Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-13, 3:03 pm
පළමු කොටස: නපුරු ඇස් සමග හාදු

  උකුස්සෙක්ගෙ වගේ ලස්සන තියුනු ඇස් දෙකක් එයාට තිබුනත් එයා හැමතිස්සෙම රවාගෙන හිටියේ, විශේෂයෙන් මම එයා දිහා බලන වෙලාවට. මම එයා දිහා බලලා හිනාවෙද්දි එයා කළේ එයාගේ ඇස් තව තවත් හීනි කරගත්ත එක. ටිකකට පස්සේ එයා මාව මේ අවකාශයේ අතුරුදන් වුණු ගානට ඉන්න පටන් ගත්තා. අනිත් අය කතාකරන අතරතුර මම එයාගේ ඇස් හොයන්න කොච්චර උත්සහ ගත්තත් එයා ඇස් මගෙ දිහා කොණකින් වත් නොබලන්න තරම් සූක්ශම වුණා. මේ සෙල්ලම කට්ටිය කෑම කන්න නැගිටිනකල් තිබුනත්, එයාගේ ඇස් මට ආයෙත් දකින්න ලැබුනේ නෑ. මට අන්තිමට හිනා ගියේ මටවත් නොදැනි. 

  "මොකද තමුසේ තනියෙන් හිනා වෙන්න?" අක්කා මාව කොනිත්තුවා. "මනමාලයෙක් බලන්න ආවේ තමුසෙව නෙවෙයි, මාව."

  "නෑ ඉතින්, තමුසේ ඉක්මනට ම මෙහෙන් යනවා නේද කියලා මතක් වෙලා හිනා ගියේ..." මම මෝඩ විදිහට හිනා වුණා. "කොච්චර කල් ඉඳලද බලන් ඉන්නේ."

  "අනේ මේ..." අක්කා ගස්සගෙන ගියා.

  අක්කව බලන්න ආව මනමාලයා ඇත්තටම කඩවසම්, හැබැ යි අර නපුරු ඇස් තියෙන්නේ එයාට නෙවෙ යි, එයාගෙ මල්ලිට. එයා හේශාන්ට වඩා ලස්සන යි, සමහර විට මම දැකපු ලස්සනම කොල්ලෙක්. කොච්චර ලස්සන වුනත් වැඩිය කැපිලා පෙනුනේ එයාගේ දැක්කොත් පිච්චෙන ඇස් දෙක. හේශාන් අයියට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා කලින් අහලා තිබුනත්, අද තමයි අපි එයාව පළවෙනි වතාවට දැකගන්න ලැබුනේ.

  හේශාන් හැමෝමත් එක්කම හිනාවෙලා, කෝච්චියක් වගේ කතාකරන කෙනෙක් වුණාට එයාගෙ මල්ලි හිනාවුනේ වත්, කතා කළේ වත් නෑ. අක්කා එහෙන් මෙහෙන් ප්‍රශ්නයක් ඇහුව ම වචනෙන් දෙකෙන් ඕනවට එපාවට උත්තර දීලා ඉවර කළා. කොටින්ම කිව්වාත් රහස් පරීක්ශකයෙක් වගේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න පුලුවන් අපේ අක්කටවත් බැරි වුනා; එයාට තියෙන්නේ අපි එක්ක නොරිස්සුමක්ද, නැත්තම් වෙන පෞද්ගලික ප්‍රශ්නයක්ද, ඒත් නැත්නම් ඒ එයාගෙ හැටිද කියලා හොයාගන්න.

  "පුතා එන්න ඔයත් කන්න." මම මගේ කාමරේට යන්න හදද්දි ම අම්මා කෑගැහුවා.

  කන්න තරම් උනන්දුවක් මට නොතිබුනත් මම ගියෙ නැත්තම් නඩුවක් නිසා, මම කෑම මේසෙ ළඟට ගියා. හැමෝම වාඩිවෙලා වෙලා තම තමන්ට කෑම බෙදාගනිමින් හිට්යා. හේශාන්ට විතරක් අක්කා කෑම බෙදුවේ හරියට කෑම හැදුවේ අක්කා වගේ. ඒක ගැන මොනවහරි කියන්න කට අරුනත්, ඉබේම ආයෙත් කට වැහුනේ මට වාඩිවෙන්න තිබුනේ මිස්ටර් නපුරු ඇස් ළඟ කියලා අවබෝධ වුණාට පස්සේ. මේ වෙද්දි ඇත්තටම මට උවමනවක් තිබුනේ නෑ, එයා ළඟ වාඩි වෙන්න. ඒත් කෑම මේසේ වෙන ඉඩක් තිබුනේ නෑ. සමහරු කොච්චර ලස්සන වුනත්, හැසිරීම ලස්සන නැත්තම් ඉක්මනට ම එපා වෙනවා.

  මම සුසුමක් හෙලලා වාඩි වුණා. සමහර විට එයාට ඒක ඇහෙන්න ඇති, එයා එක සැරයක් මම දිහා බැලුවා. ඒ එයා රවන්නේ නැතිව මම දිහා බලපු පළමු වතාව. රවන්නේ නැතිවත් ඒ ඇස් ලස්සන යි, එයා ලස්සන යි. පොඩි අහිංසක පාටකුත් තියනවා. මට ම නොදැනි මම හිනා වුනා. ක්ෂණයකින් ආයෙත් එයාගේ ඇස් හීනි වෙලා පුරුදු රවාගැනීමට ම ගියා. මම මොනවත් නොකියම වාඩි වුණා.

  හැමෝම කන අතරතුරේ අක්කා කෑම හදපු හැටි ගැන බොරු පම්පොරි ගොඩක් කියමින් හිටියා, අනිත් අය අක්කගේ පම්පෝරි කට ඇරන් අහන් හිටියත්, මිස්ටර් නපුරු ඇස් විතරක් කෑම කෑවේ නෑ, බොරුවට අත ගෑවා. එයාගෙන් “අක්කා හදපු කෑම බල්ලෙක්ටවත් කන්න බෑ නේද” කියල හොරෙන් අහන්න හිතුනත් එයා ඒ වගේ විහිලු කරන්න පුලුවන් මනුස්සයෙක් නෙවේ හින්දා මම කට වහගෙන හිටියා.

  "දැන් පොඩි පුතාට තමයි මොනවහරි බලන්න ඕන." හේශාන්ගෙ අම්මා එකපාරට ම කිව්වා. "ඔයාලා දන්න කවුරුහරි ඉන්නවා නම් මට දන්ව-"

  ඒ කතාව ඉවර කරන්නත් කලින්ම මිස්ටර් නපුරු ඇස් ට ලොකු කැස්සක් ආවා. එයා ලඟ වතුර එකක් තිබුනේ නෑ. එයාට වතුර එකක් දීලා මම එයාගේ පිටට යන්තම් තට්ටුවක් දැම්මට මට ලැබුනේ ‘තැන්ක් යූ’ එකක් වෙනුවට තවත් රැවිල්ලක්.

  "පොඩි පුතා හරිම ලැජ්ජකාරයා නේද?" ඒ අස්සෙ අපේ අම්මා කියන්න ගත්තා.

  හේශාන්ගෙ අම්මා අමාරුවෙන් හිනාවෙලා මිස්ටර් නපුරු ඇස් දිහා බැලුවේ මොකක් සියුම් නොරිස්සුමකින් කියලා තේරුණා. සමහර විට ඒක අක්කටත් තේරෙන්න ඇති. අක්කා එක පාරටම හැමෝටම අතුරුපස කවන්න උත්සහ කළා. මිස්ටර් නපුරු ඇස් එයාගෙ කෑම එක ඉවර කළේ වත්, අතුරුපස කෑවෙවත් නැතුව කෑම මේසෙන් නැගිටලා ගියා. අනිත් අය ඒක නොදැක්ක වගේ හිටිය නිසා මමත් එහෙම ම හිටියා. කොහොමටත් "මොකද්ද මචන් අවුල කියල?" අහන්නවත් අපි අතරේ ඇඳුනුම් කමක් තිබුනේ නෑනේ. අඩුම තරම් මම එයාගේ නමවත් දැනන් හිටියේ නෑනේ.

  මම කාල බීලා කාමරෙට එද්දි, මිස්ටර් නපුරු ඇස් තනියම සාලෙ පුටුවකට වෙලා ෆෝන් එක දිහා බලන් හිටියා. මම කාමරේට යනවා දකින්න ඇති, නැත්තම් අඩුම තරමේ ඇහෙන්න ඇති වුනත් එයා ෆෝන් එකෙන් ඔලුව ඉස්සුවේ නෑ. මම කාමරෙ ඇවිත් සින්දුවක් හෙමීට දාගෙන ඇඳේ ඇලවුනේ පොතක් අතට අරන්. මාස ගණනක ඉඳන් කියවනවා වුනත් පොත ඉවර වුනේ නැති වුනේ, කියවන්න ගන්න හැම මොහොතකම මට නින්ද යන නිසා. මේ වගේ නිවාඩු දවසක දවල් නිදාගන්න එක සතියක් පුරා බලන් ඉන්න හීනයක් නිසා. මම උවමනාවෙන්ම නින්ද එනකල් පොතේ වචන ගැටගහන්න ගත්තා. 

  එකමත් එක කාලෙක, එකමත් එක රටක, හැන්දෑවේ වෙලාවක, ලස්සන බීච් එකක මම හාන්සි වෙලා ඉන්න ගමන් ලස්සන කොල්ලෙක් මට කොක්ටේල් ගෙනත් දෙනවත්, වෙන කොල්ලෙක් මට පළතුරු කවනවත්, තවත් කොල්ලෙක් මගෙ කකුල් දෙක මසාජ් කරනවත් දැක දැක ඉන්න හීනේ ඉවර කරන්න මට ලැබුනේ නෑ. කවුරුහරි දුශ්ටයෙක් මාව ඇහැරවමින් හිටියා.

  "රමේශ්!" කව්ද මන්දා මට තට්ටු කළා. "රමේශ් නැගිටින්න."

  මට ඇහැරුණා. මම කවුද, කොහෙද ඉන්නේ, මේ කතාකරන්නේ කවුද කියලා තේරුම් ගන්න මොහොතක් ගත වුණා. ඒ කතා කරන්නේ මිස්ටර් නපුරු ඇස් කියලා තේරුම් ගන්න තවත් වෙලාවක් ගියා. මම ඉබේම ඇඳෙන් නැගිට්ටෙනවාවත්, එයාගෙ ඇස් මගේ නිරුවත් පපුව දිහා බලාගෙන පහලට පහලට ගිහින් කලිසම දිහා බලනවත්, ක්ෂණයකින් එයාගේ මූන රතු වෙලා අනිත් පැත්ත හැරෙනවත්, ඒ මගේ කලිසම ඕනවටත් වඩා උඩට ඉලිප්පිලා නිසා කියලා තේරුම් යන්නත්, ඉක්මනට ම කොට්ටයක් අරන් කුඩාරම වහගන්නත් මට මොහොතක් ගත වුණා.

  "ආ කියන්න." කීප මොහොතකට පස්සේ ලැජ්ජාව පැත්තකින් තියලා මම ඇහුවා.

  "රශ්මි අක්කා කිව්වා, එයාලට ලිෆ්ට් එකක් දෙන්න කියලා." එයා උගුර පාදලා මගේ දිහා නොබලම කිව්වා.

  "ලිෆ්ට් එකක්? කොහෙ යන්නද?"

  "දන්නේ නෑ..." එයා උරහිස් අකුලලා උත්තරේ දමලා ගහලා යන්න ගියා.

  අක්කට ඔහොම එක එක ගමන් හිටපු ගමන් යන්න බොළඳ හිත් පහල වෙනවා. ඒ වෙලාවට ඒවට එකඟ වෙන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ. නැත්තම් සතියක් විතර යනකල් එයාගේ ගැස්සුම් ගැරැහුම් අහන්න දකින්න සිද්ද වෙනවා. මට නින්ද ගිහින් තිබුනේ පැයක් විතර, ඒ වෙද්දි ආපු අමුත්තො ගිහින් ඇති කියලා හිතුවත්, ඒ අය තැන් තැන් වලට වෙලා කතාකරමින් හිටියා. අක්කට මේ වතාවේ උවමනා වෙලා තිබුනේ අක්කවයි, හේශාන්වයි කොහෙද එක්කන් යන්න මාව ඩ්‍රයිවර් කරගන්න. “හොඳ හැදියාවක්” ඇති අක්කාට එයා තනියම කොහෙවත් යන්නේ නැති බව එයාගෙ අනාගත නැන්දම්මලාට පෙන්නන්න ඕන වෙලා තිබුනා. මම ශවර් එකක් දාගෙන ගිහින් වාහනේට ගොඩ වුණා.

  අක්ක යි අයිය යි වාහනේට නැග්ගට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න යද්දිම බලාපොරොත්තු නොවුනු විදිහට අරයත් ඇවිත් ඉස්සරහ සීට් එකේ මට එහා පැත්තේ වාඩි වූනා. අක්කා අක්කාට යන්න ඕන තැන් ලිස්ට් එකක් කියාගෙන යනවත්, ඒ තැනවලට යන්න ඕන විදිහ කියවන් යනවාත් ඇහුනට මට ඒ කිසිම දේකට අවදානය යොමු කරන්න බැරි වුනේ මිස්ටර් නපුරු ඇස් එක්ක කාමරේදි වුණ සිදුවීම් පෙල රූප රාමු පෙලක් වගේ තාමත් හිතේ එල්ලි එල්ලි තිබුන නිසා. එයා මාම දිහා බලපු විදිහත්, දකින්න බලාපොරොත්තු නොවුනු දෙයක් දැකලා ඇස් දෙක පිම්බෙනවත්, ඊට පස්සේ මූන රතු කරගෙන අනිත් පැත්ත හැරෙනවත් නැවත නැවතත් එක තැන හිර වුනු දර්ශන පෙළක් වගේ පේන්න ගත්තා.

  "මල්ලි!" අක්කා කෑගැහුවා. "යං ඉතින්."

  මම වාහනේ පණ ගැන්නුවා.

  ඇඳුම් කඩ සීයකට විතර ගියාට පස්සේ අක්කා එයාට ඇඳුම් දෙක තුනකුත් හේශාන්ට එක ශර්ට් එකකුත් අරන් තිබුනා. අන්තිම අන්තිම වෙද්දි එයා පස්සෙන් යන එක එපා වෙලා, අක්කලා කඩේට ගියාට පස්සේ මම වාහනේට වෙලා හිටියා. මිස්ටර් නපුරු ඇස් අක්කලා පස්සෙන් ගියාට ටිකකින් ආයෙත්මත් ඇවිත් වාහනේට නැග්ගා. මම එයත් එක්ක කතාකරන්න ගියේවත්, එයා දිහා බලන්න ගියේවත් නෑ. කොටින්ම කලින් වුනු සිද්දියෙන් මම ලැජ්ජාවකිනුත්, තරමක තරහකිනුත් හිටියා. එයා වෙනකෙනෙක් උනා නම්, හිනාවෙලා අමතක කරන්න පුලුවන් වුනාට එයා එයා වීම නිසා නිකම්ම ඒක අමතක කරන්න බැරි කමක් දැනුනා. මම අපි අතරේ තියෙන අපහසු නිහඬතාවය මග අරින්න රේඩියෝ එක ඕනවටත් වඩා සද්දෙන් දැම්මා.

  රේඩියො එකේ ගියේ තරමක් පරණ හින්දි සින්දුවක්, ඒ සින්දුව ආපුම දවස්වල මම ඒක එක් දහස් එක්වතාවක් අහලා තිබුණා. සමහරවිට තනියම, සමහර වෙලාවට තවත් කෙනෙක් එක්ක. ඒ ඒ/ලෙවෙල් ටියුශන් යන දවස්වල මගෙ හොඳම යලුවෙක් වෙලා හිටිය කොල්ලෙක් එක්ක. අපි දෙන්න ක්ලාස් පටන් ගන්නකල් සින්දු අහන පුරුද්දක් අපි දෙන්නට තිබුනා. ඉයර්ෆෝන් එකේ එක කනක් මමත් අනෙක එයත් ගහගෙන අපි සින්දු ඇහුවා. එයා කැමති සින්දුව යි මම කැමති සින්දුව යි අපි මාරුවෙන් මාරුවට ඇහුවට මේ සින්දුවට අපි දෙන්නම කැමති වුණා.

  මොහොතකට මම ආයෙමත් හිටියේ ඒ පන්තියේ, එක කනක ඉයර්ෆොන් ගහගෙන මමත්, මගෙ එහා පැත්තේ මම කවදාවත් මගේ ආදරේ ප්‍රකාශ නොකළ මගෙ යාලුවාත් හිටියා. මම එයාගේ කර වටා අතදාගත්තේ නිරායාසයෙන් ම යි. එයා දිහා බලලා හිනා වුනේ ඉබේ ම යි. සෑහෙන වතාවක් මෙහෙම හිටියත් ආයේ කවදාවත් එයාව හැබැහින් නොදැකපු එයා දිහා බලාගෙන එයාගේ ඇස් වලින් මම මාව දකිද්දි යි තේරුනේ මම මේ ඒ/ලෙවල් පන්ති ආපු ළමයවත් මම මෙච්චර ලංවෙලා ඉන්නේ මගෙ යාලුවාටවත් නොවෙන බව.

  මම ක්ෂණයකින් එයාගෙන් ඈත් වුණා. ඒ මොහොතේ පුදුමෙකින් වගේ ඒ ඇස් රවාගෙන නෙවෙ යි හිටියේ, ඒ ඇස් වල තිබුනේ මොන වගේ හැඟීමක්ද කියල තේරුම් ගන්න අතරේ එයාගෙ ඇස් පුරුදු විදිහටම නැවතත් හීනි වෙලා, ඇහිබැම ඇකිලෙන්න ගත්තා. තප්පරේකට මම හිතුවේ මට ගුටිකන්න වෙයි කියලා. ඒත් එහෙම වුනේ නෑ, එයාගෙ තොල් හීනි වෙලා, කට ඇකිලුනා, ඒත් එයා වචනයක් වත් පිට නොකර ඔලුව හොලවලා අනිත් පැත්ත හැරුනා. හවස් වෙලා, ඉර බැහැගෙන යන්න ආසන්න වෙලා, පරිසරයෙන් අන්තිම හිරු කිරණත් ගිලිහී යමින් තිබුනා. එයාගේ මූණට වැටුනේ පාර්ක් එකේ පැත්තකින් තිබුනු ලයිට් කනුවේ මළානික එලියක් විතර යි. 

  "අයිම් රියලි සොරි..." මම වචන ගැට ගැහුවා.

  එයා ටික වෙලාවකින් ඔලුව වැනුවේ මම දිහා නොබල ම යි.

  තව ප්‍රශ්න දාහක් අහන්න උවමනාව තිබුනත්, මම කට වහගත්තේ එයා ඒවට උත්තර දෙන්නේ නැති බව දන්න නිසා. එයා මට උත්තර දෙන්න බැඳිලා නැති බව දන්න හින්දා. අපි අතරේ කිසිම ආකාරයක වත් යාලුකමක් වත් නැති හින්දා. රේඩියො එකේ අර හින්දි සින්දුව පහුවෙලා තවත් සින්දු ගණනාවක් ගිහින් තිබුනා. තවත් සින්දු අහන් ඉන්න බැරි කමක් දැනිලා මම රේඩියෝ එක නැවැත්තුවා. වාහනේ ඇහුනේ ඒසි එකේ සද්දෙත් අපි දෙන්නගේ හුස්ම ගන්න සද්දෙත් විතර යි. ඒත් ටික වෙලාවකින් දැනුනා, එයාගෙ හුස්ම ගැනීමේ වෙනසක් තියෙන බව. ළා එළියෙන් වුනත් පෙණුනා එයාගේ ඇස් රතු වෙලා, ඇස් තෙත් වෙලා තියෙන බව, හංගගන්න කොච්චර උත්සහ කළත් එයාට ඉකි ගැහෙන බව.

  මගෙ අත ගසලා දාන්න හැකියාව ගොඩක් වැඩි වුණත් මම එයාගේ අතින් අල්ලා ගත්තා. ඒත් එයා එහෙම කළේ නෑ, එයා මාව බලාපොරොත්තු නොවන විදිහට බදාගත්තා. තදින් බදාගෙන මගෙ උරහිසට ඔලුව තියාගත්තා. එයා ඊට පස්සේ අඬන එක හංගන්න ගත්ත උත්සහය සම්පූර්ණයෙන් ම අත්හැරල අඬන්න ගත්තා. මම කළේ එයාව බදාගෙන පිට අතගාපු එක විතර යි. එයාගේ තොල් යන්තම් මගෙ බෙල්ලෙ ගෑවුනාද, නැත්තම් එයා උවමනාවෙන් මගෙ බෙල්ල සිපගත්තද කියලා කියන්න අමාරු වුණත් මොකද්දෝ හේතුවකට මම ඒකට කැමති වුණා. කොච්චර වෙලා අපි එහෙම හිටියද කියන්න අමාරු යි, සමහර විට ලොකු වෙලාවක් නොගියත් ඒක එහෙම දැනුනා.

  ගණනය නොකළ කාලයකට පස්සේ එකපාරටම එයා මාව තල්ලු කළා. මොකද වුනේ, ඇයි ඇඬුවේ, එයා හොඳින්ද වගේ කිසිම දෙයක් මට අහන්න ලැබුනේ නෑ. ටිකකින් අක්කලා ඇවිල්ලා වාහනේ වාඩිවුණා. මාවත් ඉක්මන් කරගෙන ගෙදර යන්න ඕනේ කියලා කෑගැහුවේ එයාලට පරක්කු කරේ මම වගේ. ගෙදර යනකල් විටෙන් විට මම මිස්ටර් නපුරු ඇස් දිහා බැලුවට එයා පිටත බලන් හිටියා මිසක් මාත් එක්ක කතාකළේ වත්, මම දිහා බැලුවේ වත් නෑ. මම මොනවත් කියන්න ගියේත් නෑ.

  ගෙදර එද්දි රෑවෙලා තිබුනා. අම්මා කිව්වේ පරක්කු වෙලා හින්දා අමුත්තන්ට රෑ කෑමත් කාලම යන්න කියලා. මට කන්න උවමනාවක් වත්, බඩගින්නක්වත් තිබුනේ නෑ. කවුරුවත් මට කන්න බල කළෙත් නෑ. අනිත් අය කන අතරේ මම මිදුලට ගිහිල්ලා සිගරට් එකක් පත්තු කරගත්තා. ජෑම් ගහ ළඟ තාප්පෙට හේත්තු වෙලා මම අහස දිහා බැලුවා. කොළඹ අහසේ පැහැදිලිව තරු පේන්නෙ නෑ, පෙනෙන තරුත් ඉඳහිට මැකිලා යනවා. ඒ වුණත් මට තරු වෙනුවට පෙනුනේ අද දවසෙ වුණු එකකට එකක් නොගැලපෙන, තේරුම් ගන්න බැරි සිදුවීම්.

  "කාර් එකේ වෙච්චදේ අමතක කරනවා නම්, මම කාමරේ වෙච්ච දේ අමතක කරන්න පුලුවන්." මිස්ටර් නපුරු ඇස් එකපාරටම මගේ ඉදිරියට ඇවිත් හිටියා. අත්දෙක බැඳගෙන තවමත් රවාගෙන හිටියට එයාගේ ලස්සනේ නම් අඩුවක් තිබුනේ නෑ.

  "මට ඒක අමතක කරවන්න ඕන කමක් නෑ." සිගරට් කොටේ විසිකරලා මම කිව්වා.

  ඒ වතාවේ එයාගෙ ඇස් වලින් ගිනි පිට වුණා. දෙවෙනි වතාවටත් මම ගුටි කයි කියල හිතුනත් එහෙම වුණේ නෑ. එයා හයියෙන් සුසුමක් පිට කරල යන්න හැරුණා.

  "හරි හරි, අමතක කරන්නම්." මම කිව්වා. "හැබැයි එක කොන්දෙසියක් මත."

  එයා නැවත හැරිලා බලන් හිටියේ මගේ කොන්දේසිය දැනගන්න. 

  "කිස් එකක් ඕන." මම ඒක හිනා නොවී කියන්න ලොකු උත්සහයක් ගත්තා. එයා ඒක විහිලුවක් මිසක් ඇත්තට බාර ගනි යි කියලා කීයටවත් හිතුවේ නෑ. මම හිතුවේ එයා ආයෙත් මට රවලා යයි කියලා.

  ඒත් ඒක එහෙම වුණේ නෑ. එයා එක පාරටම මගෙ ළඟට ඇවිත් මගෙ බෙල්ලෙන් තදින් අල්ලලා මාව කිස් කළා. එයාගෙ තොල් මගේ තොල් අතරේ පැටලුනත්, ඒ කිස් එක ආදරෙන් දුන්න එකක් නෙවෙයි, තරහෙන් දුන්න එකක් නිසා, එයාගේ තොල් කොච්චර සිනිදු වුණත් හාදුව රළු යි. මම එයා වටේ අතදාල එයාව තදින් බදාගත්තා. මම එයාව පෙරලා කිස් කරන්න මට මොහොතක් ගත වුණා. එයා නිසා මගේ සියලුම සංවේදනා උත්තේජනය වෙලා මම එයා තුලම තෘප්තියෙන් කිමිදෙන්න ගත්තේ ලොකේ සියලු දේවල් අතුරුදන් වෙලා, අපි දෙන්නා විතරක් ඉතුරු වෙලා වගේ.

  මට එකපාරටම "අහ්" කියවුනේ එයා මගෙ ශර්ට් එක යටින් අතදාල පපුව අතගාන්න ගත්තම. මම එයාට තවත් ළංවෙලා එයාගෙ තොළ හැපුවේ හිතලද නැද්ද කියන එකට උත්තරයක් නෑ. එයා ඒකට ප්‍රතිචාර දැක්වුවේ එයාගෙ අත පහලට අරන් ගිහින්ලා. සිප් එක ළඟින් කලිසම පැලෙන්න ඔන්න මෙන්න තරම් වෙලා ඒක එයාටත් ඕනවටත් වඩා පැහැදිලිව දැනෙන තරම් වෙලා තිබුනත් එයාගේ අතගෑම නිසා මම කෙඳිරිල්ලක් එක්කම සුසුමක් පිටකලා.

  "මල්ලී..." එක පාරටම අක්කා කෑගහනවා ඇහුනේ ගේ ඇතුලෙන්. "කොහෙද මෝඩයෝ ඉන්නේ?"

  එයා එකපාරට ම මගෙන් වෙන්වුණා. එයාගෙ දෙතොල් හොඳටම රතු වෙලා, කම්මුල් රෝස පාට වෙලා තිබුනා.ඒ වතාවේ ඒ ඇස් වල තිබුනේ තරහව නෙවෙ යි, කැමැත්ත. එයාගේ ඇස් ආශාවෙන් දිලිසුනා. මගෙ පපුව පිච්චුනේ ඒත් එක්කම යි. එයා යන්න හැරුණත් මම එයාගෙ අතින් අල්ලගත්තේ එයාව තව මොහොතක් හරි ළඟින් තියාගන්න.

  "නම මොක්ද්ද කියන්නේ නැද්ද?" මම ඇහුවා.

  "ධනුක." එයා මම දිහා මොහොතක් බලන් ඉඳල උත්තර දුන්නා. තවත් මම ළඟම ඉඳි යි කියලා හිතුවත් මගෙ අත ගසල දාලා එයා යන්න ගියා.

  "ධනුක..." මම මටම නොදැනී එයාගෙ නම මුමුණනවා කියලා තේරිලා, මට හිනා ගියා.


~ මතුවට ~

suneth and upekus like this post

Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-13, 3:10 pm
මේ කතාව ලියවුනේ, නැත්තම් ලියවෙන්න පටන් ගත්තේ "ජීවිතයට ඉඩ දෙන්න" කෙටි කතාවට ප්‍රතිචාරයක් හැටියට යොහාන් කළ ඉල්ලීමක් මත. "වැල කතාවක්" ලියන්න කියල කිව්ව නිසා, මම කලින් එහෙම කතාවක් ලියලා නොතිබුනත් මමට කරන අභියෝගයක් හැටියට මම කතාව ලියන්න පටන් ගත්තත් ලියවුනේ "වැල කතාවක්" ද නැද්ද කියන එක වෙනම හිතල බලන්න ඕන කාරණාවක්. කොහොම වුණත් එහෙම ඉල්ලීමක් කළ යොහාන්ටත්, මේ කතාවත් මම ලියූ අනිත් කතාත් කියවූ, අදහස් දැක්වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි.

suneth and upekus like this post

Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5829
Member Since : 2016-10-31

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-15, 2:57 pm
Mandaram wrote:මේ කතාව ලියවුනේ, නැත්තම් ලියවෙන්න පටන් ගත්තේ "ජීවිතයට ඉඩ දෙන්න" කෙටි කතාවට ප්‍රතිචාරයක් හැටියට යොහාන් කළ ඉල්ලීමක් මත. "වැල කතාවක්" ලියන්න කියල කිව්ව නිසා, මම කලින් එහෙම කතාවක් ලියලා නොතිබුනත් මමට කරන අභියෝගයක් හැටියට මම කතාව ලියන්න පටන් ගත්තත් ලියවුනේ "වැල කතාවක්" ද නැද්ද කියන එක වෙනම හිතල බලන්න ඕන කාරණාවක්. කොහොම වුණත් එහෙම ඉල්ලීමක් කළ යොහාන්ටත්, මේ කතාවත් මම ලියූ අනිත් කතාත් කියවූ, අදහස් දැක්වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
අම්මෝ මන්දා ඔයා.. ආදරෙයි හොදේ ...

bath bath bath ඔයා දන්නවා මන් මේ සිම්බල් එකෙන් මොකක්ද කියන්නේ කියලා .. 



ඉස්සර වගේ දැන් සයිට් එකට එන එක අඩු වෙලා ...  හැබැයි අද හිදලා දවස ගානේ .. සයිට් එකට එනවා මේක අප්ඩේට් වෙලාද බලන්න හොදේ .. 


bath bath bath ආදරෙයි මන්දාරම් පැටියෝ ... ඊලග එපිය ඉක්මනට ලියන්න 
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5141
Member Since : 2018-01-24

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-16, 11:03 pm
Inna inna yohan aiye site ekata thawa aluth katha enna inne godak

suneth likes this post

Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5829
Member Since : 2016-10-31

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-17, 2:56 am
Tylor wrote:Inna inna yohan aiye site ekata thawa aluth katha enna inne godak
සයිට් එකට අලුතෙන් කතා ලියන එවුන් ගැන නම් කියලා වැඩක් නැහැ මල්ලි .. භාගෙට ලියලා දාලා යනවා එහෙම කතා නැති තරමට හොදයි ..

Tylor likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5141
Member Since : 2018-01-24

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-17, 10:34 am
Ekanun aththa aiye 😐😐😐
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-22, 6:33 pm
දෙවන කොටස: පැන්ඩා බොක්සර් සමග ප්‍රහර්ශය

  "අයියෝ රමේශ්, ස්ටෙප්ස් ටික හරියට මතක තියගන්නකෝ," ශානිකා කෑගැහුවා. "දැන් කීසැරයක් කිව්වද?"

  අක්කගෙ යාලුවෙක් වෙන ශානිකාට කියලා "සප්‍රයිස්" ඩාන්ස් එකක් වෙඩින් එකේදි කරගන්න අක්කට ලොකු ආසාවක් තිබුනා. ඒ ඩාන්ස් එකට මාව ගෑවුනේ කොහොමද කියල මමවත් දන්නේ නැති වුණාට, දැන් දවස් ගණනක ඉඳල මමත් හේශානුත් තවත් කිහිප දෙනෙකුත් එකතු වෙලා ඒ වෙනුවෙන් නැටුම් පුහුවීම් කළා. ශානිකාට මේ අපි පුරුදුවෙන්නේ තරඟයකට නෙවෙ යි කියලා මම කිහිප සැරයක් මතක් කරලා දුන්නත් ශානිකා කළේ මුකුත් ඇහුනේ නැති ගානට හිටපු එක.

  තවත් පැය බාගයක් විතර එහෙට මෙහෙට වෙවී හිටියට පස්සෙත් මගේ නැටුමේ වැඩි වර්ධනයක් තිබුනේ නෑ. මූණ බෙරි කරන් ඒක බලන් ඉඳල ඉඳල බැරිම තැන ශානිකා කිව්වා එහෙනම් වෙන දවසක අපි ආයේ ට්‍රයි කරමු කියලා. ශානිකා අක්කගෙ හොඳම යාලුවෙක් නොවෙන්න එයා හැමදේම එපා වෙලා දමල ගහලා යන්න තිබුනා. මගේ නටන්න බැරි කම කොච්චර කියල දුන්නත් හදාගන්න පුලුවන් එකක් නෙවෙ යි. මම යන්න හැරුනේ ලොකු සුසුමක් පිට කරලා.

  "ගනන් ගන්න එපා මචං" හේශාන් පිටට තට්ටුවක් දැම්මා. "මේක එච්චර ස්ට්‍රෙස් ගන්න එකක් නෙවෙයි, උඹට පුලුවන් විදිහට කරපන්."

  මම හිනා වුණා. ඒත් මට ඒකට උත්තරයක් දෙන්න ලැබුනේ නෑ. එකපාරට ම ධනුක ඇවිත් හිටියා.

  මාසෙකට විතර කලින් එදා දවසින් පස්සේ ධනුකව දකින්න වත් අඩුම තරමින් කතා කරන්නවත් මට අවස්තාවක් ලැබුනේ නෑ. අපේ පවුල් දෙකම එකිනෙකාගෙ ගෙවල් වලට කිහිප වතාවක් ම ගිහින් මුණ ගැහුනත් ඒ හැම වතාවකම ධනුක පෙනෙන්න හිටියේ නෑ. එදා සිදුවීම් වලින් පස්සේ ධනුකට මොහොතකට වත් කතා කරන්න, නැත්තම් යන්තම් වත් එයාගේ මූණ බලන්න උවමනාව තිබුනත් ඒකට හැකියාවක් ලැබුනේ නෑ. අක්කට වද කරලා නම්බර් එක හොයාගන්න පුලුවන් වුණත් ඒ ඇයි මට එච්චර උවමනාවක් කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නොදන්න හින්දා මම එහෙම කරන්න මැලි වුණා.

  අක්ක යි හේශානු යි හිතුවටත් වඩා දෙන්නට දෙන්න කැමති වෙලා තිබුන නිසත්, ගෙවල් වලින් හදිස්සි කරපු නිසත්, එයාලා වෙඩින් එකට ඉක්මනින් ම දවසක් දාගත්තා. ඒ වෙඩින් එක අක්කගෙ වුණාට වැඩියෙන් මහන්සි වෙන්න වුණේ මට යි. අක්කට යන්න ඕන තැන් වලට එයාව එක්කන් යන්න ඩ්‍රයිව වෙන්නත්, එයා ගෙන්න කියන හැම දේම අරන් එන්නත්, ඒ මදිවට "සප්‍රයිස්" ඩාන්ස් වලට පුරුදු වෙන්නත් මම භාග්‍ය සම්පන්න වෙලා තිබුනා. 

  "ඇයි අයියා එන්න කිව්වේ?" ධනුක හේශාන්ගෙන් ඇහුවා.

  "ඩෙකෝස් කරන තැනින් එනවා කිව්වා රිසෙප්ශන් හෝල් එක බලන්න, මම ගාව පොඩි ප්ලෑන් එකක් තියනවා, මල්ලිට පුලුවන්ද හෝල් එකට ගිහින්, එ අයට ඒක පොඩ්ඩක් පෙන්නන්න." හේශාන් ධනුකට කොළයක් දික් කරලා කියාගෙන ගියා "අපිට ඕන ඩෙකෝස් ටික හරියට කියන්න ඕනනේ."

  "අයියම ගියානම් වඩා හොඳයි නේ?" ධනුක කිව්වා.

  "මට රශ්මිත් එක්ක එයාගේ ඇඳුම් බලන්න යන්න තියනවා." හේශාන් මගෙ පිටට තට්ටුවක් දැම්මා. "මේ රමේශ් මල්ලිත් එක්කන් යන්න."

  මේ වෙද්දි, හේශානුත් අපේ අක්කගෙන් මිනිස්සුන්ගෙන් ශේප් එකේ වැඩ කරගන්න හැටි ඉගෙන ගෙන තිබුනා. හේශාන් යද්දි ධනුක හිටියේ එයාගෙ සුපුරුදු රවාගැනීමෙන්, ඒ මම දිහා නෙවෙයි හින්දා මට හිනා ගියා. එයා මම දිහා බලලා රැවිල්ල වැඩි කර ගත්තට මම ගනන් ගත්තේ නැතිව හිටියා.

  "එනවද?" ධනුක යන්න හැරුණා.

  මම එයාගෙ පස්සෙන් ගියා. 

  ධනුකට තිබුනේ බයික් එකක්, මම මගෙ වෙහිකල් එකේ ආවෙ නැති නිසා යන්න වුණේ එයත් එක්ක. ධනුක තවත් හෙල්මට් එකක් ගෙනත් තිබුන නිසා, මම ඒකත් දාගෙන, බයික් එකේ වාඩි වුණා. ධනුක ක්ෂණයකින් බයික් එක පණ ගැන්නුවේ කියන්නේ නැතිව ම යි,  ධනුක මෙච්චර වේගෙන්, අරපරිස්සමෙන් ඩ්‍රයිව් කරන කෙනෙක් කියලා හිතෙන්න් නැති වුණත්, එයා එහෙම වුණා. මුලින්ම බයික් එකට නගිද්දි එයාව නොඅල්ලා ඉන්න උත්සහ කළත් යන වේගෙට එහෙම නොකර ඉන්න අපහසු වුණා. මුලින්ම යන්තම් එයාගෙ උරහිසෙනුත්, පස්සේ යන්තම් ඉනෙනුත්, ඊටත් පස්සේ එයාගෙ බඩ වටේත්, අන්තිමෙදි සම්පූර්ණයෙන්ම ධනුකගේ ඇඟේ ඇලිලත් ඉන්න මට සිද්ද වුණා.

  මේක ධනුක මාව බය කරලා විහිලුවකට ගන්න, නැත්තම් මට ගමන එපා කරන්න ගත්ත ක්‍රියාවක් වෙන්න වැඩි සම්භාවිතාවක් තිබුන නිසා, මම කිසිම අකමැත්තක් පෙන්නුවේ නෑ. ඒත් මම ධනුකට ඕන වටත් වඩා ලංවෙලා හිටපු නිසා සීග්‍රයෙන් ගැහෙමින් තිබුන පපුව එයාට දැන්නෙන පුලුවන් වුණත් මම ඒ ගැන වද නොවෙන්න උත්සහ ගත්තා. මම එයාව තවත් තදින් බදාගත්තේ ඒ තරහට ම යි. ධනුක කිසිම වෙනසක් වුණේ නෑ වගේ බයික් එක පදවමින් හිටියා.

  අර්ධ හෘදයාබාධ කිහිපයකටත්, නූලෙන් බේරුනු රිය අනතුරු කිහිපයකටත්, ත්‍රාස්‍යයජනක රිය සංදර්ශන කිහිපයකටත් පස්සේ අපි රිසෙප්ශන් හෝල් එක ළඟට ඇවිත් හිටියා. අපි එන්න ඕන තැනට ඇවිත් කියලා දැනගත්තේ, ධනුක බයික් එක නවත්තලා කීප මොහොතකට පස්සෙ මම බයික් එකෙන් බහින්නෙ නැතිව හිටපු නිසා ධනුක එයාගෙ ඇඟේ එතිලා තිබුන මගෙ අතට තට්ටුවක් දාලා "ආ දැන් බහින්න" කිව්වට පස්සේ. මම බයවෙලා ඉන්නේ කියලා නොපෙන්වන්න කොච්චර උත්සහ ගත්තත් මම අසාර්තක වෙලා තිබුනා. එයා මට හිනා වෙනවද නැද්ද කියලා හෙල්මට් එක නිසා නොතේරුනත් එහෙම දැනුනා.

  අපි එතනට යන්න කලින් ම ඩෙකෝස් කරන තැනින් ඇවිල්ලා තිබුනා. ධනුක වැඩි වෙලා ගන්නේ නැතුව වෙන්න ඕන ඩෙකොස් ටික තැනින් තැනට ගිහින් විස්තර කරන්න ගත්තම ඒ මිනිස්සු ඒව ලියාගත්තා, ඒ ඒ තැන් වල උස පළල මැනගත්තා. අක්කයි, හේශානුයි, එයාලට ඕන විදිහ සිතියමක වගේ ළකුණු කරළා තිබුනා. ඉතින් ධනුක ඒ කොළේ බලාගෙන ලොක්කෙක් වගේ ඒ මිනිස්සුන්ට ඕඩර්ස් දෙන හැටි බලන් ඉන්න මිසක් මට වැඩි වැඩක් තිබුනේ නෑ.  වැඩේ ඉවර වෙලා, ඒ මිනිස්සු මගෙ වටේ කැරකෙන්න ඇත්තෙ, ධනුකගෙන් නම් කවදාවත් ටිප් එකක් ලැබෙන්නේ නෑ කියල තේරිලා වෙන්න ඇති.

  "අපි යං" ධනුක එහෙම කියාගෙනම, එළියට යන්න ගියා.

  "ඉට්ස් ඕකේ, මම ටැක්සියක් අරන් යන්නම්..." මම ඒ වැඩට ආපු මිනිස්සුන්ට කීය කීය හරි දෙන ගමන් උත්තර දුන්නා.

  "ඇයි මාත් එක්ක යන්න බයද?" ධනුක ඇස් හීනි කරගත්තා.

  මම ඔලුව වැනුවා. "නෑ, මට කෙලින්ම ගෙදර යන්න පුලුවන්."

  "මම ගිහින් දාන්නම්." ධනුක මට හෙල්මට් එක විසික් කරා. "නගින්න."

  එනවට වඩා වෙනසක් යද්දි තිබුනෙත් නෑ. ධනුකගේ වාහන එලවීමේ කිසිම ආරක්ශිත බවක් වත්, මගේ බයේ අඩුවක් වත්, මම එයාව බදා නොගත්තේවත් නෑ. ඒත් වෙනසක් විදිහට එක පාරටම වැස්සක් කඩා වැටෙන්න ගත්තා. ධනුකට මම පොඩ්ඩක් නවත්තලා යමු කියලා කිව්වත් එයා එහෙම කළේ නෑ. එක්කො පාරේ සද්දත්, වැස්සෙ සද්දත් නිසා ඇහෙන්න නැතුව ඇති, නැත්තම් ඇහුනේ නෑ වගේ ඉන්න ඇති. කොහොම වුණත් ටිකකින් මට තේරුනා අපි යන්නේ අපේ ගෙදර නෙවෙ යි, වෙන පැත්තකට කියලා.

  මම නොදන්න අතුරු පාරවල් කිහිපයක් අස්සෙන් අපි කොහෙද යන්නේ කියන එක මට ප්‍රශ්නයක් වුණා. මම මගේ මරණය වෙත අන්තිම ගමන යනවා වෙන්න පුලුවන් වීම ගැන දුක් වෙවී ඉන්න කොට වැඩි වෙලා යන්නේ නැතිවම අපි දෙමහල් ගෙදරක මිදුලකට ආවා. ධනුක බයික් එක තෙමෙන්නෙ නැති විදිහට නවත්තලා තියලා, අපි දෙන්නා එලියෙන් තියෙන ඒ ගෙදර උඩ තට්ටුවට ආවා. මම ධනුක දිහා බැලුවේ මේ කොහෙද අහන්න වගේ.

  "මේ මගෙ ගෙදර..." ධනුක දොර ඇරලා ඇතුලට එන්න අතින් සන් කළා.

  මම වට පිට බැලුවා. පොළවත්, බිත්තිත් සිමෙන්ති පාටිනුත්, ගෘහ භාන්ඩ දුඹුරු පාටිනුත්, තැනින් තැන් පැළ කොළ පාටිනුත් පෙනුනා. ගෙදර ලොකු නොවුනත්, වැඩිය දේවල් වලින් පිරුනේ නැති වුණත් පිලිවෙලට ලස්සනට තිබුනා. මම තෙමුනු සපත්තු ගලවලා ගෙට ඇතුලු වුණත්, පුටුවකින් වත් වාඩි වුණේ නැත්තේ ඇඳන් ඉන්න ඇඳුම් වැස්සෙන් මිරිකන්න තරම් තෙමිලා තිබුන නිසා.

  "ඔය ඇඳුම් ගලවන්න." ධනුක කිව්වේ මට ඕඩර් එකක් දෙනවා වගේ. 

  වෙන අවස්තාවල, විශේෂයෙන් මේ වගේ ඕඩර්ස් දෙන්නේ මම අනිත් අයට මිසක් අනිත් කෙනා මට නොවෙන නිසා, මට ඒක අමුත්තක් වුණා. ඒකට මම කැමති ද අකමැති ද කියල හිතන ගමන් මම ඇඳුම් ගලවමින් ඉන්නවා කියලා තේරුම් ගියේ, ධනුක මම දිහා ඇස් කොනකින් බලන් ඉන්නවා කියලා දැක්කට පස්සේ. මම අරිමින් හිටපු කලිසමේ සිප් එක බාගෙට නවත්තලා ධනුක දිහා බැලුවා. ධනුකගෙ ඇස් ආශාවෙන් දැල්වුණා.

  "ශෝ එක හොඳයි ද?" මම ඇහුවා. "දිගටම කරන් යන්නද?"

  ධනුක රවලා අනිත් පැත්ත හැරුණා.

  කලිසමේ ඉතිරි ටිකත් ගලවලා, මම ධනුක ඉස්සරහට ගියා. මම ඇඳන් හිටියේ කලු පාට බොක්සර් එකක් විතර යි. ඒකත් තෙමිලා නිසා ඒකෙන් වැහෙන්න ඕන ඒව වැහෙනවට වඩා වුණේ තවත් ඉලිප්පිලා පෙනුන එක. ධනුක මම දිහා නොබලන්න කොච්චර උත්සහ කළත් එයාට එහෙම නොකර ඉන්න බැරි වුණා. මට හිනා ගියා.

  "මම වොශ් එකක් දාගන්නද?" මම මගේ කොණ්ඩෙ අතගාන ගමන් ඇහුවා. "ඔලුව හොඳමට තෙත යි."

  "මේ රූම් එකෙන් ගිහින් වොශ් රූම් එකට යන්න පුලුවන්." ධනුක උගුර පාදලා උත්තර දුන්නා. "මම ටවල් එකක් ගෙනත් දෙන්නම්."

  වොශ් රූම් එකේ ශවර් එකක් දමමින් ඉන්න කොට ධනුක දොරට තට්ටු කරලා ටවල් එකක් දුන්නා. එයත් එයාගේ තෙත ඇඳුම් අයින් කරලා, ටවල් එකක් විතරක් ඇඳන් හිටියා.

  "ධනුකත් එන්න ශවර් එකත් දාන්න." මම තවත් දොර ඇරියා.

  මම සම්පූර්ණයෙන්ම නිරුවතින් ඉන්නේ කියාලා මතක් වුණේ, ධනුකගේ ඇස් දෙක පිම්බුනාට පස්සේ. ඒ අවස්තාවේ එයාගෙ ඇස් දිලිසුනේ කැමැත්තෙන්ද නැත්තම් කේන්තියෙන් කියලා තේරුම් ගන්න මොහොතක් ගත වුණා. ධනුක මොහොතක් මම දිහා බලලා එකපාරටම දොර වහද්දි මට ගුටිකන්න වාසනව උදා වෙ යි කියලා හිතුව නමුත් එහෙම වුණේ නෑ. මම බය වෙන්න නැත්තම්, ලැජ්ජා වෙන්න ඕන වුණත්, එහෙම වුණේත් නෑ.

  ධනුකට මගේ තියන කැමත්ත මීට කලින් මට කවුරුවත් වෙනුවෙන් ඇති වුණ ආකාරයේ එකක් නෙවෙ යි. එයා කොච්චර කඩවසම් වුණත්, කොල්ලො පිස්සු වට්ටවන තරම් ආකර්ශනීය ඇස් දෙකක් තිබුණත්, දැක්කම මොහොතකට හුස්ම ගන්න අමතක වෙන විදිහේ පෙනුමක් තිබුනත්, එයාට ඇති වෙන කැමැත්ත ඒ මොනවත් නිසා නෙවෙ යි. මොළය රතු එලි දල්වද්දි වුණත්, එයාව අයිති කරගන්න කල් සෑහෙන්න පපුව පිච්චෙන්නේ වෙනම හේතුවකට. ඒ හේතුව මම නොදන්නවා වුණාට, ඒක හොයාගන්න ආපු උවමනාවෙන් මාව රත් වුණා.

  මම ශවර් එකක් දාගෙන කාමරේට එද්දි ධනුක ඇඳේ ඇඳුමක් තියලා තිබුනා, එයාගෙ බොක්සර් එකක් එක්කම. බොක්සර් එකේ පැන්ඩලා හිටියේ එක එක විදිහට රටාවකට. අපි දෙන්නාගෙ උස මහත මිමිවල පොඩි පොඩි වෙනස් කම් තිබුනත් එයාගේ ඇඳුම් මට අඳින්න පුලුවන් වුණා. ඇඳන් ඉන්න හැම ඇඳුමක් ම ධනුකගෙ ඇඳුම් වීම අමුතුම හැඟීමක්. මෙහෙම වෙනකාගෙවත් ඇඳුමක් ඇඳලා තිබුනේ මීට කාලෙකට ඉස්සර මම ආදරේ කරපු එක ම කෙනාගෙ විතර යි. ධනුකගෙ ශර්ට් එකෙන් ආවේ අමුතු සුවඳක්, අලුත් සබන් සුවඳත් එක්ක, එයාටම ආවේනික පිස්සු වැටෙන සුවඳක් යන්තමින් තිබුනා.

  මම කාමරයෙන් එලියට එද්දිම ධනුක ඇවිත් කෝපි කෝප්පයක් දුන්නා. මම "තැන්ක් යූ" කියලා පුටුවක වාඩි වුණා. ධනුකත් ඇවිත් අනික් පුටුවෙන් වාඩි වෙලා කෝපි බොන්න ගත්තා. එයාගේ ගානට ටෝන් වුණ පපුව හුස්ම ගනිද්දි උස් පහත් වෙන හැටි මම උණහපුලුවෙක් වගේ බලන් ඉන්නවා කියලා තේරුනේ ධනුක මම දිහා බලලා ඇස් හීනි කරගත්තම.

  "ඇයි මට ඔච්චර රවන්නේ?" මම ඇහුවා.

  "රවන එක නවත්තන්න නම් ඔහොම බලන එක නවත්තන්න." 

  "කොහොම බලන එක ද?"

  "රමේශ් බබෙක් නෙවෙයි නේ." ධනුක ආයෙත් රැව්වා. "කොහොමද කියලා දන්නවනේ."

  "ධනුක තනියමද මෙහෙ ඉන්නේ?" මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.

  එයා කෝප්පෙ තොල ගාන ගමන් ඔලුව වැනුවා. 

  "ඇයි තනියම ඉන්නේ?" එහෙම අහන්න ඕන වුණත්, එච්චර පෞද්ගලික ප්‍රශ්න එකපාරම අහන්න නුසුදුසු නිසා මම කට වහගත්තා.

  "ඉතිරි ප්‍රශ්න ටිකත් අහන්න." ධනුක කිව්වා. "ගෙදරට වැඩි දුරක් නැතත් ඇයි තනියම ඉන්නේ. ඇයි අම්මලත් එක්ක ඉන්නෙ නැත්තේ, අම්මලා කැමති ද මෙහෙම ඉන්නවට..."

  "ඇයි එදා ඇඬුවේ?" මම ආයෙත් කතාව වෙනස් කළා.

  ධනුක මොහොතක් මම දිහා බලන් හිටියේ මුකුත්ම නොකියා. අඩුම තරමින් එයා රැව්වේ වත් නෑ. එකපාරටම ධනුක බලාපොරොත්තු නොවුණු විදිහට සද්දෙන් හිනා වුණා. ඒත් ඒක සතුටින් වුණ හිනාවක් නෙවෙ යි, ඒක තරහව නැත්තම් දුක පිට කරගන්න බැරිව වුණ හිනාවක්. එක පාරටම හිනා වුණා වගේම එයා හිනාවත් එක පාරට ම නැවැත්තුවා.

  "එදා අපි කතාවුනා නේ, ඒක අමතක කරනවා කියලා." ධනුක කිව්වේ තරහින්.

  "ඒත් මම කිව්වනේ මට අමතක කරන්න ඕනේ නෑ කියලා..." මම හිනා වුණා.

  "එහෙනම් කිස් කළේ?" ධනුක රැව්වා.

  "මට ඔච්චර රවන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න..." මම කිව්වා. “මම අමතක කරන්නම්.”

  "එච්චර යි? වෙන කොන්දේසි නැද්ද?" ධනුකගෙ ඇස් දිලිසුනා.

  ආයෙත් සැරයක් මට ඔයාගේ තොල්වල රස බලන්න ඕන, මුලු ඇඟම සිපගන්න දෙන්න ඕන, අන්තිමේදි ධනුක මගේ කරගන්න ඕන වගේ මට කියන්න කොන්දේසි දාහක් ඔලුවට ආවත්, මම කටවහගෙන හිටියා. ධනුක කිසි ගානක් නැතිව කෝපි කෝප්පෙ තොල ගෑවා. මොහොතකට මොනවත් වුණේ නෑ. අපි අපි දිහා බලන් හිටියා විතර ම යි. ධනුක කෝපි බීලා ඉවර වෙලා පුටුවෙන් නැගිටින්න උත්සහ කළා.

  මම ඊට ඉක්මන් වෙලා ධනුකගෙ පුටුව ලඟට ගිහින් එයාගෙ කකුල් දෙක දෙපැත්තට මගේ කකුල් දාලා එයාට මුහුණලා එයාගෙ උකුල උඩින් වාඩි වුණා. ධනුකගේ මූණ බලාගෙන ඕන තරම් වෙලාවක් ඉන්න පුලුවන්. එයාගේ මූණ ප්‍රෙහේලිකාවක් නම්, එයාගෙ ඇස් වංකගිරියක්, ඒ ප්‍රෙහේලිකා විසඳන්න කියලා එයා දිහා බලන් හිටියොත් එයාගෙ ඇස් අතරේ අතරමන් වෙලා, තව තවත් එයාගේ ඇස් තුලම ගිලා බහින්නේ පතුලක් නැති ආගාධයකට වගේ.

  ධනුක එයාගේ කෝප්පේ පැත්තකින් තියල, එක අතක් මගෙ පපුවටත් අනෙක මූණටත් ගෙනාවේ මාව තල්ලු කරන්න වුණත් ඒක එයා කළේ නෑ. මම එයාගෙ මූණට එබිලා එයාගෙ දෙතොල් මත මගෙ දෙතොල් දැවටුවා. මොහොතකින් ධනුක මාව පෙරලා සිපගත්තා. එයාගේ සිනිදු දෙතොල් මගෙ දෙතොල් හරහත්, මූණ පුරාත්, බෙල්ල වටේත් ඇතිල්ලුනේ සියුම් ආවේගයකින්. ධනුක මාවත් උස්සගෙනම පුටුවෙන් නැගිටිද්දි එයා ඇඳන් හිටපු ටවල් එක ගැලවිලා බිම වැටුනා. මට මොහොතකට හුස්ම ගන්න අමතක වුණා.

  ඒත් වැඩි වෙලා එයාගේ සර්ව සම්පූර්ණ නිරුවත් සිරුර දිහා බලන් ඉන්න මට හැකියාව ලැබුනේ නෑ. ධනුක මම ඇඳන් හිටපු ශර්ට් එක ගලවද්දි මම මගේ කලිසම ගැලෙව්වා. මම ඇඳන් හිටපු පැන්ඩා බොක්සර් එක දැකලා ධනුක හිනා වුණා. මම එයා හිනා වෙනවා දැකපු පළවෙනි වතාව. එයාගෙ හිනාවෙන ඇස් දෙක දැකලා මගෙ පපුවේ හද ගැස්ම කිහිප වතාවක්ම පැටලුණා.

  මම එයාගේ තොල් නැවතත් සිපගත්තා. එයා මාව තදින් බදාගෙන ඒ කිස් එකට ම නැඹුරු වුණා, එයා මගේ බොක්සර් එක ඇතුලට අතදාලා මාව අතගාන්න පටන් ගත්තා. මට 'අහ්' හඬින් කෙඳිරි ගෑවුණේ ඒ එක්ක ම යි. මමත් එයාව අනුකරණය කරමින් මගේ අත එයාගේ පපුව බඩ හරහා තවත් පහළට අරන් ගියා. මම මගේ අත එයාගෙ එක වටා තදින් බැඳගත්තම එයා මට තවත් ළංවෙලා ඇඟ උස් පහත් කළේ රටාවකට. එයත් එයාගේ අත මගෙ එක වටා තදින්න බැඳ ගත්තා.

  මම ධනුකගෙ සිරුර සමගත්, එයා මා එක්කත් අපි අපිව ප්‍රහර්ශයට පත් කරගනිමින් හිටියා. ටිකකින් එයාගේ උස් පහත් වීම වැඩි වෙලා, අපේ සිපගැනීමට එයා කෙඳිරි ගෑවා. ඊළඟ මොහොතේ මගෙ ඇස් දෙක පියවෙලා, නිලංකාර වෙලා කාළය ගතවීම මන්දගාමී වුණා. මම ධනුකත් එක්ක ම වින්දනයේ හිනිපෙත්තට පැමිණුනා. එයාගේ සහ මගෙ අතත් අපි දෙන්නගෙම බඩත් පපුවත් තෙත් වුණේ ඒ එක්ක ම යි. ධනුක මාව වත්තම් කරගෙනත් මම එයාගෙ ඇඟට බර වෙලාත් හිටියා. සතුට වැඩි කමට මම එයාගේ තොල් හපලාද කියලා නොතේරුනත් මගෙ දිවට යන්නම් ලේ රසක් ආවේ අපේ දීර්ඝ සිප ගැනීම් වාරය අවසන් කළාට පස්සේ.

  ධනුක ටවල් එක අරගෙන අපි දෙන්නව පිහ දැම්මා. එයා ඒක කරන කල් මම එයා දිහා බලන් හිටියේ නිරායාසයෙන් හිනාවෙන ගමන්. ධනුකගෙ තොල් රතු වෙලාත්, මූණ රෝස පාට වෙලත්, නලලට යන්තම් දාඩිය දාලත් තිබුනා. එයා මම දිහා බලලා හිනා වුණා. අව්‍යාජ හිනාවක්. මෙතෙක් දැකපු ලස්සනම හිනාව. එයා යන්න හැදුවා, මම එයාගේ අතින් අල්ලලා පොඩි හාදුවක් දුන්නා. ධනුක මගෙ නලල සිප ගත්තා.

  "මාත් එක්ක ශවර් එකක් දාන්න එනවද?" ටිකකින් එයා ඇහුවා.

  මම හිනා වුණේ ඔලුව වනන ගමන්.




~ මතුවට ~

upekus likes this post

Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-22, 6:35 pm
Yohan wrote:
Mandaram wrote:මේ කතාව ලියවුනේ, නැත්තම් ලියවෙන්න පටන් ගත්තේ "ජීවිතයට ඉඩ දෙන්න" කෙටි කතාවට ප්‍රතිචාරයක් හැටියට යොහාන් කළ ඉල්ලීමක් මත. "වැල කතාවක්" ලියන්න කියල කිව්ව නිසා, මම කලින් එහෙම කතාවක් ලියලා නොතිබුනත් මමට කරන අභියෝගයක් හැටියට මම කතාව ලියන්න පටන් ගත්තත් ලියවුනේ "වැල කතාවක්" ද නැද්ද කියන එක වෙනම හිතල බලන්න ඕන කාරණාවක්. කොහොම වුණත් එහෙම ඉල්ලීමක් කළ යොහාන්ටත්, මේ කතාවත් මම ලියූ අනිත් කතාත් කියවූ, අදහස් දැක්වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
අම්මෝ මන්දා ඔයා.. ආදරෙයි හොදේ ...

bath bath bath ඔයා දන්නවා මන් මේ සිම්බල් එකෙන් මොකක්ද කියන්නේ කියලා .. 



ඉස්සර වගේ දැන් සයිට් එකට එන එක අඩු වෙලා ...  හැබැයි අද හිදලා දවස ගානේ .. සයිට් එකට එනවා මේක අප්ඩේට් වෙලාද බලන්න හොදේ .. 


bath bath bath ආදරෙයි මන්දාරම් පැටියෝ ... ඊලග එපිය ඉක්මනට ලියන්න 

කියෙව්වට, කමෙන්ට් කලාට බොහොම ස්තුතියි. මම සතියකට එක කොටසක් ලියන්න උත්සහ කරනවා. කෙටි කතාවක් නිසා, කොටස් පහකින් විතර කතාව ඉවර වේවි.  thumbup
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5141
Member Since : 2018-01-24

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-22, 8:47 pm
Lassanaiiii 😍😍
omiomira
omiomira
Regular Member
Country : Sri Lanka
Posts : 62
GetReal Gold : 4157
Member Since : 2018-10-03

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-04-26, 1:45 am
patta bro kathawa

niyamai lassanai

digatama liyamu
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5141
Member Since : 2018-01-24

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-05-01, 10:10 pm
Aiye kathaawa danne nadda ???????
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9838
Member Since : 2015-05-03

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-05-03, 12:03 am
දවස් 10ක් ගියා තුන්වෙනි කොටස දාන්න​.
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-10-19, 3:53 pm
තෙවන කොටස - ලොලි පොප් සමග විස්කි

  "දැන් ඉතින් උඹ බඳින්නේ කවද්ද??" තරුශ මටත් එයාටත් නැවත වාරයක් විස්කි පුරවන ගමන් ඇහුවා.

  අක්කගෙ වෙඩින් එකට ඔෆිස් එකේ මගේ යාලුවෝ කීප දෙනෙකුත් ඇවිත් හිටියා. කතාකරන දාහක් මාතෘකා අතර බොස්ගෙ ගුණ වර්ණනාත්, අලුතෙන් ආපු කෙල්ලෙගේ කොට සායත්, ලබන මාසෙ ඇනුවල් පාටි එකත් ප්‍රධාන සාකච්චා වුණා. ඔය එක මාතෘකාවකටවත් මට විශේෂ කැමැත්තක්වත් අකැමැත්තක්වත් නොතිබුනාට සෙට් එකත් එක්ක එකතුවෙලා කිසිම වැදගැම්මකට නැති දේවල් කියවමින් බොන එක සතුට ට කාරණයක් වුණා. ඒත් හැම දෙයක් වගේම සතුට වුණත් අනිත්‍ය යි. මම කතාකරන්න අකැමතිම මාතෘකාවකට අපි ඇවිත් තිබුණා.

  තරුශ ඕනවට වඩා විස්කි පිරෙව්වා කියන්නත්, කොහොමටත් ඒ වෙද්දිත් අපි බීලා වැඩි යි කියන්නත්, මට තව ටිකකින් නටන්න තියනවා කියලත් අමතක වුණේ මේ ප්‍රශ්නෙට මගෙන් උත්තරේ ලැබෙන කල් තරුශ විතරක් නෙවෙ යි මුලු මේසෙම කටවල් ඇරගෙන මගේ දිහා බලන් හිටිය නිසා. කොච්චර අකැමති වුණත්, කොච්චර මගහැරියා වුණත්, කොච්චර ඒ වෙනුවෙන් වද වේදනා වින්දත් සමහර ප්‍රශ්නවලට අපිට උත්තර හොයන්නම වෙනවා නැත්තම් වෙන්නේ ඒ ප්‍රශ්න අපි බලාපොරොත්තු නොවන වෙලාවක අඳුරේ හැංගිලා ඉඳලා කඩා පැනලා අපිට පන්න පන්න පහර දෙන එක.

  "බඳින්න ඉතින් උඹෙ නංගි මට කැමති නෑනේ." මම හිනා වෙන්න උත්සහ කළා.

  "විහිලු නෙවෙ යි බං, කියපන්කො ඉතින්." 

  "කොල්ලෙක්ව බඳින්න පුලුවන් දවසක බඳිනවා." එහෙම කියන්න කටට ආවට මම දිව හපාගත්තා. පිරුණු විස්කි වීදුරුව කටට හලාගත්තා. අවස්තා ගණනාවකම මීට සමාන ප්‍රශ්න අහද්දි ‘මම කෙල්ලන්ට නෙවෙයි කැමති’ කියල කියන්න උත්සහ කරත් ඒ සිතුවිල්ල වචන වලට පෙරලුනේ නෑ. හිත වද දීලා, දිව අග ගල් වෙලා, උගුර වේලිලා, පරිසරය අඳුරු වෙලා ඔලුව කැරකෙන්න ගත්තා. 

  හිස් වීදුරුව නැවත් පුරවන්න ගිහින් මගෙ අතින් විස්කි ඕනවට වඩා වැඩිව පිරිලා ඉතිරිලා ගියා.

  ‘ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?’ කියල අහන්න පටන් අරන්, ‘මම අඳුරන් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්න ද?’ කියලා වෙනකල් ප්‍රශ්න වලට එවෙලෙට එවෙලෙට හිතට එන උත්තර දුන්නත්, ඒ ප්‍රශ්න වලින් ගැලවෙලා යන්න බැරි අවසතාවක් එන බව මම දැනන් හිටියා. ඒත් කොච්චර ඒ ගැන හිතුවත්, වද වුණත්, විවිධ සිදුවීම උපකල්පනය කළත් ඒ අවස්තාවේදි දෙන්න උත්තරයක් මා ගාව තිබුනේ නෑ.  ඇත්ත කියන්න බැරිව යම්කිසි චකිතයකිනුත්, බයකිනුත්, සියුම් තරහකිනුත් හිත ඔත්පල වෙලා තිබුණා. 

  "රමේශ්, අක්කා පොඩ්ඩකට කතා කළා." එකපාරට ම ධනුක ඇවිත් හිටියා.

  මම ඉතිරි විස්කි ටිකත් බීලා තරුශට තට්ටුවක් දාලා නැගිට්ටා. අක්කට පිං සිද්ධ වෙන්න මම මේ වතාවේ බේරුණා. ඒත් ඒ සතුට විඳින්න වැඩිකල් ලැබුනේ නෑ. විස්කි බීලා වැඩි යි කියලා තේරුනේ එතකොට යි. ඒක කාටවත් නොපෙන්වා ඇවිදින්න උත්සහ කළත් ධනුක කටකොනින් හිනාවෙනවා දකිද්දි තේරුනා ඒක සාර්තක නැහැ කියලා. තාරාවෙක් වගේ ඇවිදගෙන අක්කා ළඟට යද්දී ශානිකා ඉනට අත්දෙක තියාගෙන හිටියා. අක්කා ඇස් දෙක පුංචි කලා.

  "අයියෝ රමේශ්, මේ මොකද, හොඳටම බීලා" ශානිකා නහයෙන් ඇඬුවා. "තව ටිකකින් ඩාන්ස් එක."

  "හරි ඉතින්." මට කියවුණා. "මම රෙඩී."

  "රෙඩී තමා... හොඳටම බීලා..." ශානිකා රැව්වා. "කොහොමද ඔහොම ඩාන්ස් කරන්නේ..."

  "මෙහෙම..." කියලා මම පොඩ්ඩක් නටලා පෙන්නන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ හිතපු තරම් වෙරි වෙලා නටන්න පහසු නැති බව. එක සැරයක් කැරකිලා නවතින්න බැරි වුණහම ධනුක මාව අතින් අල්ලලා නැවැත්තුවා. 

  "නෑ නෑ මට පුලුවන්." මම ධනුකගෙ අත ගසලා දැම්මා.

  "තමුසෙනම් අනේ මන්දා..." අක්කා ඔලුවට අත තියාගෙන ධනුක දිහා බැලුවා. "අනේ මල්ලි මෙයාව වොශ් රූම් එකට එක්කන් ගිහින් පොඩ්ඩක් මූණ හෝදවන්න."

  ශානිකා ලොකු සුසුමක් පිට කරනවත්, මම අක්කට මොනවහරි කියන්න උත්සහ කරවත්, ‘මට වෙරි නෑ’ කියද්දි මාව ධනුක මාව අතින් ඇදගෙන වොශ් රූම් එකට ඇදගෙන යනවත් වුණේ එක පෙළට ඉබේටම වගේ. සමහරවිට ශානිකා හරි වෙන්න ඇති; මම ඕනවට වඩා බීලත්, වෙරි මතින් නැහැවිලත්, මගේ පියවි සිහිය සීග්‍රයෙන් බිඳ වැටෙමිනුත් තිබුණා. මගේ ඇස් පෙනීම දුර්වල වෙලා වටපිටාව බොඳ වෙලා පෙනෙන්නත්, මා වටේ ඉන්න අයත් තියෙන දේවලුත් මගේ වටේ කැරකෙන්න ගන්නත්, මගේ තාරා ගමන හඳේ ඇවිදීමක් දක්වා වර්ධනය වෙන්නත් වැඩි කාලයක් ගියේ නෑ. මම ධනුකගේ අත තදින් අල්ලාගත්තා.

  ධනුක වොශ් රූම් එකේ දොර වහලා, මගෙ කෝට් එක ගලවලා, ටයි එක බුරුල් කරලා මගේ මූණේ වතුර ගෑවා. මේ සියල්ල සිදුවෙද්දි මගේ අවදානය ක්‍රමයෙන් මගෙන් ගිලිහී යමින් තිබුණා. මේවා වුණා කියලා මගේ සංවේදන ඉංද්‍රියන් දැනන් හිටියට මනස ඒ කිසිදෙයක් ගණනකට ගත්තේ නෑ. මම සින්ක් එක ළඟ බිත්තියට හේත්තු වෙලා හිටියේ ඒ ඉන්නේ මම නෙවෙ යි වෙන කෙනෙක් වගේ. මම මොනවහරි කියන්න උත්සහ කළත් ආවෙ වචන නෙවෙ යි වමනේ. හොඳ වෙලාවට කොමඩ් එක ළඟට යනකල් මට ඉන්න පුලුවන් වුණා. 

  කොමඩ් එක බදාගෙන පැයගානක් වමනේ දැම්මා වගේ තේරුනත් එහෙම වෙලා තිබුනේ නෑ. අන්තිමට වමනේ කරලා තවත් යන්න දෙයක් නොතිබුනු තැන මම නැගිට්ටා. වමනෙත් එක්ක මත ගියාද නැත්නම්, ධනුක මෙච්චර දෙයක් දැක්ක එකේ ලැජ්ජාවද, තව ටිකකින් තියෙන ඩාන්ස් එකට යන්න බැරිවුණොත් අක්කගෙන් අහගන්න වෙන බැණුම් ගැන වදවුණු නිසාද කියලා නොදන්නවා වුණාට කලින්ට වඩා මට සමබරව ඉන්නත් වැනෙන්නේ නැතිව ඇවිදින්නත් පුලුවන් වුණා. 

  කොහෙන්හරි ධනුක මවුත්වොශ් එකක් හොයාගෙන තිබුණා. දෙතුන් පාරක් කට හෝදලත් මූණ හේදුවටත් පස්සේ මට මම ගැනම තිබුණු අප්පිරියාව ක්‍රමයෙන් අඩු වුණා. මොකක් හරි වාසනාවකට ඇඳුම ජරා වෙලා තිබුණේ නෑ. නැවතත් ඇඳුම හදාගෙන, පර්ෆ්‍යුම් ගාගත්තට පස්සේ මම සීයට අනූනවයක් යථා තත්වයට පත් වෙලා තිබුණා.

  "දැන් කොහොමද?" ධනුක ඇහුවා. 

  මම ඔලුව වැනුවේ දැන් ලොකු වරදක් නෑ කියන්න.

  "මම බලන් ඉන්නෙ රමේශ් නටනකල්." ධනුක ටිකකින් කිව්වා. 

  මම වොශ් රූම් එකෙ කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ හැදුවා. ධනුක හිටියේ මට පිටිපස්සෙන් එයාගෙ ටයි එක හදන ගමන්. ධනුක රැවුල වවලා කොණ්ඩෙ පිටිපස්සට පීරලා හිටියේ එයාගේ එදිනෙදා පෙනුම තරමක් වෙනස් කරලා.  අලුත් පෙනුමෙන් එයාගෙ කඩවසම් බව වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. කොහොම වුණත් එයාගෙ උකුසු ඇස් දෙක සුපුරුදු විදිහටම මගේ ඇස් වලට එබුනේ කණ්ණඩියේ ප්‍රතිබිම්බය හරහා. මම ධනුක දිහා බැලුවම ඒ ඇස් දිලිසුනා. 

  "එහෙමද ආස?" මම ඇහුවා.

  ධනුක යන්තමින් හිනා වුණා. ධනුක ක්‍රම ක්‍රමයෙන් මාත් එක්ක හිනාවෙන අවස්තාවල් වැඩි වෙලා තිබුනත්, කලින්ට වඩා වැඩියෙන් වචන කිහිපයක් මාත් එක්ක කතා කළා වුණත්, ඉඳලා හිටලා මම කෝල් ගත්තම ආන්සර් කළා වුණත්, අපි අතර තියෙන නම් කළ නොහැකි සම්බන්දය එතනින් එහාට වර්ධනය වුණේ නෑ. එයාගේ පෞද්ගලික විස්තර, කැමති අකමැති දේවල්, කාපු බීපු දේවල් වගේ සරල දේවල් ගැන කතාකරන එකට එයා වැඩි කැමත්තක් දැක්වුවේ නෑ වගේ ම, එදා එයා අඬපු එක ගැන කතා කරන එක තහනම් මාතෘකාවක් වුණා.

  "මට රමේශ් නටන්න හරි ම දක්ශයි කියලා ආරංචියක් ආවා." ධනුක ඇස් පුංචි කළා.

  මම උත්තර දෙන්න ගියේ නෑ. ඇත්ත, මුලදි මුලදි මට මොනවත්ම කරගන්න බැරි වෙලා තිබුනත් ශානිකාගේ වද කිරීම මතත් දවස් ගානක පුහුණු වීම මතත් මට යන්තම් යමක් කරගන්න පුලුවන් වුණා. ඒත් ඒක ධනුක දැනගන්න ඕන නෑ. සමහරවිට බලාපොරොත්තු අඩුවෙන් තිබිලා, හිතුවට වඩා දෙයක් කරද්දි ධනුක පුදුම වෙ යි, ඒත් එහෙම නොවෙන්නත් ඉඩ තියනවා, ධනුකගෙ අනාගත හැසිරීම් උපකල්පනය කරන්න අමාරු යි. මම උරහිස් ඇකිලුවා.

  "මගෙ ළඟ ගඳයි ද?" මම ඇහුවා.

  ධනුක මගෙ ළඟට ඇවිත් එයාගෙ මූණ මට ළං කළා, ඕනවටත් වඩා. කිහිපවතාවක් එයා එයාගේ මූණ මගේ මූණේ ගෑවෙන නොගෑවෙන තරම් ළඟින් එහා මෙහා ගියා. මම කොහොම වුණත් ධනුකගෙන් ආවේ නම් ඕන කෙනෙක් දෙපාරක් නෙවෙ යි කිහිපවතාවක් නැවතිලා නැවත් නැවතත් විඳින විදිහේ සුවඳක්. 

  ප්‍රශ්නෙට උත්තරේ විදිහට ධනුක ඔලුව වනලා මගේ දිහා බලන් හිටියම මම ඇහැක් ගැහුවා. ධනුකගෙ ඇස් වලට එබිලා ඒ අතරේ අතුරුදන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ධනුක මාව සිප ගත්තා. ධනුක කළේ මාවත් ඇදගෙන වොශ් රූම් එකේ බිත්තියකට මාව තල්ලු කරපු එක එක. මට මොනවත්ම කියන්න දෙන්නේ නැතුව මාව නැවතත් කිස් කරපු එක. එතකොට මම එයාගෙ කෝට් එක යටින් අත දාල එයාව බදාගත්තා. ධනුක මාව කිස් කරන අතරේ මගෙ තොල හැපුවා, සමහරවිට ඕනවටත් වඩා තදින්, ඒක රිදෙන්න ඕන වුණත් මම ඒකට බලාපොරොත්තු නොවුනු විදිහට කැමති වුණා.

  ඒත් එක්කම වොශ් රූම් එකේ දොරට කවුද තට්ටු කළා. ධනුක කිස් කරන එක නවත්තලා මම දිහා බලලා ඇහිබැම ඇකිලුවා. මම කවුරුහරි ඇවිත් කියන්න කට ඇරියත් ධනුක ක්ෂනයකින් මගෙ කට වැහුවා. ආපු කෙනා ආයේ යන්න ගියාට පස්සෙ යි ධනුක අත අයින් කළේ.

  මගේ හදවත ගැහීම දෙගුණයකින් ඉහල ගිහින් තිබුණට, මගේ මත්පැන් මත රාගයේ මත හැටියට පරිවර්තනය වුණාට, මොහොතකට කලින් මම මීට බොහොම වෙනස් අත්දැකීමක් ලබමින් හිටියට මේ වෙනසට මම කැමති වුණා. මගෙ සියලු සංවේදනා නැවතත් බොහොම තීව්‍ර වෙලා, ඒ සියල්ලම විඳ ගනිමින් හිටියේ ධනුකව, එයාව විඳගනිමින් ඒ සියලු සංවේදනා වලටම මම ඉබේටම ප්‍රතිචාර දක්වමින් හිටියා.

  මම නැවතත් ධනුකව සිපගත්තා. ඒ එක විදිහකින් එයාට ස්තුති කරන්න, නැත්තම් එයාට මගේ කැමැත්ත ප්‍රකාශ කරන්න, එහෙමත් නැත්තම් එයාට අපි අතරේ තියෙන නමක් නැති සම්බන්දයට නමක් හොයන්න වගේ හේතු එක් දහසකට වෙන්න පුලුවන් වෙන්න වුණත් මම ඒ හේතු වලට එක් දහසක් එක් වතාවක් ඇලෙමින් ඒ තුල වෙලෙමින් මනසේ සිහින ලෝක තනමින් හිටියා.

  එක විදිහකින් මට එහෙම හීන තැනීමක් අවශ්‍යය වෙලා තිබුණා. ලෝකේ අනිත් ප්‍රශ්න දස දහසක් තිබුනත් ඒ හැමදෙයක්ම මොහොතකට නෙවෙයි සහස්‍ර වර්ශයකට අමතක කරන්න පුලුවන් කමක් ධනුකට තිබුණා. සමහරවිට ඒහෙම කවුරුත් මත මගෙ සතුට යැපෙන එක මගේ මදි පාඩුවක්, වැරැද්දක් වෙන්න පුලුවන් වුණාට එහෙම කෙනෙක් හරි මට ඉන්න එක ගැන මම සතුටු වුණා.

  "මාව බඳිනවද ධනුක?" මම එහෙම ඇහුවේ නැතත් එහෙම අහන්න තියන උවමනාව කියාගන්න බැරි තරම්. සමහරවිට අපි වෙනත් ලෝකෙක, වෙනත් කාලෙක, වෙනත් අවස්තාවක හිටියා නම් ඒ හිතුවිල්ල වචන වලට පෙරලෙන්න ඕන තරම් හැකියාව තිබුණා. ඒත් මේ රටේ, මේ කාලේ, මේ අවස්තාවේ මට එහෙම අහන්න කොහෙත්ම ඉඩක් නැති නිසා මම ඒ වචන හිතේම විසුරුවා හරිමින් ධනුකව තදින් සිපගත්තා.

  දොර නැවතත් නාද වුණා. මේ පාර කටහඬකුත් එක්ක.

  "රමේශ් එන්නෙ නැද්ද, දැන් ඩාන්ස් එක." ශානිකා කෑගැහුවා.

  "ඉතිරි ටික පස්සේ..." මම ධනුකගෙ කනට කෙඳිරුවා.

  * * * * *

  ස්ප්‍රයිස් ඩාන්ස් එකත්, හැමෝම කාල බීලත්, ඔක්කොම එක්ක එකතු වෙලා නටලත්, අක්කා හැමෝටම අතවනලා හනිමූන් එකට පිටත් වුණට පස්සේත් හැමෝම ටිකෙන් ටික විසිර යන්න ගියා. වෙඩින් එක අක්කා කැමතිම විදිහට, සමහර විට ඊටත් වඩා හොඳින් සිද්ද වුණා. මම රිසෙප්ශන් හෝල් එකේ එලියේ තියන බෙන්ච් එකක වාඩි වෙලා සිගරට් එකක් පත්තු කරගත්තා. 

  තරුශවත් වෙන කවුරුවත් මගෙන් බඳින එක ගැන ඇහුවේ වත් අහන්න අවස්තාවක්වත් ලැබුනේත් නෑ. මම හිතන්නේ ශානිකා මගේ ස්ප්‍රයිස් ඩාන්ස් එක දැකලා පුදුම වුණා, ඒ ඒක එච්චර හොඳ නිසා නෙවෙයි, එයා හිතපු තරම් මම නරක නොවුණු නිසා. අක්කා යන්න යද්දි පොඩ්ඩක් විතර අඬන්න හැදුවත් බොරුවට විහිලුවක් කරලා ඒක තාවකාලිකව නවත්තන්න මට පුලුවන් වුණා. ඒත් අක්කා වාහනේට නැගලා මට අත වැනුවම අඬුනේ මට යි කියලා තේරුනේ මට නොදැනීම කම්මුල තෙත් වුණහම.

  මම හිතුවත් එයා ගිහින් ඇති කියලා ටිකකින් ධනුක මට එහා පැත්තෙන් වාඩි වුණා. එයා අත දික් කලහම මම බාගෙට බොමින් හිටපු සිගරට් එක දුන්නා. 

  "දැන් අපි දෙන්නා සමාන යි." ධනුක සිගරට් දුමක් පිටකරන ගමන් කිව්වා.

  මම ධනුක දිහා බැලුවේ එහෙම කිව්වේ ඇයි අහන්න.

  "මම දැක්කා රමේශ් අඬනවා."

  "ඔව්, ඒත් මට ඒක අමතක කරන්න ඕනවත්, ඒක ගැන ලැජ්ජාවක්වත් නෑ..." එහෙම කිව්වට පස්සෙයි තේරුණේ මම කිව්ව දේ සැර වැඩි යි කියලා.

  "රමේශ් ඇයි හිතුවේ මට ලැජ්ජාවක් තියනවා කියලා." ධනුක රැව්වා. "සමහරවිට මට ඇත්තේ ඔයාට කියන්න උවමනාවක් නැති කම වෙන්න පුලුවන්."

  ධනුක ඉවර වුණු සිගරට් කොටය විසිකරලා නැගිට්ටා. මම එයාගේ අතින් අල්ලලා නැවැත්තුවා. 

  "තෑන්ක්ස්..." මම කිව්වා.

  "මොනවටද?" ධනුක ඇස් පුංචි කළා.

  "මං වෙනුවෙන් හිටියට, අක්කවත් ඔච්චර දෙයක් මම වෙනුවෙන් කරන එකක් නෑ." මම කිව්වා. "මම හිතුවේ මාව එපා වෙයි කියලා. ඇත්තටම කිව්වොත් අපි දෙන්නා සමාන නෑ. ධනුක මට උඩින් ඉන්නේ..."

  "මම ඔයාට උඩින්?" ධනුක හිනා වුණා. "එහෙමද ආස?"

  "තෑන්ක්ස්, මම වෙනුවෙන් හිටියට, තවමත් ඉන්නවට..." මම ධනුකගෙ ඇස් දිහා බැලුවා.

  "මම හිටියේ මට පොරොන්දුවක් වුණ නිසා..." ධනුකගෙ ඇස් දිලිසුනා.

  නැවතත් අපි වොශ් රූම් එකේ හිටියේ. මේ වෙද්දි සියලු දෙනාම වගේ පිටත් වෙලා තිබුනු නිසා අපිට කරදර කරන්න කවුරුවත් හිට්යේ නෑ. මම ධනුකව පෙරලා සිපගන්න පටන් ගත්තා.  මොහොතක් එයාගෙ සියුමැලි දෙතොල් අතර වෙලෙමින්, තෙරපෙමින්, දඟලමින් හැසිරුනු මගේ දෙතොල් ක්‍රමයෙන් ධනුකගේ නිකටත්, බෙල්ලත් පහුකර ගෙන ධනුකගෙ ශර්ට් එක ගලවමින් පපුවේ තනපුඩුවකට ආවා. මම හිතන්නෙ මගෙ අතින් නොදැනීම, සමහරවිටක හොඳමට දැනගෙනම උවමනාවෙන් එයාගේ එක තනපුඩුවක් මිරිකන ගමන් අනෙක විකුවා. ධනුකට කෙඳිරි ගෑවුනේ ඒ එක්කම යි.

  ධනුකගෙ පපුවෙත්, බඩෙත් තියෙන රෝම කූප අතරින් මගෙ ඇඟිලි තුඩු යවමින්, සිපගනිමින්, එයාව ආග්‍රහණය කරමින් මම ක්‍රමයෙන් මගෙ තොල් තවත් පහලට ගෙනිච්චේ තරමක ආවේගයකින්. ධනුක මගේ කොණ්ඩේ අතරින් අතැඟිලි යවලා යන්තමින් කෙස්ගස් අදිද්දි මට රිදුනත් මම ඒකට කැමති වුණා. මම එයාගෙ කලිසමේ සිප් එක ඇරලා කලිසම පහත් කරලා, බොක්සර් එක උඩින් සිපගත්තා. ඒ වෙද්දි බොක්සර් එකෙන් ඇති වැඩක් නැති තරම්, වැහෙන්න ඕන කිසිදෙයක් නිවැරදි විදිහට වැහිලා තිබුණේ නෑ. මම බොක්සර් එක පහළට ඇද්දා. එයාගෙ එක ඕනවටත් වඩා ප්‍රාණවත් වෙලා මගේ කම්මුලේ වැදුනා. 

  ඉන්පස්සේ මම කළේ ඒක සිපගත්ත එක, දිවගින් ඒකේ අග යන්තමින් තෙත් කරපු එක, තදින් අල්ලලා පිරිමැදපු එක. ධනුකට නැවත වාරයක් කෙඳිරි ගෑවුණා. මගෙ එක අතක් එයාගේ රෝමකූප අතරින් යවලා නැවතත් තනපුඩු මිරිගන ගමන්, අනිත් අත එයාගේ දැක්කොත් හපන්න හිතෙන පස්ස අල්ලන්ත්, කටින් ප්‍රාණවත් වෙලා මගෙ මූණේ දැවටුණු එයාගෙ එක කටටත් ගත්තා.

  ධනුකගෙ සුවද විඳගන්න අතරේ, එයාගේ ඇඟිලි මගේ හිසේ කෙස් අතර සැරිසරන අතරේ, මම මගේ තොල් වලින් එයාව තව තවත් ප්‍රහර්ශට පත්කරමින් ඉන්න අතරේ ධනුක තරමක් තදින් එයාගේ ඉණ ඉස්සරහටත් පස්සටත් කරන්න ගත්තා. මම රාගයේ හිනිපෙත්තටම එද්දි ධනුකත් ඒ අවස්තාවටම බොහොමත්ම ළං වෙලා කියලා තේරුනේ, එයාගේ හුස්ම ගැනීමේ වේගය ක්‍රමයන් වැඩිවෙන්න ගත්ත නිසා.

  එකපාටම ධනුක මගෙ කොණ්ඩෙන් තදින් අදිනවත් එක්කම, එයාගේ දෙතොලින් "අහ්" කියලා කෑගැහෙනවත් එක්කම, මගේ උගුර එකළඟ එකළඟ කිහිපවතාවක් රත් වෙලා යනවත් එක්කම ධනුක එයාට පැමිණිය හැකි සතුටේ උපරිමයටම ඇවිත් හිටියා. ධනුක එතෙක් වෙලා වහගෙන හිටපු ඇස් ඇරලා මම දිහා බැලුවා. ඒ ඇස් කාමයෙන් පිච්චුනාට, තියෙන්නේ ඒ දේ විතරක් නෙවෙයි කියල නොදන්නවා වුණත් හිතුනා.

  ඉන් පස්සේ ධනුක මගේ එක අතක් තදින් අල්ලලා නැවැත්තුවා. එතකොටයි මට තේරුනේ මම ඒ අතින් ධනුකගෙ පස්ස මිරිකමින්, තට්ටම් අතර සිර වෙමින්, අතේ ඇඟිලි තට්ටම් අතර සැඟවුණු විවරය සොයමින් තිබුනු බව.

  මම ධනුකගේ මූණ දිහා බලද්දි එයා ඔලුව වැනුවා. මම සුසුමක් හෙලුවා. 

  "සොරි" මම අත අයින් කළා.

  "මම ටොප්" ධනුක කිව්වා.

  මගෙ හදවත මොහොතකට නැවතුනා. 

  "මමත්" මට කිය වුණා.

 
~ මතුවට ~
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8506
Member Since : 2013-08-29

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-10-19, 3:57 pm
Tylor wrote:Lassanaiiii 😍😍

omiomira wrote:patta bro kathawa

niyamai lassanai

digatama liyamu

Tylor wrote:Aiye kathaawa danne nadda ???????

Hitha Honda Kolla wrote:දවස් 10ක් ගියා තුන්වෙනි කොටස දාන්න​.


හැමෝටම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි සහ වෙලාවට මේ කොටස දාන්න බැරි වුණාට බොහොම කණගාටු යි. අනෙත් කොටස් වෙලාවට දාන්න උත්සහ කරන්නම්! :)
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5141
Member Since : 2018-01-24

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

2021-10-20, 6:49 pm
Digatama liyanna aiye kathawa lassanai
Sponsored content

විකසිත ආදර ප්‍රාර්ථනා Empty Re: විකසිත ආදර ප්‍රාර්ථනා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum