Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


`•°ලෝහිත හාදුව°•´

+8
kasun.lakmal
new nickd
navod-induwara
IceCool
Tylor
Jith
Hitha Honda Kolla
jay.rishan
12 posters
Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-23, 9:02 pm
navod-induwara wrote:See you soon  malliyo all the  best ..pls you just come and post a comment when you have a free time even if you dont write till you pass your examination
That's true brother.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7221
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-25, 9:07 am
අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නම් අයියා.කතාව ලිව්වේ නැති වුනාට වෙලාවක් ලැබුන ගමන් සයිට් එකට එනවා.අනිත් එක කමෙන්ට් එකක වටිනාකමත් මන් හොදින්ම දන්නවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-25, 9:04 pm
jay.rishan wrote:අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නම් අයියා.කතාව ලිව්වේ නැති වුනාට වෙලාවක් ලැබුන ගමන් සයිට් එකට එනවා.අනිත් එක කමෙන්ට් එකක වටිනාකමත් මන් හොදින්ම දන්නවා.
ඔයාගෙ අව්‍යජ කමට මම ගොඩාක් ආදරෙයි.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7221
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-30, 12:17 am
කාටත් වඩා අව්‍යාජ,හිත හොද ඔයාට අපි හැමෝම ආදරෙයි හිත හොද අයියේ....
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6078
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-04-05, 8:01 am
ඒ ගැන ඉතින් මම මොකුත් කියන් නෑ නෑමයි රීශාන් මල්ලි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-04-05, 8:40 pm
navod-induwara wrote:ඒ ගැන ඉතින් මම මොකුත් කියන් නෑ  නෑමයි රීශාන් මල්ලි  
කියන්නත් එපා...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-04-05, 8:41 pm
jay.rishan wrote:කාටත් වඩා අව්‍යාජ,හිත හොද ඔයාට අපි හැමෝම ආදරෙයි හිත හොද අයියේ....

kiss kiss kiss kiss kiss kiss
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6164
Member Since : 2016-07-09

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-05-05, 11:25 am
niyamayi rishan malli kathawa fatta. eka husmata adai kiyawanna welawak labune.

hondata wibaage kalaaman sathutin kathaawa continue karanna puluwanne.... me punchi kaale hondata mahansi welaa hondata kathaawa liyannako....
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7221
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-05-05, 3:31 pm
Thank you kasun ayye
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4553
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-05-13, 1:27 am
මගේ පරණ e-mail එක වුණ jay.rishan e-mail එකට මට log වීමට ඇති නොහැකියාව නිසා,මං මේ අලුත් e-mail එකෙන් සයිට් එකට රෙජිස්ටර් වුණා.අලුත් එක j.rishan,,
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-05-13, 4:40 am
අලුත් මේල් අයිඩි එක මට එවන්න​.
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4553
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-06-17, 4:39 pm



ලෝහිත හාදුව..


07 පරිච්ඡේදය...





"මායි ජෝයි කාලයත් එක්ක ගොඩාක් ලංවුණා.එක තත්පරයක්වත් වෙන්වෙලා ඉන්න අපි දෙන්නට බැරි වුණා.ජෝ මට ආදරෙයි කිව්වහම මට එයාව ප්‍රතික්ෂේප කරන්නට බැරි වුනේ ඒ වෙනකොට මාත් ජෝට ආදරය කරපු නිසයි.ජෝ මාත් එක්ක ජීවත් වෙන්න ඕනෙ නිසා ඔයාලට බොරු කියලා රස්සාව නිසා ඈතකට යන්න වෙනවයි කියලා ,මගේ ගෙදර නවතින්න ආවා.කෲසෝගේ තර්ජන නිසා බය වෙලා හිටිය මං ජෝව නවත්තන්න ගොඩාක් උත්සහා කලා,මං කිව්වා අපි වෙන කොහේ හරි පිටිසර පැත්තකට ගිහින් ජීවත් වෙමු කියලා.නමුත් ජෝ ඒ කිසි දෙයක් ඇහුවේ නෑ.මේ ගෙදර දැක්ක දා ඉදලා එයාට මේ ගෙදර ඉන්න ඕනෙ වුණා.අන්තිමේදී ජෝ දිනුවා.මං පැරදුනා.ජෝ මාත් එක්ක මගේ ගෙදර ජීවත් වෙන්න ආවා.හිතේ බයක් තිබුනත් මට ජෝ ආව එක ගැන ඇත්තටම සතුටු හිතුනා.ඒ වගේම ලොකු ශක්තියක්.මැල්ක්ගේ මරණයත් එක්කම මං මේ ගෙදර ඇතුලේ ගොඩාක් තනි වුණා.කෲසෝගේ කරදර නිසා මං අසරණ වුණා. ඒ වගේ වෙලාවකදියි ජෝ දේවදූතයෙක් වගේ මගේ ජීවිතයට ආවේ.
නමුත් වැඩි කාලයක් මට ජෝ එක්ක සතුටින් ජීවත් වෙන්න වාසනව තිබුනේ නෑ.මගේ ජීවිතේ මාරයා වෙච්ච කෲසෝගේ කෲර ආත්මය මාව හොයාගෙන ආයෙමත් ආවා.මේ ත්‍රිමාණ ලෝකයෙන් මිදුණ සිව්මාන ලෝකයක් තුලදී ඔහු මට තර්ජනය කලා.ජෝව මං ගෙදරින් යැව්වේ නැතිනම් ජෝව මේ ලෝකයෙන්ම යවනවා කියලා කෲසෝ මාව බය කලා.මට කරගන්න දෙයක් නැතිවුණා කේට්ලන්.ඔයාම හිතන්න ඔයාගේ මහත්තයව ඔයාට කවුරු හරි ඔයාගෙන් ඈත් කරන්න කිව්වොත් ඔයා මොනවා දැනෙයිද? ඊටත් වඩා දරුණු විදිහටයි මට දැනුනේ. මොකද ඔයාට නම් ඔයාගේ පවුලේ අයවත් ඉන්නවා,ඒත් මං,මම මේ ලෝකෙ කාත් කවුරුත් නැති අනාතයෙක් විතරයි.

එදත් වෙනදා වගේම ජෝයි මායී රෑ කෑම කාලා නිදාගන්න ගියා.ජෝගේ විහිලු දගකාරකම් මැද අපි දෙන්නා නින්දට වැටුණා.පාන්දර 3 කණිසම වැදෙනවාත් එක්කම මාව ගැස්සිලා ඇහැරුණේ ශරීරයට දැනුන අමුතු සීතලක් නිසයි.ශරීරයට දැනුන සීතලත් එක්කම මගේ හදවත් සීතලකින් මිදෙන්නට වුනා.පෙර අවස්තාවන් වලදීත් ලෲසෝ මගේ ලගට එද්දී මෙවන්ම වූ සීතලකුයි මට දැනුනේ.මං මගේ එහා පැත්තට හැරිලා බැලුවේ ජෝට කතා කිරීමටයි.නමුත් ජෝ වෙනුවට එහි තිබුනේ පොඩි වී ගිය ජෝ නිදා සිටි ලකුණු තිබුන ඇද ඇතිරිල්ල පමණයි.මගේ හිසේ සිට දෙපතුල දක්වාම හිරි වැටී ගියා.මොහොතකට මගේ මුලු ලෝකයම කැරකෙන්නට වුනා.ඊලග මොහොතේදී මගේ ඇස් වලින් මටත් නොදැනීම කදුලු ගලා ආවා.මගේ ජෝ ගැන මගේ හිතට මහා බියක් දැනුනා.කෲසෝගේ කෲර මූන මගේ මනසේ ඇදී යන්නට වුනේ මගේ මුලු හදවතම මහා බියකින් පුරවමින්. මං ජෝගේ නම කියා කෑගසන්න උත්සහ කලත් මගේ මුවින් ශබ්දයක් පිටවුනේ නෑ..මං උත්සහ කරල උත්සහ කරලා අමාරුවෙන් ජෝගේ නම කියා හයියෙන් කෑගැසුවා.
ඊලග මොහොතේදී මගේ ඉදිරියේ ඇදී ගියේ කලු පැහැ වලාවක්,මගේ දෑසට හොදින්ම හුරු වූ නමුත් මෙතෙක් කාලයක් සැගවී ගොස් තිබූ එම භීෂණයේ අදුරු වලාව නැවතත් මගේ ජීවිතයේ අදුරු පරිච්ඡේදය අරඹන්නට ඇවිත්.මං තුෂ්ණිම්භූතවී ඒ දෙසම බලා සිටියා.ඊලග මොහොතේදී අදුරු වලාව තුලින් මතු වුනේ මං මේ ලෝකේ දකින්නට අකමැතිම වූ කෲර අමනුස්සයාගේ මුහුන සහ ඒ කෲර හිනාවයි.

අදුරු වලාව තුලින් කෲසෝගේ අමනුස්ස මුහුන මතු වුනා.ඔහුගේ කෲර හිනාවෙන් ශ්වේත දසන් අදුරේදී දිලිසුනේ මාව කපා දමන්න සූදානම් අසිපතක් වගෙයි.

"පෙට්,,,මං ඔයාට කිව්වනෙ මං ආයෙත් එනවයි කියලා..හ්හ්හ්හාආ"කෲසෝගේ අදුරු ආත්මය මගේ වටා ඇදී ගියා.මගේ හිස වටා කැරකුන ඔහු නැවතත් මගේ මුහුනට එබුනා.මගේ මුලු සිරුරම වෙව්ලන්නට පටන් ගත්තේ මේ අවස්තාවේදීයි."මේ ලස්සන මුහුන බලන්න මං කොච්ව්ර ආසාවෙන්ද හිටියේ පෙට්.මේ රෝස තොල්.."ඔහුගේ වායුමය අත මගේ තොල් කරා ඇදුනා.නමුත් ඒවා පෙරදී මෙන් මගේ දෙතොල් හරහා ඇදී ගියේ නැහැ.ඒ වෙනුවට ඒවායේ ස්පර්ශය මගේ දෙතොලට දැනෙන්නට වුනා.ඔහුගේ අමනුස්ස දෑතේ සීතල මගේ තොල් හරහා ශරීරය පුරා විහිදුනා.එවිට මගේ මනස පුරා අකුණක් මෙන් ඇදී ගියේ කෲසෝගේ ආත්මය දැන් බලවත් වී ඇති බවයි."හ්හ්හා මොකද පෙට් ,බය වුනාද නැත්නම් පුදුම වුනාද?මේ කෲසෝගේ ස්පර්ශය දැනුනාම ඔයාගේ ශරීරයට මොනා හරි උනාද? හිරි වැටීමක් වගේ එහෙම නැත්නම් යම්කිසි නැගීමක්,,හ්හ්හාඅහ්හා ,,,පෙට් උඹ හිතුවද මං උඹට යහතින් ඉන්න දෙයි කියලා...උඹ මට කරපු දේට පලිය මං උඹෙන් ගන්නවා පෙට්..මං පලිය ගන්නවා..මං දැන් කලින් හිටිය කෲසෝ නෙවේ.මං දැන් ගොඩාක් බලවත් පෙට්.මාව උඹට නවත්තන්න බැහැ.උඹට විතරක් නෙවෙයි,කාටවත් බැහැ.හ්හ්හාආහ්හා,,,"

මගේ මුලු සිරුරම බයෙන් වෙව්ලන්නට වුනා.ඒ අවස්තාවේදී මගේ හිතට ආවේ එකම එක් අයෙකුගේ නමක් විතර්‍යි..ඒ තමයි ජෝ.මං මගේ උපරිම හඩින් ජෝගේ නම කියා කෑගැසුවා.නමුත් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ.නමුත් කෲසෝගේ කෲර හිනාවෙන් මගේ සවනත පිරී යන්නට වුණා.

"හ්හ්හ්හාහ්හ්හ්හාහ්හ්හ්හා පෙට් ,පෙට්,පෙට්,මගේ අහින්සක පෙට්..ඔයාගේ අලුත් පෙම්වතා,අර පොඩි කොල්ලා ජෝ නේද?හ්හ්හහ්හා...හයියෙන් කෑගහපන්.තව හයියෙන්...බලමු ජෝ එනවද කියලා උඹව බේරගන්න...."එහෙම කිව්ව කෲසෝ තවත් හයියෙන් හිනා වුනා.ඔහුගේ වියරු හිනාව තුල මං අසරණ වුනා.ජෝට කතා කිරීමත් ඉබේම නැවතී ගියා."උබේ ජෝට මොනාද වුනේ කියලා බලගන්න ඕනේද...බලාගනින්.. "එහෙම කිව්ව කෲසෝ වේගෞඑන් මගේ දිහාවට ඇවිත් මගේ දෙනෙතින් සිරුරට ඇතුලු වුනා.මගේ කලු ඉන්ගිරියාව උඩ ගොස් සුදු ඉන්ගිරියාව තිරයක් බවට පරිවර්තනය වුනා.

මගේ දෙනෙතේ ඇදී ගියේ ජෝගේ රුවයි ඔහු ඇදෙන් බැස කුස්සිය වෙතට ඇවිද ගියා.ඉන්පසුව වතුර වීදුරුවක් අරන් බොද්දීම මතුවූ කෲසෝගේ ආත්මය ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඔහුව ඉහලට එසවූවා..ඊලග මොහොතේදී ගුවන මත දැගලූ ජෝගේ සිරුර නිශ්චල වී ගියේ කෲසෝගේ කෲර හිනාව මධ්‍යයේයි..

ඊලග මොහොතේදී කෲසෝ නැවතත් මගේ සිරුරින් එලියට ඇදී ගියේ මාව පසු පසට විසි කරමින්.

"හ්හ්හ්හාආහ්හා දැක්කද උඹේ පෙම්වතාට වෙච්ච දේ....හ්හ්හා"

"අනේ මං වදින්නම් කෲසෝ,ජෝට නම් මුකුත් කරන්න එපා.මං ඔයා කියන ඕනෙ දෙයක් කරන්නම්..මං ජීවිතය වුනත් ඔයාට බාර කරන්නම් කෲසෝ අනේ මගේ ජෝට යන්න දෙන්න. එයාට ජීවත් වෙන්න දෙන්න...කරුණාකරලා අනේ කෲසෝ....මගේ ජෝ"

"හ්හ්හාහ්හා බය වෙන්න එපා.උඹේ පෙම්වතාට මං මුකුත් කලේ නෑ.හැබයි ඒ ශැනට විතරයි.උඹ මං කියන විදියට වැඩ කලොත් උබේ පෙම්වතා බේරෙයි.එහෙම නැත්නම් උබට මතකයිනේ මැලක්ට වුන දේ."මගේ මතකය මැලක් වෙතට ඇදී ගියා.කේන්තිඅට මගේ දත් මිටි කැවෙන්නට වුනත් ජෝගේ මුහුන මතක් වීමෙන් මගේ හදවත බියෙන් වෙව්ලන්නට වුනා.

"අනේ මං ඕනෙම දෙයක් කරන්නම්..මගේ ජෝට යන්න දෙන්න..මගේ ජීවිතේ උනත් ඔයාට දෙන්නම් කෲසෝ...."

"උබේ ජීවිතය මට දැන්ම එපා,ඒක මං මට ඕනෙ වෙලාවට අරගන්නම්...ඉස්සෙල්ලා උබේ මේ ජෝ කොලුවව මෙ ගෙදරින් පන්නපන්.නැත්නම් මන් මුලින්ම කරන්නෙ ඕකව මේ ලෝකෙන් තොලොංචි කරන එකයි...ඒක නිසා ඌව මෙහෙන් යවපන්,ඊට පස්සෙ උබ ගැන මං බලාගන්නම්..."එහෙම කිව්ව කෲසෝගේ අමනුස්ස ආත්මය නැවතතත අදුරට මුසු වුනා.

මං මගේ දෙදණ මත ඔලුව ඔබාගෙන අඩන්නට පටන් ගත්තේ කිසිවක් සිතාගැනීමට නොහැකිවයි.මගේ කාලකණ්නි ජීවිතය පිලිබදව මෙන්ම ජෝගේ ආරක්ශාව ගැනත් මං හිතන්නට වුනා.නමුත් කල යුත්තේ කුමක්ද කියා මට කිසිම අදහසක් ලැබුනේ නෑ.ඊලග මොහොතේදී මගේ උරහිසට දැනුන උණ්සුම් ස්පර්ශය නිසා මං හිස ඔසවා බැලුවේ හිතේ ඇති වූ ගැස්සීමත් සමගයි.මගේ දෑස් ඉදිරියේ ඔහුගේ සාගර නිල් පැහැ දෑස් දිස් වුනා.ඒවායේ දිස් වුන ආදරය,කරුණාව තුල මං මොහොතක් අතරමං වුනා.ඊලග මොහොතේදී මං ඔහුගේ උණුහුමට ගුලිවුනේ ඔහුට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොදීයි.

"ජෝ...මේ ජෝ,,ඔයා හොදින් නේද...මං කොච්චර බය වුනාද,,ඇයි මට කියන්නෙ නතුව ගියේ ජෝ...මං කොච්චර බය වුනාද??"මං ජෝගේ උරහිසේ මුහුන හොවාගෙන කියවගෙන කියවගෙන ගියේ තේරුමක් නොමැතිවයි.

"තිමී,,තිමී හෝව්ව් ,ශ්ශ්ශ් මොකද පැටියෝ වුණෙ.ඇයි මේ.ඇය්ඉ මේ බයවෙලා.මං වතුර ටිකක් බොන්න කුස්සියටනෙ රත්තරන් ගියේ,,,මොකද මේ නරක හීනයක්වත් දැක්කද??දැන් අඩන එක නවත්තන්නකෝ,,මං ආවනේ..මං ඉන්නවනේ දැන්..කෝ"ජෝ ඔහුගේ අත් දෙකෙන්ම මගේ මුහුන අල්ලන් මගේ මූනට එබුනා."මං ආවනේ රත්තරන් දැන්..බය වෙන්න එපා.නරක හීනයක් දැක්කද ඔයා ම්ම්."ඔහුගේ කරුණාබර වචන වලින්මගේ හදවත පිරී ගියා.නමුත් කෲසෝගේ වචන නැවතත් මගේ සවනත පුරා ඇදී ගියේ මාව මනසින් පිස්සෙක් කරමින්..කෙසේ හෝ හෙට දවස ඇතුලට මං ජෝව මගෙන් ඈත් කර්න්න ඕනෙ..මේ ගෙදරින් එයාව පිටත් කරන්න ඕනෙ..ඒ කියන්නෙ අද රෑ විතරයි මට ජෝ එක්ක ඉන්න පුලුවන්.
ජෝ වෙනුවෙන් මං ඕනෙම දෙයක් කරනව.මගේ ජීවිතය වුනත් කැප කරනවා.මගේ පව් වලට එයා වග කියන්න ඕනෙ නෑ..ඔව් ජෝව මං බේරගන්නව...
සිතින් දහසකුත් දේවල් සිතද්දීම මං ජෝගේ දෙතොල් තදින් සිපගත්තා.අපේ සිපගැනීම උණුසුම් වී ස්වල්ප වෙලාවකින් අපේ ඇදුම් ගැලවී කාමරය පුරා විසි වුනා.මේ අපේ අවසාන එක්වීම කියල මං මගේ සිතින් දැන සිටියත් ඒ එක්වීම ලස්සනම එකක් කරගන්න ඕන නිසා මං මොහොතක් ප්‍රශ්න මගේ හිතින් ඉවත් කලා.

ඊලග දවසේ උදේදී මං ජෝව මගේ ජීවිතයෙන් ඈත් කරන්න සැලසුමක් හැදුවා.ජෝ එදා වේලාසන එන්න හිටපු දවසක්.මං කලින්ම එයා එන්න කලින් හැමදේම සැලසුම් කලා.මං මගේ චරිතය ගාතනය කරගන්නට සැලසුම් කලා.මං සල්ලි වලට ඇග විකුනන පිරිමියෙකුට මගේ ගෙදරට එන්න කිව්වා.

"තීමස්,,"ජෝගේ කටහඩ ඇසෙද්දී මං හිටියේ අර කාලකණ්ණි මනුස්සයාගේ ඇග මතයි.ඔහු සම්පූර්ණයෙන්ම නිරුවත් වී සිටි අතර මාගේද උඩුකය නිරුවත් වී තිබුනා.මා කිසිවක් නොකල නමුත් එසේ කල බවට ඒත්තු ගන්වන්නට මෙසේ රගපෑමක් කරන්නට සිත හදාගත්තේ ජෝගේ ජීවිතය මගේ චරිතයට වඩා වටිනා බැවිනුයි.ඔහුගේ ජීවිතයට කුමක් හෝ සිදු වුනොත් මට කවදාවත් මගේ ආත්මයට සමාව දී ගන්න බැරි වෙනව..ජෝගේ හිත රිදෙනවා තමයි,නමුත් ටික දවසකින් ඒක හරියාවි.නමුත් ජීවිතය නැති වුනොත් එය නැවත ලබාගන්නට බැහැ."බැහැපන් මගේ තීමගේ ඇග උඩින්..උබට කොහෙන් ආපු හයියක්ද මගේ තීමස්ගේ ඇගට අත තියන්න.අද මං උබව ඉවරයක් කරනව,අර බල්ලා. මගේ තීමස්ගේ ඇගට අත තියන්න..."ජෝ ඔහුගේ බෙල්ලෙන් අදිමින් ඔහුගේ මුහිනට පහරක් එල්ල කලා.

"ජෝ,,ඕක නවත්තන්න..ජෝ..."මං ජෝගේ අතේ එල්ලී ඔහුව පසෙකට කලා."මේ මිනිහට යන්න දෙන්න.එයාගෙ කිසි වැරැද්දක් නෑ. මායි මෙයාට එන්න කිව්වේ.."මං ජෝ එක්ක කතා කරන අතරතුරේදී අර මනුස්සයා ඇදුමුත් අරගෙන කාමරෙන් එලියට දිව්වේ මං කියු ලෙසටමයි.

"මොකක්ද මොකක්ද තීමස් ඔයා කිව්වේ..කියන්න ,,අයෙත් කියන්න.."ජෝගේ කටහඩේ තිබුනේ බිදී ගිය ස්වරයෙන් මගේ හදවත කෑලි කෑලින්වලට කැඩී ගියා.මා මෙතරම් පව්කාරයෙක් වුනේ කෙසේද?

"ඔව්,ඔයාට ඇහුනා හරි ජෝ..මමයි එයාට එන්න කිව්වෙ..එයා අද ආපු පලවෙනි දවසත් නෙවෙයි. මට ඕනෙ සතුට මට ඔයාගෙන් ලබන්න බෑ ජෝ..මට ඔයාගෙන් ඒ ආශ්වාදය ලැබෙන්නෙ නෑ...ඒක නිසා මං අනියම් සම්බන්ධයක් පැවැත්තුවා."

"ඒත් මං ඔයාට ආදරෙයි..ඔයත් මට ආදරෙයි,ඔයාමනෙ කිව්වෙ.."

"ආදරේ කන්නද ජෝ,,ආදරේ කන්නද??මං ඔයාව මේ ගෙදර්ට ගෙන්න ගත්තේ මට සල්ලි ඕනෙ නිසයි.නැතුව ඔයාගෙ ආදරයක් ලබන්නවත් ඔයාට ආදරයක් දෙන්නවත් නෙවෙයි...ඔයා මෝඩයෙක් කියලා මං ඔයාව දැක්ක ගමන් දැනගත්තා.මං සැලසුම් කලා වගේම ඔයා මගේ දැලේ පැටලුනා.මට ඔයාව ඕනෙ වුනේ සල්ලි වලට විතරමයි.."

"ඔයා මොනවද තීමස් මේ කියවන්නේ.හොද සිහියෙන්ද ඉන්නෙ."ඔහුගේ බිදුන කටහඩින් නැවතත් මගේ හදවත පලුදු කලා.

"ඔව් ඔව් ඔව්,,මං හොද සිහියෙන් තමයි ඉන්නේ..ඇයි ඇත්ත අහද්දී රිදෙනවද?මං ඔයාට මට ආදරය කරන්න කිව්වෙ නෑනෙ ජෝ.ඔයා මෝඩයෙක් උනා කියලා ඒකට මට කරන්න දෙයක් නෑ...දැන්වත් කරුනා කරලා මට මගේ ජීවිතය ගෙවන්න දීලා මෙහෙන් යන්න..මට ජීවත් වෙන්න මාර්ග තියෙනවා,සල්ලි හම්බ කරන්න මාර්ග තියෙනවා,සතුට ලබන්න මාර්ග තියෙනවා..තවත් මට ඔයාගෙන් වැඩක් නෑ.ඒක නිසා පව් නොදී මෙහෙන් යන්න."

"තීමස්,ඇයි දෙයියනේ ඔයා මට මෙහෙම කරන්නේ,මොකක්ද මගෙන් වෙච්ච වැරැද්ද?කියන්න...මං හදාගන්නම් ඒක..මං ඔයාට ආදරෙයි තීමස්.ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ.ඔයා මට නිකන් කාන්තාරයට වැටුන ජල බිංදුවක් වගෙයි.ඇයි දෙයියනෙ මට මෙහෙම දුක් දෙන්නේ,කරුණාකරලා මට මෙහෙම කරන්න එපා තීමස්.මං ඔයාට ආදරෙයි දෙයියනේ.."කදුලු පිරි දෙනෙතින් ජෝ එයාගේ දෙදනින් වැටුනා.මගේ දෙනෙත වසා එන්නට වූ කදුලැලි ආයාසයෙන් නවත්වාගෙන මං හිත තද කරගත්තා.

"අනේ මේ ජෝ,,තනි අතින් අත්පුඩි ගහන්න බෑනෙ.මං ඔයාට ආදරය කරන්නේ නෑ.කරුණාකරලා පව් නොදී මෙහෙන් යනවද?"එසේ කිව්ව මං කාමරයෙන් පිටවී කුස්සිය වෙතට දිව ගියා.මගේ ඇස් වලින් පිට වූ කදුලැලි මගේ කම්මුල දෙපැත්තෙන් රූටා බිමට වැටුනා.තව විනාඩි පහලවකට පමණ පසුව ඉදිරි දොර ඇරී වැසෙන ශබ්දයත් ජෝගේ කාර් එකේ ශබ්දයත් මට ඇසුනා.මං හොරෙන් කවුලුවෙන් ජෝ දෙස අවසන් වතාවට බැලුවා.ඔහුගේ නිල්වන් දෑස් රතු පැහැයෙන් දිලිසුනේ ඔහුගේ ඇඩුම් වලට සාක්ශිබිතිරි කරමිනුයි..ඔහුගේ කෙස් අවුල් වී තිබුන අතර මුහුන තඩිස්සී වී තිබුනා.මගේ කඩවසම් ජෝ දැන් අසරණ පෙනුමෙන් මගේ නිවසින් පිටවෙනව,,එ නිකන්ම නෙවෙයි,ඔහුගේ හිත කෑලි කෑලි වලට බිදගෙන.මං එතනම බිම ඉදගෙන මගේ හිස දෙදණ තුල ඔබාගත්තේ කදුලු වලින් දෙනෙත් පුරවද්දීයි.


I hoped, you'd stay, just a little bit longer
And I hoped you'd keep calling

With every single day I have to face
I wonder why our love was stolen away
With every single breath I have to waste

I'm burning like a fire, will someone help my pain?
I'm drowning above the water, oh, help me breathe again
And I, I can't let you go, so when you're ready, come back home

I'd like to say, I'm sorry
And I thought you'd stay (you'd stay)

With every single night I'd have to face
With every single dream I'd have to chase
I wonder if our love's in the same place

I'm burning like a fire, will someone help my pain?
I'm drowning above the water, oh, help me breathe again
And I, I can't let you go, so when you're ready, come back home, yeah

I would try and be the man that I said I would
Just come back home
And I'll try, I'll try 'cause I said I would
Just come back home
I will try and be the man that I said I would
Just come back home
And I'll try, and I'll try, and I'll try
Come back home, please come back home

I'm burning like a fire, will someone help my pain?
I'm drowning above the water, oh, help me breathe again
Oh ah and I, I can't let you go, so when you're ready, come back home

J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4553
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-06-17, 4:41 pm
වෙලාව ලැබෙන විදියට ලිව්වේ,,,දවසට පේලි දෙකක් ලියපු දවසුත් තිබුන..ඉතින් ගොඩාක් අඩුපාඩු ඇති...අදහස් ගැලපෙන්නෙ නැති තැන් ඇති..ඒකට සමාවෙන්න..
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6078
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-06-18, 7:38 am
Jay patto..kisima adahas gala pen nathi thanak nam mata hamu une na ..lassanata galapila giya ..meka kiyawaddi english gay movie ekak balanawa kiyala mata hithuna ..kruso ..holman kanana widihata ..Mageth anaga seethala wela giya..e mathakaye anduru dewanali theemas ge athamaya wela gena thiyena widihatama liyala ..harima apurwa nirmanayak malli baba adarrei navod ayya oyata hamadamath wage
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4553
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-06-18, 7:45 pm
Ane thank u navod ayye,,,,man kalabalen liwwe me kotasa...sarin sare chutta chutta liwwa masayk witara...thank u oyage diriganwiamata,,,oyatath adarei thuduuu,,,,
Sponsored content

`•°ලෝහිත හාදුව°•´ - Page 3 Empty Re: `•°ලෝහිත හාදුව°•´

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum