Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6499
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-12, 11:20 pm
harima lassanai  raja kale gay love ekak  man ada tamai eka digatama beluwe........kalinut me wage ekak liyawila nawatuna pls oya ehema karanda epa ...suba pathuma digatama liyanda Tharaka Sithum  thumbup thumbup thumbup thumbup thumbup
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6169
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-13, 6:58 am
wow wow quality work kollo
pls continue i love this story
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6223
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 3 Empty එකොලොස්වන දිගහැරුම..

2016-01-13, 8:14 pm
Message reputation : 100% (3 votes)
නාදනී සියල්ල සැලසුම් කළාය. ඈ දුනු වායාට උපදෙස් දුන්නේ හේවායින් ගේ ලැගුම් හල් පැවති පරිශ්‍රයේ කෙළවර වූ කුටියේ සිටින හේවායා මරා දමන ලෙස ය.. 
*******

තරුණයින් දෙදෙනා බොහෝ දේ කතා කළ හ. 
"මට තේරුමක් නෑ මයෙ හිත උඹට ආල කොරන්ට පටන් ගත්තෙ මක්කැයි කියල"
පොඩි බණ්ඩාර කීවේ මඩ තැවරුණු ටිකිරාගේ කෙහෙරැල්ලක් මුහුණෙන් ඉවත් කරන ගමන් ය. 
"ඕව සංසාර ගමනෙ පතාගෙන එන දේවල් නෙව. පිරිමියෙක් පිරිමියෙක්ට ආලෙ කොරන එක වරදක්ය කියල හිතනවද උඹ?" ටිකිරා කුමාරයාට උඹ කියන්නට පටන් ගෙන තිබුණේය. 
"වරදක් වෙන්නෙ කොහොමෙයි? මයෙ හිත බැඳුණ උඹලට. මට බැරි වුණා දමනය කොර ගන්ට. මම උඹලට ආදරෙයි. උඹල පිරිමියෙක් ය යන වග ගැන මට නිනව්වක් නෑ"
පොඩි බැණ්ඩාර වැහි බර අහස දෙස බලාගෙන කියාගෙන ගියේ ය. 
"මමත් උඹලට ආදරෙයි. ඒත් උඹ කුමාරයෙක් නෙව..."
ටිකිරාට අදහස සම්පූර්ණ කරන්නට ඉඩක් ලැබුණේ නැත. 
"මම කියන්නෙ මගෙ කුමාර තානාන්තරේ වැඩක් ඇති එකක් නෙවෙයි වග. කොහෙන් අහවර වෙයිදැයි කියල නොදන්න පෙම් පලහිලව්වකට මුල පුරන්ට උඹට බයක් නැද්ද?"


ටිකිරා සුසුමක් හෙළා නැවතත් පොඩි බණ්ඩාරගේ මුහුණට සිය මුහුණ ළං කරන ගමන් මෙසේ කීවේය. 
"උඹව මුලිච්චි වෙච්චි මුල් දොහේ, පොර පිටියෙදිම මම ඒ පෙම් පලහිලව්වට මුල පුරල අහවරයි. දැන් බය හිතුව කියල කාරියක් නෑ නෙව"
*****


පෝය කිහිපයක් ගෙවීගියේ ය. පොඩි බණ්ඩාර හමුදා භාර ප්‍රධානියෙකු ලෙස පත් කරන්නට ලොකු බණ්ඩාර උත්සාහ කළද පොඩි බණ්ඩාර ඊට අකැමැති විය. මාළිගාවේ රාජකීය කටයුතු බොහෝමයක් නිසි ආකාරව ඉටු කරමින් සිටි පොඩි බණ්ඩාර හැකි හැම විට ම ටිකිරා හමුවන්නට ගියේ ය. එය මාලිගාවේ සියල්ලන්ට රහසක් විය. ඔවුහු වචනයෙන් විස්තර කළ නොහැකි අපූර්ව බැඳීමනින් එකිනෙකා කෙරෙහි බැඳී හුන් හ. ටිකිරාගේ වෙදහලේ සේවය කාගේත් අවධානයට යොමු වුවත් ඔහු නිතර උත්සව ආදියට සහභාගී නොවූ චරිතයක් විය.

ඉඳ හිට රැයක මහවැලියට ඉහළින් පෑයූ පුර සඳ හේවා අංගනයේ කෙලවර කුටියේ කවුලු තුලින් රිංගා ගියේ ය. වාසල ම ගරු කළ උදාර පෞරුෂයන් දෙකක් ඒ සඳ එළියේ හුරතල් වෙමින් අනුරාගී හෝරා ගෙවමින් සිටියහ.

ආදරය වනාහි ප්‍රතාපවත් බව, උදාරත්වය හා අඩම්බරය පරයා මානව සන්තානයේ කෝල බව ඉස්මතු කර උනුන් දැහැනකට සම වද්දවන භාවනාවක් විය.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6499
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-13, 8:22 pm
ane lassanai adat...et poddak wagene thumbup thumbup thumbup
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6169
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-14, 6:53 am
ehenam dennath ekka love eka patan aragenai thiyenne 

balamuko issarahata moko wenne kiyala
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-14, 7:13 am
weera, kochchara "podaine, poddaine" kiuwath mu wedipura liyanne nehe machan.
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8022
Member Since : 2013-09-26

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-14, 8:24 am
ආදරය වනාහි ප්‍රතාපවත් බව, උදාරත්වය හා අඩම්බරය පරයා මානව සන්තානයේ කෝල බව ඉස්මතු කර උනුන් දැහැනකට සම වද්දවන භාවනාවක් විය.
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7626
Member Since : 2014-03-24

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-15, 1:52 pm
මේ කොටස් දෙක තමයි කතාවේ ලස්සනම ටික මම හිතන්නේ... smile pride
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-16, 5:41 am
ikmanata liyandaaaaa.
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6223
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 3 Empty දොලොස්වන දිගහැරුම..

2016-01-18, 12:27 pm
Message reputation : 100% (3 votes)
"වෙදකම ඉගෙනගත්තෙ නිල හොයන්ටද?", පොඩි බණ්ඩාර සිය ගෙල වටා තොල්පෙති යවමින් සිටි ටිකිරා කොනිත්තා ඇසුවේය.
"නිල,? අර අහවල් එහෙකට ද?"
"ගෑනුන්ගෙ නිල අත පත ගානකොට උන් ඇවිස්සෙනව වැඩියිලු නෙව. "
"ඉතින් උඹල ගෑනියෙක් ද?"
"මං ගෑනියෙක් කියල උඹල හිතනවද?"
"ඇඟේ හැම කෙස් රොදක් ගානෙම මැන්නට පස්සෙත් උඹ ගෑනියෙක් කියල හිතනව නම් මම මොන මෝඩයෙක් ද?"
"පිරිමින්ගෙත් නිල තියෙනව නෙව"
"අපොයි නිල අත පත ගාලා අවුස්සන්ට ඕනැයි උඹලව. ඇවිස්සිලාමනෙ ඉන්නෙ කොයි හෝරාවෙත්."
"නිකන් ඉඳහං"
"මං දුටුව රාජ සභාවෙ ඉන්නව. තියෙන මහන්තත්තෙ. පිය රජ්ජුරුවන්ටවත් නෑ එච්චර උඩක්."
"කුමාරයො වුණාම එහෙමයි නෙව. නැත්තම් කුමාරියො එනව කරේ නගින්ට"
"නාදනී වගේ?"
ටිකිරා සිනාසෙමින් ඇසුවේ ය.

ටිකිරාව පසෙකට කරමින් නැගිට සිටි පොඩි බණ්ඩාර ගලවා තිබූ වස්ත්‍රය ගත දවටාගෙන යන්නට ගියේය...
"ඉන්ට.මක්කැයි මේ?" ටිකිරා වහා ඉදිරියට පැන්නද පලක් නොවීය.
******
මන්ත්‍රණ සභාව රැස් වී සිටියේ ය. සියල්ලෝම කතිකා කරමින් සිටියේ කන්ද උඩරට ආරක්ෂාව තර කිරීම පිළිබඳවය. පොඩි බණ්ඩාර සිය තීක්ෂණ නුවණ මෙහෙයවා යුධ සැලසුම් සකස් කරමින් සිටියේය. ලොකු බණ්ඩාර පොඩි බණ්ඩාරගේ සැලසුම් තමුන්ගේ ඒවා ලෙස රාජසභාවට ඉදිරිපත් කළේය.
එදින රාජසභාවේදී ටිකිරා සෙන්පති තනතුරකට උසස් කරන්නට තීරණය විය.
ඒ ආරංචිය වාසල පුරා පැතිර යත් ම සියල්ලෝ ම සතුටු වූහ. ටිකිරාගේ දස්කම් මත, ඔහුට මීට පෙර මේ තනතුර ලැබිය යුතු යැයි බොහෝ දෙන කල්පනා කළහ.
එදා රාත්‍රිය ටිකිරා හේවා අංගනයේ ගත කරන අවසන් රාත්‍රිය විය. ඒ රාටත්‍රිය අතපසු කරගන්නට පොඩි බණ්ඩාර කැමති නොවූයෙන් ඔහු ටිකිරාගේ කුටිය වෙත යන්නට සිතුවේය.
ටිකිරාගේ හිත දෙගිඩියාවකින් වැසී තිබුණි. තමා නාදනී ගැන කල විහිලුව මෙතරම් කම්පනයක් කුමරා තුළ ඇති කලේ ඇයි දැයි ඔහුට සිතා ගත නොහැකි විය. කුමරු හමු වන්නට ඔහු තීරණය කළේ ය. හේවා අංගනයේ කෙළවරක වූ කුටියේ දොර විවර වන සෙයක් පෙණිනි. එම කුටියට කෙළින් ඉදිරියෙන් වූ රාජකීය උද්‍යාන පරිශ්‍රයේ සැඟව සිටි දුනු වායා අවස්ථාව පැමිණ ඇති වග වටහා ගත්තේය.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6499
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-18, 1:13 pm
apoi me mokada wenne yanne.....ane napuraknam wenda denda epa.... noidea noidea noidea noidea
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-18, 2:44 pm
හිතාගන්නවත් බෑ ,ලියන විදිහ නම් හරිම අපූරුයි ! හරිම සුමටයි ! කියවෙනව ඉබේම අකුරක් නෑර !
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6169
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-18, 6:06 pm
thumbup thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

2016-01-19, 5:36 am
ane dunu hewayage dunnata muhuna denna wenne podi bandarata. ane ohuta karadarayak wenna epa!!!
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6223
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 3 Empty දහතුන්වන දිගහැරුම..

2016-01-19, 8:06 pm
Message reputation : 100% (3 votes)
අමාවක අන්ධකාරය හාත්පස වෙලාගෙන පැවතියේය. හේවා අංගනයේ තැනින් තැන සවි කර තිබූ පන්දම් පමණක් මලානික එලියක් විහිදුවමින් දැල්විණ.
දුනු වායා කාල වර්ණ රෙදි කඩකීන් මුහුණ ආවරණය කරගෙන ඉහළ මහළට කෙළින් ම වූ ගසක් මත සැඟවී සිටියේය.

ඉහල මාලයේ වූ ටිකිරාගේ කුටියේ දොරගුලු විවර වන විට ම තවත් මිනිස් රුවක් ඒ දොර අසළට ඇවිද එනු දුනු වායා දුටුවේය.
දොර හැරගෙන ටිකිරා එළියට ආවේය. ටිකිරා දුටු දුනු වායා අන්දමන්ද විය.

නාදනී මුදල් ගෙවා කුලියට ගෙන සිටි නවක දුනු වායා අන් කවරෙකුත් නොව නාමලා ය. නාමලා ටිකිරා හඳුනා ගත්තේය.
වැලි කෙළියේ පටන් තමා සමඟ එකට සෙල්ලම් කළ තරුණයාට හී විදින්නට නාමලා දෙවරක් සිතුවේය. නාමලා වාසලට ආවේ ටිකිරා දකින්නටය. එහෙත් නවක දුනුවායෙකු ලෙස සේවයට බැඳුණු ඔහුට ඒ වනතෙක් ටිකිරා හමු වූයේ නැත. කිසියම් බලවේගයක් විසින් ටිකිරා බලන්නට ඔහු මෙහෙයවූ බැවින් නාමලා වාසලට පැමිණියේය. ඔහු ට කිසිවත් සිතාගත නොහැකි විය.

දොර හැරගෙන පිටතට පැමිණි ටිකිරා පොඩි බණ්ඩාර දැක පුදුම වුණේය. පොඩි බණ්ඩාර යමක් කියන්නට උත්සාහ කළේය. නමුත් ඔහුට කිසිවක් කියන්නට නොලැබුණි. හී සරයක් ඔහුගේ බාහුවට වැදුණි. ඔහු උඩු මහලේ කෙළවර වූ ලී වැටක් කඩාගෙන බිමට ඇද වැටුණේය.
සිතිවිලි අතර අතරමං වූ නාමලාට ඉලක්කය වැරදී තිබුණේය.
හේවා අංගනය ඇවිස්සූ කඩි ගුලක් මෙන් විය. ටිකිරා වහා ඉහල මාලයේ සිට බිමට පැන්නේය. ලේ විලක් මැද වැටී සිටි පොඩි බණ්ඩාර ටිකිරා සමග සිණා සෙන්නට උත්සාහ කරනු පෙනිණ.
"බය වෙන්ට එපා මයෙ දෙයියො"
ඔහු මිමිණුවේය.
Sponsored content

කළුවර ඉරගල.. - Page 3 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum