Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 6:32 pm
Message reputation : 100% (5 votes)
[You must be registered and logged in to see this image.]
කාලෙකට පස්සේ පොඩි ලිපියක් ලියන්න හිතුණා. පහුගිය කාලේ ලිපියක් ලියාගන්න තරමේ විවේකයක් තිබුණේ නැහැ. ඔන්න අපි අද මාතෘකාවට බහිමුකෝ. පහුගිය දවසක මේ සයිට් එකේම ඉන්න මල්ලිකෙනෙක් ගෙන් මට කෝල් එකක් ආවා. (මගේ ෆෝන් නම්බර් එක ඌට දුන්නු එකා අහුවුණොත් මම​....) ඒ මල්ලිට පොඩි ප්‍රශ්නයක්ලු. මම ඉතින් කිසිම උපදෙසක් දෙන්න ගියේ නැහැ. එයාගෙ කථාව අහගෙන ඉඳලා මමත් පොඩි පොඩි කතන්දර ටිකක් කිව්වා. ඉතින් මට හිතුණා එයාට කිව්ව සමහර දේවල් ඔයාලටත් වැදගත් වේවි කියල හිතුණ නිසා මම අන්න ඒ දේවල් ගැන චුට්ටක් කතා කරන්නයි හදන්නේ.

කථාව පටන් ගන්න කලින් පොඩි මොඩ්ල් එකක් හදමු. ඔන්න ඉන්නවා සමන් කියලා කොල්ලෙක්. අපි හිතමු සමන් සාමාන්‍ය පවුලක කොල්ලෙක් කියලා. සමනුත් අපි වගේ කියමුකෝ (ඒ කියන්නේ සමන් සමලිංගිකයි). සමන්ට  ඕනා එයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් එයාගෙ යුතුකම් ඉෂ්ට කරන්න​. ඒ කියන්නේ ඒ දෙන්නව හොඳින් බලාගන්න​, දේපල රැකගන්න​, පරම්පරාවෙ නම්බුව තියන්න​. හෝව් පොඩ්ඩක්, මම මේ කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ගෙන් දෙමව්පියෝ, සමාජය බලාපොරොත්තුවෙන දේවල්. සමන් කැමති නැහැ එයා සමලිංගිකයි කියල සමාජය දැනගන්නවට​. මොකද එයා බයයි ඒකෙන් එයාගේ සමාජීය ප්‍රතිරූපයට හානියක් වේවි කියලා. ඔන්න ඉතින් ඔහොමයි වෙන්නෙ කියමුකෝ. දැන් ඉතින් මම මෙතන ඉඳන් අපේ කථාව ගෙනියන්නයි හදන්නේ.


[You must be registered and logged in to see this image.]
1.සමාජප්‍රතිරූපය

ඇත්තටම කිව්වොත් අපි ගොඩක් සැලකිලිමත්වෙන දෙයක් තමයි අපේ සමාජප්‍රතිරූපය​. අපේ සමාජය වගේ බහුතර සමලිංගිකභීතිකාවෙන් පෙලෙන සමාජයක සමන් එහෙම හිතන එකේ කිසිම වරදක් ඇතැයි කියල මටනම් හිතෙන්නේ නැහැ. ඒත් එහෙමයි කියල කපිල අයිය වගේ ඉන්න හිතුවොත් ඒකත් හරි අමාරු වැඩක්. කවුද බොලේ කපිල අයියා?

කපිල කියන්නේ මම ව්‍යාජ ප්‍රොෆයිලයකින් අඳුන ගත්තු අයියා කෙනෙක්. ඇත්තටම එයාට ගොඩක් හොඳ ගතිගුණ තියනවා. එයාට දැන් වයස 35ක් විතර​. විවාහ වෙන්නේ නැහැල්ලු. එයා 100%ක් gay. ඒත් එයා gay relationship එකකට කැමති නැහැ. ඒ මොකද එයාට අවුරුදු 19දී විතර කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබිල තියනවා. ඒ කොල්ලා එයාව නපුංසකයෙක් ගාණට දාල ගමේ කථාපතුරවල තියනවා. ඒකෙන් එයා මානසිකව ගොඩක් වැටිල තියනවා. ඒත් එයා දැන් ජීවත් වෙන්නෙත් ලොකු පීඩනයකින්.

මේ ගැන කියන්න පුළුවන් මොනවද​? අපිට තනි තනිව අපේ සමාජය වෙනස් කරන්න බැහැ. ඒ වගේම සමාජයට ඕනවට වඩා බයවෙලත් බැහැ. තමන්ටම කියල තමන්ට ඕන විදියේ ජීවිතයක් වෙනුවෙන් සමහරවෙලාවට
පොඩි අවදානමක් ගන්න වෙනවා. ඒ වගේම එතනදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් සම්‍යක්ප්‍රයෝගවලින් වැඩ කරන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා.

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 7:47 pm
Message reputation : 100% (3 votes)
[You must be registered and logged in to see this image.]
2. ආදරය, ලිංගිකත්වය​, විවාහය හා ජීවිතය

ඇයි අපි ආදරය කරන්නේ? ජීවත්වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා,  තවකෙනෙකුගේ අවධානය​, සෙනෙහස​, හැඟීම්, ආකල්ප බෙදාහදාගැනීම බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් වගේ දේවල් ගොඩක්.
ඇයි අපි ලිංගික සබඳතා පවත්වන්නේ? උත්තරය වර්ගයාගේ පැවත්ම උදෙසා කියල කියනවනම් ඒක ඇත්තම ඇත්ත පිළිතුරක් වෙන්නේ නැහැ. ඒක මට මුලින්ම කියල දුන්නේ අපේ අම්මා. "ගෑණියක් හා පිරිමියෙක් අතර සම්බන්ධතාවයකදී එයාල sex කියන දේ විඳිනවා. ඒ විඳීම සහ ඒ ඔස්සේ එන සංතෘප්තිය වෙනුවෙනුයි sex කරන්නේ. එහෙම නැතුව වර්ගයාගෙ පැවත්ම උදෙසා නම් කසාදබැන්දට පස්සේ පෝලිමට ලමයි බරගාණක් ඉන්න ඕනනේ." ඔන්න ඔහොමයි අපේ අම්ම දවසක් මට කියල දුන්නේ.

ඔන්න ඔතනට අපේ කථානායකයා සමන් ආවයි කියමුකෝ. සමන් ආදරේ කරන්නෙ කොල්ලෙක්ට​. ඒත් මෙතනදී එයා තීරණය කරනවා දෙමව්පියන් වෙනුවෙන් කියල කසාදබඳින්න​. අපේ සමන් දැන් ගැහැණු ලමයෙක් එක්ක විවහවෙලා. දැන් මොකද වෙන්නේ?


1. ඒ ගැහැණු ලමයා සමන් ගෙන් ආදරය​, රැකවරණය​, සෙනෙහස බලාපොරොත්තුවෙනවා. නමුත් සමන් ඒව ඒ ගැහැණු ලමයට දෙන්න ලැහැස්තිද​? දුන්නත් දෙන්නේ කැමත්තෙන් ද​?

2. ලිංගික සම්බන්ධතා. කසාද බැන්ද ගැහැණියක් සහ පිරිමියෙක් අතර ලිංගිකසබඳතා නැත්නම් එතන අනිවාර්‍යෙන්ම ප්‍රශ්නයක් තියෙන්න ඕනා. දැන් අපේ සමන් ගේ ප්‍රශ්නේ මොකක්ද​? සමන්ට බැහැ ගැහැණියක් එක්ක කායික සබඳතා පවත්වන්න​. නමුත් සමන් ගේ බිරිඳට ඒ දේ අවශ්‍යයි. දික්කසාද වෙන එක තමන්ටත් තමන් ගේ පවුලේ අයටත් කරන අවනම්බුවක් කියල හිතුවොත් සමන් ගෙ බිරිඳට තෝරාගැනීම් 2ක් තියනවා.

1. Dipress වෙලා තව තව ලෙඩහදාගන්නවා.
2. තමන්ට අවශ්‍ය සතුට හොයාගෙන යනවා.


එතකොට අපේ අහිංසක සමන්? එයත් කොල්ලෝ එක්ක එයාගෙ සතුට හොයාගෙන යනවා. මේ දෙන්න මොනවහරි කරල දරුවෙක් දෙන්නෙක් හදාගත්තයි කියමුකෝ. ඒ ලමයි නන්නත්තාර වෙනවා. සමන්ට විවාහ ජීවිතය එපා වෙනවා. එයාට මේ තත්වෙට එන්නවුණේ දෙමව්පියන් නිසා කියල හිතලා දෙමව්පියන්ව එපා වෙනවා. ප්‍රශ්න කෝටියයි. 

මට මෙතනදී සිද්ධි 3ක් මතක්වෙනවා. අපි ඒ සිද්ධි තුන එකින් එක බලමු.



[You must be registered and logged in to see this image.]
1. තිමීර මල්ලිගේ කථාව​
දවසක් තිමීර කියල මගේ යාළුවෙක් කෝල් කලා. "මාර කේස් එකනෙ අයියේ, අපේ තාත්තට මම gay කියල මාට්ටුවුණානේ. මම "ඒ කොහොමද කොල්ලා?" "මගේ DVD collection එකේ තිබුණු gay DVD එකක් (ඔයාලට හිතාගන්න පුළුවන්නේ මාට්ටුවුණේ මොකක්ද කියලා)​ තාත්තට මාට්ටු වෙලා මගෙන් ඇහුවා. මම ඇත්තම කිව්වා. මට තවත් මේ ජීවිතේ දරාගෙන ඉන්න බැහැ අයියේ, මම මේ ගැන තාත්තා එක්ක කථා කරනවා". "එහෙම කරන එක හොඳයි මල්ලී. ෂේප් එකේ කථාකරල බලපන්. අපෙනුත් උදව්වක් ඕනෙනම් කියපන් කෝ" මමත් දුන්නා උල්පන්දම්.
ටික දවසකින් තිමිර මල්ලි ආයෙමත් මට කථා කලා." අයියේ තාත්තට මම ඔක්කොම කිව්වා. මගේ relationships ඒවා break උන හැටි සේරම කිව්වා. එයා කිව්වා ඉස්සරවෙලා මගේ ඉගෙනීම් කටයුතුයි මගෙ job එක ගැනයි හිතන්න කියලා. ඕව ගැන හිත හිතා දුක් වෙන්න එපා කිව්වා. මට දුකයි අයියේ, තාත්තා මට ගොඩක් ආදරෙයි. මම එයාගේ ඔළුවට ප්‍රශ්නයක්  දැම්මා. මට මොනවා කරන්නද හිතා ගන්න බැහැ. "

ටික දවසකින් තිමිර ආයෙත් කථා කලා. "අයියේ ගෙදරින් මට බල කරනවා straight වෙන්න කියලා.මම කොහොමද එහෙම වෙන්නෙ?" මම ළඟත් උත්තර නැහැ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 8:24 pm
Message reputation : 100% (4 votes)
[You must be registered and logged in to see this image.]
2. ගයාන් ගේ කථාව​.

ඔන්න ඔතනදී තමයි මට මතක්වුණේ ගයාන් ගේ කථාව​. ඒක මම 10ශ්‍රේණියේ ඉන්නකොට වෛද්‍ය සඟරාවක කියෙව්ව එකක්. ඒක ලියල තිබුණේ ජයවර්ධනපුර කැම්පස් එකේ මනෝවෛද්‍යවිද්‍යා මහාචාර්‍ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය​. ගයාන් කියන්නේ වැදගත් පවුලක එකම පිරිමි දරුවා. එයාට අක්කල දෙන්නෙක් හිටියා. කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙනගෙන උපාධි, වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණකරල ප්‍රධානපෙළේ පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරුවා. ඉතින් එයාගෙ දෙමව්පියෝ සුදුසු වයසේදි එයාට විවාහයක් කරල දෙන්න කටයුතු ලෑස්තිකලා.
ගයාන් හැම වෙලාවෙම මේ සම්බන්ධ කථාබහ මඟහැරියා. ගෙදරින් හිතුවේ ගයාන්ට පවුලට නොගැලපෙන ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කියලා. ඉතින් එයාල හොයල බැලුවා. එතනදි තමයි දැනගත්තේ ගයාන්ට චරිත් කියල පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. මේක ආරංචිවුණාම ගයාන් ගේ තාත්තා ගයාන් එක්ක රණ්ඩුවුණා. ගයාන් ගෙදරින් ගියා. ඒ එක්ක ඇතිවුණු ප්‍රශ්න එක්ක තමයි ගයාන් ගේ දෙමව්පියෝ මේ මහාචාර්‍යවරියව හමුවෙලා උපදෙසක් බලාපොරොත්තුවෙලා තිබුණේ. කොහෙන් කොහොමහරි ගයාන් එක්ක කථාකල මහාචාර්‍යවරිය මෙහෙම කියනවා. 

"ගයාන් කාණ්ඩ දෙකකින් එකකට අයත් වෙන්න ඕන​. පිරිමි ගැහැණු දෙගොල්ලටම ආකර්‍ෂණය වන (bisexual) හෝ පිරිමි අයට විතරක් ආකර්‍ෂණය වන (homosexual). ගයාන් bisexual නම් එයාගේ පිරිමි අයට තියන ආකර්‍ෂණය අඩුකිරීම සහ​, ස්ත්‍රීන්ට තියන ආකර්‍ෂණය  වැඩි කරවන ආකාරයේ මනොවිද්‍යාත්මක ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. නමුත් ගයාන් homosexual නම් ඒක කරන්න අපහසු මට්ටමේ වැඩක්." ගයාන් එක්ක කථාකල මහාචාර්‍යවරිය ගයාන් gay බව තේරුම්ගත්තා. අන්තිමට ගයාන් ගේ දෙමව්පියන්ට තත්වය වටහලා දෙන්න මහාචාර්‍යවරියට පුළුවන්වුණාලු.



[You must be registered and logged in to see this image.]
3.Mr.දිසානායකගෙ කථාව​.

මේ මම දන්න තවත් කෙනෙක්ගේ කථාව​. උසස් අධ්‍යාපන ආයතනයක උසස් රැකියාවක් කරන කෙනෙක්. සමාජතත්වය​, දෙමව්පියන්, තමන් අයිති උසස් පරම්පරාව ඔක්කොම වෙනුවෙන් විවාහවුණා. දරුවො තුන් දෙනෙක් ඉන්නවා. නමුත් පිරිමි ළමයි එක්ක ලිංගික සම්බන්ධතා නවත්වන්න ඔහුට පුළුවන්වුණේ නැහැ. අන්තිමට බෝම්බ​යක් පිරිරුවා වගේ ගෙදර අය​, දෙමව්පියන්, රැකියාස්ථානය හැම තැනක් පුරාම එයාගේ රහස් ජීවිතය ගැන ආරංචි පැතිරුණා. රැකියාස්ථානයේ ප්‍රශ්න ඇතිවුණා. පවුල් ප්‍රශ්න ඇතිවුණා. ඔහු තමන් ගෙ දරුවන්ට ගොඩක් ආදරෙයි. නමුත් බිරිඳ ඔහුට ඔහුගේ පුතාලව අල්ලන්නවත් දෙන්නෙ නැති තත්වයකට ප්‍රශ්නේ උග්‍රවුණා.


Last edited by Siyapath on 2013-10-15, 8:44 pm; edited 1 time in total
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9822
Member Since : 2013-07-06

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 8:40 pm
aththama kiyannada siyapath ayiye.may lipi pela hindaa magee hitha godak dhurata nidahas wuna.dan nam mata anagathaya gana thiyenneth subawaadhi aakalpayak.ekata may site eka wagema oya wage memberslath ekata hethu wuna.digatama may widihata lipi daanna ayiye.pride pride pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 9:31 pm
Message reputation : 100% (5 votes)
[You must be registered and logged in to see this image.]
දැන් අපි මේ කථා ඔක්කොගෙම මුලට යමු. මම කිව්වේ කතන්දර පේළියක්. අපි ඒ එක්කම තව මොනවද කියන්න පුළුවන් කියල බලමු.
1. හිතන්න ඔබට ඕනකරල තියනවා ඔබේ ලිංගික දිශානතිය වෙනස්කරගන්න​. මේකට මම අහල තියන හොඳම ප්‍රතිකර්මය තමයි shock therapy. පුද්ගලයෙකුගේ සමාජීය​, පවුල් ජීවිතය​, වෘත්තීය​, අධ්‍යාපනික​, සම් බන් ධතා, හැසිරීම් මේ ඔක්කොටම  එයාගෙ පෞරුෂය බලපානවා කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ ප්‍රතිකර්මය ඔබේ පෞරුෂයට බලපෑම් ඇතිකරවනවා. ඒ නිසා නූතන වෛද්‍යවරු මෙය අනුමතකරන්නේ නැහැ. අන්තිමට gay කාලෙ ගෙදර හොඳට හිටිය කොල්ලා ප්‍රතිකර්මයට පස්සෙ පිස්සා වෙලා.


2. සමාජයට ඕන විදියට හැමදේම වෙනස්කරගන්න යන්න ගියොත් ඔබට ඔබේ කියල ජීවිතයක් කවදාවත් ඉතිරිවෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම​. ඒ නිසා ඔබේ සමාජය ඔබට ඕන විදියට වෙනස්කරගන්න උත්සාහ කරන්න​. 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් ළඟම මිතුරන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ගේ ආකල්ප යම්තාක් දුරකට වෙනස් කරගන්න ඔබට හැකියාවක් ලැබේවි.

3. හැමදේම​, මේ මේ විදියට වෙලා, මේ මේ විදියට වේවි කියල හිතලා දැන් ඉඳලම මානසිකව වැටෙන්න එපා. එක සිද්ධියක් සිද්ධවෙන්න එකම විදියක් නෙව්, වෙනත් විධි තියෙන්න පුළුවන් කියල මතක තියාගන්න​. ඔබේ ප්‍රශ්නවලට එකම විදියට නැතුව වෙනත් විදියේ ප්‍රතිචාරත් ලැබෙන්න ඉඩතියනවා කියන දේ මතක තියාගන්න​. ඒ නිසා හැමවෙලාවෙම සර්ව අශුභවාදීව වගේම සර්ව ශුභවාදීවත් ජීවිතේ දිහාබලන්න එපා. පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයාගෙ අම්මට ඔබ මොනවගේ කෙනෙක්ද කියන එක ආරංචිවේවි කියල ඔබ බයෙන් ඉන්නවා. ඒකට එයා මෙන්න මේ විදියට ප්‍රතිචාර දක්වාවි කියල ඔබ බයෙන් ඉන්නේ. එයා වෙන විදියකටත් ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියන දේ වගේ දෙයක් තමයි මෙතනදි මම කියන්නේ. (watch "make a yuletide gay" movie)

[You must be registered and logged in to see this image.]
4. දෙමාපියන්ට සළකන්න විවාහවෙන්නම ඕනෙද​?
මේක නම් මමත් තවම පිළිතුරු හොයනවා. සමහර දරුවන් විවාහවුණාට පස්සෙ එයාලට දෙමව්පියන් ගැන හොයන්නවත් වෙලාවක් නැතිව යන අවස්ථා අද ලංකාවෙත් ඇතිතරම්. අම්මල තාත්තලගෙ තව ආසාවක් තමයි "මම මැරෙන්න කලින් මුණුබුරෙක් දකින්න ඕන​" කියන එක​. හිතන්න ඔබ විවාහ වෙනවා. ඔබ නිසරු බවෙන් පෙළෙන කෙනෙක් කියලා, එතකොට කොහොමද මුණුබුරු, මිණිබිරියන් පෙන්වන්නේ. දරුවන් ගෙන් තමන්ට අවශ්‍ය හැමදෙයක්ම බලාපොරොත්තුවෙන එක සාධාරණාද අසාධාරණද කියන එක මම මෙතනදි කථාකරන්න කැමති නැහැ. නමුත් දෙපත්තෙන්ම සාධාරණයක් තියෙන්න නම් ඕන කියල හිතෙනවා.

5. හිතන්න​. මේ පොළව මත උපදින සෑම මිනිසෙක්ම​, සෑම ජීවියෙක්ම වගේම ඔබත් සුවිශේෂි පුද්ගලයෙක්. මේ ලෝකේ ඇති තරම් සමලිංගික මිනිසුන් බිහිවෙල තියනවා. ලෝකයේ ගමන වෙනස් කල​, මහා දර්ශනිකයන්, විද්‍යාඥයන්, කතුවරුන්, නායකයන්, ඇතුළු බොහෝදෙනෙක් ඒ අතර ඉන්නවා. ඔවුන් තමන් ගේ දිශානතිය වෙනස් කරගෙන්, සමාජයට අවශ්‍ය  විදියට වෙනස්වෙන්න ගියානම් ඔවුන් ගෙන් ලෝකෙට ලැබුණු අනගි සේවය නොලැබෙන්න ඉඩතිබුණා නේද​?
කවුරු කොහොම අර්ථ දැක්වූවත්, ඔබ හැමදෙනෙක්ම සුවිශේෂී මිනිසුන්. ඔබෙන් ලෝකයට සිදුවන සේවාව සිදුවීමට ඉඩහරින්න​.


දැන් නම් ලිව්වා හොඳටම ඇති වගේ. මීලඟ ලිපියත් ලඟ ලඟම එනවා කියල පොරොන් දු වෙන්නම්. ඒකෙදි මීට වඩා වෙනස් මාතෘකාවක් ගැන කථාකරන්නයි මම හිතාගෙන ඉන්නේ.
ඔබට සුභ අනාගතයක්


~සියපත්~
Anonymous
Guest
Guest

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි (the man is a social animal)

2013-10-15, 9:45 pm
තවත් වටිනා ලිපි කිහිපයක අරම්භය pride ස්තුති සියපත් සහොදරයා අපිව දැනුවත් කරනවට.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 9:58 pm
pride pride
අනිවා ඒක ඇත්ත.එක සැරේ අපිට සෙරම වෙනස් කරන්න බෑ.
ඒත් එකතුවෙලා එකට පියවරක් තියන්න පුලුවන්.
අපිට වෙනසක් කරන්න පුලුවන්.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-15, 10:38 pm
නියමයි සියපත් ! ඉතාම වටිනා ලිපියක් ................................! pride pride pride   ජය වේවා !
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-16, 8:21 am
Message reputation : 100% (3 votes)
ඇත්තටම අපි අහවල් එකටද සමාජයට ඕන විදිහට වෙනස් වෙන්නේ. හිතන්න දෙමව්පියන්ට ඕන විදිහට කසාදයක් කරගෙන. එයලා අපෙන් ඈත් වුණාම.. මිය ගියාම අපි සමාජයට තනියම ගැටෙන්න ඕන.. අපි කරන්නෙ වරදක් නම් පැහැදිලිවම අපි ඒ වරදින් අයින් වෙන්න ඕනේ... ආදරේ කරන එක වැරදක් නම්, පවක් නම්... මේ වෙනකොට අපායේ හවුස් ෆුල් වෙලා...
ඒ නිසා මම නම් කියන්නේ.. තමන් මහන්සි වෙලා තනියෙන් ජිවත් වෙන්න පුළුවන් ජීවන මට්ටමකට ඇවිත් කවුරු අකමැති වුනත් තමන්ගේ ජීවිතේ විදින එක..
මම ගේ කෙනෙක් කියලා දැනගත්තාම ඒ මගේ ඇත්ත ස්භාවය. ඉතිං මගේ ඇත්තට ස්භාවයට කැමති ඒ කියන්නේ ඇත්තටම මට කැමති මාවෙ වුවමනා අය මා ගාව රැදේවී.. බොරුවට මහා ගොඩක්  වටේ ඉන්නවට වඩා තේරුම් ගත්ත කීපයක් ඉන්න එක කොච්චර දෙයක්ද?
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8008
Member Since : 2013-10-06

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-19, 10:22 pm
මට නම් හිතෙන්නේ රටින් පිටවෙලා, ඉන්න හොඳ රටකට යන එකහරි, නැත්නම් රටේ වෙනම පළාතකට යන එක හරි මේකට හොඳ විසඳුමක් කියලයි. pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-19, 10:45 pm
ඒක හැම ප්‍රශ්නෙකටම හොඳ විසඳුමක් නෙවි යාලුවා
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-20, 12:56 am
vasantha wrote:මට නම් හිතෙන්නේ රටින් පිටවෙලා, ඉන්න හොඳ රටකට යන එකහරි, නැත්නම් රටේ වෙනම පළාතකට යන එක හරි මේකට හොඳ විසඳුමක් කියලයි. pride
Siyapath wrote:ඒක හැම ප්‍රශ්නෙකටම හොඳ විසඳුමක් නෙවි යාලුවා
මමත් සියපත්ගේ  කතාවට එකඟයි !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-20, 1:39 am
Message reputation : 100% (2 votes)
kasunx wrote:
vasantha wrote:මට නම් හිතෙන්නේ රටින් පිටවෙලා, ඉන්න හොඳ රටකට යන එකහරි, නැත්නම් රටේ වෙනම පළාතකට යන එක හරි මේකට හොඳ විසඳුමක් කියලයි. pride
Siyapath wrote:ඒක හැම ප්‍රශ්නෙකටම හොඳ විසඳුමක් නෙවි යාලුවා
මමත් සියපත්ගේ  කතාවට එකඟයි !
ඒක ඇත්ත හිසරදේට කොට්ට මාරුකරනව වගේ වැඩක්.
කොහේ හිටොයත් අපිට එන ප්‍රශ්න එනවා. ඒනිසා අපිට සුදුසුම තැන ඉදන් විසදගන්න එක තමයි හොද.
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8008
Member Since : 2013-10-06

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-20, 9:23 am
ඔව් ඉතින් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත. ඒත් ඉතින් එතකොට සමාජීය බලපෑම් අඩුවන නිසා ගේ කපල් එකකට නිදහසේ එක තැනක ජීවත් වෙන්න පුළුවන් නේද?.
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8480
Member Since : 2013-08-29

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-20, 10:48 am
vasantha wrote:ඔව් ඉතින් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත. ඒත් ඉතින් එතකොට සමාජීය බලපෑම් අඩුවන නිසා ගේ කපල් එකකට නිදහසේ එක තැනක ජීවත් වෙන්න පුළුවන් නේද?.
ඔව්, ඒ දෙන්න විතරක් නම් කමක් නෑ. ඒත් සමාජයක එහෙම නෙවෙයි. මේ මාතෘකාවේ නමත් 'මිනිසා සමාජයීය සත්වයෙක්' කියන එකනේ. වෙන කොහෙහරි ගියත් තමන්ගේ දෙමව්පියන්ට, නෑදෑයානට, යාලුවන්ට මුහුණ දෙන්න වෙන දවසක් ඒවි නේද?
Sponsored content

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum