරම හෝ දිනක එවැනි අවස්ථාවක් මා අත්විඳ ඇත්දැයි මට සිතිණි.

"ම්ම්..............නැහැ මහත්මයා. මම තනියම. ඒත්...........................
.ඇයි ඔබ එක පාරම එහෙම ඇහුවේ?"

එවිට ඔහු දෑස් කුඩා කර මා දෙස බැලීය. මාගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ බවක් ඔහු කෙරෙන් මට දැක ගැනීමට නොලැබිණි.

"ඔබ සමලිංගිකයෙක්ද?"

ඔහු එක්වරම ඇසූ ප්‍රශ්නයෙන් මම විස්මයට පත් වීමි.

"නැහැ නැහැ. මම එහෙම කෙනෙක් නෙවෙයි. මම විවාහකයි."

මම මගේ සුරතෙහි වූ මුදුව පෙන්වූ විට ඔහු ඒ දෙස බැලීය. තවත් මොහොතක් මා දෙස සුපරික්ෂාකාරීව බලා සිටි ඔහු සුසුමක් හෙළා බිම බලා ගත්තේය.

"මොන තරම් අවාසනාවක්ද?"

"ඇයි ඔබ එහෙම කියන්නෙ?"

එයට පිළිතුරක් නොදුන් ඔහු අසල වූ රාක්කයකින් යතුරක් ගෙන මා අත තැබීය.

"මොකද සමලිංගිකයන් සඳහාම සූදානම් කළ විශේෂ කාමරයක් අපේ තානායමේ තියෙනවා."

                              
                                               
                              
                               නිමි.
Anonymous
Guest
Guest

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-01, 6:25 pm
නියමායි  rocksss
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-01, 7:01 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride  pride  pride  pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-01, 8:16 pm
Message reputation : 100% (1 vote)
maxa story eka kollo niyamai
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-01, 8:50 pm
Message reputation : 100% (1 vote)
අපූරු කතාවක් ජිත් මල්ලි. rocksss 
උඹේ හැකියාව අගය කරනවා.
ඒවගේම ඉක්මනට තව රසවත් කථවකින් හමුවෙන්න ලැබේවි කියල හිතෙනවා.
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

අංක 999 - Page 4 Empty Re: අංක 999

2014-08-03, 12:22 pm
Message reputation : 100% (2 votes)
ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්...
ඔයාගේ හැකියාව අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන​.

හසුන්

 bow  bow  bow
Sponsored content

අංක 999 - Page 4 Empty Re: අංක 999

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum