Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


අංක 999

+11
Sithija
ishan
kapilab
Isura
Esala
thavisha
Thisara
shevan
kasunx
සහන්
Jith
15 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-11, 12:35 am
Message reputation : 100% (1 vote)
එල එල.
කිඋවත් වගේ ඇඩ් එකක් වගේ තමයි.
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7700
Member Since : 2014-03-10

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-11, 7:10 pm
Message reputation : 100% (1 vote)
lassanaiii ko ituru tika
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8865
Member Since : 2013-10-18

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-13, 12:06 pm
Message reputation : 100% (4 votes)
"ඔහු මගෙ දිහා බලලා කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්. ඒ වචන කියනකොට ඔහුගෙ ඇස් වලින් මම දැක්කෙ පුදුම උද්යෝගයක්.

"මොනවා? තමුසෙට පිස්සුද? තමුසෙ කොහොමද ඒක කරන්නෙ?"

මම එහෙම ඇහුවත් ඒ මිනිහා කියන්නෙ මොකක්ද කියන එක ගැන බයටත් වඩා ඒ වෙලාවෙ මගෙ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණා.

"ඔහේට තේරෙන්නෙ නැද්ද?"

ඔහු හැරුණෙ ඔහුගෙ පි‍ටුපසින් තිබුණු වීදුරු බඳුනක් වෙතට. දෙවියනේ................ඒකෙ තිබුණෙ මොළයක් මහත්මයා! ඒක මිනිහෙකුගෙ මොළයක්! මට හිතුණ විදිහද කියන්න මම දන්නෙ නැහැ මහත්මයා. මම දැක්ක විදිහද කියන්නත් මම දන්නෙ නැහැ. ඒත් මම ඒක දැක්කෙ හරියට............හරියට........
.......මේ දැන් මිනිහෙකුගෙ ඇ‍ඟෙන් අයින් කරපු එකක් වගේ. ඔහු ඒ බඳුන අරගෙන මගෙ පැත්තට හැරුණා.

"මේක ඔහේලට ගැලපෙන කාලෙ නෙවෙයි. ඔහේලා එකතු වෙන්න ඕනෙ කාලෙත් මේක නෙවෙයි. ඒත් අනාගතය........................
...... අනාගතයෙදි ඔහෙලට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. තේරුම් ගන්නවා මනුස්සයො ඒක."

"තමුසෙ මොනවා ගැනද කියන්නෙ?"

"මම කියන්නෙ ඔහෙලා දෙන්නා ගැන. ඔහේලට ඒ කාලෙදි මේ විදිහට හැංඟිලා ජීවත් වෙන්න ඕනෙ නැහැ."

සිදුවීම් සියල්ල විස්තර කරන විට ඔහුගෙ සිරුරේ ඇතිවන වෙව්ලීම මම හොඳින් දු‍ටුවෙමි. ඔහුගේ නළල නැවතත් දහඩියෙන් පෙඟී ගියේය.

"මට ඒ මිනිහා කියපු කිසිම දෙයක් තේරුණේ නැහැ මහත්මයා. ඒ මිනිහා ලෑස්ති වෙන්නෙ මොකටද කියන එකවත් ඇත්තෙන්ම මට තේරුණේ නැහැ. ඒත් ඒ මිනිහා ලෑස්ති වුණේ මගෙයි ජේසන්ගෙයි ජීවිත වලට ලොකු හානියක් කරන්න කියන එක විතරක් මට තේරුණා. 

ඒ එක්කම මට ඇහුණා ජේසන් කතා කරන සද්දය. මම කාමරේ නැති බව දැනගත්තම ඔහු කලබල වෙන්න ඇති. ඒ වෙලාවෙ මට ජේසන්ගෙ කටහඬ ඇහුණෙ දොර සම්පූර්ණයෙන්ම වහලා තිබුණෙ නැති නිසා කියලා මට තේරුණා. මමත් ලෑස්ති වුණේ පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්න. ඒත් අර යක්ෂ මිනිහා එක පාරම මගෙ කට තද කරලා වැහුවා.

"ඕහ්......දැන්ම නෙවෙයි. කෑ ගහන්න තව ගොඩාක් වෙලා තියේවි."

ඒ මිනිහා මගෙ කට රෙදි පටියකින් ගැට ගැහුවෙ මට කෑ ගහන්න බැරි වෙන විදිහට. මම පු‍ටුවෙන් ගැලවෙන්න දඟලනකොට ඔහු මගෙ දිහා බලාගෙනම බිත්තිය ළඟට ගියා. ඔහු එතනින් ගත්තෙ.......ඔහු එතනින් ගත්තෙ බිත්තියෙ එල්ලලා තිබුණු පොරවක්! ඒ මිනිහා ඒක අරගෙන එළියට ගියෙ දොර වහගෙන.

ඒ මිනිහා ජේසන්ට කරදරයක් කරන්න යනවා කියන එක මට දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නැහැ. මම පුළුවන් තරම් දැඟළුවා. මම තව තවත් දැඟළුවා ඒකෙන් නිදහස් වෙන්න. වාසනාවකට වගේ එතකොට මගෙ උත්සාහය යන්තමින් හරි ගියා. මට දැනුණා ඒ බැමි හිමින් බුරුල් වෙන හැටි. මම තවත් උත්සාහ කරනකොට ඒක තව තවත් සාර්ථක වුණා."

ඔහු තම දෑස් තද කර පියාගනිමින් මඳ වේලාවක් නිහඬ විය. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ මතු වූ ඉතා සියුම් චලනයන් පවා මට හොඳින් දැකගත හැකි විය.

"මම එහෙම දඟලනකොට ආයෙමත් මට ඇහුණෙ දොරේ අගුල කැරකැවෙන සද්දය. මම ඒ හැම දෙයක්ම නවත්තලා දඟලන්නෙ නැතුව හිටියෙ අර මිනිහාට අහු වුණොත් ඔක්කොම විනාශ වෙන නිසා.  

"ටොම්! මගෙ දෙවියනේ මොකද වුණේ?"

දෙවියන්ට ස්තූති වෙන්න එතනින් ආවෙ ජේසන්. ඔහු මගෙ ළඟට දුවගෙන ඇවිත් කටේ බැඳලා තිබුණු රෙදි පටිය ගලවලා බැමි ගලවන්න පටන් ගත්තා.

"අර තානායම්කාරයා. ඒ මිනිහට පිස්සු. ඒ මිනිහා හදන්නෙ අපිව මරන්න ජේසන්. අපි ඉක්මණට මෙතනින් පැනලා යන්න ඕනෙ."

"මට තේරුණා මෙතන මොකක් හරි වැ‍රැද්දක් ටොම්. මම ඒකයි ඉක්මණට ආපහු ආවෙ. වත්ත කෙළවරේ ඉස්තාලය තිබුණා. අශ්වයො ගාල් කරන්න කලින් මම එතන හොඳද කියලා බලන්න ගියා. දෙවියනේ මට ඒක ඇතුළෙ තිබිලා හම්බවුණේ මිනිහෙකුගෙ ඇට සැකිල්ලක්!"

ජේසන් කිව්වෙ බැමි ගලවන ගමන්. ඔහු ලේසියෙන් බය වෙන කෙනෙක් නෙවෙයි. ඒත්, මේ වෙලාවෙ ඒක වලංගු වුණේ නැහැ. ඔහුගෙ කටහඬින්ම මට ඒක තේරුණා.

"මමත් දැක්කා තානායම්කාරයාව. මට මිනිහා ගැන සැක හිතුණා. මිනිහා අතේ පොරවක් තියාගෙනයි හිටියෙ. ඒ නිසා මම මිනිහා දැක්කම හැංගුණා. මට සමාවෙන්න ටොම්. මේ ඔක්කොම මම නිසා."

කකුල් දෙකේ බැමි ගලවලා ජේසන් ලෑස්ති වුණේ මගෙ අත් දෙක ලිහන්න. ඔහු ඒක කරන අතරෙ...............දෙවියනේ....
.එතනට ආවෙ ඒ යක්ෂයා. ඒ මිනිහා පොරවත් අතේ තියාගෙන බලාගෙන හිටියෙ අපි දෙන්නා දිහා. ඔහුගෙ ඇස් වල තිබුණෙ මහා බිහිසුණු පෙනුමක්. ඒක මතක් වෙනකොටත් මගෙ ඇඟේ ලේ වතුර වෙනවා මහත්මයා. ඔහු එක පාරම අපේ පැත්තට පැන්නෙ පොරවත් ඉහළට ඔසවගෙන.

ඒ වෙලාවෙ ජේසන් එක පාරම ක්‍රියාත්මක වුණා. ඔහු ඉස්සරහට පැන්නෙ පොරව අල්ල ගන්න. ජේසන් ඒ මිනිහා එක්ක පොර බදන්න පටන් ගත්තා. ඒ අතරෙ මම කළේ, මට පුළුවන් ඉක්මණින් බැමි ලිහා ගන්න.

ටික වෙලාවයි ගියෙ මහත්මයා. ජේසන්.........ජේසන්.........එක පාරම මහා හයියෙන් කෑ ගැහුවා. ඒ කෑ ගැහිල්ලට මම එක පාරම ගල් ගැහෙන්න ඇති. මම දැක්කා මහත්මයා. මම දැක්කා ඒ මිනිහා ජේසන්ගෙ පිටට පොරවෙන් කොටපු විදිහ!"
Anonymous
Guest
Guest

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-13, 12:26 pm
like
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-13, 2:23 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12473
Member Since : 2013-05-31

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-13, 9:26 pm
Message reputation : 100% (1 vote)
නියමයි !  pride  pride  pride  pride  pride  pride  pride  pride  kiss  kiss  kiss  kiss  kiss
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9554
Member Since : 2013-03-28

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-16, 6:10 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-17, 5:15 pm
Message reputation : 100% (1 vote)
rocksss නියමයි.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8865
Member Since : 2013-10-18

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 10:39 am
Message reputation : 100% (5 votes)
මඳ වේලාවකට කතාව නැවතූ ඔහු දෑස් පිස දමන්නට විය. නැවතත් ඔහු කතාව ආරම්භ කළේ තවත් බ්‍රැන්ඩි වීදුරුවක් හිස් කිරීමෙන් අනතුරුවය. 

"මම දැක්කා මහත්මයා. ඒ මිනිහගෙ අත් දෙක තිබුණෙ ජේසන්ගෙ ලේ වලින් පෙඟිලා. මම තව තවත් ඒකෙන් ගල් ගැහුණා. ජේසන් අමාරුවෙන් බිම වැටිලා දඟලන්න ගත්තෙ මරු විකල්ලෙන් වගේ. ඒ හැම දෙයක්ම මම දැක්කද කියලාවත් මට දැන් විශ්වාස නැහැ මහත්මයා. ඒත් එක්කම අර මිනිහා පොරවත් අරන් ආයෙමත් නැඟිටලා ආවෙ ජේසන්ගෙ ඔළුව ළඟට. ඌ මගෙ දිහා බලලා හිනා වුණේ පිස්සුවෙන් වගේ. 

"මේක වෙන්න තිබුණෙ මෙහෙම නෙවෙයි. ඒත් දැන්..........................දැන් වෙන්නෙ පුදුමාකාර දෙයක්."

එහෙම කියලා ඒ මිනිහා පොරව ඉහළට එසෙව්වෙ මට පි‍ටුපස්ස හරවලා. වෙන්න යන දේ තේරුම් ගන්න මට අමාරු වුණේ නැහැ. ඒ වෙලාවෙ මට තේරුණා, මම ඉක්මණින් ක්‍රියා කිරීම මත තමයි අපි දෙන්නගෙම ජීවිත ‍රැඳිලා තියෙන්නෙ කියලා. 

මම මගෙ උපරිම හයියෙන් තව පාරක් දැඟළුවා. වාසනාවට ඒ වෙලාවෙ මගෙ අත් දෙක ලෙහුණා මහත්මයා. මම ඉක්මණින් කළේ ඒවා පැත්තකට ඇදලා ගලවපු එක. එතකොටයි මම දැක්කෙ එතන තිබුණු විශාල වීදුරු බඳුනක්. 

මම දන්නෙ නැහැ මහත්මයා. ඒ ඔක්කොටම ඕනෙ නම් තත්පර ගණනක් යන්න ඇති. ඒ මිනිහා පොරව පහළට දාන්න කළින් මම ක්‍රියාත්මක වුණා. මට මතක මම පුළුවන් තරම් හයියෙන් ඒ වීදුරු බඳුනෙන් දමලා ගහපු බවක් විතරයි. ඒ බඳුන මහා හයියෙන් පිපිරුවෙ ඒ මිනිහගෙ ඔළුවෙ වැදිලා. ඒ මිනිහා එතනම ඇදගෙන වැටෙනකොට පොරවත් බිම වැටෙනවා මම දැක්කා. මම එතනට දුවලා ගිහින් ඉක්මණට පොරව ගත්තෙ ඒ මිනිහව ඉවරයක්ම කරලා දාන්න කියලා හිතාගෙන. 
ඒත්.............................ඒත් ඒ මිනිහගෙ කිසිම හැල හොල්මනක් තිබුණෙ නැහැ. මම ඉක්මණට ළං වුණේ ජේසන් ළඟට. දෙවියනේ............ඔහු ලේ විලක් මැද බොහොම අපහසුවෙන් වැටිලා හිටියා. ජේසන්ගෙ සිහි නැති වෙලා තිබුණෙ නැහැ. කෙළින් කරලා ඇඟට හේත්තු කර ගත්තත් ඔහු බොහොම දුර්වල වෙලයි හිටියෙ. ඒ නිසා මම ඉක්මණට ජේසන්ව කරට අරගෙන කාමරයෙන් එළියට ආවා.

තානායමෙන් එළියට එන්න සමහරවිට මට තරමක් වෙලා යන්න ඇති. මොකද මම ඉන්න තැන ගැන මට හරි අවබෝධයක් තිබුණෙ නැහැ. අශ්ව කරත්තය මම නවත්තපු තැන ඒ විදිහටම තිබුණා. ඉක්මණින් ජේසන්ව ඇතුළෙන් ඉන්දවලා රියදුරු ආසනයට ඇවිත් මම පුළුවන් තරම් වේගයෙන් 
කරත්තය දැක්කුවා.

මම පිස්සුවෙන් වගේ අශ්ව කරත්තය පදවන්න ඇති මහත්මයා. මගෙ ජීවිත කාලෙටම ඒ තරම් වේගයකින් මම කවමදාකවත් අශ්වයන්ව මෙහෙයවලා තිබුණෙ නැහැ. මම හැරුණෙ කොයි පැත්තටද, කොතනින්ද කියන එක ගැනවත් මට අවබෝධයක් තිබුණෙ නැහැ. මගෙ වාසනාවට වැහි වළාකුළු ඉවත් වෙලා හඳ පායලා තිබුණා. ඒ පිහිටෙන් මම පුදුම වේගෙකින් එන්න ඇති මහත්මයා අවසිහියෙන් වගේ.  

මට තේරුමක් තිබුණෙම නැහැ මම යන්නෙ කොහෙටද කියන එක ගැන. මම දැකපු හැම දෙයක්ම මට පෙණුනෙ හරිම අමුතු විදිහකට. ඒත්......................................ඒත් එක පාරම මට දැක ගන්න ලැබුණෙ පුරුදු වටපිටාවක්. ලන්ඩන්. මම දන්නෙම නැතුව අහම්බෙන් වුණත් ඇවිත් තිබුණෙ ලන්ඩන් වලට. දෙවියන් වහන්සෙ මාව මෙහෙයවලා තිබුණෙ එහෙමයි මහත්මයා, 
දෙවියන් වහන්සෙ මාව මෙහෙයවලා තිබුණෙ එහෙමයි." 

කතාව මඳකට නැවත්වූ ඔහු තම පපුවෙහි කුරුසිය සටහන් කර ගත්තේය. විශාල හුස්මක් පහළ හෙළූ ඔහු මා දෙස බැලීය. 

"මට ඕනෙ වුණේ ජේසන්ව රෝහලකට අරගෙන යන්න. ඒත්.....මට එක පාරම ආයෙමත් අර මිනිහව මතක් වුණා. මට හිතුණා ඒ මිනිහා අපි පස්සෙන් හොයාගෙන එයි කියලා. මට ඕනෙ වුණේ ලොකු ආරක්ෂාවක් මහත්මයා. ඒ ඔක්කොම දේවල් මගෙ ඔළුවට ආවෙ එක පාරටම. මම දන්නෙ නැහැ මහත්මයා. මාව ඇදිලා ආවෙ ස්කොට්ලන්ඩ්යාඩ් එකට. දෙවියනේ........................ඒ ඔක්කොම වුණේ........හරිම......හරිම............පුදුම විදිහකට. " 

‍තෝමස් හැමිංටන් ඔහුගේ පුදුමාකාර කතාව අවසන් කළේ ඒ ආකාරයෙනි. මඳ වේලාවක් කල්පනාවේ යෙදී සිටි මම හුන් තැනින් නැගිට මාගේ මේසය වෙතට පැමිණියෙමි. උදෑසන හිරු කිරණින් ඒ වන විට පරිසරය ආලෝකවත් වෙමින් පැවතිණි. ඒ අයුරින්ම මාගේ මතකයද ආලෝකවත් වන්නට විය. 

"මහත්මයා, අපි ඉක්මණින් යා යුතුයි."

"කොහෙද? ජේසන්ව බලන්නද ක්‍රේන් මහත්මයා?"

මා දෙස බලා ඔහු ඇසුවේ මහත් උද්යෝගයකිනි. 

"විල්සන් ඔබට උදේ කෑම ගෙනත් දෙයි. සූදානම් වෙලා ඉන්න. මම හරිම ආසයි ඔබ ඔය කියන තානායම බලන්න."
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12473
Member Since : 2013-05-31

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 10:47 am
Message reputation : 100% (1 vote)
niyamayi niyamayi !
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 2:10 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8407
Member Since : 2013-09-03

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 2:52 pm
Message reputation : 100% (1 vote)
Wow...
Like sherlok Holms Story...
nice..
 pride  pride  pride  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 7:33 pm
Message reputation : 100% (1 vote)
like  like  like  like  like  like  like  like  like  like  like  like  like  like
 rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss 
 hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug  hug 
Anonymous
Guest
Guest

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 8:47 pm
Ela  like
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9554
Member Since : 2013-03-28

අංක 999 - Page 3 Empty Re: අංක 999

2014-07-19, 10:05 pm
Message reputation : 100% (1 vote)
supiriy......... pride  pride  pride  pride  pride
Sponsored content

අංක 999 - Page 3 Empty Re: අංක 999

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum