මතකයේ කතාවක්...
+14
kasun.lakmal
IceCool
prasadsadaruwan
NayanaThej
භානුක
ranveer
navod-induwara
Hitha Honda Kolla
Randeer
Sajith
Tylor
Yohan
jay.rishan
Jith
18 posters
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03
Re: මතකයේ කතාවක්...
2018-04-18, 11:11 pm
ඔයා හරියටම හරි මල්ලියෙ.navod-induwara wrote:Jay Rishan malli,
මැට්ටො දැන් පුරාවිද්‍යා ව ගැන ද විබාගෙට ලියන්නෙ .පොරොන්දුව කඩන්න බෑ..ගුටි දෙන්නෙ මමයි හිතූ අය්යයි ඔයාට
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05
Re: මතකයේ කතාවක්...
2018-04-19, 12:06 am
navod-induwara wrote:Jay Rishan malli,
මැට්ටො දැන් පුරාවිද්‍යා ව ගැන ද විබාගෙට ලියන්නෙ .පොරොන්දුව කඩන්න බෑ..ගුටි දෙන්නෙ මමයි හිතූ අය්යයි ඔයාට
Hitha Honda Kolla wrote:ඔයා හරියටම හරි මල්ලියෙ.navod-induwara wrote:Jay Rishan malli,
මැට්ටො දැන් පුරාවිද්‍යා ව ගැන ද විබාගෙට ලියන්නෙ .පොරොන්දුව කඩන්න බෑ..ගුටි දෙන්නෙ මමයි හිතූ අය්යයි ඔයාට
අම්මියෝ මතකයි රත්තරනේ මතකයි..ඒක අමතක කරන්නෙ නෑ..එත් ඒ දැනුන කුතුහලය වාවගන්න බැරි වුණා.ඒ තරමටම මේ කතාව අති විශිෂ්ටයි.ඒක නෙවේ නවෝ hhk අයියලා,මට ඔය දෙන්නව මැවිලා පේන්නේ sam smith and brandon flynn වගේනෙ.Cute,adorable couple. හෙහේ
- ranveerRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6169
Member Since : 2016-01-07
Re: මතකයේ කතාවක්...
2018-04-19, 5:07 pm
haffa meya hithala thiyena duranavod-induwara wrote:Ranweer ,oya hari ..hariyatama hari mamath egypt stories hoyanna gattha yannath asawak awa ..meka nam niyama wadakarek neda ?hithata harima sathutak dannne..oyala denna nam matching couple ekak wagei..hariyata Amun and Ra wage he hee..
hehehehe
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18
Re: මතකයේ කතාවක්...
2018-04-20, 11:03 pm
Jay Rishan,
උම්මා දාහක්!!! හම්මේ!!!!
මේ ලියපු මොනවා හරි දෙයකින් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම්, මොනවා හරි හොයන්න හිතුණා නම් ඇත්තටම මට ඒක මාරම සතුටක්. ගොඩක් ස්තූතියි මල්ලි කතාව කියවනවට වගේම ඔයාගෙ අදහස් වලට. ඒ දේ ගොඩක් වටිනවා.
Navod,
As I said Rishan, I am really happy if you were able to grab anything for your knowledge and if my writings have helped you to induce your curiosity. Thanks very much brother. I gladly appreciate your comment and it means a lot.
P.S.
ගුටි කතාවට ඔනරබල් මමත්.... පක්ෂයි.
භානුක,
ඔන්න උම්ම එක දීපියෝ දැන් භානුක අයියේ. අවුරුදු සහ වෙසක් පැතුම.
Ranveer,
ඒක To Do List එකේ ලොකු කාලෙක ඉඳන් උඩින්ම තියෙන ආසාවක්. ඒ දේ කොහොම හරි කර ගන්න ඕනෙ. ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක ලැබුණා නම් මම හොඳටම දන්නවා ඒක කොයි තරම් වටින දෙයක්ද කියලා. ඒ වගේම මට ඒකට මාරම සතුටුයි.
Thanks very much bro for your comment. It actually gives me a great feeling plus a satisfaction.
HHK,
අයියෙ, ඔයාගෙ කමෙන්ට් එකත් ඇත්තටම මට ලොකුම දෙයක්. ගොඩක් ස්තූතියි. මොනවම හරි දෙයකට උදව් වෙන්න පුළුවන් වුණා නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි.
උම්මා දාහක්!!! හම්මේ!!!!
මේ ලියපු මොනවා හරි දෙයකින් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම්, මොනවා හරි හොයන්න හිතුණා නම් ඇත්තටම මට ඒක මාරම සතුටක්. ගොඩක් ස්තූතියි මල්ලි කතාව කියවනවට වගේම ඔයාගෙ අදහස් වලට. ඒ දේ ගොඩක් වටිනවා.
Navod,
As I said Rishan, I am really happy if you were able to grab anything for your knowledge and if my writings have helped you to induce your curiosity. Thanks very much brother. I gladly appreciate your comment and it means a lot.
P.S.
ගුටි කතාවට ඔනරබල් මමත්.... පක්ෂයි.
භානුක,
ඔන්න උම්ම එක දීපියෝ දැන් භානුක අයියේ. අවුරුදු සහ වෙසක් පැතුම.
Ranveer,
ඒක To Do List එකේ ලොකු කාලෙක ඉඳන් උඩින්ම තියෙන ආසාවක්. ඒ දේ කොහොම හරි කර ගන්න ඕනෙ. ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක ලැබුණා නම් මම හොඳටම දන්නවා ඒක කොයි තරම් වටින දෙයක්ද කියලා. ඒ වගේම මට ඒකට මාරම සතුටුයි.
Thanks very much bro for your comment. It actually gives me a great feeling plus a satisfaction.
HHK,
අයියෙ, ඔයාගෙ කමෙන්ට් එකත් ඇත්තටම මට ලොකුම දෙයක්. ගොඩක් ස්තූතියි. මොනවම හරි දෙයකට උදව් වෙන්න පුළුවන් වුණා නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි.
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18
Re: මතකයේ කතාවක්...
2018-04-20, 11:05 pm
මම එළියෙ තිබුණ ගල් බංකුවෙ වාඩි වෙලා හිටියා.
අද! ඔව්. අද තමයි ඒ දවස!! මම ඉන්නෙ ඒ මොහොත ළඟා වෙනකම්.
මම බලාගෙන හිටියෙ කඩුපුල් මල දිහා. කඩුපුල් මල පිපිලා තිබුණත් තවම සම්පූර්ණත්වයට පත් වෙලා තිබුණෙ නැහැ. ඒත් මේ වෙනකොටත් මලේ සුවඳ හැම තැනකම පැතිරිලා තිබුණා.
මම ආයෙමත් වතාවක් ගෙදර දිහා බැලුවා. අදත් කවුරුත්ම ගෙදර හිටියෙ නැති දවසක්. මට අම්මව මතක් වුණා. එතකොට හිතට දැනෙන්න පටන් ගත්තෙ ලොකු බරක්. ඒත් මම මගෙ තීරණේ වෙනස් කරන්න හිතුවෙ නැහැ.
රෑ වුණත් අහසෙ රතු පාට තාමත් හොඳට පෙනුණා. එදා රා විදිහට මම දැක්ක විදිහෙම අහසක් අදත් මගෙ ඇස් දෙක ඉස්සරහා. වෙනසකට තිබුණෙ තැනත්, කාලයත් විතරයි. හඳේ තිබුණෙත් ලා රතු පාටක් නෙවේද කියලා මට හිතුණා.
ගල් බංකුවෙන් නැගිටලා මම කඩුපුල් මල අල්ලගෙන ඒ සුවඳ තවත් විඳ ගත්තා. හඳේ එළිය වැඩි වුණා වගේ කියලා මට හිතුණෙ ඒ වෙලාවෙ. කඩුපුල් මල හඳ එළියෙන් දිලිසුණ විදිහ දිහා මම බලාගෙන හිටියා.
"ඔය සුවඳට ඔයා ඒ කාලෙත් කැමතියි."
අන්තිමට මට ඒ කටහඬ ඇහුණා. ඒ ගතවුණ කාලෙ අවුරුදු සිය ගණනාවක් වගේ වුණත් ඒ කටහඬේ පුරුදු බවේ දුර තත්පර ගණනකින් වත් මට වෙනස් වෙලා දැනුණෙ නැහැ. මම ඔහු දිහා හැරිලා බලද්දි ඔහු හිටියෙ මගෙ දිහා බලාගෙන. හඳ එළියෙන් දිලිසුණ ඔහුගෙ කිණිස්සට වඩා ඒ ඇස් දෙකේ දිලිසීම වැඩියි කියලා මට හිතුණා. ඔහුගෙ ඒ හිනාවෙ තවමත් තිබුණෙ ලොකුම ආදරයක්.
"අමූන්!"
සජීවී විදිහට මගෙන් පිටවුණ එකම වචනයෙන් මම ඔහුට කතා කළා. ඔහු වෙනුවෙන් මගෙ හිතේ ඇතිවුන හැඟීම් නවත්තන්න මතකයටවත් කාලයටවත් තවදුරටත් පුළුවන් කමක් තිබුණෙ නැහැ.
ඔහුගෙ මුහුණෙ ඉරියව් වෙනස් වෙලා ගිය විදිහ මට හොඳින් පෙනුණා. ඔහුගෙ ඇස් වල දිලිසීම තවත් වැඩි වුණේ අමුතුම විදිහකින්. ඔහු පියවරෙන් පියවර මගෙ ළඟට ආවා. කළින්ම දවසක වගේ ඔහු මගෙ නළලට ඔහුගෙ නළල තියා ගත්තා.
"රා. මම දැන ගත්තා. මේ ඔයාම තමයි."
මගෙ කම්මුල් දෙකේ තිබුණ ඔහුගෙ අත් දෙකේ උණුසුමේ හුරුව මගේ මතකයන් ආයෙමත් අලුත් කළා. මගේ තොල් වල යන්තම් ඔහුගෙ තොල් ගෑවුව ඔහු ආයෙමත් වතාවක් මගෙ ඇස් දෙක දිහා බැලුවා.
"මට අන්තිම වතාවකට ඔයාට කියන්න බැරි වුණා රා, මම ඔයාට කොයි තරම් ආදරේද කියලා. ඔයා මට පොරොන්දු වුණේ ආ'රු වල එකට හැමදාම ඇවිදින්න නේද? අපි දෙන්නා විතරක්."
ඔහුගෙ ඇස් වල රැඳිලා තිබුණ කඳුළු බින්ඳුවක් කම්මුල දිගේ පහළට වැටුණා. මම ඔහුගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තෙ ලොකුම ආදරේකින්.
"මට තවමත් හැමදෙයක්ම මතක නැහැ අමූන්. ඒත් ඔයාට තියෙන මගෙ ආදරේ බොරුවක් නෙවෙයි කියල කියන්න මට මතක තියෙන තරම හොඳටම ඇති."
මම වචන ගැලපුවෙ හරිම අමාරුවෙන්. ඔහුගෙ මුහුණෙ දකින්න ලැබුණෙ ලස්සනම හිනාවක්. ඒ හිනාවෙ ආදරයක් මිස බොරුවක් මට දැකගන්න ලැබුණෙ නැහැ. ඔහුගෙ ඉණ වටේට අත දාලා මම ඔහුව තදින් වැළඳ ගත්තා.
"මම ඔයාට පොරොන්දුවක් වුණා නම් කවදාවත් ඒක කැඩෙන්න ඉඩ දෙන්නෙ නැහැ අමූන්."
ඔහුගෙ කණට කොඳුරපු මම ඔහුගෙ ළඟින් ඈත් වෙලා ගියෙ කඩුපුල් ගහ ළඟට. කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපිලා තිබුණ විදිහ මම දැක්කා. හඳේ එළියෙන් කඩුපුල් මල තවත් ලස්සනට පෙනුණා. මම ආයෙමත් ඔහු දිහා හැරිලා බැලුවා. දැන් ඒ වෙලාව ඇවිත්.
කළින් වතාවේ මගෙ අතේ හංඟ ගත්ත අමූන්ගෙ කිණිස්ස එක පාරම ගත්ත මම ඒකෙන් පපුවට ඇන ගත්තා.
කිණිස්ස මගෙ පපුව පසාරු කරගෙන ගිය විදිහ මට දැනුණා. බොඳ වීගෙන යන වට පිටාවෙන් මට පැහැදිලිව පෙනුණෙ මගෙ දිහා බලාගෙන හිටපු අමූන්ව විතරයි. අමූන් මගෙ දිහා බලාගෙන හිටපු විදිහ මට කවදාවත් අමතක කරන්න බැරි වෙයි. මම එතනම බිම ඉඳ ගන්න හැදුවත් මට ඒ දේ කරන්න බැරි වුණා. එත්, ඇස් දෙක පියවෙලා ඇරෙන එක මොහොතකින් මම හිටියෙ අමූන්ගෙ තුරුලෙ. ඔහුගෙ උණුසුම මට ආයෙමත් හොඳින් දැනුණා. ඒත් ඒ බය වෙලා තිබුණු ඇස් වගේම, බලාපොරොත්තු කිසිවක් නොතිබුණ ඔහුගෙ මූණ, මම හීනෙන් දැක්කෙත් ඒ විදිහටම වෙන්න ඇති කියලා මට හිතුණා.
"රා!!!! නෑ නෑ. ඔයා මොකක්ද මේ කර ගත්තෙ?"
කතා කරන වචනයක් වචනයක් ගාණෙ ඔහුගෙ තොල් වෙවුළුවා.
"මම අන්තිමට ඔයාගෙ ළඟට ආවා විතරයි. ඇයි මෙහෙම කරගත්තෙ?"
මම හිමින් හිනා වෙන්න උත්සාහ කළා. මම මගෙ අතක් උස්සන්න ලොකු උත්සාහයක් දුන්නත් ඒ දේ ලේසි වුණේ නැහැ. මගෙ අතක් ලොකුම බරක් විදිහට මට දැනුණා. මම ඒ අත අමූන්ගෙ පපුවට තිබ්බා.
"මම ඔයාව නිදහස් කළා අමූන්. මේ මම කරන්න ඕනෙ දේ."
ඔහුගෙ පපුව වේගයෙන් ගැහෙන සද්දෙ මට දැනුණා. ඒ ගැස්ම බොරුවක් නෙවේ. ඔහු මගෙ කම්මුල් දෙකම අත් දෙකෙන් අල්ල ගත්තා.
"අපි දෙන්නා ආයෙමත් එකතු වුණා විතරයි. ඔයාට හැමදේම මතක් වුණා රා. ඔයා මාව අඳුර ගත්තා. ඔසයිරිස් කිව්වෙ එහෙමයි. ඔයාගෙ මතකයෙ රහස් වලින් ඔයා මාව නිදහස් කරනවා කියලා. ඒත් දෙවියනේ? මොකක්ද මේ දේ?"
ඔහුගෙ ඇස් වලින් වැටෙන කඳුළු මගෙ මූණට වැටෙන විදිහ මට දැනුණා. මගෙ ඇස් වලිනුත් කඳුළු ගලන්න ඇති. ඒත් මගෙ හිතේ තිබුණෙ සතුටක්. මට ඔසයිරිස්ගෙ වචන ආයෙමත් ඇහුණා. අමාරුවෙන් වචන ගලපන්න මම දැරුවෙ ලොකු උත්සාහයක්. ඒ හැම මොහොතකම මට දැනුණෙ ලොකු මහන්සියක්. ඒත් ඔහුට මම කියන්න ඕනෙ දෙයක් තිබුණා. මගේ මතකයේ රහස්!
"අමූන්. මේ ගහ, මේ ජීවනයේ ගහ මගෙ ළඟට ගෙනාවෙ දෛවය වෙන්න ඇති. ඒත් මට හිතෙනවා ඒ අපේ ආදරේ කියලා. ඒ ගහ යටදි ඔයා මගෙ ජීවිතේ ඉල්ලුවා. ඒත් ඒ දේට ඔයාට ගෙවන්න වෙන දේ ගැන ඔයා හිතුවෙ නැහැ අමූන්. ඒ මං ගැන ඔයාගෙ තිබුණ ආදරේ නිසා.
මගෙ ලේ ජීවනයේ ගහට ගලාගෙන යද්දි මගෙ පොරොන්දුත් බලාපොරොත්තුත් ජීවනයේ ගහත් එක්ක බැඳුණා අමූන්. ඒ දේ තමයි අද වෙනකම් මේ තරම් කාලයක් ඔයාව මේ විදිහට තියාගත්තෙ. ඒ ආ'රු වල ඔයත් එක්ක මම පොරොන්දු වුණ සදාකාලික ජීවිතය විතරක්ම නෙවෙයි අමූන්. මට ආයෙමත් වතාවක් ඔයාගෙ තුරුළට එන්න ඕනෙ වුණා. ආයෙමත් ඒ ආදරය විඳින්න මට ඕනෙ වුණා.
මට සමාවෙන්න අමූන්. මේ තරම් කාලයක් ඒ ආත්මාර්ථකාමීකම නිසා ඔයාට විඳවන්න වුණාට මට සමාවෙන්න. මගෙත් ඔයාගෙත් මේ ගහෙත් ජීවිතය බැඳිලා තියෙන්නෙ එකට. මගේ පොරොන්දුව ඉෂ්ට කරන්න නම්, එදා මෙතනදි ගත්ත දේ මම ආයෙමත් දෙන්න ඕනෙ. අවසාන වතාවකට මට ඔයාගෙ තුරුළට එන්න පුළුවන් වුණා අමූන්. දැන් මම මගෙ පොරොන්දුවත් ඉෂ්ට කරන්න ඕනෙ.”
ඒ හැම දෙයක්ම කියා ගන්න මට පුළුවන් වුණා. ලොකුම වේදනාවක් දැණුනත් මගෙ හිතට දැනුණෙ ලොකුම නිදහසක්. ඒත් ඒ නිදහස අමූන්ගෙන් මම තවමත් දැක්කෙ නැහැ. ඔහුගෙ වෙවුලන තොල් වලින් කිසිම වචනයක් පිටවුණේ නැහැ. ආදරය නිසාම ඇති වුණ වේදනාව පිරුණ ඔහුගෙ මූණ මගේ ඒ නිදහසට යම් තාක් විදිහට බාධා කළා.
"මට මේ දේ මේ විදිහට භාර ගන්න බැහැ."
ඔහු මගෙ ඇස් දිහා බලාගෙන හිටිය තරමෙ වේදනාවක් මට දැනෙන්න නැතුව ඇති කියලා මට හිතුණා. ඒත් ඒ ඇස් එක මොහොතකට මගෙන් වෙන තැනකට යොමු වුණා. ඒ වේදනාව තුළින් මම මොහොතකට දැක්කෙ බලාපොරොත්තුවක් නෙවේද?
මගෙ ළඟින් පහළට නැවිලා තිබුණ කඩුපුල් මල කඩලා අතට ගත්ත ඔහු මගෙ අතේ ඇඟිලි අතරට එකතු කළා. ඒ අත මගෙ පපුවට ළං කරපු ඔහු ආයෙමත් වතාවක් මගෙ කම්මුල් දෙකෙන්ම අල්ල ගත්තෙ හරිම මෘදු විදිහට.
"මම මේ වතාවෙ පරක්කු නැහැ රා. කොන්සුගෙ ආලෝකය යටදි මම ආයෙමත් දිවුරන්නම්. මගේ ජීවිතය සදහටම ඔයාගෙ. අනන්තයත් කාලයත් ආයෙමත් හමුවෙන තැන වෙනකම්ම."
ඔහුගෙ ඇස් ඒ හැම වචනයකම සත්‍යතාවට සාක්ෂි දුන්නා.
ඊළඟ මොහොතෙ මගෙ තොල් වලට දැනුණ ඔහුගෙ තොල් වල පහස මම විඳ ගත්තා. ඔහුගෙ උණුසුම මගේ ඇඟ පුරාම ගලාගෙන යද්දි මගෙ ඇස් පියවෙන්න ඇති.
**********************************************
මගෙ ඇස් දෙක තවම වැහිලා තිබුණත් මගෙ ඇස් වලට වැටුණෙ ලා එළියක්. මම ඒ එළියට හුරු වෙන ගමන් හිමින් මගෙ ඇස් දෙක ඇරියා.
ගස් අස්සෙන් එන ලා ඉර එළිය මගෙ මූණට වැටුණා. කොහෙ හරි ඈත ගස් වල ඉඳන් කෑ ගහන කුරුල්ලොන්ගෙ සද්දෙ මට හොඳට ඇහුණා. මම හිටියෙ ගල් බංකුව උඩ. මම ඒ විදිහටම කෙළින් වෙලා බංකුවට හේත්තු වෙලා ඉඳ ගත්තා. හැමදේම මට මතක් වෙන්න ටික වෙලාවක් යන්න ඇති.
මම මගෙ පපුව අත ගාලා බැලුවා. ඒක කිසිම විදිහකින් වෙන්න බැරි දෙයක්. තුවාලයකින් දැනෙන කිසිම වේදනාවක් මට දැනුණෙ නැහැ. මම මගෙ ඇඳුම උස්සලා ආයෙමත් මගෙ පපුව අත ගාලා බැලුවා. ඒත් කිසිම වෙනසක් මම දැක්කෙ නැහැ. තුවාලයකින් එන විදිහෙ නොවෙන ඒත් පපුව ඇතුළෙන් දැනුණ වේදනාවක් මට දැනුණා. ආදරය, වෙන් වීම, සදාකාලික බව, ඒ වේදනාවත් එක්කම මට දැනුණා.
ඇස් වලින් වැටුණ කඳුළු බින්ඳුවක් මගෙ කම්මුල දිගේ පහලටම ගලාගෙන යන විදිහ මට තේරුණා. ඔහුගේ ජීවිතය මම වෙනුවෙන් දීලා ඔහු සදහටම ගිහින්.
මම ඒ විදිහටම ඉඳන් අහස දිහා බැලුවා. රතු පාට නැති නිල් පාට අහසක්. ඒ අහසෙ මට මැවිලා පෙනුණෙ අමූන්ගෙ මූණ. ඔහුගෙ පුරුදු සිනහව තවමත් ඒ විදිහටම රැඳිලා තිබුණා. ඒ තොල් වලින් දැනුණ පහස විඳගන්න උත්සාහ කරපු මම මොහොතකට ඇස් දෙක පියා ගත්තා. මට ඇහුණෙ ඔහුගෙ කටහඬ.
"මගේ ජීවිතය සඳහටම ඔයාගෙ. අනන්තයත් කාලයත් ආයෙමත් හමුවෙන තැන වෙනකම්ම."
- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30
Re: මතකයේ කතාවක්...
2018-04-21, 12:20 am
මේ පාලු සීත රාත්‍රියේ ..කියා දෙන්න රහසේ ප්‍රේමය නම් කිමැයි කියා...
මේ ආදරයේ අරුමැසි බව නම් කියා නිම කරන්න බෑ බ්‍රෝ සුපිරි
උම්ම්මා.....
මේ ආදරයේ අරුමැසි බව නම් කියා නිම කරන්න බෑ බ්‍රෝ සුපිරි
උම්ම්මා.....
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05
Re: මතකයේ කතාවක්...
2018-04-21, 1:38 pm
"මගේ ජීවිතය සඳහටම ඔයාගෙ. අනන්තයත් කාලයත් ආයෙමත් හමුවෙන තැන වෙනකම්ම."
මේ වාක්‍ය,,මේක වාක්‍යයක් නෙවෙයි,,කවියක්
...කොහේ හරි ලියලා තියන්න ඕනෙ කවද හරි මං ආදරය කරන කෙනාටත් කියන්න..රාගේ පපුවට අමූන්ගේ කිණිස්ස කිදා බැස්සා වගේ මේ කොටස මගේ පපුව ඇතුලටම කිදා බැස්සා...කියන්න වචන නෑ අයියේ...මාරම ලස්සනයි...
උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්
මේ වාක්‍ය,,මේක වාක්‍යයක් නෙවෙයි,,කවියක්
...කොහේ හරි ලියලා තියන්න ඕනෙ කවද හරි මං ආදරය කරන කෙනාටත් කියන්න..රාගේ පපුවට අමූන්ගේ කිණිස්ස කිදා බැස්සා වගේ මේ කොටස මගේ පපුව ඇතුලටම කිදා බැස්සා...කියන්න වචන නෑ අයියේ...මාරම ලස්සනයි...
උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්
- ranveerRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6169
Member Since : 2016-01-07
Re: මතකයේ කතාවක්...
2018-04-21, 6:46 pm
anthima peliya nam mageth hithata supiriyatama weduna
woow bro oya kathawa hasurana widiha nam fatta
i cant even guess whats gonna happen next
god has gifted u the writing talent bro
woow bro oya kathawa hasurana widiha nam fatta
i cant even guess whats gonna happen next
god has gifted u the writing talent bro
- NayanaThejmemebrs with 1 post
- Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 6683
Member Since : 2015-03-05
Re: මතකයේ කතාවක්...
2018-04-21, 7:28 pm
Keep up the good work
Sent from Topic'it App
Sent from Topic'it App
- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30
Re: මතකයේ කතාවක්...
2018-04-23, 6:26 pm
You must think that I'm stupid
You must think that I'm a fool
You must think that I'm new to this
But I have seen this all before
I'm never gonna let you close to me
Even though you mean the most to me
'Cause every time I open up, it hurts
So I'm never gonna get too close to you
Even when I mean the most to you
In case you go and leave me in the dirt
But every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
I know you're thinking I'm heartless
I know you're thinking I'm cold
I'm just protecting my innocence
I'm just protecting my soul
I'm never gonna let you close to me
Even though you mean the most to me
'Cause every time I open up, it hurts
So I'm never gonna get too close to you
Even when I mean the most to you
In case you go and leave me in the dirt
But every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way to good at goodbyes
(I'm way to good at goodbyes)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
No way that you'll see me cry
(No way that you'll see me cry)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
No
No, no, no, no, no (I'm way too good at goodbyes)
No, no, no, no
No, no, no (I'm way too good at goodbyes)
(No way that you'll see me cry)
(I'm way too good at goodbyes)
'Cause every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way too good at goodbyes
Sam smith,
You must think that I'm a fool
You must think that I'm new to this
But I have seen this all before
I'm never gonna let you close to me
Even though you mean the most to me
'Cause every time I open up, it hurts
So I'm never gonna get too close to you
Even when I mean the most to you
In case you go and leave me in the dirt
But every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
I know you're thinking I'm heartless
I know you're thinking I'm cold
I'm just protecting my innocence
I'm just protecting my soul
I'm never gonna let you close to me
Even though you mean the most to me
'Cause every time I open up, it hurts
So I'm never gonna get too close to you
Even when I mean the most to you
In case you go and leave me in the dirt
But every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way to good at goodbyes
(I'm way to good at goodbyes)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
No way that you'll see me cry
(No way that you'll see me cry)
I'm way too good at goodbyes
(I'm way too good at goodbyes)
No
No, no, no, no, no (I'm way too good at goodbyes)
No, no, no, no
No, no, no (I'm way too good at goodbyes)
(No way that you'll see me cry)
(I'm way too good at goodbyes)
'Cause every time you hurt me, the less that I cry
And every time you leave me, the quicker these tears dry
And every time you walk out, the less I love you
Baby, we don't stand a chance, it's sad but it's true
I'm way too good at goodbyes
Sam smith,
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5115
Member Since : 2018-01-24
Re: මතකයේ කතාවක්...
2018-04-23, 9:30 pm
I love this song and the story is awesome
- prasadsadaruwanPassionate Writer
- Mood :
Country : Sri Lanka
Posts : 171
GetReal Gold : 9001
Member Since : 2013-09-09
Re: මතකයේ කතාවක්...
2018-04-24, 12:18 pm
ජිත් ගොඩාක් කාලෙකට පස්සේ ඔයාගේ කතාවක් කියෙව්වා. ...හරිම ගැඹුරු යි. ලස්සනයි. ..ආයෙත් ලියන්න මේ වගේ කතාවක්. ..සයිට් එකට ආවේ සෑහෙන කාලෙකින්. ...ඔයා කියෙව්වද ඩොක්ටර් සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම 1 නවල් එක. ඒක වගේ කතාවක් ලියන්න පුළුවන් ඔයාට
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6461
Member Since : 2016-07-07
Re: මතකයේ කතාවක්...
2018-04-26, 1:17 am
Jith aiya :hello:godaak kalekin oyage kathawak kiyeuwe. ( eka parinma theruna kiuwot nm boru ) Egyptian history eka gena nm mge loku unanduwak thibila nah.et Meka kiyawanna mechchara parakku une ai kiyala kiyeuwata passe hithuna.E tharam rahai akurak gaanema ...ilaga kathawa balanna nam mechchara kal inna bah
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18
Re: මතකයේ කතාවක්...
2018-04-28, 12:58 am
Navod,
මට මුලින්ම අයියා කිව්ව හින්දා මම මල්ලි කිව්වට පස්සෙ තමා මම දැක්කෙ 89 කියලා උපන්දිනේ තියෙනවා. ඒක හරි නම් අයියා හොඳේ.
ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ට් එකට ඒ වගේම දාලා තිබුණ සින්දුවට. මේ දේවල් හැම දෙයක්ම වටිනවා.
උම්මා එකත් ඇක්සෙප්ටඩ් හොඳේ. ඒවා අත අරින්න හොඳ නැහැනෙ. ඔයාගෙ කතාව දිගටම ලියාගෙන යන්න කියලත් සුභ පතනවා.
Jay Rishan,
දිග උම්මා එක නම්...... ෂෝක් ඉතින්.
ගොඩක් ස්තූතියි මල්ලි. මුල ඉඳන්ම හැමදාම හිටියා වගේම, ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා වගේම කියන්න බැරි තරම් ලොකු දෙයක්.
හැබැයි ඉතින් ඕවා කියල හම්බුණ එකත් කැඩුණොත් මාව අල්ලන්න එපා ප්ලීස්.
Ranveer,
At least you saw that the story is not end yet.
ඔයත් ඕවා කියන්න ගිහින් මුකුත් කර ගන්න එපා ප්ලීස්.
Thanks very much bro and I need to be honest. Your interest actually inspired me. And sometimes when I am editing, my inner person is like screams and warns me, "double check everything you stupid moron. There are people out there who know things very well."
NayanaThej,
Thanks very much bro. It means a lot.
Tylor,
A special thank goes to you too malli and thanks very much for being a reader.
prasadsadaruwan,
මේ කමෙන්ට් එක දකිනකොට මම හිටියෙ ටවුන් එක මැද්දෙ. තනියම හිනා ගිහින් නහයත් කැසුණා එක පාරට. අවුරුදු හතරක්ම පස්සට යන්න ඇති තත්පර ගාණකින්. කප්සුවහස් කල් කොහොම අමතක කරන්නද.... කාලෙකින් දැක්ක එකට ගොඩක්ම සතුටුයි.
ආයෙමත් කතාවක් ඔයාගෙන් කියවන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් නැහැ. ඒක හැමෝටම වටින දේකුත් වෙයි. වෙලාවත් එක්ක පොඩ්ඩක් බලමුද?
ගොඩක් ස්තූතියි අයියෙ ඔයා කියපු පොතට. ඒක කියවන්න ආසාවක් හිතුණා.
IceCool,
ඉමෝජීස් ටික තමා ඔක්කොටම කළින් දැක්කෙ මම. ගොඩක් ස්තූතියි මල්ලි. මට ඔයාට කියන්න තියෙන්නෙ, ඊළඟ කතාවක් ලියන්න නම් පරක්කු වෙන්න එපා කියලා.
මට මුලින්ම අයියා කිව්ව හින්දා මම මල්ලි කිව්වට පස්සෙ තමා මම දැක්කෙ 89 කියලා උපන්දිනේ තියෙනවා. ඒක හරි නම් අයියා හොඳේ.
ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ට් එකට ඒ වගේම දාලා තිබුණ සින්දුවට. මේ දේවල් හැම දෙයක්ම වටිනවා.
උම්මා එකත් ඇක්සෙප්ටඩ් හොඳේ. ඒවා අත අරින්න හොඳ නැහැනෙ. ඔයාගෙ කතාව දිගටම ලියාගෙන යන්න කියලත් සුභ පතනවා.
Jay Rishan,
දිග උම්මා එක නම්...... ෂෝක් ඉතින්.
ගොඩක් ස්තූතියි මල්ලි. මුල ඉඳන්ම හැමදාම හිටියා වගේම, ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා වගේම කියන්න බැරි තරම් ලොකු දෙයක්.
හැබැයි ඉතින් ඕවා කියල හම්බුණ එකත් කැඩුණොත් මාව අල්ලන්න එපා ප්ලීස්.
Ranveer,
At least you saw that the story is not end yet.
ඔයත් ඕවා කියන්න ගිහින් මුකුත් කර ගන්න එපා ප්ලීස්.
Thanks very much bro and I need to be honest. Your interest actually inspired me. And sometimes when I am editing, my inner person is like screams and warns me, "double check everything you stupid moron. There are people out there who know things very well."
NayanaThej,
Thanks very much bro. It means a lot.
Tylor,
A special thank goes to you too malli and thanks very much for being a reader.
prasadsadaruwan,
මේ කමෙන්ට් එක දකිනකොට මම හිටියෙ ටවුන් එක මැද්දෙ. තනියම හිනා ගිහින් නහයත් කැසුණා එක පාරට. අවුරුදු හතරක්ම පස්සට යන්න ඇති තත්පර ගාණකින්. කප්සුවහස් කල් කොහොම අමතක කරන්නද.... කාලෙකින් දැක්ක එකට ගොඩක්ම සතුටුයි.
ආයෙමත් කතාවක් ඔයාගෙන් කියවන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් නැහැ. ඒක හැමෝටම වටින දේකුත් වෙයි. වෙලාවත් එක්ක පොඩ්ඩක් බලමුද?
ගොඩක් ස්තූතියි අයියෙ ඔයා කියපු පොතට. ඒක කියවන්න ආසාවක් හිතුණා.
IceCool,
ඉමෝජීස් ටික තමා ඔක්කොටම කළින් දැක්කෙ මම. ගොඩක් ස්තූතියි මල්ලි. මට ඔයාට කියන්න තියෙන්නෙ, ඊළඟ කතාවක් ලියන්න නම් පරක්කු වෙන්න එපා කියලා.
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18
Re: මතකයේ කතාවක්...
2018-04-28, 12:59 am
අවසාන කොටස
"මම ලෑස්තියි........... ඔසයිරිස්."
ඒ මගේ හිතේ තිබුණ උත්තරය නෙවෙයි. ඒත් ඔහු මගෙත් එක්ක හිනා වුණේ පරණම මිත්‍රයෙක් වගේ. ඔහු මගෙ උරහිස්සකට අත තිබ්බා.
"මම මේ කියන දේ හොඳින් අහගන්න."
ඔහුගෙ මුහුණෙ තිබුණ හිනාවෙන් මම දැක්කෙ මිත්‍රත්වයට එහා ගිය යම් කිසි දෙයක්. ජීවිතේ ගැඹුරුම අර්ථයක් ඔහුගෙ මුහුණෙන් මට පෙනුණා.
"මේ අවසානය නෙවෙයි රා. මරණය, හැම දෙයකම අවසානය නෙවෙයි."
ඔහුගෙ කටහඬේ තිබ්බෙ හරිම සන්සුන් බවක්. මුළු ලෝකයෙම කාලය ඔහු ළඟ තිබුණා වගේ හැඟීමක් මට දැනුණා.
"ඔව්. මට තේරෙනවා. ආ'රු වලට යන්න මගෙ කාලය හරි."
ඔහුගෙ පිටිපස්සෙන් විහිදුණ සුදු පාට එළිය දිහා මම බැලුවා.
අමූන්. ඔයා එනකම් මම සදාකාලික දඩබිමේ බලාගෙන ඉන්නම්. ඒ ඒක දවසක් අනන්තයක් තරම් දිග වුණත් මම ඔයාට පොරොන්දු වෙන්නම්, ඒ දඩබිමේ මම ඇවිදින්නෙ ඔයත් එක්කමයි කියලා.
මම ලොකු හුස්මක් පිටකළා. මම ආයෙමත් ඔහු දිහා බැලුවෙ මගෙ සූදානම ඔහුට කියන්න.
"ඇත්තටම මම අදහස් කළේ ඒ දේ නෙවෙයි."
ඔහුගෙ මුහුණෙ තිබුණෙ කරුණාවන්ත හිනාවක්. ඒත් ඒ කතාවෙ තේරුමක් තේරුම් ගන්න මට බැරි වුණා. ඔසයිරිස් ඔහුගෙ අතේ තිබුණ සුදු පාට පිහාටුව දිහා එක වතාවක් බැලුවා.
"මට ඔබේ හදවත මේ සත්‍යයේ පිහාටුවත් එක්ක මනින්න උවමනාවක් නැහැ. ඒ දේ කළොත් මම ඔබට කරන්නෙ අගෞරවයක්. ඒ ආදරේට කරන්නෙ ලොකු අගෞරවයක්. ඔබේ හදවතේ වටිනාකම කාටවත් සැකයක් නෙවෙයි. ඒත්, අසම්පූර්ණ කෙනෙක් ආ'රු වලට අරගෙන යන්න මට පුළුවන් කමක් නැහැ."
"ඒ කියන්නෙ මට ආපහු අමූන් ළඟට යන්න පුළුවන්ද?
මම ඔහු දිහා බැලුවෙ පුදුමයෙන්. ඔසයිරිස් ආයෙමත් සුදු පාට ආලෝකය දිහාවට හැරුණා.
"තමන්ගෙ වුණත් තමන්ගෙම නොවෙන ආත්මයක්. තමන්ගෙ වුණත් තමන්ගෙම නොවෙන හදවතක්. බැඳීම් කියන දේ හරිම................ පුදුමාකාරයි. වෙන්වීම වෙන්වීමක් වෙන්නෙත් නැහැ. ලබා ගැනීම ලබා ගැනීමක් වෙන්නෙත් නැහැ."
ඔහු මගෙ දිහා බලද්දි මම ඔහුගෙන් දැක්කෙ බැරෑරුම් පෙනුමක්.
"මේ කතාවෙ ඔබම ලියපු ඒත් තවමත් නොලියුණු කොටසක් තවමත් ඉතුරුයි රා. ඔබේ ඒ කොටස නිසා සදාකාලික විඳවීමක තියෙන ජීවිතයක් වෙනුවෙන්, ආදරයක් වෙනුවෙන්, ඔබ කැප කරන්න සූදානම් වටිනාම දේ මොකක්ද?"
මගේ දිහාවට යොමු වෙලා තිබුණ ඔහුගෙ ඇස් වලින්ම කියවෙන ඒ පිළිතුර මම තේරුම් ගත්තා. ඔහු ඔළුව හෙලෙව්වෙ මගේ හිතේ මැවුණ පිළිතුර අනුමත කරන්න. ආයෙමත් වතාවක් ඔහු මගේ උරහිසකට අත තිබ්බා.
"ආදරය කියන්නෙ එක්තරා විදිහක කැප කිරීමක්."
ඔසයිරිස්ගෙ පිටිපස්සෙන් නැගුණ ආලෝකය තව තවත් වැඩි වෙන්න පටන් ගත්තේ ඒ මොහොතේදී. ඒ ආලෝකය අතරෙ ඔහු මට නොපෙනී යන්න පටන් ගත්තා.
"ඒත්, ආදරයෙදි කැප කිරීමක් කියන්නෙ සදාකාලික වෙන්වීමක්ද?"
ඒ, මගෙ ඇස් ආලෝකයෙන් නිලංකාර වෙද්දි මට ඇහුණ ඔහුගෙ අන්තිම වචන.
**********************************************
ඒ ආලෝකය නිසා තවමත් මගෙ ඇස් නිලංකාර වෙලා කියලයි මට තවමත් හිතුණෙ. පහුගිය කාලය පුරාවටමත් ඒ දේ ඒ විදිහටම වුණා. අමූන්ව මගෙන් වෙන් කරපු ඔසයිරිස්ගෙ ඒ අන්තිම වචන තවමත් මගෙ මතකයෙ රැඳෙමින් තිබුණා.
මම හිමින් වටපිට බලද්දි මගෙ ඇස් කළුවරට හුරු වෙන්න ටික වෙලාවක් ගත්තා. ඒ කළුවර අතරෙන් මම දැක්කෙ මගෙ මේසෙ උඩ එහෙ මෙහෙ වෙන කොළයක්. ඇඳෙන් නැඟිටලා ඇවිත් මම මේසෙන් වාඩි වුණේ කාලයක් හිතේ නලියපු එක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
මම ආයෙමත් වතාවක් ඇස් දෙක වහගෙන අවුරුදු පහකට කළින් ඒ ගෙවුණ කාලය මතක් කළා. ඒ හැම සිදුවීමක්ම මගේ ළඟට ගලාගෙන ආවෙ වේගයෙන්. ඒත් ඒ හැම හීනයක්ම මේ වෙනකොටත් හිමින් හිමින් මගෙන් ඈතට යන්න පටන් අරගෙන තිබුණා. මගේ මතකයේ කතාව ලියලා තියෙනවා නම් ඒ හැම සිදුවීමකටම මම ආයෙමත් වතාවකට ජීවිතය දෙන්න ඕනෙ.
ඒ අවුරුදු පහේදි මම කී වතාවක් නම් ඔහුට ආයෙමත් කතා කරන්න ඇත්ද? හැම රෑකම එළියට ගිහින් මම හඳ දිහා බලාගෙන ඉන්න ඇති. හඳේ මැවුණ ඔහුගෙ මූණ දිහා බලාගෙන මම කී වතාවක් නම් ඔහුත් එක්ක හිතින් තනි වෙන්න ඇත්ද? ඒ දවස් ගාණ ගණන් කරන්න පුළුවන් වුණත් ඒ වාර ගාණ ගණන් කරන්න මට පුළුවන් කමක් තිබුණෙ නැහැ. මම කොන්සුගෙන් කී වතාවක් නම් මගේ ආදරේ ඉල්ලන්න ඇත්ද? වේදනාව හිර වුණ මගෙ හිතට බලාපොරොත්තුවක් දෙන්න කොන්සුට පුළුවන් වුණත්, නිශ්ශබ්දතාව ඒ ඉක්මණින්ම මගේ බලාපොරොත්තුව උදුර ගත්තා.
ජනේලයෙ කවුළු අස්සෙන් මට හඳ පෙනුණා. හඳේ එළිය වැටිලා තිබුණ කඩුපුල් ගහත් මම දැක්කෙ අහම්බෙන්. එදා දවසෙන් පස්සෙ ආයෙත් කවමදාකවත් කඩුපුල් ගහේ මල් පිපුණෙ නැහැ. සමහර විට මට වගේම කඩුපුල් ගහටත් ආයෙමත් බලාපොරොත්තුවක් නොදැනෙන්න ඇති.
ඒත්, තවමත් කඩුපුල් ගහේ ජීවය ගලාගෙන ගියා. සමහරවිට, ඒ මගේ වගේම හැංඟිච්ච අහිංසක බලාපොරොත්තුවක් කඩුපුල් ගහටත් තිබුණ නිසාද?
ඔහු මතක් වුණ හැම වෙලාවකම මගෙ පපුවෙන් දැනුණෙ එදා ගල් බංකුවේ හේත්තු වෙලා ඉද්දි දැනුණා වගේම සියුම් වේදනාවක්. ඒත් ඒ වේදනාව මට ගෙනත් දුන්නෙ විඳවීමක් නෙවෙයි. ඔහුගෙ හද ගැස්මෙ තිබුණු රිද්මයේ විඳීම.
"කොන්සු ළඟදී මුණ ගැහෙන සදාකාලික ආදරය.”
ශාන් අයියා කියපු වචන ආයෙමත් මගේ මතකෙට ආවා. කවුළු අස්සෙන් පේන හඳ දිහා මම තවත් වතාවකට බැලුවා.
“අමූන්, ඔයාට මාව ඇහෙනවා නම්…………………………………………………………………………………………
මට ඔයාට කියන්න ඕනෙ මම ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා. ඔයාගෙ ආදරේ දැනෙන්නෙ නැතුව මම කොයි තරමක් විඳවනවද කියලා. ඒ කාලය දවස් ගණනක් වුණාවෙ, මාස ගණනක් වුණාවෙ, අවුරුදු ගණනක් වුණාවෙ, ඒකට මට කමක් නැහැ. ඒත් ඒ කාලය අනන්තය තරමටම දික් වෙනවා නම් මම ආයෙමත් වතාවක් මගෙ පපුව පසාරු කර ගන්න දෙපාරක් හිතන්නෙ නැහැ.
මොකද එහෙම වුණොත් සමහර විට මට ආයෙමත් ඔයාව දැක ගන්න පුළුවන් වෙයි. එතකොට, ඒ අනන්තයක කාලය පුරාවටම මට ඔයා ළඟින් ඉඳගෙන මගේ ආදරේ සැනසීම ලබා ගන්න පුළුවන් වෙයි.
මට ඒ කාලෙදි ඔයාට කියන්න ඕනෙ අමූන්, ආදරේදි කැප කිරීමක් කැප කිරීමක් නෙවේ කියලා. ඒ කැප කිරීම මම කළේ ඔයා වෙනුවෙන් කියලා.”
මම මගේ පපුවට අත තියන් මගේ හදවතින් නැගුණ ඔහුගෙ හද ගැස්ම විඳගෙන ඒ මතකයන් වල තනි වෙන්න ආයෙමත් වතාවක් උත්සාහ කළා.
ගස් වල කොළ හුළඟට හෙලවෙන සද්දෙ මට ඇහුණා. ඒ මහා නදියෙ රැළිවල හඬ.
“සඳ රැස් වැටුණු ගං තෙරේ
සිප දිවෙන රැළි තලා මෙන්
එන්න මා වෙත සොඳුර
සිප ගන්න නැවත මා
ඔබෙ සුසුම් රඳවමින්”
මම මගෙ ඇස් දෙක ඇරලා බැලුවා.
මතකයක්? නැහැ. නැහැ ඒ.............. මතකයක් නෙවෙයි. දෙවියනේ ඒ ගීතය? ඒ කටහඬ? ඔව්. ඒක...... ඒක, මට ඇහුණෙ මතකයක දෝංකාරයකින් නෙවෙයි.
මම කොරිඩෝව හරහා දුවපු වේගය මටවත් හිතා ගන්න බැරි වුණා. ඒ වේගයෙන්ම එළියට දුවගෙන එන්න මට වැඩි වෙලාවක් යන්න නැතුව ඇති.
හඳ එළියෙන් වත්ත යන්තමින් එළිය වෙලා තිබුණා. ගස් වල අතු අතරෙන් ආපු හුළඟ මගෙ ඇඟේ වැදුණා. ඒ හුළඟ මට ගෙනත් දුන්නෙ සීතල විතරක්ම නෙවෙයි. කඩුපුල් මලක මිහිරිම සුවඳක්.
මම හයියෙන් හුස්ම ගන්න සද්දෙ, මගෙ හදවතේ ගැස්මත් එක්ක මට ගෙනත් දුන්නෙ තවත් නොඉවසිල්ලක්.
මම කඩුපුල් ගහ ළඟට හිමින් ඇවිදගෙන ගියා. ගහක් අස්සෙන් එතනට වැටුණ හඳ එළියෙන් කඩුපුල් ගහ තවත් දිලිසුණා.
ඒ වගේමයි, එතන හිටපු ඔහුත්!
මම එතනම නැවතිලා ඔහු දිහා බලාගෙන හිටියා. මගෙ දිහාවට හිමින් හැරුණ ඔහුගෙ මුහුණ මම දැක්කෙ ඒ වෙලාවෙ. කාලය මාව වෙනස් කළා වෙන්න ඇති. ඒත්, තවමත් කාලයට ඔහුව මග හැරිලා තිබුණා. මට කවමදාකවත් අමතක නොවෙන ඒ ලස්සනම හිනාව අදත් ඔහුගෙ මුහුණෙ තිබුණා. මගේ ඇස් වලින් ගලපු කඳුළු කම්මුල් වලින් පහළට රූරලා ගියත් ඒ කඳුළු වල තිබුණෙ සතුට විතරක්ම නෙවේ. හිතේ තිබුණ ලොකුම ආදරයක ආදරණීයම හැඟීම්.
ඔළුව පැත්තකට ඇල කරපු ඔහු මගෙ දිහාවට අත දිගු කළා. මම ඔහුගෙ අත දිහා බැලුවා. අමූන්! ඒ ඉන්නෙ ඔහුම තමයි. ඔහුගෙ ඇස් රැඳිලා තිබුණෙ මගෙ ඇසුත් එක්ක.
"අනන්තයත් කාලයත් ආයෙමත් හමුවෙන තැන වෙනකම්ම."
ඒ ඔහුගෙ ආදරණීයම කටහඬ. තවමත් ඒ ලස්සන හිනාව ඔහුගෙ මුහුණෙ රැඳිලා තිබුණා. ඔහුගේ ඒ ආදරණීය ආයාචනය මම ආදරයෙන් පිළිගත්තා. ඉදිරියට දික් වුණ ඔහුගෙ ඇඟිලි අතරෙන් මගෙ ඇඟිලි පටලව ගනිද්දි ආයෙමත් ඒ උණුසුම මගේම වෙලා මගෙ හදවත දක්වාම දිවුණා.
අනන්තයත් කාලයත් කවමදාකවත් හමු නොවෙන බව මට තේරුණේ ඒ වෙලාවෙදියි.
ආදරේ වෙනුවෙන් කරන හැම කැපවීමක්ම කැපවීමක් නොවෙන තාක් කල් කිසිම වෙන් වීමක් වෙන් වීමකුත් නොවේවි.
ඔව්, සදහටම ඔහුත් මමත් එකට ඉඳීවි. මගේ මතකයේ කතාවේ අවසානය දකින තැන දක්වාම ඔහු මගේ වෙලා ඉඳීවි.
නිමි.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|