Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7323
Member Since : 2016-03-31

2020 මහමැතිවරණය සහ සමරිසි අපේ අනාගතය  Empty 2020 මහමැතිවරණය සහ සමරිසි අපේ අනාගතය

2020-08-01, 10:17 pm
පක්‍ෂ දේශපාලනය ගැන කතා කරන එක සමහර සහෝදරයින් ගේ අමනාපයට හේතු වෙන්න පුළුවන්. ඒත් හැමදාමත් අපි සමාජයෙන් ලැබෙන නින්දා ගැරහුම් විදිමින් නිහඩව බලා සිටිය යුතුද​? ලෝකයේ බොහෝ රටවල් සමලිංගිකත්වය, සමරිසි ප්‍රජාව ගැන දරන ආකල්ප ශීග්‍රයෙන් වෙනස් කර ගනිමින් සිටින යුගයක අපේ සමාජය අපි ගැන දරන ප්‍රථිචාර දවසින් දවස ආපස්සට යමින් පවතිනවා. බටහිර රටවල් පමණක් නොවේ. බුදු දහම ලොවට දයාද කළ ඉන්දියාව​, සියයට අනූවක් බෞද්ධයින් වෙසෙන තායිලන්‍තය​, බුදුන් උපන් දේශය වන නේපාලය, පිලිපීනය​ වැනි ආසියාතික රටවල් පවා තම ආකල්ප නීති රීති වෙනස් කර ගනිමින් සිටිනවා. එහෙත් අපේ රට දවසින් දවස ම්ලේච්ඡත්වය දෙසට ගමන් කරමින් සිටිනවා. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකක් ඉහලම නායකත්වයේ සිටම සමරිසි ප්‍රජාව දෙස ඉතාමත් පහත් අවමන් සහගත ප්‍රකාශ වලින් නින්දා කරත්දී අනිත් ප්‍රධාන පක්‍ෂය නායකත්වයේ සිටම තමන්ද නියෝජනය කරන සමරිසි ප්‍රජාවේ දුක් කම්කටොලු ගැන කිසිම තැකීමක් කළේ නැහැ. එවන් පසුබිමක අපේ රටේ විකල්ප දේශපාලන ප්‍රවාහය වන ජාතික ජන බලවේගය සමරිසි ප්‍රජාව ගැන ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම සැනසුම් සහගත කරුණක් නොවේද​? එබැවින් එලබෙන මහමැතිවරණයේදී සමරිසි අපගේ වටිනා ඡන් දයදේශපාලන පක්‍ෂ භේදයකින් තොරව මාලිමාව ඉදිරියේ සළකුණු කරන මෙන් ඉතා ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටිනවා. 


[You must be registered and logged in to see this image.]

Sajith likes this post

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum